වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ බඩාටත් තියනවා හොඳ හැකියාවක් ඉන්ෂුවරන්ස් වලින් සල්ලි ගන්න... බොරුනම් බයික් එකට ක්ලේම් ගත්ත හැටි අහල බලන්නකෝ..:P:P

    :baffled: ඒ ඈවිල්ලා හිගන ඉන්ෂුවරන්ස් කම්පැණි නේ..... අනික හදපු තැන එකා වැඩිපුර ගණන් දැම්මේ නෑ...... :no: :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.:)

    ලොකු දෙයක් නෙමේ.. අපේ කාර් එකේ ලයිට් හෙන අවුලක් තිබ්බා.. එලිය මදි මොනව කලත්. අපේ අයිය තමා ඉස්සර පාවිච්චි කලේ. පොර එක එක ඒව කරා හරිගියෙ නෑ. මතක විදියට ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක්ට කියල වයරින් එකක් දාගත්ත රිලේ දෙකකුත් දාල.:yes:

    මේ මගුල හරියන්නෙ නැති නිසා මං ලඟදි දවසක් නිකමට වයරින් එක ඇදල බැලුව. මේ තියෙන්නෙ තිබ්බ හැටි.

    yNKjtrg.jpg

    2n4MCYT.jpg

    වයරින් එක දාපු මකබාසා ලොකු වයර් දාලා හෙඩ්ලයිට් සොකට් වලට. ඇම්පියර් 30 ෆියුස් දෙකකුත් දාලා. මූ කොහෙන් හරි වයර් හනස්සකින් කපාගත්ත රිලේ දෙකක් දාල තියෙන්නෙ.

    Z3mml7H.jpg

    හොඳම වැඩේ මේ හරකා අච්චර ලොකු වයර් දාලා ඒ වයර් කෙලින්ම කපපු රිලේ එකේ වයර් එකට බට් කරලා.. :growl:

    nLcgx4G.jpg

    කටු වාසී ජනතාවනි බල්බ් දෙකටම ඩිම් එකට කරන්ට් එක ගිහින් තිබ්බේ මේ ජුන්ඩන් වයර් කෑල්ල හරලා..:shocked:

    7wwmA7A.jpg

    පේනවනේද වෙලා තියන දේ. මේ වයර් එකත් කරවෙලා පින් එකත් මුල හරිය කරවෙලා තියෙන්නෙ.:no:

    j75yoip.jpg

    හෙඩ් ෆිලමන්ට් දෙකට ගිහින් තිබ්බ වයර් එක ඔයිට වඩා පොඩ්ඩක් මහතයි.ඒක ඔච්චරම අවුල් වෙලා තිබ්බෙ නෑ. ඒකත් මදි හැබැයි.:dull:

    දැන් අවුලක් හිතෙනව නේද මොකද මේ රිලේ තුනක් තියෙන්නෙ කියල. මටත් තිබ්බ ඔය අවුලම. :yes:

    ඔක්කොම ටික ගවලා විසි කරල ඔරිජිනල් වයරින් එක චෙක් කරල බැලුවම තමා වැඩේ තේරුනේ. :baffled:

    මේ වමේ තියෙන්නෙ ඔරිජිනල් සොකට් එක.මේකට නිකමට ගහල බැලුව බල්බ් එකක්.:yes:

    J9weYuN.jpg

    ඔරිජිනල් වයරින් එකේ ඩිම් එක වැඩ නෑ. හෙඩ් දැම්මොත් විතරයි ලයිට් තියෙන්නෙ. ඩිම් එකේ තිබ්බත් හෙඩ් එකේ තිබ්බත් ඩෑෂ්බෝඩ් එකේ හෙඩ්ලයිට් ඉන්ඩිකේටර් එක පත්තුවෙනව.:baffled:

    මටත් එකපාරට හිතාගන්න බැරිවුනා මොකද වෙලා තියෙන්නෙ කියල. පස්සෙ බඩාගෙ කාර් එක හදල දුන්න අයියටටත් කෝල් එකක් දාලා තමා වැඩේ තේරුම් ගත්තෙ.:yes:

    හෙඩ් ඩිම් ස්විච් එකෙන් ඩිම් එකට එන ග්‍රවුන්ඩ් වයර් එක ගැලවිලා.. ඉතින් බල්බ් එකට එන 12V ලයින් එක සොකට් එකට ගහල තියන බල්බ් එකේ ෆිලමන්ට් එක හරහ ග්‍රවුන්ඩ් වෙන්න ඕනෙ වයර් එක දිගේ ඇවිත් ඒක මගින් කැඩිල නිසා ඩෑෂ්බෝඩ් එකේ තියන හෙඩ්ලයිට් ඉන්ඩිකේටර් බල්බ් එක හරලා ග්‍රවුන්ඩ් එකට යනව.

