කකුළුවෝ උයමු.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කකුළුවෝ උයමු..

අවශ්‍ය ද්‍රව්‍ය :-
+කකුලුවෝ 500g,
+සුදු ළූනු බික් 4-5,
+අමු ඉඟුරු කෑල්ලක්,
+සාමාන්‍ය තරමේ තක්කාලි ගෙඩි 1,
+රතු ළූනු ගෙඩි 4-5,
+අමු මිරිස් කරල් 3-4,
+මිරිස් කුඩු මේස හැඳි 2 1/2-3 ක් පමණ,
+ගම්මිරිස් මේස හැඳි 2,
+අබ තේ හැඳි 1,
+මිටි කිරි අඬු කෝප්ප 1,
+තෙල් මේ හැඳි 4-5,
+සීනි තේ හැඳි 1,
+දෙහි බෑයක ඇඹුල්,
+කරපිංචා ඉත්තක් සහ රම්පේ කෑල්ලක්,
+ලුනු රස අනුව.

හදන විදිහ :-
#මුලින්ම කකුළුවෝ හරි මැදින් දෙකට පලා හොඳින් සෝදා ගන්න.(කකුළුවෝ ගනිද්දි සුද්ද කරලම ඉල්ලගන්න )

# මුලින්ම ඉඟුරු සුදු ළූනු ටික හොඳින් තලා ගන්න.

# ළූණු අමු මිරිස් කපන්න.

# මිරිස් කුඩු ටික කලු පාට වෙන්න නොදී යාන්තන් බැද ගන්න.

# දැන් තෙල් ටික ලිපේ තියලා රත් වෙද්දි අබ ටික දමා අබ ඇට පුපුරන තෙක් බැදගන්න.

# දැන් ඊට සුදු ළූනු,අමු ඉඟුරු,අමු මිරිස්,තක්කාලි,කරපින්චා,රම්පේ දමා තෙම්පරාදු කරගන්න.

# දැන් කකුළුවෝ ටිකද දමන්න.

# දැන් ඊට වතුර අඬු කෝප්ප 1 1/2 ක් දමන්න.

# දැන් මිටි කිරි ටිකට සීනි හැන්ද දමා දියකරගන්න.

# වතුර හිඳීගෙන එද්දි මිටි කිරි ටික කකුළුවෝ ඇතිලියට දමන්න.

# මිටි කිරි දැමු පසු හොඳින් උතුරන විට ලිප නිවා දමා දෙහි බෑයක ඇඹුල් , ලුනුද දමා කලවම් කර කෑමට ගන්න.

117h5iv.jpg
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
one of my favorite sea food in crab
:D:d
good one

You must spread some Reputation around before giving it to ashmi again. :cool:
:love::D
TFS

:)

එල කිබුලාගෙ ත්‍රෙඩ් එකෙ දාපු එකට සැලකුවා
Tnx. :D
මම බෙනා;19167883 said:
අක්කේ කකුලුවෝ නම් නෑ.කකුට්ටො නම් ඉන්නවා.. කකුට්ටෝ උයන්නෙත් මෙහෙමද.. :dull:
එහෙම වෙන්න ඇති..මෙකට අපේ කිඹුලයියා පිළිතුරක් දෙයි..:D
ෆට්ට ..!! තැන්ක්ස් අක්කේ .!! :):)

:love::D
ඉව්වොත් ජරාවක්, කෑවොත් මලගෙයක් :baffled: :baffled:
Ane pala zombiyo yanna..:growl::growl:
Thanks akke :)
:):love:
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මුරුංගා කොළ දාන්න ඕනේ නේද කැකුළු විස යන්න. ගොඩක් ගෙවල් වල උයලා ඉවර උනාම උඩින් මුරුංගා කොළ දානවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආසම කෑමක්
    :D:D
    මුරුංගා කොළ දාන්න ඕනේ නේද කැකුළු විස යන්න. ගොඩක් ගෙවල් වල උයලා ඉවර උනාම උඩින් මුරුංගා කොළ දානවා.

    අපිත් ඉස්සෝ උයද්දි මුරුංගා කොල දානවා..ඒත් මේකටනන් දැම්මේ නෑ..තියෙනවනන් මුරුංගා කොල දාලා උයන එක හොඳයි මම හිතන්නේ..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    කලින් දාපු පාස්තා එක නං හැදුවා ගෙදර. කකුලුවො කන්ඩ මං ආස නෑනේ...