මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න කට්ටිය එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම අපිත් එක්ක එකතු වුන්නැති කට්ටිය ඉන්නවනම් උයන්න දන්න නොදන්න, අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පිටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක එකතු වේවි කියලා හිතනවා.


මෙන්න ත්‍රෙඩ් එක..
අද මම කියලා දෙන්න හදන්නේ මගේම සොයා ගැනීමක්..
ඒ කිව්වේ මට හිතුනු විදිහට තමයි මම මේ කෑම එක හැදුවේ..
අපේ ගෙදරනන් ඔක්කොම ඕනේම වෙලාවක රහ බලන්න කැමති කෑම විදිහට මේක නම් කරන්න පුලුවන්..
ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා..ඉතින් මම මේ කියලා දෙන්න යන කෑම තමයි-
චීස් එළවළු පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය:-
#ටිකක් ලොකු තරමේ කැරට් අල 2,
#සාමාන්‍ය තරමේ ලීක්ස් ගස් 2,
#ගෝවා ගෙඩියෙන් ගලවගත්තු කොල 2,
#බෝංචි කරල් 5,
#පොඩි ලොකු ළූනු ගෙඩි 1,
#සුදු ළූනු බික් 4-5,
#පොඩි අමු ඉඟුරු කෑල්ලක්,
#මාළු මිරිස් කරළක්,
#මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්,
#කැමති වර්ගයක පැස්ටා පැකට් 1,
#කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් පොඩි පැකට් 1 1/2,
#ටොමෑටෝ සෝස් මේස හැඳි 3,
#ලුණු කුඩු අවශ්‍ය තරම්,
#කෑලි මිරිස් කුඩු මේස හැඳි 1-2,
#ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,
#පොල් තෙල් ,එලවළු තෙල්,මාගරින්,සන් ෆ්ලවර්,සෝයා තෙල් හරි කන්න ගන්න ඕනෙම මගුලක්...
හදන හැටි:-
¥පැස්ටා ටික ලුනු කුඩු ටිකක් හා තෙල් මේස හැඳක් සමග ගැඹුරු වතුරේ තම්බා ගන්න.
¥එය තැම්බුන පසුව (පොඩ්ඩක් හැන්ඳට අරන් බලන්න හරියට තැම්බිලාද කියලා..ගානට ඇවිල්ලනන් පැස්ටා කෑල්ල රබර් වගේ වෙනවා)නැවත ඇල් වතුරින් සෝදාගෙන වතුර පෙරා පසෙකින් තබන්න..
¥දැන් එලවලු සියල්ල කපා ගන්න.
¥සුදු ළූනු හා අමු ඉඟුරු තලා ගන්න.
¥චීස් ටික ග්‍රේට් කරගන්න.(ඒකට සිංහලෙන් කියන එක දන්නේ නෑ)
¥තෙල් ස්වල්පයක් ලිප තබාගෙන මුලින්ම සුදු ළූනු සහ අමු ඉඟුරු එයට දමා බැද ගන්න.
¥ඒවා බැදෙන විට එලවළු සියල්ල සැරින් සැරේ දමා තෙම්පරාදු කරගන්න.
¥දැන් ගම්මිරිස්,කෑලි මිරිස් කුඩු,ලුනු කුඩු ටිකක්(අපි පැස්ටා තම්බද්දිත් ලුනු දැම්මා මතකනේ..ඒ වගේම අපි චීස් දාද්දි ඒකෙත් ලුනු රස තියෙන නිසා ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්) දමා ගන්න..
¥දැන් මේ එලවළු ටිකට ටොමෑටෝ සෝස් මේස හැඳි 3ක් පමණ එකතු කරන්න.
¥චීස් ටිකද එකතු කරන්න..
¥දැන් අපි තම්බගෙන පැත්තකින් තියලා තිබ්බ පැස්ටා ටික එකතු කරන්න.
¥අවසානෙයේ කපාගත් තක්කාලි ටික එකතු කර මිශ්‍රණය උඩින් යාන්තමට දුම දානකොට බාන්න..නිවෙන්නට පෙර රස බලන්න.

Last edited: