වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: අඩේ එහෙම එකක් නෑ බං...... :no: ගෙදර ආවහම මේ සිම් එකකින් එන්නේ....... ඩොංගලේ හද්ද පරණ එකක් නිසාද මන්දා පට්ට ස්ලෝ.... හැට පැයක් යනවා ලෝඩ් වෙන්න..... ඒ අස්සේ මේ HP ලැපක් එක්ක නාන ගමන් ඉන්නේ..... :baffled:

    අඩේ එහෙමද :sorry: එහෙනම් මම ඔය උඩින් දාපු පෝස්ට් නෑ හොදේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තට ඔය ලේලන්ඩ් සහ ටාට වල එන එන්ජින් Capacity එහෙම සාමාන්‍යයෙන් කීය වගේද?:eek: එන්ජින් ඔප්ෂන්ස් එහෙමත් තියනවද?:eek:

    6490CC :love: :D ඔෆ්ෂන් කියලා දැන් එන්නේ ඉතින් එක එක එවා..... සීට් 42 / 54 / 58 ...... සස්පෙන්ෂන් බැලූන් / ශොක්ස් ........ එන්ජින් හීනෝ..... ඉස්සර නම් ලේලන්ඩ් 403 :love: අන්න එන්ජින්.... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Anthony%20Bus%20large%2011032013.jpg
    කවුරු මොනවා කිව්වත් ටාටා බස් හොදයි ! :cool: :lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇයි හැමෝම යුරාජ් මාමව එක දිගට බයිට් කරන්නේ. ඒ මනුස්සය පව් නැද්ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    6490CC :love: :D ඔෆ්ෂන් කියලා දැන් එන්නේ ඉතින් එක එක එවා..... සීට් 42 / 54 / 58 ...... සස්පෙන්ෂන් බැලූන් / ශොක්ස් ........ එන්ජින් හීනෝ..... ඉස්සර නම් ලේලන්ඩ් 403 :love: අන්න එන්ජින්.... :D

    ටැංකු මාමේ :cool:
    ඔය 42/54/58 කියන්නේ 2x2 සීට්ද? 2x3 ද?:eek:
    දැන් එන්ජින් ඔක්කොම හීනෝ කියලද කිව්වේ? නැත්තම් මොනවද ඔප්ෂන්ස්?:eek:
    බැලූන් සස්පෙන්ෂන් බස් වල ලොකු වෙනසක් ඇති නේද? කවදාවත් මීටර් වෙලා නෑනේ එහෙම වෙනසක්?:eek: ඒවා ගොඩක් අඩුවෙන්ද තියෙන්නේ?:eek:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..

    ඔන්න මේ කියන දවස හරියටම සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කයන දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන උඹලාට ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා පොලාට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා පොලා ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩ C 50 න් ටවුමට එන්න පිටත් උනා...

    174605_1.jpg


    ඔන්න පොලා ගාලු පාරට දාල දැන් ටවුම මැද්දෙන් කාර් බාර්, වෑන් ලොරි, බස් අස්සෙන් එහෙන් මෙහෙන් දාගෙන ඉදිරියට ඇදීගෙන එන අතරේ කහ ඉරක් ඉදිරියේ සෙනග මාරු වෙන්න නවත්තන්න උනා කියපි.. ඔන්න දෙයියනේ කියල සෙනග මාරුවෙලා ඉවරවෙද්දීම පොලා අප්පච්චිගේ පිෂ්ටිය රේස් කරල ෆස්ට් එකට දාල යන්න පිටත් උනා විතරයි ෆුට් බයිසිකල් කටුවකින් පාර විරුද්ද පැත්තෙන් ඉස්සරහට ආපු පොලිස් නිලදරුවෙක් එකපාරටම කෑගහල පොළාව නැවැත්තුව .. නීතියට අවනත විය යුතු නිසාත් පොලිස් නිල ඇඳුමට ගරු කල යුතු නිසාත් පොලා ඉතින් දෙයියනේ කියල සැර දාගෙන ඉගිලෙන්න හදපු අප්පච්චිගේ පිෂ්ටිය අයින් කරලා නැවැත්තුව... පාරේ හිටපු සෙනග කන්දරාවයි වාහන ගොඩයි එක්ක පොලිස් මහත්තය ෆුටාර් එකත් තල්ලු කරගෙන ජීවිතෙත් බේරාගෙන ගාලු පාර පැනල පොලා ගාවට එද්දී උන්දැට අවනත වෙන්නේ නැතුව ගියානම් පොලාට හඳට යන්නත් වෙලා තියෙන්න ඇති...

