වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
:oo: ඉස්සරහා ෂොක්ස් ඈන්ජින් මවුන්ට් එහෙමත් දාන්න නම් ඉතින් ටිකක් වේගෙන් ගිහින් හොද බම්පර් එකක් උඩින්වත් දාපන්...... (බම්පර් වලින් දාන්න ඉගෙන ගන්න නම් මොරටුවේ චානක මංජුල ගුරු හමුවන්න) :yes: ඔය ටික කරලා ඉන්ෂුවරන්ස් එකටයි මටයි කෝල් එකක් දීපන්.....!! :D ඔක්කොම ටික හදමු..... :yes:

බලන්න ඕන :lol::lol: බෆර් එක පොඩ්ඩක් එබෙන්න හේත්තු කරලා බැරි වෙයිද දන්නේ නෑ ඔය ටික කර ගන්න. :rofl: කොහොමත් ඉස්සරහ බෆර් එක දාන්න තිබ්බ නම් හොදයි. පියාණන් වහන්සේ කොන්ක්‍රීට් ගැට්ටක් උඩින් දාල බෆර් එකට වැඩේ දීල තියෙන්නේ. ඇන තව් එහෙම කැඩිලා වෙලා තියෙන්නේ. මොන කොම්පැණිය ද ඔයා ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ. මෙතන බෑ බෑ වගේ නිසා PM එකකින් වගේ හරි එවන්නකො. :) හදන්න තියෙන්නේ කොනක ඉදන් ඊට පස්සේ. :P:P
ඔක්කොටම කලින් කියපන් බලන්න ඔය මංජුල බුවා කවුද කියල :baffled::baffled:
 
Last edited:

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මේක කටුවක් ම කියන්න බෑ. ඒ උනාට ලියලා දාන්න හිතුන.

    Toyota Starlet EP91
    කාර් එකේ සර්විස් කරන කාලේ හරි නිසා උදේ සර්විස් කරන තැනකට අරන් ගියා.


    "මහත්තයා.. පුල් සර්විස් ද"

    ෆුල් සර්විස් කියන්නේ ඉතින් වාහනේ එලියයි ඇතුලයි යටයි බුමිතෙල් සබන් මික්ස් එකෙන් හෝදලා එන්ජින් ඔයිල් සහ ෆිල්ටරේ මාරු කරන එක නේ.

    "නෑ නෑ එන්ජින් ඔයිලුයි ෆිල්ටරෙයි මාරු කරාම ඇති"

    හොදට තියන වාහනේ බුමීතෙල් වලින් හෝදන්නේ මොකටද කියලා හිතලා මම එහෙම කිව්ව.

    "වාහනේ යට හෝදන්න එහෙම ඕනේ නෑද්ද?"

    "එන්ජින් ඔයිලුයි ෆිල්ටරෙයි මාරු කරාම ඇති"

    "මහත්තය පොඩ්ඩක් ඇතුලෙන් වාඩිවෙලා ඉන්න. අර වාහනේට පස්සෙ තමා"

    ලඟ තිබුන කාර් එකක් පෙන්නල කිව්වා

    සික්, හෑන්ඩ්ස්ෆ්‍රී එකවත් ගෙනාවා නම් සින්දුවක් වත් අහ අහ ඉන්න තිබුනා කියල හිතුවට කාර් එකේ ඒ සී එකත් කෙලවෙලා තිබුන නිසා ඒ සී කාරයෙක්ට පෙන්නල මොකද්ද ලෙඩේ කියලවත් බලාගෙන ආපහු එන්න ඔනේ කියල සර්විස් එකෙන් වාහනේ එලියට ගන්න කොටම දුවගෙන එනවා පාරේ එහා පෑත්තෙ ඉඳන් සර්විස් එකේ අයිතිකාරයා වගේ එකෙක් දත් තිස් දෙකම එලියට දාගෙන.

    "තව වාහනයක් තියනවලු. මම මේ ලඟට ගිහින් එන්න කියල බෑලුවෙ"

    "ඇතුලට දාන්න. මම කරල දෙන්නම්"

    ඊට පස්සේ එයාපොට් වලට ප්ලේන් එකක් බානවා වගේ උන්ට කෑමති විදියට හයිඩ්‍රොලික් එකේ පාක් කලා.

    දැන් කාර් එක උඩට උස්සලා මූ යටට ගිහින් මීට කලින් දැකපු නැති වාහනයක් වගේ ඔයිල් නට් එක හොයනවා.

    මාත් පොඩ්ඩක් බලාගෙන හිටියා. මොකද මූ ඔයිල් නට් එක එක කියල වෙන එකක් වත් ගැලෙව්වොත්!

    කොහොමහරි හරි ඔයිල් නට් එක ගලවල ඔයිල් අයින් කලා.

    "මේකේ කොහෙද ඔයිල් ෆිල්ටරේ ගලවන්න තියෙන්නේ"

    යට ඉඳගෙන මෙකා ඔයිල් ෆිල්ටරේ හොයනවා

    "යටින් ගලවන්න බෑ. උඩින් තමයි ගලවන්න තියෙන්නේ"

    ඔයිල් නට් එක වහල වාහනේ බෑවා. ඊට පස්සේ මම බොනට් එක ඇරලා ෆිල්ටරේ තියන තැන පෙන්නුවා.

    2vuas75.jpg


    දැන් මේක අතින් ගලවන්න හැදුවට ගලවගන්න බෑ වගේ. මූ දැන් ආයුද ටික අරන් ඇවිල්ල එක්සෝස්ට් එක ගලවන්න ලැස්ති වෙනවා.

    "ඔයිල් ෆිල්ටරේ මාරු කරන කොට ඕක නම් ගලවන්න ඕනේ උනේ නෑ"

    දැන් මුන් ටික ළිදේ බැහැගෙනම නානවා. ඔයිල් ෆිල්ටර් ගලවන බෙල්ට් එකක් දාල බලනවා. අහු වෙන්නේ නෑ.

    එකෙක් දිග ෆ්ලැට් ඉස්කුරුප්පු නියනක් දාලා ඔයිල් ෆිල්ටරේට වැඩක් දෙන්න හදන අතරේ සර්විස් අයිතිකාරය වගේ එකා මගෙන් අහනවා.

    "පරන ඔයිල් ෆිල්ටරේ ඔනේ නෑ නේ"

    "දැන් ඔයලා ෆිල්ටරේ කඩන්නද යන්නේ?"

    "නෑ නෑ" කිඅයන ගමන් මුන් ටික මිටියකිනුත් වැඩේ දෙන්න යන්නේ.

    මුන් ටික මට ලබන ආත්මෙටත් එක්ක කටු සෙට් වෙන හැටි මැවිලා පේනවා. කලින් මේ කාර් එක සර්විස් කරපු එකෙක් වත් මුන් වගේ නෑවේ නෑ.

    "ඔයාලට මේක ගලවගන්න බැරි නම් ඔහොම්ම තියෙද්දි එන්ජින් ඔයිල් ටික දාලා දෙන්න"

    පලවෙනි මිටි පාර ගහන්න ඉස්සෙල්ල මම කිව්ව. ඒත් මුන් ටික නවත්තන පාටක් නෑ

    "මේ වැඩේ ඔච්චර දඟලන්න ඕනේ නෑ. ඔයාල මේ ජාතියෙ වාහනයක් කවදාවත් ගලවලා නෑ නේ. ඔහොම්ම තියෙද්දි එන්ජින් ඔයිල් ටික දාලා දෙන්න. මං වෙන තැනකින් ආපහු සර්විස් කරගන්නම්"

    දැන් ඉතින් එක එක එව්ව කියනවා. මේක ගලවන්න වෙනම ටූල් එකක් තියනවාලු. හෙඩ් බාස් ලබන සතියෙ ආවාම අරන් එන්නලු.

    මාත් ඉතින් බලමු කියල. ඔයිල් ටික විතරක් දාගෙන බිල ගෙවලා. එලියට ආවා. වාහනේ වැඩිය දුවන්නේ නෑ. ඒක නිසා මාසයක් විතර ඔහොම තියලා ආයි සර්විස් කරනවා.

    දවසේ පාඩම : වාහනේ හදන එකා මකබාස් වැඩේ කරන්න යනවා වගේ හිතෙනවා නම් වැඩේ නවත්තලා වාහනේ අරන් එලියට යන්න.

    ඒ සී කටුව (වගේ එක) මීලඟට..
     
    Last edited:
    • Like
    Reactions: laMir

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලන්න ඕන :lol::lol: බෆර් එක පොඩ්ඩක් එබෙන්න හේත්තු කරලා බැරි වෙයිද දන්නේ නෑ ඔය ටික කර ගන්න. :rofl: කොහොමත් ඉස්සරහ බෆර් එක දාන්න තිබ්බ නම් හොදයි. පියාණන් වහන්සේ කොන්ක්‍රීට් ගැට්ටක් උඩින් දාල බෆර් එකට වැඩේ දීල තියෙන්නේ. ඇන තව් එහෙම කැඩිලා වෙලා තියෙන්නේ. මොන කොම්පැණිය ද ඔයා ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ. මෙතන බෑ බෑ වගේ නිසා PM එකකින් වගේ හරි එවන්නකො. :) හදන්න තියෙන්නේ කොනක ඉදන් ඊට පස්සේ. :P:P
    ඔක්කොටම කලින් කියපන් බලන්න ඔය මංජුල බුවා කවුද කියල :baffled::baffled:

    :oo: අරන් වරෙන් අරන් වරෙන් කාර් එක..... ලේලන්ඩ් එකකට හේත්තු කරමු..... :yes: උඹේ වාහනේට විතරනේ ඩැමේජ් එක වෙන්න ඕනා..... :D මට නම් ඉතින් ගානක්වත් නෑ..... මේ ලගදිත් ඈක්වා එකක් කුඩු පට්ටම් කරා..... :P

    11705135_921802774552530_6476155376181771520_n.jpg



    11707723_921802787885862_8586874626065019534_n.jpg



    ඔන්න බස් එකේ හානිය...... :P

    11752472_921809554551852_5923636003041436417_n.jpg


    11745852_921809667885174_2670759698777116014_n.jpg


    ඕන් දැක්කනේ...... ලේලන්ඩ් රොක්ස්...... :D :love:

    අපි ඔය කාර් එකෙත් ඉස්සරහා ඔය ගානට අරන්..... බෆර් එකේ සිට බොනට් එක දක්වා දාලා..... ඕනා නම් එන්ජිමකුත් තියමු...... :D :P :rofl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: අරන් වරෙන් අරන් වරෙන් කාර් එක..... ලේලන්ඩ් එකකට හේත්තු කරමු..... :yes: උඹේ වාහනේට විතරනේ ඩැමේජ් එක වෙන්න ඕනා..... :D මට නම් ඉතින් ගානක්වත් නෑ..... මේ ලගදිත් ඈක්වා එකක් කුඩු පට්ටම් කරා..... :P

    ඕන් දැක්කනේ...... ලේලන්ඩ් රොක්ස්...... :D :love:

    අපි ඔය කාර් එකෙත් ඉස්සරහා ඔය ගානට අරන්..... බෆර් එකේ සිට බොනට් එක දක්වා දාලා..... ඕනා නම් එන්ජිමකුත් තියමු...... :D :P :rofl:

    ඕක කුඩු කරලා නෙමේ නෙහ් බන්. ඔය අර කළුවරේ පාර අයිනේ නතර කරලා තිබිල ඌ ඇවිත් හප්පලා නෙහ් ඔය. :dull::dull: දැන් ඔහොම මෙතන දැම්මට හැපිච්ච දවස් වල හප්පපු එකාට දෙස් තිය තිය හිටියේ. :rolleyes::rolleyes: අඩෝ ෆෙන්ඩර් එක ගන්න දෙයක් නෑ නෙහ්. structure එකත් damage ඇති ඔය පිල තියෙන විදියට නම්. :shocked: කොච්චර උනත් ඔහොම කොරන්න නම් හිත දෙන්නේ නෑ බන්. අවංකවම :( කැලි කඩන් වැටුනත් යන්න හිතුන ඕක දැක්කම.:sorry: ඔක්කොමත් හරි හැප්පුවා වගේ ය claim නොකරොත් එහෙම. කාල වරෙන්කො සම්බෝලේ :lol::lol: රස්තියාදුවත් එක්ක බලද්දී අතින් වියදම් කරලා කැලි දාන එක ලාබයි. ගෙදර දෙකක් තියෙනවා නම් එල. :P අඩෝ මෙහ, DX එක බස් එකට හේත්තු කරලා ඕකේ ඔක්කොම හදල දාපන් ෆුල් පේන්ට් එකක් එක්කම. මොකද ඕක ඔය යන හැටියට විකිනෙන්නේ නෑ :rofl::rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩො මට මේ ත්‍රෙඩ් එක අදනේ හරියටම සෙට් උනේ.. පට්ටා.. ඇහ්... :rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙම අවුලක් නෑ . . . ටැංකියෙන් ඩීසල් අයින් කරලා පෙට්‍රල් ගහලා දෙතුන් පාරක් ක්‍රෑන්ක් කරා නම් ස්ටාර්ට් වෙනවා . . . සමහර විට ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරන්න වෙයි . . . එන්ජිමට ඩැමේජ් වෙන්නෙ නෑ . . .

    හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . .

    අලුත් පෙට්‍රල් වාහන වලට නම් ඔහොම වෙන්නෙ නෑ . . . ඩීසල් ඩිස්පෙන්සර් එකේ නොසල් එක දාන්න බෑ . . .
    EK3 එකට කොහොමද දන්නෙ නෑ දැම්මේ . . .
    ෂෙඩ් එකේ ඩීසල් ගහන්නෙත් පෙට්‍රල් ඩිස්පෙන්සර් එකකින්ද කොහෙද . . . .
    මේක බුවාලන්තෙනේ . . . .

    කරීනා 6 Speed එකක් ඔ්නි . . . P11 එකක් සෙට් වුනා . . . තව ටිකක් කරීනා එකක් හොයලා නැතිම උනොත් එ්ක ගන්නවා... .



    මම දන්න එකෙක් ඉන්නවා මාලබේ.පොරගාව තියෙනවා Carina GT මැනුවල් එකක් .හිටහන්කෝ අහල බලන්න .. උව සම්බන්ද කොරගන්න එක තමා අවුල :baffled::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D අවුලක් උනොත් කියපන්..... අදුරන උන් ඕනා තරම්..... :yes:

    ගොඩක්ම කේස් වෙන්නේ හරියට ඩොකියුමන්ට් ටික දුන්නේ නැත්නම් තමා..... සිරි ලංකා ඉන්ෂුවරන්ස් එකෙත් තියෙනවා සමහර හංගලා ගැහිලි...... බස් එකක් ලයිට් කණුවක් දෙකට කඩලා.... උන් ලයිට් කණුවේ ගාන නොදී මාරු වෙන්න බැලුවා..... ඒක අපි අපේ නමින් ගෙව්වා කියලා...... නමුත් මරිසිය දාලා අපි ගත්තා ඒක..... :D :P

    එක පාරක් අවුරුදු දවසේ හප්පගෙන.... පොලිස් රිපෝට් ඉල්ලලා..... ඒකටත් මම ගේම ඈදලා පාස් කර ගත්තා..... ගොඩක්ම ක්ලේම් වලදි කටින් ගහලා තමා ගේම ගෙනියන්න ඕනා සිරි ලංකා ඉන්ෂුවරන්ස් එක්ක.... :P

    හැබැයි ගොඩක් වෙලාවට උන්ගේ අතටත් ගානක් ඉතුරුත් වෙනවා ක්ලේම් වලින්...... :lol: :P

    ela ela :D
    11.gif


    ඉන්සුරන්ස් වලින් සල්ලි ගන්න විදිහ ගැන මටත් ඩිග්රියක් තියෙනවා බොල .. උඹයි මායි එකතු වෙලා පන්තියක් දාමුද කිරියේ එවුන්ට උගන්වන්න . මමනම් කවදාවත් ඔව්වයින් පාඩු අරන් නැහැ. හැම අවුරුද්දෙම ගෙවන ගානට වඩා දෙතුන් ගුණයක් ගෙදරටම චෙක් එකකින් එවනවා ඉන්සුරන්ස් එකෙන් ඒ කාලේ..:lol::lol::lol::lol:

    ඔන්න කරනවනම් වැඩ :cool:

    මේක කටුවක් ම කියන්න බෑ. ඒ උනාට ලියලා දාන්න හිතුන.

    Toyota Starlet EP91
    කාර් එකේ සර්විස් කරන කාලේ හරි නිසා උදේ සර්විස් කරන තැනකට අරන් ගියා.

    දවසේ පාඩම : වාහනේ හදන එකා මකබාස් වැඩේ කරන්න යනවා වගේ හිතෙනවා නම් වැඩේ නවත්තලා වාහනේ අරන් එලියට යන්න.

    ඒ සී කටුව (වගේ එක) මීලඟට..

    හැමදාම සර්විස් කරන තැනට අරන් යන්න ... එක එක තැන් වලට අරන් යන්නෙපා ටෙස්ටින් වලට :no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් තියෙන්නේ 30 වෙනි කාරෙක , උනාට ඒක මගේ තුන්වෙනි කාර් එක .
    මරුටි GX-7035 තාම නොම්බරේ මතකයි 2008 විතර :P
    ඕක ඔහොම පදිනකාලේ , මගේ පල්සරේ හැප්පිලා කකුල ඇද ඇද යනකාලේ
    සිංහල වේද කෙනෙක් ගාවට ගියා සිංහලු බෙහ්ර්ත් දාන්න , ගිහින් ඇවිත් ගහනවා ගහනවා මොටරේ වදින්නේ නැහැ
    මොන මගුලක්ද , බැටරි යත් ඔකේ ....
    වටේ පිටේ දන්නා කියන දයලුත් බලලා කිවේ , මොටරේ අවුලක්ද දන්නේ නැහැ කිවේ
    ඔහොම ඉතින් පැයක් විතර කට්ට කාල , මගේ කලින් ෆෝර්ඩ් එක ට්යුන් කරපු බාසේක්ගේ නොම්බරයක් තිබ්බා , ඌ වැඩකරන්නේ ගෙදර , කරන්නේ ටියුනින් , ඌ ගෙදරට ඇවිත් යුනිට් එක ගලවන් ගිහින් හදලා ගෙන ඩයල් එකක්
    මූට ඇමතුවා , මු පිඹගෙන ආව්වා , බැලුවා
    අහ්හ් , පෙන්නේ කෙලවෙලා වගේ , කන්ට්‍රෝල් බොක්ස් එක ඌ එහෙම කියලා , ඩෑෂ් බෝර්ඩ් එක අස්සේන් අරන් ගලවල , මම මේක චෙක් කරලා හදන්න බලන්නම් නැත්නම් මේක දාන්න වෙනවා කියලා
    එතකොටම මම ඒ එම් ඩබ්ලිව් කතා කරලා ඇහුවා , එකේ ගාන .....රුපියලම හතලිස් දාහක් කිව බොලව්
    අරුගෙන් මම ඇහුවා වැඩේ ගොඩ දාන්න කියක් යයිද කියලා
    මු කිවා 12ක් විතර ඕනා කියලා
    මම මොනවා කියන්නද ? හා කරන එන්න කිවා
    මු ගියා , 11තට විතර ඇති , මම බලන් ඉන්නවා මු එනකල් , යකෝ කෝල් ගන්නවා ආන්ස්වර් කරන්නෙත් නැහැ
    ඔන්න අන්තිමට මු 4 ට විතර එනවා
    මම ඇහුවා වැඩේ කොමද ? ඌ කිවා හයි කරලා බලමු , එන්න පරක්කු උනේ , මේක පෑස්සුවා , වෙලේනකල් හිටියා , ඔය මොකද්දෝ මගුල් පාස්සිල්ලක් කිව , හෙන ස්මූත් වැඩේ කරන්න ඕනා වුනා , වැඩිය හොල්ලන්නෙ නැතිව ගේන්නත් ඕනා කියලා , නිවෙනකල් ස්ටේබල් තියන්නත් ඕනා මම ත් ඒ කාලේ වාහන වලට හෙනම ආදුනිකයා මු කියන හැම රෙද්දක්ම විශ්වාස කළා
    ඔන්න කළා , එත් වැඩ නැහැ , අර විධිහමයි , මූ එහමත් කියලා , හැබැයි දැන් එන සවුන්ඩ් එක වෙනස් මෝටර් එකේ
    මූ පස්සේ කියනවා , ඕක වෙන්නේ පෙට්රෝල් ටෑන්ක් එකේ ඉවර වුනාම , එකේ මොකද්දෝ මේකනම් කියන්නත් විලි ලැජ්ජයි , එත් නොකියාම බැහැ
    , පෙට්‍රොලුත් කාලක් විතර පෙන්නනවා මීටරේ සෙනසර් මගුලක් අවුල් ගියාම , ඔය යුනිට් එක යන්නේලු
    ඩබ් ස්ටාර්ට් වෙන්නේ නැහැනේ
    එතනින් ගිය ත්‍රි විල් කාරයෙකුත් මේක දැකලා , මහත්තයා ඔකේ පෙට්රෝල් නැතුව ඇත්තේ මුලින්ම දාලම බලමු කියලා
    උගේ විල් එකේම ෂෙඩ් එකට ගිහින් පෙට්‍රල් දාල ගැහුවා මෙන්න ස්ටාර්ට් ,
    දැන් අරු කියනවා අර කතාවම , ඕක යුනිට් එක යන්නේ පෙට්රෝල් හින්දුනාම , එක හින්දා අර කන්ට්‍ර්ල් යුනිට් එකේ අයිසි වගයක් ගිහින් තිබ්බේ මම ඒවා දැම්මා , එකට සල්ලි දෙන්න කියලා
    මෙකගෙන් බේරෙන්නම බැහැ , වටේ මිනිස්සුත් හිතන්නේ මම වැඩේ කරන සල්ලි දෙන්නේ නැහැ කියලා
    ඕන මගුලක් කියලා 9000 ක් දුන්න

    ඔන්න කොමද වාහන ගැන නොදන්නා කමට කාපු කට්ට
    එකේ පෙට්‍රල් මීටරේ අවුල් , කාලක් පෙන්නුවාට ඉවර වෙනකල් දුවලා

    ඒ මිට අවුරුදු 7 කට කලින් අද නම් , ඒවා එහෙම නැහැ , දැන්නම් වාහනේ දැක්කම ජාතකේ සිට , පැඩ්ල් එක දැක්කම දුවපු මයිලේජ් එක වුනත් ලාවට කියන්න පුළුවන් :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෑ බඩෝ . . ඩීසල් ෆුල් ටෑන්ක් කරලා තව පෙට්‍රල් ලීටරයක් දාන්නේ කොහොමද...?

    ලේලන්ඩ්කාරයෝ ඔක්කොම එකයි බලන් ගියාම . . .

