වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කැබිලිත්ත බන් :rolleyes: යාල කැලේ :yes::dull:

    අපි එක පාරක් ගියා මාදුරු ඔය පැත්තේ Offroad පාරක් දාන්න . . . MX බයික් වල. . . CR250R එකක් සෙට් උනා පදින්න . . . යාලුවෙක්ගේ එකක් . . . පට්ට ෆන් . . . බයික් එක කරේ තියන් යන්න පුලුවන්. . . 4 Stroke මොනාද කියලා හිතුනා . . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ප්‍රදාන වශයෙන්ම මේ දෙකේ වෙනස්කම් මොනවද බං.. ට්‍රැක් ටයර් දාලා සුපර්මොටෝ කරන බයිකුත් තියෙනවාද මෙහේ ? :rolleyes:

    Big Wheel = 21" front rim, 19" rear rim, suitable for Offroad, more ground clearance, more traction in mud, sand surfaces

    Supermoto = 17" front and rear rims, suitable for asphalt, dirt surfaces, more street friendly,
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ :D
    මේක මගේ පලවෙනි කට්ට :nerd: හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි :D

    මේක ඉතින් අවුරුදු 15 කට විතර කලින් වෙච්ච එකක් හොදේ

    මන් එතකොට පොඩි එකා
    අපේ බාප්පාගේ පුතාල බෝර්ඩ් වෙලා හිටියේ st තෝමස් කොලේජ් එකේ ගුරුතලාවේ
    ඉතින් දවසක් මේයාලව නිවාඩුවට අරන් එන්ඩ යද්දි මටත් එන්ඩ කිවුව තනි නොතනියට යන්ඩ

    මමත් ඉතින් කම්මැලි කමට ගියා
    අපි ගියේ එයාගේ land rover එකේ
    පාන්දර 4 ට විතර තමයි ගමන පටන් ගත්තේ
    මෙන්න ඉතින් අපි යනවා අවීස්සාවෙල්ල හරියට යන්ඩ පුළුවන් shortcut එකකකින්
    එක පැත්තක කන්ද අනිත් පැත්තේ පල්ලම පාරත් පටුයි
    බාප්පා තමයි driver මම අනිත් පැත්තේ ඉදන් නිදි කිරනවා තාම එලිය වැටිලාත් නැහැ

    අපිට වැඩි දුරක් යන්ඩ හම්බුන්නැහැ එක පාරටම දඩබඩොන් ඩොන් ඩොන් .......
    ගාල මම හිටිය පැත්ත බිම

    මව උඩ ගිහින් බිම වැටුන බිම කිවුවට seat එකේ හරිද
    බැහැල බැලුවහම තමයි තරු පෙනුනේ
    හබෙයි ඉතින් මට නම් බහින්ඩ දෙයක් නැහැ කොහොමත් බිම වගේ තමයි

    බෙලුවහම මන් හිටිය පැත්තේ ඉස්සරහ රෝදේ නැහැ අනික කළුවරේ
    ඩ්‍රම් එක තාර පාරට උම්මා දෙනව :oo:

    ටෝර්ච් එකකුත් නැහැ ලග පාත ගෙවල් ඇත්තෙත් නැහැ

    කරන්ඩ දෙයක් නැතිතැන පොඩ්ඩක් එළිය වැටෙනකන් හිටිය ඊට පස්සේ රෝදේ හොයන්ඩ ගියා

    හම්මෝ රෝදේ තනියම කැලේ කඩාගෙන කම්බි වැටවල් වලින් රිංගල පල්ලම් බැහැල

    හැබැයි වැඩේ හුගක් දරුණු නැහැ
    ඇන කෙඩිලත් නැහැ ඩ්‍රම් එකෙත් shape වගේ landrover හින්ද හෙන හයයි මන් හිතන්නේ

    ඔන්න ඉතින් බප්පයි මමයි ගිහිල්ල අමාරුවෙන් උඩට අරන් ආවා රෝදේ
    දැන් කෝ යකුනේ රෝදේ හයිකරන්ඩ nut
    අනේ ඉතින් දැන් ආපු පාර දිගේ යනවා වැටිච්ච nut බලබලා
    හම්බුනාද නැත නැත .... හම්බුනේ නැත :no:

    බාප්පාගේ ටිකිරි මොලේ දාලා ගැලෙවුව අනිත් රෝද වල nut 4 න් එක එක
    දැන් අපිට nut 3ක් අතේ

    ඊට පස්සේ shape එකේ අඩ තිය තිය jakaව නැග්ගුව රෝදේ දාගන්ඩ පුළුවන් ගානට
    ගලව ගත්තු nut වලින් රෝදේ හයිකර ගත්ත

    ඊට පස්සේ ඉතින් කිසි අවුලක් නැතුව ගමන ගිහින් ආවා

    ගමනට කලින් දවසේ ටයර් මරුකරපු එකා හරියට තද කරලා තිබිල නැහැ :no:

    කියවූ ඔබ සැමට ඉස්තුති .......

    හොඳ කට්ටක් මචන්

    ..ලෑන්ඩ් රොවර් එකෙ නට් 5ක් තියෙන්න ඕන.4ක් නෙවෙයි..
    ගනන් ගන්න එපා මතක් වුන නිසා කියුවෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඝාතනය කරනවා කියලා ඔහොම චරිතය ඝාතනය කරනවද බොල..:angry::growl::growl:
    ඒ කාලේ හදපු profile නේ බන්
    වැඩි ගානක් තිබුණේ නෑ ඉතිං..:sorry:

    ජෝක් එකටනේ බන්.. :yes: අවුලක් නෑ..:cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    ඝාතනය කරනවා කියලා ඔහොම චරිතය ඝාතනය කරනවද බොල..:angry::growl::growl:
    ඒ කාලේ හදපු profile නේ බන්
    වැඩි ගානක් තිබුණේ නෑ ඉතිං..:sorry:

    :rofl::rofl:

    අපිත් එහෙම තමා බොලව් :nerd: :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනා කරන්නද බන්..
    මේක වෙනස් කරන්න දෙන්නෙත් නෑ නේ..:growl:

    ඕකෙ මොනවා වෙනස් කරන්නද ඔය තියෙන්නෙ එලකිරි වගේ.:cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ :D
    මේක මගේ පලවෙනි කට්ට :nerd: හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි :D

    මේක ඉතින් අවුරුදු 15 කට විතර කලින් වෙච්ච එකක් හොදේ

    මන් එතකොට පොඩි එකා
    අපේ බාප්පාගේ පුතාල බෝර්ඩ් වෙලා හිටියේ st තෝමස් කොලේජ් එකේ ගුරුතලාවේ
    ඉතින් දවසක් මේයාලව නිවාඩුවට අරන් එන්ඩ යද්දි මටත් එන්ඩ කිවුව තනි නොතනියට යන්ඩ

    මේ තියෙන්නේ කටු..තව ලියමු ඉදිරියට ....:love::love::love:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඕකෙ මොනවා වෙනස් කරන්නද ඔය තියෙන්නෙ එලකිරි වගේ.:cool:
    එහෙනං කමක්නෑ..
    11.gif
    11.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඝාතනය කරනවා කියලා ඔහොම චරිතය ඝාතනය කරනවද බොල..:angry::growl::growl:
    ඒ කාලේ හදපු profile නේ බන්
    වැඩි ගානක් තිබුණේ නෑ ඉතිං..:sorry:

    ගණන් ගන්න එපා ඔය අහන්නෙත් කසිප්පු හරිඳුනේ :cool:
     
    Status
    Not open for further replies.