එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..:)
    ඇන්ටිගේ කේක් දැනුම ගැන මට මාර මෙව්වා එකක් ආවා :eek: :dull:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අපි මැලේසියානු ක්‍රමයට හදන බටු තෙම්පරාදුවක් හදමුද ? සැරක් එකතු වුනු පැණිරස ගතියක් ද එකතු වෙලා තියෙන මේ බටු තෙමපාරදුව සුදුබත් ,කහ බත් , ෆ්‍රයිඩ් රයිස් ඔය ඕනෑම විදියකට රසයි හොඳේ ....


    රෙසිපි '
    අල්ලක් තරමේ බටු ගෙඩි 5 / මම ගත්ත ප්‍රමාණයට රෙසිපි එක ලියන්නම්කො ;..
    ලොකු බී ළුණු ගෙඩි 1/2 කට පොඩ්ඩක් අඩුවෙන් කපලා
    අමු මිරිස් කරල් 2
    කරපිංචා පොඩ්ඩක්
    සුදුලුනු බිකි 2
    ඉඟුරු පොඩ්ඩක්
    වේලපු කුනිස්සෝ මේස හැඳි 1 1/2 පමණ හෝ කුනිස්සෝ පේස්ට් තේ හැඳි 1 මේ මොනවත්ම නැත්නම් උම්බලකඩ ටිකක් ගන්නත් පුළුවන් ..ඒ වගේම වේලපු කුනිස්සෝ ගන්නවා නම් උනු වතුරේ පොඩ්ඩක් දාල තියලා එකතු කරන්න ඕනේ ..
    කෑලි මිරිස් කුඩු මේස හැඳි 1 1/2 කට වැඩියෙන් හෝ තමාගේ රස අනුව සැරට හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට
    සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1
    සීනි ,ලුනු රස පරිදි


    මුලින්ම බටු ටික රවුම් පෙති කපලා ගැබුරු තෙලේ හෝ තෙල් ටිකක් දාල රන්වන් පාටට බැදගන්න .. ගොඩාක් බදින්න එපා .. ඊටපස්සේ සීනි හැර ඉතිරි සියල්ල බ්ලෙන්ඩ් එකකට දාල සම්බල් පේස්ට් එකක් හදාගෙන ඉන්පසු සීනි සහ ලුනු රස පරිදි එකතු කර සාස්‌ පාන් එකකට තෙල් ටිකක් දාල ( මම ගත්තේ බටු බැදලා ඉතිරි උනු තෙල් වලින් ම ටිකක් ) සාදාගත් සම්බල් පේස්ට් එක දාල ගින්දර අඩු කරලා ටිකක් බැදෙන්නට තියලා රස පරිදි ලුනු ,සීනි නැවත අවශ්‍ය පරිදි එකතු කරලා බැදගත් බටු එකතු කරලා පරිස්සමින් කවලම් කරලා නැවත රස බලා ලිපෙන් බා මේසෙට යවන්න තියෙන්නේ යාලුවනේ .. ලේසියි පහසුයි රසයි හොඳේ ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව ටික වෙලාවකින්....
    හයිවේ එකට වහින නිසා හෙමින් ලු එන්නේ....
    :cool::cool::cool: ඕයේ !
    9.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇත්තටම මේක මං ඊයේ හදිසියේ හදපු දෙයක්...ඒ විතරක් නෙවෙයි මීට කලින් කවදවත් හදපු දේකුත් නෙවෙයි... ඔයිට කලින් එකම එක වතාවක් මං මුං ඇට කිරිබත් හැදුවා.. ඒකනං හොදට තිබ්බා.. ඒත් කිරිබත් විතරක්ම හදලත් නැහැ.. ඒ මදිවට පැණිපොල්..කන්ට ආසා උනාට ඒක හදලත් නැහැ...