    :lol::lol::lol::lol:ජබෝස් ගෑවා...:lol::lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    තඩි බඩෙක් ඉන්න කොම්පීටර් බඩු කෑලි තියෙන කඩේකට ගිහින් ආවා බොලව්. :rofl::rofl::rofl:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka


    දවසේ පාඩම : වාහනේ හදන එකා මකබාස් වැඩේ කරන්න යනවා වගේ හිතෙනවා නම් වැඩේ නවත්තලා වාහනේ අරන් එලියට යන්න.



    සහතික ඇත්ත මචෝ!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක කටුවක් ම කියන්න බෑ. ඒ උනාට ලියලා දාන්න හිතුන.[/B]

    ඒ සී කටුව (වගේ එක) මීලඟට..
    [/SIZE]​

    දන්නෙ නැත්නම් මචන් හැරෙනකොට තේරෙනවා.:yes: ෆිල්ටර් අවුලක් නැතුව හිල කරල ගලවනව සමහර අය. :yes: ඔය යකානම් මීට කලින් වැඩේ කරල නෑ..:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තියෙන්නේ 30 වෙනි කාරෙක , උනාට ඒක මගේ තුන්වෙනි කාර් එක .

    ඒ මිට අවුරුදු 7 කට කලින් අද නම් , ඒවා එහෙම නැහැ , දැන්නම් වාහනේ දැක්කම ජාතකේ සිට , පැඩ්ල් එක දැක්කම දුවපු මයිලේජ් එක වුනත් ලාවට කියන්න පුළුවන් :P

    හම්මෝ රෙදිත් නෑ මේකටනම්....:baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :P

    කලින් මක බාසෙක් වයර් කරලද.....?? නැත්නම් බොලාගේ අයියම වයරින් එක කරාද දන්නේ නෑ..... මම දන්නවනේ පොරගේ වයරින්..... අර ලැපක වයර් කාලා තිබ්බේ......!! :growl:

    නෑ බොල මකබාසෙක් කාලා...:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටොයෝටා කැම්රි එක ගැන උඹලගේ අදහස මොකද්ද..? තෙල් කෙරුවාව..? ලෙඩ ගැන එහෙම..? පට්ට සැප වාහනේ ඒක නම්.. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තඩි බඩෙක් ඉන්න කොම්පීටර් බඩු කෑලි තියෙන කඩේකට ගිහින් ආවා බොලව්. :rofl::rofl::rofl:

    බඩා කිව්වා ඇවිත් ගියා කියලා..:yes: සතියෙ දවසක ආවනම් මාත් එනවනේ..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙම අවුලක් නෑ . . . ටැංකියෙන් ඩීසල් අයින් කරලා පෙට්‍රල් ගහලා දෙතුන් පාරක් ක්‍රෑන්ක් කරා නම් ස්ටාර්ට් වෙනවා . . . සමහර විට ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරන්න වෙයි . . . එන්ජිමට ඩැමේජ් වෙන්නෙ නෑ . . .

    හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . .

    අලුත් පෙට්‍රල් වාහන වලට නම් ඔහොම වෙන්නෙ නෑ . . . ඩීසල් ඩිස්පෙන්සර් එකේ නොසල් එක දාන්න බෑ . . .
    EK3 එකට කොහොමද දන්නෙ නෑ දැම්මේ . . .
    ෂෙඩ් එකේ ඩීසල් ගහන්නෙත් පෙට්‍රල් ඩිස්පෙන්සර් එකකින්ද කොහෙද . . . .
    මේක බුවාලන්තෙනේ . . . .

    කරීනා 6 Speed එකක් ඔ්නි . . . P11 එකක් සෙට් වුනා . . . තව ටිකක් කරීනා එකක් හොයලා නැතිම උනොත් එ්ක ගන්නවා... .

    Onna badu, ;)


    http://ikman.lk/en/ad/toyota-carina-at210-2001-for-sale-colombo-3
     
    Status
    Not open for further replies.