වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

chathumalchandrasiri

Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අනිවා අයියෙ.... ඔන්න ඊයෙ රෑද දැම්ම.... අයිය කෙනෙක් නේද මට 24යි
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    හොද ගානකට කෙලවෙච්ච කටු 2ක්. පලවෙනි පාරම චෙක් කරලා බැලුවනම් දෙවෙනි කට්ටෙන් බේරෙන්න තිබුනා.:yes:

    හෙ හෙ... ඒ කාලෙ මොලේ හැදි මිටේ දිගට තිබුනෙ.... ඊලග කට්ටත් දාන්නයි යන්නෙ
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    හොද ගානකට කෙලවෙච්ච කටු 2ක්. පලවෙනි පාරම චෙක් කරලා බැලුවනම් දෙවෙනි කට්ටෙන් බේරෙන්න තිබුනා.:yes:

    කටුව ලිව්වට ස්තුතියි ... රේඩියේටර් එක පුපුරලා ගියාද හීට් උන නිසා... අලුතෙන් රේඩියේටර් අලුතෙන් දාන්නේ නැතුව ටැංකිය විතරක් ගහන්න තිබ්බ..

    ඔව් ඒත් මට ඕන උනා අලුතෙන්ම තියා ගන්න... ඒකයි පලවෙනි පාර එහෙම කලේ.... දෙවෙනි පාර ඉතින් පාරෙ හන්ද හදාගෙනම එන්ඩෙපැයි.. ඒ හන්ද ඒකත් අලුතෙන්ම තිබ්බ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අනේ මන්දා බං..... මම නම් ඔය උඹ පොම්පේ හදපු තැන හැමදාම වේලි වේලි තියෙනවා තමා දැකලා තියෙන්නේ..... :dull:

    ඔය ගෝලයෝ ඉන්නවා නේද...... උන්ගේ..... @%^$ඨ්@ඓ$&^@^*$(@&^@*(&@&^$ :growl: :growl:

    දැන් බලපන් උන්ගේ වැරැද්දෙන් කී දාහක් පාඩුද....?? :growl:

    අනිත් උන් තමා පට්ටල් කාරයෝ..... උන්ගෙන් වැඩක් කරගන්න වදින්න ඕනා.... හරියට අපි නිකන් වැඩේ කරගන්න ආවා වගේ....... පට්ටල් සීන් තියේ නම් බොට කෝල් එකක් දෙන්න තිබ්බනේ...... කඩුවෙල අනිත් ශෙඩ් එක ලගින් ඈතුලේ පට්ටලේ බැලුවේ නැද්ද? ඔබවත්තේ.... කුරුස කණුවේ අදුරන උන් සිටී..... මම නම් ලොකු සීන් වලට කෙසෙල්පදුර හන්දියෙන් ඈතුල පාරේ ඉන්නවා බුවෙක් ඌ ගාවට අරන් යන්නේ..... අම්මෝ ගණන්...... :dull:

    පොඩි පොඩි හදිසි වැඩ වලට අපේ සෙනිත් ලොක්කා ගාවට ඈන්න යනවා..... :D මතකනේ බුවාව .....?? :D :)

    ඔය ස්විච් සෙල්ලම දාලා.... පුලුවන් නම් බැටරියත් කෙලව ගනින්කෝ....... :growl: :baffled:

    ඕක ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර් එකක් නේද....?? :rolleyes: හොද එකක් හොයලා දාපන්..... සමහර ජරාව තියෙනවා මාසයක් දුවන්න බෑ.... තවත් පාඩුවක් කරගෙනම තමා අවසන් ගමන් යන්නේ...... :dull:

    මාකොල පාරේ ඉස්සර හිටපු බුවා නේ දැං කෙසෙල්පදුර හන්දියේ ඉන්නේ.. ඌගෙන් තමා අපිත් වැඩ කර ගන්නේ... නැත්තං ඇල්කොබ්‍රව්න්ස් දානවා. එච්චර දුර යන් නහිතුවේ නෑ මේ පොඩි වැඩේට.

    ගෝල බාලයෝ නිසා තමයි හොද තැන් නරක් වෙන්නෙත් නරක තැන් ටිකක් හරි හොද වෙන්නෙත්..

    ස්විච් සෙල්ලම කල්පනාවෙන් කරන්න ඕනේ නැත්තං තමයි බැටරියට අවුල් වෙන්නේ.. අද උදේ ගිහිං කෑල්ල හයි කර ගත්තා.. දැං හරි :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: නිසාන් වල ටයිමින් බෙල්ට් එකක් එන්නේ නෑ නේ....?? චේන් එකක් නේද එන්නේ....?? FB15 නම් එන්ජිම ඈතුලේ චේන් එකක් තියෙන්නේ..... :yes: ඒකේ මාක් කරලා තියෙනවා වගේ මතකයි මොනවා හරි ටයිමින් තියන්න ඕනා විස්තරයක්..... :baffled:
    බස් එකේ නං ටයිමිං චේන්... මං කිව්වේ ඩීසල් පොම්ප ගැන බොල.. තියෙනකං හොදට දුවනවා.. මොකක් හරි හුට්ටප්පරයක් වෙලා ගලෝ ගත්තොත් හත් පොලේ ගාගන්න සෙට් වෙනවා වෙලාවකට :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලාගෙන යනකොට වැඩිපුරම කටු කන්න වෙන්නෙ මකබාස්ලා නිසානේ බං... :sorry:
    :yes: :lol:
    එහෙමත් වෙනවා ඉතිං.. අනික අපේ වෙලාව..
    පරණ වාහන හදන්න දැම්මාම ඔහොම තමා බං. හදන්න යන්නේ එකක්.. ගැලෙව්වාම තව වැඩ 2ක් 3ක් එතන :eek:
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... මේක නම් ගිය දෙසැම්බර් නිවාඩුවෙ උන එකක්... මම ඉතින් ගෙදර නිවාඩුවට ගිහින් පාසල් කාලෙ මගෙ බොක්කවල් කීපයක් එක්ක ගාල්ල, කන්නෙලිය සවාරියක් යන්න ප්ලෑන ගහල කැබ් සර්විස් එකකින් වාහනේකුත් කතා කරගෙන (නිසාන් හොමියක් මන් ආසම වෑන් ජාතිය) එහෙම ගමනට උවමනා කලමනා (දන්නවනෙ ඉතින්) අරගෙන නමෝ විත්තියෙන් ගමන යන්න ආව කැබ් සර්විස් එක තියෙන තැනට..

    ආවට පස්සෙ තමා දෙකොන රත් වෙන ආරංචිය අහන්න ලැබෙන්නෙ... යන්න ඉදපු හොමිය වෙන ගමනක් යවල මූ... දැන් තියෙන්නෙ ඩොල්ෆින් එකක්... ඒක 60-**** එකක්... දන්නවනෙ ඕව එලවන්න බර වාහන ලයිසම ඕනෙ... සාමාන්‍යෙයන් අපේ සවාරි වල ඩැයිවර් උන්නැහැ මම... ඉතින් බර වාහන තියෙන එකෙක් හිටියට ගමන පටන් ගත්ත වෙලේ ඉදන් මූගෙ වැඩේ කරටි කැඩෙන්න ගහන එක හන්ද මමයි තව යාලුවො දෙන්නෙකුයි වාහනේ එලවන්න කතා කරගත්ත...


    ඉතින් මචන් ගිරිඋල්ල හරියෙදි අපේ ගමනෙ නිල සංවිධායක වෙන මගේ අතිජාත මිත්රය එක පාරට අහපි මචන් වාහනේ ලයිසන් ඉන්ෂුවරන්ස් කෝ කියල... අම්මට සිරි... මමත් හදිසියට තියෙන රථ ගායට වාහනේ අරන් ආවට ඒව බලන්න අමතක උනා... දැන් බලල අර වාහනේ අයිති එකාට කෝල් කරල ඇහුවාම මූ කියපි අනේ මල්ලි සමාවෙන්න ඕක ලයිසන් එක පහුවෙලා.... අලුත් කරන්න ගෙනිච්ච හන්ද ඒක වාහනෙන් අයින් කලා... මටත් ඒක අමතක උනා කියල.... අම්මේ මට නේද ඉතින්... මොකෝ ආපහු යන්න කියලද?? පෙරුම් පුරල දා ගත්තු ට්රිප.... දැන් ඉතින් කට්ටියටම යකඩ කූරුත් පේන සයිස්... හෙ හෙ.. :D:D:D


