
NISSAN FB15 කියන්නේ ලංකාවේ මේ වෙද්දී බහුලව භාවිතා වෙන මෝටර් රථයක්.ලංකාවේ පවතින මෝටර් රථ වෙළඳපොල එක්ක බලද්දී සැප පහසුව,ඉන්ධන කාර්යක්ෂමතාව,අමතර කොටස් බහුලත්වය,නඩත්තු වියදම සහ නැවත විකුණුම් මිල යන සාධක සලකා බලද්දී ලක්ෂ 20-25 අතර මිලකට මිලදී ගන්න පුළුවන් හොදම මෝටර් රථයක් විදියට මේ මෝටර් රථය සැලකෙනවා.
ඉතින් කිරියේ අපි අතරත් නිතරම කතා බහට ලක් වුනු නිසා සහ කිරියේ මෙම්බර්ස්ලා හුඟ දෙනෙක් මේ මෝටර් රථය පාවිච්චි කරන නිසා භාවිතාවේදී පැන නගින ගැටළු,නොදන්නා දේවල්,දන්නා දේවල් හැමෝම අතරේ බෙදාගන්න වගේම අලුතින් මේ මෝටර් රථය මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් NISSAN FB15 Club එකක් කිරියේ පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා.
ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ මෝටර් රථය පිලිබඳ විස්තර,සංවාද මේ ත්‍රෙඩ් එකේ කතා බහ කරන්න එන්න කියලා.