    Confused.jpg

    (තේරුනේ නැත්නම් සොරිවෙන්න ඕනේ.:sorry: එහෙම වෙන්නෙ ෆ්ලමන්ට් බල්බ් වල විතරයි. ෆිලමට් බල්බ් එකක් හරහ පොඩි කරන්ට් එකක් යවන්න පුලුවන් බල්බ් එක පත්තු නොවී. කෙලින්ම වයර් කෑල්ලක් විදියට ඒ වෙලාවට බල්බ් එක වැඩකරන්නෙ. 55W බල්බ් එක පත්තු වෙන්න මදි වුනාට ඉන්ඩිකේටර් බල්බ් එක පත්තුවෙනව ඒ කරන්ට් එකෙන්.:yes: මේ වැඩේ වෙන්නෙ කොහොමද කියල දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්නම්.:) )

    අර යකා දාල තිබ්බ අවුල් වයර් ඔක්කොම එලියට ඇදල දාලා ලොකු වයර් ටිකක් දාල හැදුව වයරින් එක ආපහු. ෆොටෝ ගහන්න වුනේ නෑ මහ රෑ ඉක්මනට ඉවරකරන්න බලාගෙන වැඩේ කරපු නිසා.:dull:

    දැන් හෙඩ් ඩිම් කරන්න පාවිච්චි කරන්න තියෙන්නෙ හෙඩ් එකට එන කරන්ට් එක විතරයි. ඒ එක්කම ඩිම් එකට වැටුනම ඩිම් එකේ - වයර් එක ග්‍රවුන්ඩ් වෙන්නත් ඕනෙ. (ස්විච් එකේ වෙන්න තියන වැඩේ වෙනම කරන්න ඕනේ නැත්නම් ඩිම් එකටත් ඉන්ඩිකේටර් පත්තුවෙනව) තව හෙඩ් එකට වැටුන වෙලාවට ඩිම් එකේ - වයර් එක +12V වලටත් දාන්න ඕනේ නැත්නම් ඩිම් එකට දාපු රිලේ එක ඔන්වෙලා හිටිනව අර ඉන්ඩිකේටර් බල්බ් එක හරහ බහින කරන්ට් එකෙන්.(වයර් මාරුවුනානම් සොරිවේවා!!:baffled:)

    කොහොමහරි යන්තම් රෑ 1.30 විතර වෙනකොට වැඩේ ඉවරකරගත්ත ලොකු රිලේ දෙකකුයි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩවලට ගන්න රිලේ එකකුයි(හෙඩ් ඩිම් වෙන රිලේ දෙක හරියට ඔන් ඕෆ් කරගන්න.) ඔබලා.:yes:

    යන්තම් එලිය ටිකක් වැඩිවුනා.:D මටනම් තාම මදි.:sorry: දැන් හැබැයි කලින් වගේ කහපාටට නැතුව හොඳ සුදුපාටට තියනව එලිය.:yes:

    ඉලෙක්ට්‍රික් විතරක් නෙමේ මොන බාසගෙන් වැඩේ කරගත්තත් හොඳට ඇහැගහගෙන ඉන්න. හොඳවෙලාවට මං මේක කලින් ගලවලා බැලුවෙ. අර කෙලවෙලා තිබ්බ වයර් එක උණුවෙලාම ගියානම් එහෙම මහරෑක මලාටවත් ලෙඩේ හොයන්න වෙන්නෑ.:no::no:
     
    • Like
    Reactions: laMir and Mr.Tom

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තාම නැහැනේ... හිතට අල්ලන.. ගානට හරියන එකක් සෙට් වුනේ නෑ.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා ඉන්නෙ.. :baffled:

    එව්ව ඒවාට කතා කරලා බැලුවේ නැද්ද? :oo: එවපු 141 සෙට් එකම තිබ්බේ 29 සහ ඊට අඩුව නෙහ්. :(:( මන් දැක්ක තවත් එකක් දාල තිබ්බ 29.50ක් ද කොහෙද. ඔයා කැමති මොඩල් ටික එව්වා නම් නිකම් ඉන්න වෙලාවට බලල Viber කරන්නන්. මන් ඔයාට fb request එකකුත් දැම්ම :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.:)