    ඉතින් මචන් 70ට වඩා පාගන්නෙ නැතුව සුදු ඉරක් ලගින්වත් යන්නැතුව මීරිගමින් පස්යාලට දාල එතනින් කඩුවෙලට දාල හයිවේ එකෙන් ගාල්ලටම ආව... ( හයිවේ එකට දාද්දි උන්නු පොලිස් මාම අහනව මල්ලිල බෑරක් වගේ කියල අපිත් ඉතින් ඔව් සර් පොඩි ගමනක් කීවම මිනිහට ෆුල් සැටිස්... වෙන වෙලාවක නම් ඇයි අහන්නෙ එන්නද කියල අහන එවුන්ගෙන් එහෙම වචනයක් ඇහුවම වැරැද්ද හිතේ තියෙද්දි අපේ එවුන් මොන තරම් සංවරද කියල මටම හිතුන) හික්කඩුවෙ ඉතින් නැවතිල ආතල් එකත් උපරිමේට අරන් ආපහු ගාල්ලෙ ගිහින් ජන්ගල් බීච් එකේ නාල වාහනේ නවත්තන්න යද්දි ඔන්න රත්තරන් වාහනේ හීනියට අඩනව වම් පැත්තෙ ෂටර් එක උස්සන්න දෙන්නෙතුව... :eek::eek::eek::eek:


    වැස්සකුත් එන පාටක් තිබ්බ හන්දත් කාගෙ උනත් වාහනේ හන්දත් ඉක්මනින්ම door board එක අයින් කරල බලද්දි ෂටර් ප්ලග් එක පොඩ්ඩක් බුරුල් වෙලා.. පොඩි කම්බි කෑල්ලක් තියල ඒක සෙට් කරාම බඩු උඩ ගියා කුරුල්ල වගේ... හිතටත් සැටිස් එකේ හොද අඩියක් ගහල නාල එහෙම ආපහු හික්ක තවාතැනට ඇවිත් ආපහු බීල අනිත් දවසෙ පාන්දර 10ට :lol::lol::lol: විතර කන්නෙලියට යන්න පිටත් උනා....


    ඒ යන ගමන් ටික නම් ඩොල්ෆින් රාජය යකා වගේ යනව ඉතින්.... ඊට පස්සෙ කන්නෙලියෙ ඉදන් වට රවුම ගහන්නැතුව ගූගල් මැප් අන්කල්ට පින් සිද්ධ වෙන්න ආපහු මචන් දෙයියන්ගෙ පිහිටෙන් ගාලු පාරට දාගත්ත... ඊට පස්සෙ ආපහු යකා දුම්මල වරම ගත්ත වගේ හෙමින් සැරේ කොලඹට ඇවිත් මිනුවන්ගොඩටම ආව..... ඇවිත් රෑ 10ට විතර ඇති... මටත් ඉතින් ලාවට නිදිමත... කොත්තුවක් එහෙම බඩට දාගෙන ආපහු යන්න පිටත් වෙද්දි පුරුද්දට 1st එකේම ස්ටාට් උනා (කාර් එක ඔටෝනෙ බන්) මල් 77යි... දඩස් ගාල ඉස්සරහට පැන්න වාහනේ.... දැන් මෝටරේ ගහනව
    ගහනව අයිය අඩන්නෑ ඉතින් හරිද?? අම්මේ ඉතින්... තල්ලුවක් දාපන් මචන් කියල අනික් උන්ටත් කියල 2ගියර් එකේ ගැහුව මොන ස්ටාට් වෙන්න හිතන්නෙවත් නෑ... :confused::confused::confused::confused::confused:


    යාලුවොන්ටත් ඇඩිල... සංවිධායක ගොයිය වාහනේ අයිති කාරයට කෝල් කරල අම්ම මතක් කරනව.... ඊට පස්සෙ ඉතින් ඔන්න පුතෙය බැස්ස ගේමට.... මුලින්ම ෆෝන් ටෝච් එලියෙන් බැලුව සීට් එක උස්සල... ඊට පස්සෙ මචන් හිතුන ඉන්ජෙක්ටර් වල තමා ලෙඩේ ඇත්තෙ ඩීසල් පාස් කරල බලනව කියල tool kit එක බැලුවම වීල් බ්රෂ් එක විතරයි... දැන් ඉතින් නයිට් ලොරි වලට වැද වැද යනව 18 රින්ච් එකක් ඉල්ල ගන්න... මොන එක හුයන්නෙක් ගාවවත් නෑ... ඊට පස්සෙ ඔන්න යාලුවෙක් කීව මචන් අතන BOC එකේ රෙපෙයාර් එකක්... එතනින් බලමු කියල... යාන්තම් ස්පැනර් එකක් තිබුන...


