බඩුවක්ද?

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එබී එබී ඉන්නේ නැතිව වරෙන් ඇතුලට.

    එයා ගණිකාවක්, එයත් ගැහැනියක්, උබලට අපිට වගේම සුන්දර හීන තියන්, ඒ හීන හැබෑ කරගන්න හීන දකින්න ඇති එයත්, එත් සමාජ අසාධාරණ නිසාම එයා දැන් ගණිකාවක්, සුන්දර හීන සැබෑ කරගන්න උත්සහ ගන්න ඇති එයත්, අම්ම කෙනෙක් වෙන්න, ආදරේ ලබන්න, හොද සැමියෙක් ලබන්න අහිංසක බලාපොරොතු ගොඩක් එයාගේ හිතෙත් තියෙන්න ඇති, නමුත් ඒ සියල්ල දැන් සිහිනයක් වී අවසානයි, දුක් වෙලා මොනවා කරන්නද මේ මම, පෙර කරපු පවූ වලට දුක් විදිනවා වෙන්න ඇති. දැන් අයෙත් මට මගේ සුන්දර ජිවිතේ ලබා ගන්න බැහැ මේ විදිහට ඇය සිය දහස් වාරයක් දුක් වෙන්න ඇති, කිසිවෙකුට නොපෙනෙන්න රහසේ හඩන්න ඇති, බුදු හිමියන්ට මේ දුක කියන්න ඇය හැම දාම පන්සල් යනවා ඇති.

    රන්බණ්ඩා සෙනෙවි රත්න ශුරින් විසින් රචිත ළඳුනේ ගීතය, ඔහුගේ සැබෑ ජිවින අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වුන ගීතයක්, නීතිවේදියෙකු ලෙස නඩුවකට පෙනී සිටීමට වරක් නුවර ගොස් සිටි ඔහු, ඔහුගේ නුවර ප්‍රදේශයේ මිතුරෙකු සමග දළදා වහන්සේ වැඳ ගැනීමට යනවා, එහිදී බොහොම සුන්දර යුවතියක් සුදෝ සුදු වතින් සැරසී ඔහු ඉදිරියෙන් ගමන් ගන්නවා, ඇය දුටු ඔහුගේ මිතුරා ඇය පිළිබද විස්තරය රන්බණ්ඩා මහතා සමග පවසනවා. පසු කලෙක මේ සිදුවීම ගීතයක් විදිහට අප අතරට එනවා. මේ කාන්තාව දෙස ඉතා සානුකම්පිතව ඔහුගේ හිතේ උපන් කරුණා බර හැගීම සියලු මිනිසුන් තුලත් ඇති වුනා නම් ඇයගේ ජීවිතය කොතරම් වෙනස් වන්නට තිබුනද?




    මේකත් බලන්න:(:(

    ළදුනේ...... ළදුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළදුනේ...ළදුනේ
    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ළදුනේ
    නෑයෙකු නෑකම නොකියන
    වීදිසරණ ළදුනේ...ළදුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමං වන
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළදුනේ.....ළදුනේ

    බුදුන් දැක නිවන් දකිමයි
    දෙවිරම යන පාර අහන
    ඔබද පාටාචාරවකි...
    ඔබද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කදට
    දෝස විදින ළදුනේ
    අදුරේ පවි කරන දනා
    වි‍ලියෙ රවන ළදුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළදුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති
    වැරදි කාර ළදුනේ.....

    කාන්තාවක් යනු මෙලොව ඔබට දැකිය හැකි වටිනාම වස්තුන් වලින් එකක්, ඔබේ ජිවිතයේ දී කාන්තාවක් අම්මගේ චරිතයත්, සහෝදරියෙකුගේ චරිතයත්, බිරිදකගේ චරිතයත්, දුවගේ චරිතයත්, අත් අම්මා කෙනෙකුගේ චරිතයත් නිරුපණය කරන බව අමතක නොකර ජිවත් වන්න.​
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • සමාජේ මොනවා කිව්වත්, ඇයත් මනුශ්‍යයෙක්නේ කියන කෝණෙන් බලන්න අපිට පුලුවන්.හැබැයි එක දෙයක්, ගෑණියෙකුට ජීවත් වෙන්න ඇඟ විකුනන්නම ඕනා නැහැ මචන්.මොකද, දහදුක් විඳලා, තමුන්ගේ අම්මා තාත්තත් බලාගෙන, ආබාධිත මිනිහත් එක්ක, දරුවො දෙන්නෙකුත් රකින්න කුලි වැඩ කරන, ගල් කඩන, දිරිය ගෑණු මම දැකලා තියෙනවා.අමතක කරන්න එපා මචන්, අපේ සමාජේ, මොන දේ කලත් බැනුම් අහන්න වෙනවා වගේම, මොන වැරැද්ද කලත්, අන්තිමට මොකක් හරි හෙතුවක් කියලා, ඒක හරි අපූරුවට සාදාරණීයකරනය කරන මිනිස්සුත් මේ සමාජේම ඉන්නවා කියන එක.

