එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අල රොටි හදමු


    අවශ්‍ය ද්‍රව්‍ය :-

    පිටි
    අල
    බටර් / මාගරින්
    ලුණු වතුර
    ගම්මිරිස් කුඩු
    තෙල්

    හදන විදිය :-

    මුලින්ම අල ටික තම්බල පොතු ඇරලා ගන්න..ඊට පස්සේ අල ටික හොඳට පොඩි කරන්න..ඒකට ලුණු, බටර්, ගම්මිරිස් කුඩු දා ගන්න.....දාල හොඳට අනා ගන්න.....ඊට පස්සේ පිටි ටික කලවම් කරලා අතේ ඇලෙන්නේ නැති වනකන් හොඳට අනා ගන්න......මේකෙදි අල සහ පාන් පිටි එකම ප්‍රමාණ වලින් ගත්තම රොටි ගොඩක් මෙලෙකයි....ටිකක් තද ගතියට ඕනි නම් පිටි ප්‍රමානෙට වඩා අඩුවෙන් අල දාන්න....බටර් දැම්මම පිටි මෝලිය හොඳට මෘදු වෙනවා....ඒ නිසා බටර් දානකොට පිටි මෝලිය මෘදු නැත්තම් තව බටර් ටිකක් දා ගන්න......
    දැන් අනාගෙන ඉවරයි.....ඊට පස්සේ මිශ්‍රණයෙන් පොඩි බෝල හදල හොඳට තුනී කරන්න...(සාමාන්‍ය රොටි වගේ) ඊට පස්සේ තැටිය ලිපේ තියල තෙල් පොඩ්ඩක් තැටියේ ගාල රොටියක් දාල පුච්ච ගන්න.....හොඳට පාට වෙලා එනකොට අනිත් පැත්ත දාන්න.....රොටිය පුච්චන්නේ සාමාන්‍ය පොල් රොටි පුච්චනවා වගේ ..... කැමති නම් තැටියට එළඟිතෙල් පොඩ්ඩක් දාන්නත් පුළුවන්........එතකොට රසයි.....

    අල රොටි ටිකක් ඇදෙන ගතියයි....අල නිසයි එහෙම වෙන්නනේ...ලුණු දානකොට ලුණු වතුර දාන්න......ලුණු, ගම්මිරිස් කුඩු රස අනුව දා ගන්න.....

    හැදුවම පෙන්නේ මේ වගේ වගේ..... මේ පින්තූරේ නම් මං ගූගල් එකෙන් හොයා ගත්තු එකක්.....

    es5c0y.jpg

     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙනං ඊට පස්සේ එළියෙං ගහමු උම්බලකඩ කෑල්ලක්.. හරියට..
    මහ බබා පුහුලමට එලියෙං කජ්ජ ගැහුවා වගේ...:rolleyes:
    හරියට කිඹුලා දත ගැලෙව්වට පස්සේ ත්‍රෙඩ් වැටුනා වගේ...:dull:
    හරියට පොලා මෙලඩි දැම්මට පස්සේ සින්දු හැදුනා වගේ :baffled:

    මේකෙ මම නොදන්නා කෑල්ලක් තියන හැඩයි ....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ චමලියෝ මේක මේ විදියටම කැටයම් දාල හදන හැටි කියල දෙනවකො. මගේ පොඩි උන් දෙන්නට හදල දෙන්න.:):love:


    ඕක අශ්මි අක්කගේ එකක්....රිප්ලයි හම්බවෙලා තිබුනා නේද අයියේ....හදලා බලන්න...මරු තමයි..මතක් කරලා කජු ටිකක් දාන්න...ෆට්ට:D:D:D:D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ආලු පරාටා කියනෙත් මේකනේ.....


    මතුපිට පෙනුම එක වගේ...එත් අලූ පරාටා හදන විදියේ පොඩි වෙනසක් තියෙනවා...රසත් පොඩ්ඩක් වෙනස්....අලූ පරාටා වලට කහ, කොත්තමල්ලි කුඩු , ගරම් මසාලා කුඩු වගේ දේවල් දානවා... මේක හදන්න ලේසි.....
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මතුපිට පෙනුම එක වගේ...එත් අලූ පරාටා හදන විදියේ පොඩි වෙනසක් තියෙනවා...රසත් පොඩ්ඩක් වෙනස්....අලූ පරාටා වලට කහ, කොත්තමල්ලි කුඩු , ගරම් මසාලා කුඩු වගේ දේවල් දානවා... මේක හදන්න ලේසි.....