    ....................
    ....................
    ....................
    ඉලෙක්ට්‍රික් විතරක් නෙමේ මොන බාසගෙන් වැඩේ කරගත්තත් හොඳට ඇහැගහගෙන ඉන්න. හොඳවෙලාවට මං මේක කලින් ගලවලා බැලුවෙ. අර කෙලවෙලා තිබ්බ වයර් එක උණුවෙලාම ගියානම් එහෙම මහරෑක මලාටවත් ලෙඩේ හොයන්න වෙන්නෑ.:no::no:

    අප්පේ සැහෙන්න කාලෙකින් කටුවක් කියෙව්වා
    Thanks මල්ලි :)
    +15

    මොන වැඩේ කරගත්තත් අපි ඇහැ ගහගෙන ඉන්න එක වැදගත් තමයි. වාහන වල විතරක් නෙවෙයි. මගේ යාලුවෙක් ගෙයක් හදනවා. දැන් බාස්ලා 11 ක් මාරු කරා. එකෙක්වත් ඇවිත් හරියට වැඩ කරන්නෙ නෑ. හේතුව තමයි යාලුවා ඉන්නේ ආමි එකේ නිසා මූට නිතර ගිහින් බලන්න බෑ. දැන් නම් උන්ගේ අයියා කෙනෙක් දවසකට සැරයක් ගිහින් බලනවා.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
    EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
    අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .

    පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :rofl: එකෙන්ම එකෙන්ම...... ඔය පන්ති දාලා.... පන්තියෙන් ඉන්ෂුවරන්ස් එකේ එකෙකුත් ඉගෙන ගත්තොත් එහෙම අපි ඉවරයි...... :P :baffled:

    එක පාරක් හදන්න ගිය වියදමයි.... වාහනේ හදන්න යැව්වේ ටික ටික...... මොකද අපේ ටයිම් වලට දුවන නිසා...... ඒ යවන යවන පාරට ගිය තෙල් වියදමයි..... පාඩුවයි... ඔක්කොම කවර් කරා...... :P

    මටත් කියල දීපල්ලකෝ තනියම බෙදාගෙන කන්නේ නැතුව. වාහනේ අඩු පාඩු ටික හදල කරලා, එන්ජින් ටියුන් අප් එකකුත් දාල කරලා ගන්න තිබ්බ. ඉස්සරහ ශෝක්ස් දෙකයි, එන්ජින් මවුන්ට් ටිකයි බලන්නත් ඕන. ටිකක් යට වදිනවා වගේ, දෙදරන ගතියකුත් තියෙනවා. ඒක හදා ගන්නත් බැරිය :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පේ සැහෙන්න කාලෙකින් කටුවක් කියෙව්වා
    Thanks මල්ලි :)
    +15

    මොන වැඩේ කරගත්තත් අපි ඇහැ ගහගෙන ඉන්න එක වැදගත් තමයි. වාහන වල විතරක් නෙවෙයි. මගේ යාලුවෙක් ගෙයක් හදනවා. දැන් බාස්ලා 11 ක් මාරු කරා. එකෙක්වත් ඇවිත් හරියට වැඩ කරන්නෙ නෑ. හේතුව තමයි යාලුවා ඉන්නේ ආමි එකේ නිසා මූට නිතර ගිහින් බලන්න බෑ. දැන් නම් උන්ගේ අයියා කෙනෙක් දවසකට සැරයක් ගිහින් බලනවා.

    හප්පා අපි කෑවා හොඳ කට්ටක් ඔහොම බාත් රූම් එකක් හදවලා.. ආපහු බිම ඔක්කොම කඩල හැදෙව්ව අන්තිමට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
    EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
    අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .

    පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .

    හයියෝ දෙවියනේ....:shocked: වහ කුප්පියක් දීපන් හසන්ත.:rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
    EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
    අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .

    පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .

    නෑ බන් පෙට්‍රල් ගණන් වැඩි වගේ හිතිලා ගහන්න ඇත්තේ. ඒකි හිතන්න ඇති ඔන්න ඔහේ ඩිසල් ලාබෙට තියෙන එකේ මේ පාර ඩිසල් ගහනවා කියල. :lol::lol: අඩෝ එන්ජින් එක එහෙම පලු කරන්න වෙනවද එහෙම උනාම දන්නේ නැති නිසයි අහන්නේ.:shocked::shocked: මොකක්ද ඔය වගේ වැඩක් කරාම කරන්න ඕන :baffled::baffled:

    තොට මන් කරීනා බ්ලක්ටොප් එකකුයි, P11 ලිස්ට් එකකුඉ දැම්ම බැලුවද :frown::frown:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.:)