    Jay-walkersCartoon-2-300x287.jpg


    ඔන්න පොලිස් මාමි ආව පොලා ගාවට... නිරීක්ෂණයේ හැටියට සිතාසියක් බෙදීමට වගේ පොඩි රාජකාරියකට ෆුටාර් එකෙන් යවන ලද පොලිස් මාමි කෙනෙක්.. ඇවිත් කියාපි ගන්නවා ගන්නවා ලයිසන් එක.. ඔන්න ඉතින් පොලත් රියදුරු බලපත්‍රය පර්ස් එකෙන් අරන් දුන්න කියමුකෝ....

    කහ ඉරේ මගීන්ව හප්පගෙන යන්න හැදුවට නඩු දාන්න වෙනවලු...ඔන්න ඕකලු පොලා කරපු වරද...හත් දෙයියනේ පොලා පිෂ්ටිය ෆස්ට් එකට දාද්දීත් කහ ඉරේ පැනපු එවුන් ගෙවල් වලත් යන්න වෙලා.. අවුරුද්ද දවසට ඉස්සරින්ද පොලිස් මාමියෙක් නැති කහ ඉරක් පනින මගීන් පාර පැනල ඉවර වෙනකම්ම නවත්තගෙන හිටියොත් ඉතින් බත් මුලක් එහෙමත් අරගෙන තමයි එන්න වෙන්නේ එතනක තියාගෙන ලිහාගෙන කාල එහෙම බලන් ඉන්න..:lol::lol::lol::lol:

    මෙන්න බොලේ රාලහාමි ෆිටාර් එකේ නැගල යන්න යනවා.. උසාවි දවසක් ගන්න පොලිසියට එන්නලු...:growl::growl::growl:

    ඔන්න පොලාට මල පැනපි අසුහාරදාහටම ... හනික පැනපු ගමන් පොලිස් මාමිගේ ෆුටාර් එකේ හැන්ඩ්ල් එකෙන් අල්ලලා නවත්තගත්ත...

    රාලහාමි අහපි ඇයි මොකද මගේ රාජකාරියට භාධා කරන්න හදනවද කියල..

    පොලා කිව්වා.. අනේ නැහැ රාලහාමි ඔබතුමා පොලිසියට වඩින්න කලින් මගේ ලයිසම ගත්ත බවට ටෙම්පරි ලයිසමක් පොලාට ලැබිය යුතුයි එහෙම නැතුව ඔබතුමාට පොලාගේ ලයිසම අත්අඩංගුවට ගන්න බැහැ කියල..

    පොලිස් මාමි කියන ටෙම්පරි පොතක් උන්ද ගාව නැති නිසා පොලිසියට එන්නම වෙනවලු...

    ඔන්න ඒ වෙද්දී දුකට සැපට ඉන්න ඕපදූප හොයන්න උපන් හපන් අපේ ටවුමේ ත්‍රිරෝද රථ රියදුරන් ටික සහ හදිසි වැඩ රාජකාරි නැති පාරේ ඉබාගාතේ යන එවුන් වීදි නාට්ටියක් බලන්න වගේ පොල් මාමියි පොලිස් මාමියි වටේ වට වෙලා...

    Seeds-www.nethfm.com00010.jpg


    දැන් පොලිස් මාමියි පොල් මාමියි දෙන්නම දෙබස් කියන්නේ උස් හඬින් ... ත්‍රිරෝද රථ මාමියෙකුත් පොලිස් මාමිට පක්ෂව පොල් මාමිට ගේම...

    පොලිස් මාමි ට්‍රයි කරන්නෙම පොලිසියට වඩින්න ලයිසම අරගෙන... පොලා ට්‍රයි කරන්නෙම ලයිසම ගන්න... එත් තවම ලයිසම පොලිස් මාමි අතේ...ත්‍රීරෝද රථ මාමි කියනවා ඒ මහත්තයට රාජකාරිය කරන්න ඉඩ දෙන්නලු... පොලිස් මාමි එක්කයි ත්‍රීවිල් මාමි එක්කයි දෙන්නම එක්ක එක පාරට පටලාගෙන ඉල්ලගෙන කන්න බැරි නිසා ත්‍රීවිල් මාමිව මදකට නොසලකා හරින්න පොලා තීරණය කරා...

    පොලාගේ තර්කය උස් හැඳින්... " ඔයා මගේ ලයිසන් එක රැගෙන යනවනම් ඔයා මට ටෙම්පරියක් දීල යන්න ඕන... ඒ ටෙම්පරියෙන් මට දවස් 14 ක් රිය පදවන්න පුළුවන් නිසා දවස් 14 ඇතුලත මම උසාවි එන්නම්... හැබැයි ඔයාට මගේ ලයිසන් එක අරන් යන්න බැහැ ටෙම්පරියක් නොදී..."

    ඔන්න ඔය අතරේ ... ටවුමේ රාජකාරියේ නියුතු සාජන් වරයෙකු හා තවත් කොස්තාපල් වරයෙකු එම ස්ථානයට වාර්තා කෙරෙයි...

    පොලාගේ සද්දේ වැඩි නිසා සාජන් කෙලින්ම පොලාගෙන් අපි මොකද තමුන් පොලිසියට රාජකාරියට භාධා කරනවද කියල... පොලා සාර්ජන්ට බොහොම මහත්මා විදිහට කාරණය පැහැදිලි කරා... "ඔබතුමාලා මගේ රියදුරු බලපත්‍රය අරන් යනවනම් මට ටෙම්පරියක් නිකුත් කල යුතුයි ... එකයි මේ රටේ නීතිය...මම වරදක් කරානම් ඒ වරදට දඬුවම විඳින්න මම සුදානම්... එත් එහෙම වෙන්නනම් ඔබතුමාලා මෙතැනදී මට දඩ කොලයක් සහ ටෙම්පරියක් දිය යුතුයි... උසාවි දාන වරදක්නම් ටෙම්පරියක් නිකුත් කරලා මගේ ලයිසම අරන් යන්න ඔබතුමාලට බලය තියෙනවා.. එත් ටෙම්පරියක් දෙන්නේ නැතුව මගේ ලයිසම අරන් යනවනම් ඒක නීත්‍යානුකූල නැහැ...එහෙම නීත්‍යානුකූල නැති දෙයක් ඔබතුමාලා මට කරනවානම් ඒකට මම උසාවියෙන් සාධාරණය ඉල්ලන්න ලැහැස්තියි "

    ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි මගේ ලයිසම සාර්ජන් මහත්තයට පොලාගේ ලයිසම දීල කියපි මේක ලියල ටෙම්පරියක් දීල මුව යවන්න කියල...

    සාර්ජන් මහත්තය ෆුටාර් එකේ ආපු පොලිස් මාමිටම නැවත ලයිසම දීපි උඹම ලියපන් කියල... ඔන්න දැන් සාර්ජන් මහත්තය එක්ක ආපු කොස්තාපල් තැන හීන් සීරුවේ එතනින් මාරු... පොලා දැන් දන්නවා සාර්ජන් මේක ලියන්නේ නැහැ කියල... ඔන්න නැවතත් පොලාගේ වාරේ.. ප්‍රයෝජන ගැනීමේ න්‍යාය....

    " ඔබතුමා දැන් මගේ කාලය හුඟක් නාස්ති කරලා ඉවරයි ... ඒ හින්ද ලියන දෙයක් ඉක්මනට ලියල මට ටෙම්පරිය දෙනවද... හෙට සිංහල අවුරුද්ද.. මට ගෙදර වැඩ දාහක් තියෙනවා.." කියල පොලා නැවතත් සද්දෙ ...

    ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි සාක්කුවෙන් පොලිස් පොතක් ඇදල අරන් ෆුටාර් එකේම හැන්ඩ්ල් එක උඩ තියාගෙන ලියන්නයි ලැහැස්තිය... ඒ අතරතුරේ සාර්ජන් මහත්තයත් එතනින් මාරු...

    දැන් ඉන්නේ විදි නාට්ටිය නරඹන පිරිසයි... සහයට ත්‍රීවිල් මාමියි... පොලිස් මාමියි ... පොල් මාමියි ...

    ඔන්න දැන් පොලාගේ ලයිසමේ විස්තර මොකක්දෝ නෝට් පොතක සටහන් කරන්නයි පොලිස් මාමි ලැහැස්තිය... එතෙක් මෙතෙක් ඉතිහාසයේ පොලාගේ ලයිසම අතට ගත්තු බහුතරයක් පොලිස් මාමිලා නාගත්තු ආකාරයෙන්ම මේ පොලිස් මාමිත් නාගන්නයි ලැහැස්තිය...

    වාසගම, මුල් නම, මැද නම තුනෙන් බහුතරයක් පොලිස් මාමිලාට ඉංගිරිසියෙන් කියාවගත හැක්කේ පොළ මාමිගේ මුල් නම පමණයි කියහල්ලකෝ...

    පොලිස් මාමි අහපි "නම කියනවා..."