    හරි හරි .....:):)
    11.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    PVJ42wz.jpg


    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්

    රසට තියෙන්න ඇති කියල දැක්කම හිතෙනවා.:yes:
    රේප්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කුකුලෝහ්........
    මෙන්න මේ ක්‍රෙම්ට හදල බලපං.....
    ඔය ගා ගත් පොල්, ළූණු,තව හීනියට කපා ගත්ත කරපිංචා ටිකක්, සුදු ළූනු ටිකක් සහ උම්බලකඩ ටිකාක් තෙල් චුට්ටක් බාජනයකට දාල රත් කරල තෙම්පරාදු කරල පස්සේ පිටි වලට මික්ස් කරල රොටිය අනපං.....

    ඕව ගුරු මුට්ටි ඈ.................:baffled::baffled:

    එල එල කිබුලෝ. ඔය තියෙන්නේ තව ක්‍රම. අනිවා හදල බලන්න ඕනේ.:yes:
    අඩෝ උබට මේ ත්‍රෙඩ් එකේ ගුරු මුට්ටි තියාගන්න බැ හරිද :lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක අශ්මි අක්කගේ එකක්....රිප්ලයි හම්බවෙලා තිබුනා නේද අයියේ....හදලා බලන්න...මරු තමයි..මතක් කරලා කජු ටිකක් දාන්න...ෆට්ට:D:D:D:D

    Elysium නංගි මට ලින්ක් එක දුන්නා, මම අශ්මි නංගිගේ ත්‍රෙඩ් එකත් මේකට කොපි කරලා දැම්ම. අනිවා හදනකොට කජුත් දාලම හදන්නම්.:yes::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චීස් කොත්තු

    මේ තියෙන්නේ ඊයේ රෑට කෑව විදිහ. මම වැඩ ඇරිලා, ස්විමින්ග් ගිහින් ගෙදර එද්දි අම්මලා නෑදෑ ගෙදරක රෑ කෑමට ගිහින්. රෑට නයිට් යන්න තිබ්බ නිසා මම එහෙ ගියේ නෑ. හිතුනා අම්මා නැතිව තට්ට තනියම කෑම හදලා බලන්න. කඩෙන් එමින් ගමන් ගෙනාව පරාට 5 ක්. හැදුවා කොත්තුවක්.

    අවශ්‍යය ද්‍රව්‍යය
    කුඩාවට කපාගත් පරාටා (වෙනදට ගෙදර ගෝදම්බ රොටිය හදලා පරාටා හදන්නේ. හදිස්සියට හුරතල් වෙන්න බැරි නිසා කඩෙන් ගෙනාවා )
    කුඩාවට කපා ගත් කැරට් ගෙඩියක්
    ලීක්ස් දණ්ඩක්
    කුඩා වට කපා ගත් සුදුලූණු බික් තුනක්
    කුඩා වට කපා ගත් ඉඟුරු පොඩි කැබැල්ලක්
    බෙල් පෙපර් කැබැලක්
    තක්කලි ගෙඩියක්
    කොත්ත මල්ලි කොළ කීපයක්
    ලූණු ස්වල්පයක්
    සොසේජස් දෙකක්
    බිත්තරයක්
    කල් කිරි කෝප්ප භාගයක්
    චීස් කැබලි දෙකක්
    සෝයි සෝස් හෝ ‍ෆිශ් සෝස් තේ හැඳි දෙකක්
    ඔයිස්ටර් සෝස්
    ස්ටොක් පවුඩර් තේ හැඳක්

    මුලින්ම කලේ ඔය උඩ එව්වා අරගෙන කපන්න කොටන්න තියෙන එව්වා ඔක්කොම කපලා කොටලා ගත්තා. ගෙදර ඉස්සෝ, දැල්ලෝ මොකුත් නොතිබ්බ නිසාත් මාලු ඇදගෙන දඟලන්න අකමැති නිසාත් ෆ්‍රිජ් එකේ තිබ්බ සොසේජ් පැකට් එකෙන් සොසේජ් දෙකක් කපලා කොටලා ගත්තා වැඩේට.

