ELAKIRI MIN MADURA

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    onna den tank aka :D

    946159_10203913682561317_3758154250323657578_n.jpg

    patta machan,
    hondata tank eka thiyenawa

    good job
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    do regular water changers
    dont over feed fish
    reduce the light
    remove it from sunlight
    it will take some time and will resolve on its own

    sathiyata ka parak maru karanawa atura,light 6 hours,black moly lath damma.sunlight st wenna ethanata loku aduwak na.wadi wenawa wagene:confused:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    ලංකාවේ මිරිදිය මසුන් ගේ වත්මන් ඉරණම - Yesterday, 12:31 PM

    Puntius-nigrofasciatus2.jpg
    ලංකාවේ ජීවත් වන පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ අතුරින් උභයජීවීන් හැරුණු කොට වැඩිම තර්ජනයකට මුහුණ පා ඇති සත්ත්ව කාණ්ඩය වන්නේ මිරිදිය මසුන් ය. ජල පෝෂක ස්වාභාවික වාසස්ථාන විනාශය, වේගවත් කාර්මීකරණය හා නාගරීකරණය, කෘෂිකර්මයේ දී අධික රසායනික ද්‍රව්‍ය භාවිතය, විසිතුරු මසුන් ලෙස ස්වාභාවික දියපහරවලින් අධික ලෙස මසුන් අල්ලා අපනයනය කිරීම, හානිකර මැණික් ගැරීම හා වැලි කැණීම, ආක්‍රමණික මසුන් බෝ වීම යන හේතූන් මත අද වන විට ලංකාවේ දේශීය මිරිදිය මත්ස්‍ය ප්‍රජාව දැඩි ලෙස වඳවීමේ අවධානමකට ලක්ව තිබේ.
    ලංකාවේ මිරිදිය පරිසරවල පමණක් වාර්තාවන දේශීය මත්ස්‍ය විශේෂ 91 ක් වෙයි. ඒ අතුරින් විගේෂ 50 ක් ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප‍්‍රතිශතය 55% ක් තරම් ඉහළ අගයකි. මේ දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ කුල 18 ක් හා ගන 44 ක් යටතේ වර්ගීකරණය කර තිබේ.
    2012 වසරේ දී ලංකාවේ තර්ජනයට ලක් වූ ජීවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් රතු දත්ත ලේඛනය ප‍්‍රකාශයට පත් විය. මේ වාර්තාවට අනුව ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 45 ක් වඳවීමේ අවධානමට ලක් වූවන් වෙති. ඒඅතුරින් විශේෂ 39 ක් ලංකාවටආවේණික මත්ස්‍ය විශේෂ වේ. වඳවීමේ අවධානමට ලක් වූ මිරිදිය මත්ස්‍යයින් ගෙන් 87% ක් ම ලංකාවට ආවේණික විශේෂ වීම කණගාටුවට කරුණකි. මීට අමතරව ලංකාවේ මිරිදිය මසුන්ගෙන් 49% ක් වඳවීමේ අවධානමට මුහුණ දී ඇති අතර ආවේණික මත්ස්‍ය විශේෂ අතුරින් 78% ක් ම වඳවීමේ අවධානමට මුහුණපා සිටී.
    Puntius_titteya.jpg
    වඳවීමේ අවධානමට ලක් වූ මත්ස්‍ය විශේෂ කොටස් 3 කට වර්ග කළ හැකි ය. එනම් වඳවීමේ අවධානමට දැඩි ලෙස පාත‍්‍ර වූ (Critically Endangered - දැඩි තර්ජිත), වඳවීමේ තර්ජනයට ලක් වූ (Endangered - තර්ජිත) සහ වඳවීමේ අවධානමට පාත‍්‍ර වෙමින් පවතින (Vulnerable - අවධානම්) විශෙ‍‍්ෂ වශයෙනි.
    මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 21 ක් වඳවීමේ අවධානමට දැඩි ලෙස පාත‍්‍ර වී ඇත. ඉන් විශේෂ 18 ක් ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වීම කණගාටුදායක තත්ත්වයකි. වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ 19 කි. ඒ අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ. වඳවීමේ අවධානමට පාත‍්‍ර වූ විශේෂ 5 ක් වන අතර ඉන් විශේෂ 4 ක් ලංකාවට ආවේණික විශේෂ වෙයි. තවත් මත්ස්‍ය විශේෂ 5 ක් වඳවීමේ තර්ජනයට මුහුණපෑමට ආසන්න මට්ටමට පැමිණෙමින් සිටින විශේෂ වේ. ඉන් විශේෂ 3 ක් ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වෙයි. මීට අමතරව තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ ලෙස හඳුනාගෙන තිබුණ ද දත්ත නොමැතිකමින් ඉහත කාණ්ඩවලට වර්ග කළ නොහැකි මත්ස්‍ය විශේෂ 9 ක් පිළිබඳව ද රතු දත්ත ලේඛනයේ සඳහන් වේ. එ් අතුරින් විශේෂ 5 ක් ලංකාවට ආවේණික වේ.
    ලංකාවේ සුලභව වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ ගණන 32 කි. එය ලංකාවේ මුළු මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 35% කි.සුලභ මසුන් අතුරින් ලංකාවට ආවේණික විශේෂ ගණන 3 කි. එය ලංකාවේ සමස්ත ආවේණික විශේෂ අතුරින් 6% ක් තරම් ඉතාම පහළ අගයකි.
    මේ අනුව ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ මුහුණපා ඇති අවධානම ඉතා හොඳින් අවබෝධ වේ. නමුත් මෙම සතුන්
    Puntius_cumingii.jpg
    ගේ පැවැත්මට බලපෑම් ඇති කරන සාධක මුලිනුපුටා දැමීමට රතු දත්ත ලේඛනය පාදක කරගෙන හෝ මීට ඉහත දී අදාළ ක‍්‍රියාමාර්ග ගත් බවක් පෙනෙන්නට නොමැත.
    වර්තමානය වනවිට රතු දත්ත ලේඛනය පාදක කර ගෙන මිරිදිය මසුන්ට ලබා දී ඇති නීතිමය රැකවරණය වැඩි කළ යුතුව ඇත. එසේ නොවුනහොත් අධික අපනයනය හේතුවෙන් මෙම විශේෂ ස්වාභාවික පරිසරයෙන් සම්පූර්ණයෙන් ම වඳවීයාම සිදු විය හැකි ය.
    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව මිරිදිය මත්ස්‍ය විශේෂ 17 ක් ආරක්ෂිත විශේෂ ලෙස නම් කර ඇත. ඉන් විශේෂ 14 ක් ලංකාවට ආවේණික වේ. 2012 වසරේ රතු දත්ත ලේඛනයට අනුව එම විශේෂ අතුරින් 13 ක් වඳවීමේ අවධානමට දැඩි ලෙස පාත‍්‍ර වූ විශේෂ ද, විශේෂ 3 ක් තර්ජනයට ලක් වූ විශේෂ ද, එක් විශේෂයක් අවධානමට පාත‍්‍ර වූ විශේෂ ද වෙති.
    මෙම ආඥා පනත යටතේ 31අ වගන්තියට අනුව ආරක්ෂිත මත්ස්‍යයෙකුට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, අල්ලා ගැනීම හෝ මැරීම, අල්ලා ගැනීම හෝ මැරීම සඳහා උපකරණ භාවිතා කිරීම, මරණ ලද සතෙකු හෝ කොටසක් සන්තකයේ තබා ගැනීම, මෙම සතෙකු ප‍්‍රවාහනය කිරීම හෝ විකිණීම සඳහා හෝ ප‍්‍රදර්ශනය කිරීම, වේලීම හෝ කල්තබා
    images_1.jpg
    ගැනීම සඳහා සකස් කිරීම වැනි ක‍්‍රියා සියල්ල තහනම් වේ. එවන් වරදකට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු වන පුද්ගලයෙකු රු. 15,000 ත් 25,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඬුවමකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය.
    මීට අමතරව මෙම ආඥා පනතේ 41 වගන්තියට අනුව දේශීය ඕනෑම මත්ස්‍යයෙකු අපනයනය කිරීම සඳහා අවසර පත‍්‍රයක් ලබා ගත යුතු ය. නියමිත අවසර පත‍්‍රයක් ලබා ගැනීමකින් තොරව මිය ගිය හෝ ජීවත්වන මත්ස්‍යයෙකු අපනයනය කිරීම නොකළ යුතු ය. නියමිත බලපත‍්‍රයක් ලබා ගැනීමකින් තොරව දේශීය මත්ස්‍යයෙකු හෝ කොටසක් අපනයනය කරන පුද්ගලයෙකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු කරනු ලැබූ විට රු. 25,000 ත් - 75,000 ත් අතර දඩයකට හෝ අවුරුදු 5 කට අඩු නොවන සහ අවුරුදු 10 කට වැඩි නොවන කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීම හෝ මේ දෙකටම යටත් කළ හැකි ය.