    බම්ප් කරන්න මචන් :(:(
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....

    බජාර් එකේ ලලක්කා.....///

    අක්කගෙ අම්ම ඉසක්කා
    ඉස්සර එලවළු වික්කා...
    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
    වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...

    බජාර් එකේ ලලක්කා.....///
    (ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)


    මේක තමයි ඔය සබ්ජෙට් එක ගැන තියන නියම සින්දුව.
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....

    බජාර් එකේ ලලක්කා.....///

    අක්කගෙ අම්ම ඉසක්කා
    ඉස්සර එලවළු වික්කා...
    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
    වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...

    බජාර් එකේ ලලක්කා.....///
    (ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)


    මේක තමයි ඔය සබ්ජෙට් එක ගැන තියන නියම සින්දුව.
    :frown::frown::frown::eek::eek::eek::eek:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සමාජේ මොනවා කිව්වත්, ඇයත් මනුශ්‍යයෙක්නේ කියන කෝණෙන් බලන්න අපිට පුලුවන්.හැබැයි එක දෙයක්, ගෑණියෙකුට ජීවත් වෙන්න ඇඟ විකුනන්නම ඕනා නැහැ මචන්.මොකද, දහදුක් විඳලා, තමුන්ගේ අම්මා තාත්තත් බලාගෙන, ආබාධිත මිනිහත් එක්ක, දරුවො දෙන්නෙකුත් රකින්න කුලි වැඩ කරන, ගල් කඩන, දිරිය ගෑණු මම දැකලා තියෙනවා.අමතක කරන්න එපා මචන්, අපේ සමාජේ, මොන දේ කලත් බැනුම් අහන්න වෙනවා වගේම, මොන වැරැද්ද කලත්, අන්තිමට මොකක් හරි හෙතුවක් කියලා, ඒක හරි අපූරුවට සාදාරණීයකරනය කරන මිනිස්සුත් මේ සමාජේම ඉන්නවා කියන එක.

    බම්ප් කරන්න මචන් :(:(

    හැම දෙයකම අපිට නොපෙනන පැත්තක් තියෙනව මචං, කිසිම කෙනෙක් වැරදි කරන්න අසා නැහැ. කිසිම කෙනෙක් ජිවිතේ විනාස කර ගන්න කැමති නැහැ, මම කියන්නේ ගණිකාව හොද චරිතයක් කියල නෙවෙයි, නමුත් කවදා හරි කොතැනක හරි එයාට වැරදිලා තිබුනා, අපි වරදුන තැන හොයාගෙන ගියොත්, හුගක් සංවේදී අදහ ගන්න බැරි කාතාවක් තියනවා බොහෝ විට.
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හැම දෙයකම අපිට නොපෙනන පැත්තක් තියෙනව මචං, කිසිම කෙනෙක් වැරදි කරන්න අසා නැහැ. කිසිම කෙනෙක් ජිවිතේ විනාස කර ගන්න කැමති නැහැ, මම කියන්නේ ගණිකාව හොද චරිතයක් කියල නෙවෙයි, නමුත් කවදා හරි කොතැනක හරි එයාට වැරදිලා තිබුනා, අපි වරදුන තැන හොයාගෙන ගියොත්, හුගක් සංවේදී අදහ ගන්න බැරි කාතාවක් තියනවා බොහෝ විට.

    Uba kiyana kathawa atta machan :yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....

    බජාර් එකේ ලලක්කා.....///

    අක්කගෙ අම්ම ඉසක්කා
    ඉස්සර එලවළු වික්කා...
    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
    වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...

    බජාර් එකේ ලලක්කා.....///
    (ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)


    මේක තමයි ඔය සබ්ජෙට් එක ගැන තියන නියම සින්දුව.

    ආහ් මේක ඇන්ටන් ජේ ප්‍රනාන්දු ගේද මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේක ජොලි සීයාගේ කියලා:baffled::baffled::baffled::baffled::baffled:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දුවක් තියෙනව "සැන්දෑවේ රන් වළා" කියල. ඒ්කෙත් තියෙන්නෙ සත්‍ය කතාවක්. මියගිය ගායන ශිල්පියෙකුගෙ බිරිද අභිසාරිකාවක් බවට පත්වෙච්ච සිද්ධියක්..


     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දුවක් තියෙනව "සැන්දෑවේ රන් වළා" කියල. ඒ්කෙත් තියෙන්නෙ සත්‍ය කතාවක්. මියගිය ගායන ශිල්පියෙකුගෙ බිරිද අභිසාරිකාවක් බවට පත්වෙච්ච සිද්ධියක්..



    :(:(:(:(:(