මේ දවස් වල උසස් පෙළ ප්‍රතිපල ඇවිල්ලනේ ඔන්න, ප්‍රතිපල ආපු අය දැන් මොකද කරන්නේ කියල කල්පනා කරනව ඇති. තමන්ගේ අත්දැකීම් අනුව කට්ටිය මේ poll එකට උත්තරයක් දෙන්න දැන් තියෙන තත්ත්වෙත් එක්ක කරන්න හොඳම දේ මොකද්ද කියල. විභාගේ ලියල කරන දේ හිත හිත ඉන්න අයට උදව්වක් වේවි. මොකද ඉස්සර වගේ රජයේ කැම්පස් එකකටම යන්න ඕනේ කියල දෙයක් නෑ. ගොඩක් පෞද්ගලික අධ්‍යාපන අවස්ථා තියෙනව. සමහරවිට කැම්පස් එකේ සාමාන්‍ය පාමාලාවක් කරල ආණ්ඩුවේ රුපියල් දහදාහේ පඩිය ගන්න බලන් ඉන්නවට වඩා A/L කරපු ගමන් ජොබක් කලොත් අර අවුරුදු හතර යනකොට අත්දැකීම් එක්ක සෑහෙන දුර යන්න පුළුවන්. A/L කරල අත්දැකීම් තියෙන අයත් මම මෙහෙම කළා නං හොඳයි කියල හිතෙන එක දාන්න.
1. ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.
2. පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.
3. දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව
4. දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.
5. තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.
Last edited:

ඔව් Medical වගේ තේරුනොත් නොගිහින් ඉන්නේ නෑනෙ 