    1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ප‍්‍රකාශිත 1998 ජූලි 10 වන දින අංක 1036/13 දරන ගැසට් නිවේදනයටඅනුව දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 13 ක් (ඉන් විශේෂ 11 ක් ලංකාවට ආවේණික වේ) අපනයනය තහනම් කර ඇති අතර තවත් විශේෂ 8 ක් (එම විශේෂ අටම ලංකාවට ආවේණික වේ) අපනයනය සීමා කර තිබේ. අපනයනය තහනම් කර ඇති මත්ස්‍ය විශේෂ අතුරින් 9 ක් 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ විශේෂ වේ. තවද වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ 3 ක් හා වඳවීමේ අවධානමට පාත‍්‍ර වූ එක් විශේෂයක් අපනයනය තහනම් කර ඇති මසුන් අතර වෙති.
    අපනයනය සීමා කර ඇති මත්ස්‍ය විශේෂ 2 ක් 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ විශේෂ වේ. වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ 4 ක් හා
    images.jpg
    වඳවීමේ අවධානමට පාත‍්‍ර වෙමින් සිටින විශේෂ 2 ක් අපනයනය සීමා කර ඇති සතුන් අතර වෙති.
    ධීවර හා ජලජ සම්පත් පනතට අනුව අපනයනය තහනම් කර ඇති හෝ අපනයනය සීමා කර ඇති මත්ස්‍යයෙකු අපනයනය කිරීමේ වරදට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු කරනු ලැබූ විට රුපියල් දෙදහසකට අඩු නොවන දඩයකට යටත් විය යුතු ය.
    2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට ලක් වූ මිරිදිය මසුන් අතුරින් විශේෂ 23 කට වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ හෝ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඍජු ආරක්ෂාවක් ලබා දී නොමැති වීම අවධානයට ලක් විය යුතු කරුණකි. නීතිමය ආරක්ෂාවක් නොමැති මත්ස්‍යයින් අතර විශේෂ 7 ක් දැඩි තර්ජිත මට්ටමේ ද, විශේෂ 12 තර්ජිත මට්ටමේ ද, විශේෂ 4 ක් අවදානම් මට්ටමේ ද සිටී.
    මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඉදිරියේ දී වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මෙම මත්ස්‍ය විශේෂවලට ද ඍජු ආරක්ෂාවක් ලබා දිය යුතුව ඇත. එපමණක් නොව මෙම සතුන් ගේ වාසස්ථානවලට විශේෂයෙන් රක්ෂිත වනාන්තරවලට පිටතින් පිහිටි වාසස්ථානවලට හා එම වාසස්ථානවල ස්වභාවය වෙනස්කම් කිරීම්වලට එරෙහිව කටයුතු කළ හැකිවන පරිදි නීතිමය ප‍්‍රතිපාදනයන් මේ පනත්වලට එක් කළ යුතුව ඇත. එසේ නොවුනහොත් රුපියල් මිලියන ගණනක මුදලක් යොදවා සකස් කරන රතු දත්ත ලේඛන ප‍්‍රයෝජනවත් නොවන ලේඛනයක් ලෙස පුස්තකාලවල ආශ‍්‍රිත ග‍්‍රන්ථවලට පමණක් සීමා වී පවතිනු ඇත.
    මේ නිසා 2012 රතු දත්ත ලේඛනය පාදක කර ගෙන වන
    Lejon_u0.jpg
    සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ හා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වඳවීමේ අවදානමට මුහුණපා ඇති සියලු මිරිදිය මසුන්ට ඍජු නීතිමය ආරක්ෂාවක් ලබාදිය යුතු ය. මීට අමතරව එම සතුන් ගේ ස්වාභාවික වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කළ යුතු ය. එපමණක් නොව අභිජනනය කිරීමකින් තොරව ලංකාවට ආවේණික මිරිදිය මසුන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුව ඇත. එසේ නොවුනහොත් තව වසර කිහිපයක් තුළ අප රටට ආවේණික මිරිදිය මසුන් සියල්ලම ස්වාභාවික පරිසරවලින් සම්පූර්ණයෙන්ම වඳ වී යාම සිදු විය හැකි ය.

    2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට ලක් වූ මිරිදිය මසුන්ට නීතිමය ආරක්ෂාව ලබා දී ඇති ආකාරය
    Source:http://www.elakiri.com/forum/showthread.php?t=1721828
     
    • Like
    Reactions: maheshsenadheera

    :)