    ගෙඩිය පිටින්ම උස්සන ලද්දකි

    නොදකින් විතරක් මම හිටියේ උබ හදපු එකක් කියල. අන්තිමටමනේ දැක්කේ උස්සල කියල :rofl::P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කිබුලෝ මේකේ දාන්න ඕනේ අපි හදපු කෑම බිම විතරද? නැත්නම් උස්සපු වට්ටෝරු දැම්මට කමක් නැද්ද?:confused::baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්රු හරි පින්වතෙක් කියන්න
    1- හොද chicken stock powder එකක් සහ එහි මිල ගතහැකි ස්ථාන
    2-චිකන් ස්ටොක් සදහා යොදාගතහැකි ආදේශකයක්
    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලෝ මේකේ දාන්න ඕනේ අපි හදපු කෑම බිම විතරද? නැත්නම් උස්සපු වට්ටෝරු දැම්මට කමක් නැද්ද?:confused::baffled:
    අවුලක් නෑ නේහ්.....
    මේකේ අරමුණ දැනුම බෙදා හදා ගැනීම නේහ්!
    කව්රු හරි පින්වතෙක් කියන්න
    1- හොද chicken stock powder එකක් සහ එහි මිල ගතහැකි ස්ථාන
    2-චිකන් ස්ටොක් සදහා යොදාගතහැකි ආදේශකයක්
    :yes:
    බ්‍රෑන්ඩ් එක මා‘ස් (MA's)
    chicken-stock-powder_x.jpg

    නැත්තං මැගී සහ ක්නෝර් ස්ටොක් පවුඩර් තියනවා ග්‍රෑම් 500 බල්ක් පැක්.

    SPI474.jpg
    Chicken-Bouillon-Compressed_product-profile.jpg

    ගන්න පුළුවන් සුපර් මාකට් වලින්.
    ආදේශකය දිකන් කියුබ් උනු වතුරේ දියකරලා.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අවුලක් නෑ නේහ්.....
    මේකේ අරමුණ දැනුම බෙදා හදා ගැනීම නේහ්!

    බ්‍රෑන්ඩ් එක මා‘ස් (MA's)
    chicken-stock-powder_x.jpg

    නැත්තං මැගී සහ ක්නෝර් ස්ටොක් පවුඩර් තියනවා ග්‍රෑම් 500 බල්ක් පැක්.

    SPI474.jpg
    Chicken-Bouillon-Compressed_product-profile.jpg

    ගන්න පුළුවන් සුපර් මාකට් වලින්.
    ආදේශකය දිකන් කියුබ් උනු වතුරේ දියකරලා.

    thx ලොක්කා :yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තායි ක්‍රමයට Fried rice

    හැමදාම ඉතින් බල බල ඉදල හරියන්නේ නෑනේ, මටත් හිතුන කෑම වට්ටෝරුවක් දාන්න.:yes:
    හරි කතා ඇති පටන් ගමු.



    මෙන්න බඩු ලිස්ට් එක.

    * හාල් 1kg
    * කැරට් 150g
    * අන්නාසි 150g
    * ළුණු කොළ 150g
    * ගෝවා 100g
    * ග්‍රීන් පීස් 100g
    * එළවලු තෙල් තේ හැදී 3
    * ෆිෂ් සෝස්
    * බිත්තර 2
    * සිනි තේ හැදී 3


    දැන් ඉතින් හදමු.

    මුලින්ම බත් එක උයාගන්න.
    බත ඉදෙනකන් එළවලු ටික හෝදලා කුඩාවට කපාගන්න. අන්නාසිත් කුඩාවට කපාගන්න.
    සාස්පානක් ලිපේ තියල තෙල් ටික රත්කරගන්න, ඊට පසු බිත්තර 2 දමා බැදගන්න
    එයටම කපාගත් එලවළුද එක්කරන්න. තමන්ට අවශ්‍ය පමණට තෙම්පරාදු උ පසු අන්නාසි සහ ළුණු කොළ එක්කරන්න, දැන් බත්ද එයට එක්කර හොදින් කලවම් කරන්න. මේ සමගම ෆිෂ් සෝස් හා සීනිද කලවම් කර කැමති ආකාරයකට සරසා මේසෙට යවන්න.


    RICE_zps2znduud9.png


    ප.ස. මේකට ඉතින් කැමතිනම් මස් හරි මාළු හරි එකතු කරගන්නත් පුළුවන්.:yes: