දැන් තියෙන්නේ 30 වෙනි කාරෙක , උනාට ඒක මගේ තුන්වෙනි කාර් එක .
මරුටි GX-7035 තාම නොම්බරේ මතකයි 2008 විතර
ඕක ඔහොම පදිනකාලේ , මගේ පල්සරේ හැප්පිලා කකුල ඇද ඇද යනකාලේ
සිංහල වේද කෙනෙක් ගාවට ගියා සිංහලු බෙහ්ර්ත් දාන්න , ගිහින් ඇවිත් ගහනවා ගහනවා මොටරේ වදින්නේ නැහැ
මොන මගුලක්ද , බැටරි යත් ඔකේ ....
වටේ පිටේ දන්නා කියන දයලුත් බලලා කිවේ , මොටරේ අවුලක්ද දන්නේ නැහැ කිවේ
ඔහොම ඉතින් පැයක් විතර කට්ට කාල , මගේ කලින් ෆෝර්ඩ් එක ට්යුන් කරපු බාසේක්ගේ නොම්බරයක් තිබ්බා , ඌ වැඩකරන්නේ ගෙදර , කරන්නේ ටියුනින් , ඌ ගෙදරට ඇවිත් යුනිට් එක ගලවන් ගිහින් හදලා ගෙන ඩයල් එකක්
මූට ඇමතුවා , මු පිඹගෙන ආව්වා , බැලුවා
අහ්හ් , පෙන්නේ කෙලවෙලා වගේ , කන්ට්රෝල් බොක්ස් එක ඌ එහෙම කියලා , ඩෑෂ් බෝර්ඩ් එක අස්සේන් අරන් ගලවල , මම මේක චෙක් කරලා හදන්න බලන්නම් නැත්නම් මේක දාන්න වෙනවා කියලා
එතකොටම මම ඒ එම් ඩබ්ලිව් කතා කරලා ඇහුවා , එකේ ගාන .....රුපියලම හතලිස් දාහක් කිව බොලව්
අරුගෙන් මම ඇහුවා වැඩේ ගොඩ දාන්න කියක් යයිද කියලා
මු කිවා 12ක් විතර ඕනා කියලා
මම මොනවා කියන්නද ? හා කරන එන්න කිවා
මු ගියා , 11තට විතර ඇති , මම බලන් ඉන්නවා මු එනකල් , යකෝ කෝල් ගන්නවා ආන්ස්වර් කරන්නෙත් නැහැ
ඔන්න අන්තිමට මු 4 ට විතර එනවා
මම ඇහුවා වැඩේ කොමද ? ඌ කිවා හයි කරලා බලමු , එන්න පරක්කු උනේ , මේක පෑස්සුවා , වෙලේනකල් හිටියා , ඔය මොකද්දෝ මගුල් පාස්සිල්ලක් කිව , හෙන ස්මූත් වැඩේ කරන්න ඕනා වුනා , වැඩිය හොල්ලන්නෙ නැතිව ගේන්නත් ඕනා කියලා , නිවෙනකල් ස්ටේබල් තියන්නත් ඕනා මම ත් ඒ කාලේ වාහන වලට හෙනම ආදුනිකයා මු කියන හැම රෙද්දක්ම විශ්වාස කළා
ඔන්න කළා , එත් වැඩ නැහැ , අර විධිහමයි , මූ එහමත් කියලා , හැබැයි දැන් එන සවුන්ඩ් එක වෙනස් මෝටර් එකේ
මූ පස්සේ කියනවා , ඕක වෙන්නේ පෙට්රෝල් ටෑන්ක් එකේ ඉවර වුනාම , එකේ මොකද්දෝ මේකනම් කියන්නත් විලි ලැජ්ජයි , එත් නොකියාම බැහැ
, පෙට්රොලුත් කාලක් විතර පෙන්නනවා මීටරේ සෙනසර් මගුලක් අවුල් ගියාම , ඔය යුනිට් එක යන්නේලු
ඩබ් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ
එතනින් ගිය ත්රි විල් කාරයෙකුත් මේක දැකලා , මහත්තයා ඔකේ පෙට්රෝල් නැතුව ඇත්තේ මුලින්ම දාලම බලමු කියලා
උගේ විල් එකේම ෂෙඩ් එකට ගිහින් පෙට්රල් දාල ගැහුවා මෙන්න ස්ටාර්ට් ,
දැන් අරු කියනවා අර කතාවම , ඕක යුනිට් එක යන්නේ පෙට්රෝල් හින්දුනාම , එක හින්දා අර කන්ට්ර්ල් යුනිට් එකේ අයිසි වගයක් ගිහින් තිබ්බේ මම ඒවා දැම්මා , එකට සල්ලි දෙන්න කියලා
මෙකගෙන් බේරෙන්නම බැහැ , වටේ මිනිස්සුත් හිතන්නේ මම වැඩේ කරන සල්ලි දෙන්නේ නැහැ කියලා
ඕන මගුලක් කියලා 9000 ක් දුන්න
ඔන්න කොමද වාහන ගැන නොදන්නා කමට කාපු කට්ට
එකේ පෙට්රල් මීටරේ අවුල් , කාලක් පෙන්නුවාට ඉවර වෙනකල් දුවලා
ඒ මිට අවුරුදු 7 කට කලින් අද නම් , ඒවා එහෙම නැහැ , දැන්නම් වාහනේ දැක්කම ජාතකේ සිට , පැඩ්ල් එක දැක්කම දුවපු මයිලේජ් එක වුනත් ලාවට කියන්න පුළුවන්