    "මගේ ලයිසම අතේ තියාගෙන මගේ නම අහන්නේ මොකටද මහත්තයෝ... ඔය පැහැදිලි ඉංග්‍රීසියෙන් ඕකෙ තියෙන්නේ.. බලල ලියාගන්න.." පොලා ගේම දැන්..

    විනාඩි පහක් විතර දඟලල මුල් නම හරි ආකාරයෙන් සහ මැද නම සහ වාසගම ජීවිතේට අහලවත් නැති ආකාරයෙන් පොලිස් මාමි නෝට් පොතේ ලියාගත්තු හැටි දැකල පොලට අදෝ මුකයෙනුත් හිනා...

    මහා ලොකු රාජකාරියක් කරපු විදිහට ආඩම්බරෙන් බලපු පොලිස් මාමි තනියම කියාගන්නව " තමුසෙලා පොලිසිය එක්ක සෙල්ලම් කරන්න එනවා නේ.." කියල.. ඔන්න දැන් සැරසෙන්නේ පොල් මාමිගේ ලිපිනය ලියාගන්නයි...

    දෙයියෝ කොච්චර නොටිද කියල පොලිස් මාමිට හිතෙන්න ඇති ඒ වෙලාවේ... පොලා පදිංචි වෙලා ඉන්න පාරේ නමට "ඥ" අකුරු දෙකක් තියෙනවා කිව්වලු..

    "ඥ " අකුරු දෙක ලයිසමේ ලියල තියෙන්නේ gngna කියල ... පොලිස් මාමි හත්පොලේ ගාගෙන මොකක්දෝ කුනුහබ්බයක් සිංහලෙන් ලියාගතපි.... පොලිස් මාමි ලියනවා බලන් ඉන්න පොලා තනියම හිනාවෙනවා දැකපු පොලිස් මාමිගේ මුණ ජම්බු ගෙඩිය වගේ ... ලජාවෙන් සහ කේන්තියෙන් රතු වෙලා අප්ප...:lol::lol::lol::lol:

    a1c1e4370b5ad2ed9d71275e2c477eac_large.jpg


    අප්පච්චිගෙ පිෂ්ටියේ ලියාපංචි අංකය ලියාගත්තු පොලිස් මාමි පොලාගේ ලයිසම පොලාට දුන්න නෙවෙයි විසික් කළා..

    තමුන්ට සිතාසියක් එයි... එදාට උසාවි එනවකො මම තමුන්ට නීතිය මොන වගේද කියල පෙන්නනම්.. කියාගෙන පොලිස් මාමි ෆුටාර් එකේ නැගල සෙනග අතරින් නොපෙනී ගියා...:lol::lol::lol:

    වෙච්චි ලජාවට පොලිස් මාමි ගෙදර ගිහින් නැන්දිට තැලුවද නැත්තම් ගේ පිටිපස්සට ගිහින් හොඳටම ඇඩුවද දන්නේ නැතෝ...

    crying-baby-300x252.jpg


    ත්‍රීවිල් මාමිටත් දෙකක් අමතල පොලා පිෂ්ටිය ස්ටාර්ට් කරගෙන සන්තෝසෙන් එතනින් එන්න ආවේ පොලිස් මාමි ඒ ලියාගතපු නමට සහ ලිපිනයට සිතාසි එවන්න තැපැල් පතිටවත් බැරි බව හොඳින්ම දන්නා හින්දයි...

    ඒ සිතාසියනම් මේ වෙනකම්ම ආවේ නැතෝ...:lol::lol::lol::lol:

    උඹල මෙව්වා ආදර්ශෙට අරගෙන පොලිසිය එක්ක ගේම් ඉල්ලලා දත් කඩාගන්නවා එහෙම නෙවෙයි... අපි නිවැරදි උනත් මෙව්වා කරන්න ඕන නාඩි අල්ලල බලල.. ශ්‍රී ලංකා පොලිසිය එක්ක ගේමක් ඉල්ලනවා කියන්නේ 75% විතරම ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි... ඒ හින්ද පරෙස්සමෙන්...නිවරද්දේ වැරදිකාරයො වෙන්නත් එපා... මහජනතාව ඉන්න තැන ගේම ඉල්ලුවත් රාත්‍රී කාල වලදී සහ පාලු මුසල තැන වල පොලිසිය සමග ගේම ඉල්ලන්න ගිහින් දත් නැතුව් බත් කන්න උනොත් ඔන්න මම නැහැ ඕන් ...