    තෙල් ටිකක් තාච්චියකට දාලා ලිප තියලා රත් වීගන එද්දි කපාගත් ඉඟුරු, සුදු ළූණු, ලූණු ටික දැම්මා. ඒ ටික තරමක් බැදීගෙන එද්දි බිත්තරයක් කඩලා දාලා ස්ක්‍රැම්බල් කර ගත්තා. පස්සේ ඒකටම සොසේජස් කැබලි ටික දාලා බැද ගත්තා. පස්සේ එයට කැරට්, ලීක්ස්, තක්කාලි සහ බෙල් පෙපර් එකතු කර ගත්තා. පස්සේ හොඳට මැළවීගෙන එද්දි ඒකට රොටි කැබලි ටික එකතු කර ගත්තා.

    පස්සේ එයට ‍ෆිශ් සෝස් සෝස් තේ හැඳි දෙකක් සහ ඔයිස්ටර් සෝස් තේ හැන්දක් දමා ගත්තා.

    චීස් කොත්තු හදද්දි චීස් වලට අමතරව කල් කිරි එකතු කරගන්නවා. නමුත් කල් කිරි ගෙදර තිබ්බේ නෑ කියහන්කෝ. ඒකට කලේ පොඩි සාස්පානකට වතුර කෝප්ප භාගයක් ලිප තියලා ඒකට කිරි පිටි හැඳි දෙකක් එකතු කරගෙන දිය කර ගත්තා. ඒකටම ස්ටොක් පවුඩර් තේ හැන්දකුත් එකතු කරගත්තා. මිශ්‍රණය නටාගෙන එද්දි හදා ගත්තු කොත්තු මිශ්‍රණයට එකතු කරගත්තා.

    අන්තිමට ලිපෙන් භා ගන්න කලියෙන් කුඩාවට කපා ගත්තු හැපි කව් චීස් කෑලි දෙක එකතු කරගෙන කොත්ත මල්ලි කොල පොඩ්ඩකුත් ඉහාගෙන පිඟානට හලාගත්තා.

    මේකට මම පිටතින් ලුණු දැම්මේ නෑ. ලුණු නියම ගානටම තිබ්බා. මොකද සොසේජ් වල, ඔයිස්ටර් සෝස් වල සහ ‍ෆිශ් සෝස් වල ලුණු එක්ක රොටි වල ලුණු ගතියත් එකතු වෙලා පදමට තිබ්බා.

    මෙන්න මෙහෙම තමයි තිබ්බේ අවසානයේ. හැබැයි මේ ඔක්කොම නෙමෙයි. රොටි 4 ක් ගෙනාවනම් හොඳටම ඇති කියලා හිතුනේ පස්සේ තමයි.

    IMAG0242.jpg


    IMAG0243.jpg



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
    අද මම පලතුරු පමණක් කන දවස....
    අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
    අද මම පලතුරු පමණක් කන දවස....
    අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!

    :lol::lol: උ.වෙ.ස :P.

    අද එහෙනම් චීස් කොත්තුවක් කාලා හෙට පළතුරු කාහන්.:rolleyes::dull:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )

    pisang_bakar_coklat_keju.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    1. අවශ්‍ය ප්‍රමාණයට හොඳට ඉදුණු තද කෙසෙල් ගෙඩි කීපයක් (කෝලි කුට්ටුත් හොඳය)
    2. බටර් හෝ මාගරින් ස්වල්පයක්
    3. ගාගත්ත චීස් (Shredded cheese)
    4. චොකලට් ස්ප්රින්කල් හෝ කැමතිනම් චොකලට් සෝර්ස් හෝ shredded chocolate
    5. මිලක් මේඩ් හැඳි කීපයක් (Condensed milk)

    ක්‍රමය:
    1. කෙසෙල් පොතු ඇරලා දෙකට පළල ගන්න
    2. නන් ස්ටික් පෑන් එකකට බටර් හරි මාගරින් හරි දාල කෙසෙල් ලා රන් පාට වෙනකම් තෙම්පරාදු කරලා ගන්න
    3. චීස්, චොකලට් සහ මිලක් මේඩ් පොඩ්ඩක් එකතු කරලා කන්න ගන්න.