එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    :P ලැවරි‍ය :P

    ලොක්කා වගේ දැම්මට මං නෙවෙ‍යි අම්මා තම‍යි හැදුවේ.....:sorry:

    මේකට ජාති දෙකක් ඕන..... එකක් පැණි පොල් අනික ඉඳි ආප්ප පිටි මිශ්‍රණ‍ය.....:yes:

    මුලින්ම පැණි පොල් හැදුවා......:P

    සීනි ටිකක් භාජනේකට දාල ඒකට වතුර ටිකක් දාල ලිපේ ති‍යන්න :eek:
    ඊට පස්සේ කැරමල් එකක් වගේ හැදුනම තමන්ට අවශ්‍ය ප්‍රමාණ‍යට සීනි‍යි වතුර‍යි දාල පැණි හදාගන්න
    :rofl:
    ඊලඟට පොල් ටික දාල තව එනසල් ඇට ටිකකුත් දාල පෙණ නගින ලෙවල් එකට ආවම ලිපෙන් බාගන්න
    :baffled:

    මේ ති‍යෙන්නේ ලිපෙන් බාන්න ටික වෙලාවකට කලින් ගත්ත පොටෝ කෑල්ලක් :oo:

    Het2y3k.jpg

    පොටෝ එක අරන් හොරෙන්ම ටිකක් කන්න ගිහින් අම්මට අතේ මාට්ටු......"හදල ඉවරවෙකං ඉන්න බැරිද" කි‍යල ටොක්කකුත් ඇන්නා.....:sorry:

    ඊලඟට ඉඳි ආප්ප පිටි මිශ්‍රණ‍ය :eek:

    ඒක ඉතින් කි‍යන්න දෙ‍යක් නෑ දන්නවනේ:oo: බැදපු හාලි පිටි නැත්තං පාන් පිටි වලට ලුණු ටිකක් දාල උණු වතුරෙන් අනාගන්න‍යි ති‍යෙන්නේ
    :)

    අපේ තාත්තා කන්නේ රතු හාලි පිටි විතරක් හින්දා ඒවා තම‍යි පාවිච්චි කලේ:dull:

    sokscCN.jpg

    Fy7Hwrh.jpg

    හරි දැන් තම‍යි වැඩේ ති‍යෙන්නේ:cool:

    Lunch sheet එකක් එලලා ඒක උඩ ලාවට පොල්තෙල් ටිකක් ගාගන්න :eek:

    yXpUzrZ.jpg

    ඊට පස්සේ ඉඳි ආප්ප හදන විදි‍යට එක උඩට අර පිටි මිශ්‍රණ‍ය දාගන්න
    වෙනසකට ති‍යෙන්නේ ඉඳි ආප්ප හදද්දි වගේ එක සමානව නෙවෙ‍යි මැදට ටිකක් වැඩිපුර ති‍යෙන්න දාගන්න ඕන
    :yes:

    vP5Qfng.jpg

    ඊලඟට පැණි පොල්:P

    9TEtFCS.jpg

    දැන් තම‍යි අමාරුම වැඩේ
    මේක අකුලන එක බොහොම පරෙස්සමට කරන්න ඕන නත්තං කැඩෙනවා
    :no:

    මේ ති‍යෙන්නේ මං එකක් හදන්න ගිහින් මෙව්වා වෙච්ච හැටි
    :sorry:

    FR6b3w2.jpg

    කොහොමහරි කමක් නෑ ඔහොම හදාගෙන ඊට පස්සෙ තම්බන්න තම‍යි ති‍යෙන්නේ
    :lol:

    2RqADdL.jpg

    හැදුවට පස්සේ තිබ්බේ මේ වගේ :)
    vPdkVlX.jpg

    දැන් නං ඉතුරු පිඟාන විතර‍යිලු :P

    :shocked::cool::)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    නියමයි කුකුලෝ.:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කඩල තෙල් දාමු..

    ඔන්න ඊයේ කඩල ටිකක් තෙල් දැම්ම.. මේක ඒ තරම් ලොකු රෙසිපියක් නෙවෙයි උනාට නොදන්නා කට්ටියට දැනගන්න දාන්නයි හදන්නේ.. කඩල ටික හදන්න කලින් පින්තුර ගන්න බැරි උනා..කන්න වාඩි උනාම තමයි එලකිරිය මතක් උනේ.. ඒ හින්ද අන්තිම පින්තුරේ විතරයි ගන්න පුළුවන් උනේ..

    අවශ්‍ය ද්‍රව්‍ය..