    ..............
    යන්තම් එලිය ටිකක් වැඩිවුනා.:D මටනම් තාම මදි.:sorry: දැන් හැබැයි කලින් වගේ කහපාටට නැතුව හොඳ සුදුපාටට තියනව එලිය.:yes:

    ඉලෙක්ට්‍රික් විතරක් නෙමේ මොන බාසගෙන් වැඩේ කරගත්තත් හොඳට ඇහැගහගෙන ඉන්න. හොඳවෙලාවට මං මේක කලින් ගලවලා බැලුවෙ. අර කෙලවෙලා තිබ්බ වයර් එක උණුවෙලාම ගියානම් එහෙම මහරෑක මලාටවත් ලෙඩේ හොයන්න වෙන්නෑ.:no::no:

    10+ කටුවට තැන්කු වේවා තුමනි.. :yes::yes: අනේ මාත් වෙලාවක එන්නන් හදල දීපන්කො පොට්ට වෙලා යන්න වදින්න. අර උබලගේ අයිය ගාවට දාල හරි කමක් නෑ :(:( කොහොමත් එන්න ඕන ඔය පැත්තේ මේකේ වැඩ ටික බල ගන්න එක්ක.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10+ කටුවට තැන්කු වේවා තුමනි.. :yes::yes: අනේ මාත් වෙලාවක එන්නන් හදල දීපන්කො පොට්ට වෙලා යන්න වදින්න. අර උබලගේ අයිය ගාවට දාල හරි කමක් නෑ :(:( කොහොමත් එන්න ඕන ඔය පැත්තේ මේකේ වැඩ ටික බල ගන්න එක්ක.:)

    මං HID දාන්න ඉන්නෙ බන්.. මේ මගුල හරියන්නෙ නෑ.. ප්‍රොජෙක්ටර් දෙකක් දාන්න හිතන් ඉන්නෙ.:yes:

    මගෙ බයික් එක එලියයි බොල මීට වඩා..:baffled: ඒකත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් තියෙන්නෙ.:dull:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අනේ මංද. අපේ තියෙන්නෙ ct100 එකක්. ටැකෝමීටර් නැති නිසා රෙඩ්ලයින් එනවද නම් දන්නෑ. එන්ජිමේ සද්දෙ අනුව තමා මම නම් ඕනම බයික් එකක ගියර් දාන්නේ. Overrev වෙන්න නම් දෙන්නෑ. ඒක හොඳනෑ එන්ජිමට. අනික, රෙඩ්ලයින් වෙනකම් අදින එක කොහොමත් එන්ජිමට හොඳ වෙන්න බැහැ :no::no:

    Thanks Macho.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . .
    EK3 එකට ඩීසල් ගහලා යකූ . . .
    අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . .

    පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .

    කවුද යකෝ ඒ හරකා.ශෙඩ් එකෙන් නිකන්වත් අහලා නැද්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පා අපි කෑවා හොඳ කට්ටක් ඔහොම බාත් රූම් එකක් හදවලා.. ආපහු බිම ඔක්කොම කඩල හැදෙව්ව අන්තිමට.:dull:

    දන්න එකෙක්ගෙන් ඇහුවනම් ඉවරයිනේ බන්.නිකමට හරි ත්‍රෙඩ් එකක් දැම්මනම් උදවු කරනවනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හප්පා අපි කෑවා හොඳ කට්ටක් ඔහොම බාත් රූම් එකක් හදවලා.. ආපහු බිම ඔක්කොම කඩල හැදෙව්ව අන්තිමට.:dull:

    :dull: ඔය මේසෙන් බාස්ලා කියන ජාතිය අයිති කාරයා ලග හිටියේ නැත්තං ටයිල් අල්ලන්නෙ ඇදේට, උලුවහු ඇදේට හයි කරන්නේ, වෙලාවකට බිත්ති ඇදයි :growl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මං HID දාන්න ඉන්නෙ බන්.. මේ මගුල හරියන්නෙ නෑ.. ප්‍රොජෙක්ටර් දෙකක් දාන්න හිතන් ඉන්නෙ.:yes:

    මගෙ බයික් එක එලියයි බොල මීට වඩා..:baffled: ඒකත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් තියෙන්නෙ.:dull:

    හෙඩ් එකයි ඩිම් එකයි වෙන වෙනම නැති නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් හරියයිද :oo::oo: HID දාන්න තිබ්බ නම් පට්ට තමා. මගේත් හිතේ තියෙනවා. ඊට කලින් රනින් අඩු පාඩු ටික හදා ගන්න එපයි බන්. සෝ සෑඩ් :sorry::sorry:
     
    Status
    Not open for further replies.