    ඩීසල් පාස් කරලත් බැලුව... ඒත් නෑ බන්... :sorry:
    :sorry::sorry::sorry: දැන් නම් ඇඩෙන්නම වගේ... ඔන්න තව පාරක් මම සීට් එක අස්සෙ ඉන්නකොට යාලුවෙක් එහා පැත්තෙන් නැගල යතුර ගැහුව... මට විදුලියක් කෙටුව වගේ ඇතුලෙන් ස්පාක් වෙනව පේනව... අම්මට සිරි මෙන්න ලෙඩේ....


    සොලෙනොයිඩ් එකක වයර් එකක් ගැලවිලා අර ස්ටාට් කරල ගැස්සිච්ච පාරට... අම්මේ ඉතින් පට ගාල රිංගුව ඇතුලට... මජන් නාගෙන වයර් එක අමුන ගත්ත.... දෙයියො බැලුව වගේ ඩොල්ෆින් රාජය අඩනව.... රූං ගාල එක පිම්මෙ ආව ඉල්ල ගත්තු ස්පැනර් එක වාහනේ තියාගෙන 2km විතර... ආයෙ උදව්වක් කරපු මනුස්සයන්ට එහෙම කරන එක හරි නැති හන්ද ආපහු හරවගෙන ඇවිත් ස්පැනර් එකත් දීල පොලීසියෙන් ඇල්ලුවත් අපේ රාජ්ජෙනෙ කියල 100ට විතර කුරුණෑගලට ආව මචන්.... ඔන්න ඔහොමයි ඒ කට්ට... එදයින් එදා වෑන් එකක් රෙන්ට් කරනව නම් වාහනේ පොතත් බලල තමා අරන් එන්නෙ...... හිතේ තිබ්බ ආතතිය දන්නෙ බෝතල් ටික විතරයි බන්.... දැන් නම් මතක් වෙද්දිත් ආතල් ලෝකයයි.... :P:P:P:P
     
    Last edited:

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්... අදම ලියමු...
    අනිවා අයියෙ.... ඔන්න ඊයෙ රෑම දැම්ම.... අයිය කෙනෙක් නේද මට 24යි.... ඔන්න දැන් දෙවෙනි එකත් දැම්ම....
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    ලේසි පාසු කට්ටක් නෙමෙයි කාලා තියෙන්නෙ.. බර ගානකට තට්ටු වෙලා නේද... :sorry:
    කාට කියන්නද මේ දුත සහෝ... දැන් නම් කාර් රාජයා ටික ටික අඩනව ඇන්ජිමක් ඉල්ලල.....
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!



    ඇඩෙන කට්ටනේ අප්පා ගරාජ් කාරයො නම් තු නොදකින්..... හෙඩ් බාස් ප** වගේ ඉදගෙන ගෝල මාරයො ටික වාහන කනව
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... [/SIZE]

    එල එල දැන්නම් කටු වලට කාලේ හොදයි. thx මචන් :love::yes:

    මචන් type කරනකොට චේද වලට කඩල දාපන් කියවන්න ගියාම අමාරුයි.:yes:
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    එල එල දැන්නම් කටු වලට කාලේ හොදයි. thx මචන් :love::yes:

    මචන් type කරනකොට චේද වලට කඩල දාපන් කියවන්න ගියාම අමාරුයි.:yes:

    ela mchan thx for the idea.... onna wenas kala kiyawalama balannako ehema hondada kiyala
     
    Last edited:

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අම්මේ මේක කියවලම ඇස් 2ත් රිදෙනව.... කව කටු තියෙනව හෙමින් සැරේ දාන්නම්.... මරු අප්ප... නියම දේවල් ඉගෙන ගන්න තියෙනව... අයියල මල්ලිල මචන්ල ඔක්කොටම තැන්කියු.....
     
    Status
    Not open for further replies.