එබී එබී ඉන්නේ නැතිව වරෙන් ඇතුලට.
එයා ගණිකාවක්, එයත් ගැහැනියක්, උබලට අපිට වගේම සුන්දර හීන තියන්, ඒ හීන හැබෑ කරගන්න හීන දකින්න ඇති එයත්, එත් සමාජ අසාධාරණ නිසාම එයා දැන් ගණිකාවක්, සුන්දර හීන සැබෑ කරගන්න උත්සහ ගන්න ඇති එයත්, අම්ම කෙනෙක් වෙන්න, ආදරේ ලබන්න, හොද සැමියෙක් ලබන්න අහිංසක බලාපොරොතු ගොඩක් එයාගේ හිතෙත් තියෙන්න ඇති, නමුත් ඒ සියල්ල දැන් සිහිනයක් වී අවසානයි, දුක් වෙලා මොනවා කරන්නද මේ මම, පෙර කරපු පවූ වලට දුක් විදිනවා වෙන්න ඇති. දැන් අයෙත් මට මගේ සුන්දර ජිවිතේ ලබා ගන්න බැහැ මේ විදිහට ඇය සිය දහස් වාරයක් දුක් වෙන්න ඇති, කිසිවෙකුට නොපෙනෙන්න රහසේ හඩන්න ඇති, බුදු හිමියන්ට මේ දුක කියන්න ඇය හැම දාම පන්සල් යනවා ඇති.
රන්බණ්ඩා සෙනෙවි රත්න ශුරින් විසින් රචිත ළඳුනේ ගීතය, ඔහුගේ සැබෑ ජිවින අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වුන ගීතයක්, නීතිවේදියෙකු ලෙස නඩුවකට පෙනී සිටීමට වරක් නුවර ගොස් සිටි ඔහු, ඔහුගේ නුවර ප්රදේශයේ මිතුරෙකු සමග දළදා වහන්සේ වැඳ ගැනීමට යනවා, එහිදී බොහොම සුන්දර යුවතියක් සුදෝ සුදු වතින් සැරසී ඔහු ඉදිරියෙන් ගමන් ගන්නවා, ඇය දුටු ඔහුගේ මිතුරා ඇය පිළිබද විස්තරය රන්බණ්ඩා මහතා සමග පවසනවා. පසු කලෙක මේ සිදුවීම ගීතයක් විදිහට අප අතරට එනවා. මේ කාන්තාව දෙස ඉතා සානුකම්පිතව ඔහුගේ හිතේ උපන් කරුණා බර හැගීම සියලු මිනිසුන් තුලත් ඇති වුනා නම් ඇයගේ ජීවිතය කොතරම් වෙනස් වන්නට තිබුනද?
මේකත් බලන්න



ළදුනේ...... ළදුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළදුනේ...ළදුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළදුනේ
නෑයෙකු නෑකම නොකියන
වීදිසරණ ළදුනේ...ළදුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළදුනේ.....ළදුනේ
බුදුන් දැක නිවන් දකිමයි
දෙවිරම යන පාර අහන
ඔබද පාටාචාරවකි...
ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ළදුනේ
අදුරේ පවි කරන දනා
විලියෙ රවන ළදුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළදුනේ
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදි කාර ළදුනේ.....
කාන්තාවක් යනු මෙලොව ඔබට දැකිය හැකි වටිනාම වස්තුන් වලින් එකක්, ඔබේ ජිවිතයේ දී කාන්තාවක් අම්මගේ චරිතයත්, සහෝදරියෙකුගේ චරිතයත්, බිරිදකගේ චරිතයත්, දුවගේ චරිතයත්, අත් අම්මා කෙනෙකුගේ චරිතයත් නිරුපණය කරන බව අමතක නොකර ජිවත් වන්න.
Last edited:



