බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.
ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.
මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.
සෙල්ෆි කතාව කියන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්‍රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්‍රශ්නේ.
"මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.
අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්‍රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්‍රල් දැම්මෙ.
මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.
මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.



mamath porawa unsubscribe kala...


.