    අප්පච්චිගෙ පිෂ්ටියට වෙච්චි ඇබැද්දිය මේකේ තිබේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1587654

    මම දන්නා කියන කෙනෙකුට මෝටර් බයිසිකල් උන තදින් තිබ්බ උනාට ඌ නිෂ්පාදක සමාගම් එක්ක බද්ද වයිරෙන් උන්නේ.. ලෝකේ කොයි තරම් මොටෝ සයිකල් ගැහුවත් කරපු නරකම වැඩේ තමයි ඒ කාලේ බයිකල් ආවේ C ෆිෆ්ටි, වන් ෆිෆ්ටි , ටු ෆිෆ්ටි , ෆෝ ෆිෆ්ටි වගේ එව්ව .. ප්‍රශ්නෙ උනේ මගේ යාලුවට ෆිෆ්ටි කියල කියන්න බැහැ .. ඌට කියවෙන්නෙම පිෂ්ටි කියල.. ඒ හින්ද අපි ඌ නැති තැන්වල ඔය කියන හැම ෆිෆ්ටියම හැඳින්නුවේ පිෂ්ටි කෑල්ල අගට දාලයි .. :lol::lol::lol::lol: ඌ ඉන්න තැන්වලනම් අපි ෆිෆ්ටි වත් පිෂ්ටිවත් දෙකම කිව්වේ බොහොම අඩුවෙන්...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මොකද මොටෝ සයිකල් පදිද්දීත් , සාමාන්‍ය ජීවිතේදීත් ඌ මොලේ බොහොම අඩුවෙන් පාවිච්චි කරපු එකෙක්... කොටින්ම කිව්වොත් මොලේ අතේ... පිෂ්ටි කෑල්ල ඇහුනොත් ජීවිතෙත් විස්වාස නැහැ..:(:(:(:(:(
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැංකු මාමේ :cool:
    ඔය 42/54/58 කියන්නේ 2x2 සීට්ද? 2x3 ද?:eek:
    දැන් එන්ජින් ඔක්කොම හීනෝ කියලද කිව්වේ? නැත්තම් මොනවද ඔප්ෂන්ස්?:eek:
    බැලූන් සස්පෙන්ෂන් බස් වල ලොකු වෙනසක් ඇති නේද? කවදාවත් මීටර් වෙලා නෑනේ එහෙම වෙනසක්?:eek: ඒවා ගොඩක් අඩුවෙන්ද තියෙන්නේ?:eek:

    :oo: 42 එන්නේ ගොඩක් වෙලාවට බට සීට් එක..... ඒක ඉතින් 2X2 තමා....... 54 එන්නේ 2X3 තමා..... ගොඩක් අය ෆුල් සීට් 2X3 එක අරන් ඒක 2X2 කරලා දුවනවා..... හොදට පටවන්න පුලුවන්නේ එතකොට...... :yes: 58 එන්නෙත් 2X3 :) එකම චෑසිය..... ඒකේ අන්තිම ටික දික් කරලා තියෙන්නේ පොඩි බාර් සෙට් එකකින්..... මගේ ලග ෆොටෝ එකක් තිබ්බා හොයා ගත්තොත් දාන්නම්..... ඒක දැක්කහම නම් 58 එකක පිටිපස්සේ සීට් එකේ යන්නත් බය හිතෙනවා..... :ලොල්:

    දැන් ඔක්කොම වගේ හීනෝ එන්නේ.... ජපන් තාක්ෂණේට ගහපු ඉන්දියන්..... බඩු ගිනි ගණන්...... :(

    බැලූන් සස් තමා දැන් ගොඩක් දුර දුවන ඒවා..... ලග දුවන්න නම් ගන්නවා අඩුයි... ගාන වැඩි නිසා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලිස් කට්ටක්...... :love: එල එල මාමේ...... ඔය පොලිස් මාමලාට මගේ නම ලියාගන්නත් බැරියෝ..... :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..

    :lol::lol::lol::lol:පට්ට වැඩේ හැබැයි.:lol:

    කතාකරලා වැඩක් නෑ පොලයියේ..මේ ලංකාව හදන්න බෑ. මොලේ තියන එකෙක් පොලිසියකට යන්නෙ නෑ. බහුතරයක් ගොන්නු ඉන්නෙ.:dull:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:

    නාවින්නේ ආයුර්වේදෙට පල.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..

    හපේපොච්චා!!! යන්තාං කටුවක් වැඩම කරලා :D

    මදැයි පොලාසියට වෙච්ච දේ :D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දූවිල්ලෙන් වත්සුනු තවරා
    කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
    වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක්.....
    මුමුණාවී රහසින්
    ආගිය උන් හිටි තැන් සගවා.............
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..


    කට්ටක් දාල :D
    සුපිරි කට්ට මාමේ දැම්මට බොහොම ස්තුතියි :)
     
    Status
    Not open for further replies.