    රැයක් වතුරේ දමා ලුණු දමා ප්‍රෙෂර් කුකරයෙන් තම්බාගත් කඩල හෝ තැම්බූ ටින්කළ කඩල
    බටර් හෝ මාජරින් ටිකක්.
    රට ළූණු ..
    සුදු ළූණු ..
    කරපිංචා..
    රම්පෙ ..
    අබ ඇට ටිකක්..
    කෑලි මිරිස් ටිකක්..
    උම්බලකඩ හෝ කුනිස්සන් ( මම පාවිච්චි කරේ නැහැ මම vegetarian නිසා.. එත් කූනිස්සන්, උම්බලකඩ දැම්මාම රසයි.. )
    අවශ්‍ය තරමට ලුණු..
    තක්කාලි සෝස් ටිකක්..

    සාදන ක්‍රමය..

    රටලූණු සහ සුදුලූනු ටික කපාගන්න..බටර් හෝ මාජරින් තාච්චියකට හෝ නොන්ස්ටික් පෑන් එකකට දමා මද ගින්නේ රත් කරන්න.. බටර් දියවේගෙන එනවිට කපාගත් රටලූණු සහ සුදු ළූණු ටික බටර් සමග කවලම් කර බැදෙන්න අරින්න... රටලූණු අවර්ණ වී බැදීගෙන එන විට කරපිංචා සහ රම්පෙ කොළ ළූණු බැදුම සමග එකතු කරන්න..කුනිස්සන්, උම්බලකඩ දමනවානම් ඒවාද ළූණු සමග මිශ්‍ර කරගන්න.. ඊළඟට අවශ්‍ය තරමට කෑලි මිරිස්, ලුණු සහ අබ ඇට ටික එකතු කරලා බැදෙන්න අරින්න.. මිශ්‍රණය පැහැය වෙනස් වී දුඹුරු පැහැයට හැරෙන විට තක්කාලි සෝස් මේස හැඳි දෙකක් තුනක් පමණ එකතු කර කලවම් කරන්න.. සියල්ල එකතු වී රටලූණු දුඹුරු පැහැය වූ පසු කඩල ටික එකතුකර හොඳින් කලවම් කරන්න..තෙල් ගතිය මදිනම් උණු උණුවෙම තවත් බටර් හෝ මාගරින් ටිකක් එකතුකරගන්න..

    ඊටපස්සේ.. කැමති විදිහකට ආමාශගත කරන්න.. මමනම් ඉඟුරු ප්ලේන්ටියක් එක්ක තමයි අමාශගත කරේ...

    IMG_20150816_230649_zpsu8of6ypj.jpg

    IMG_20150816_230638_zpstmt1a1zj.jpg

    IMG_20150816_230657_zpszys4duzd.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P ලැවරි‍ය :P

    ලොක්කා වගේ දැම්මට මං නෙවෙ‍යි අම්මා තම‍යි හැදුවේ.....:sorry:

    මේකට ජාති දෙකක් ඕන..... එකක් පැණි පොල් අනික ඉඳි ආප්ප පිටි මිශ්‍රණ‍ය.....:yes:

    රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු..සිංහල හරියට දන්නා කෙනෙක් කියහන්කෝ වෙල්ලවහුං කියන්නෙත් ලැවරියා වලටමද කියල...
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු..සිංහල හරියට දන්නා කෙනෙක් කියහන්කෝ වෙල්ලවහුං කියන්නෙත් ලැවරියා වලටමද කියල...

    වෙල්ලවැහුං කියන්නේ අතිරස වලට........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka nam rasa patayi..Maru thamayi......
    :)
    කඩල තෙල් දාමු..
    බ‍යිට් එකට නං මරේ මරු......:P
    රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු.
    මොන ප්ලේන්ටිද පොල් මාමේ.......ලිපෙන් බාපු ගමන් කෙලලා දැම්මා.....:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු..සිංහල හරියට දන්නා කෙනෙක් කියහන්කෝ වෙල්ලවහුං කියන්නෙත් ලැවරියා වලටමද කියල...

    කඩල ඒක නියමයි.....:cool::cool: රස පාටයි....:cool: ඔයාගේ බඩ එහෙම රිදෙයි.ගණන් ගන්න එපා....:lol: තැන්ක්ස් රෙසිපි එකට :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඩල තෙල් දාමු..

    :(:(

    ඕකනේ බැරි කරන්න. දැන් බඩ ගිනි ඒවි තව ටික වෙලාවකින්. චන්දේ නිසා නයිට් ගහන්න පාන් හොයාගෙන කඩා කීයකට ගියාද. අන්තිමට ෆුඩ් සිටි එකේ තියෙන එව්වා 13 හදපුවා දාලා ආවා මැගී පැකට් 4 ක් අරගෙන , බිස්කට් පැකට් දෙකක් එක්ක.