වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19886851 said:
    fork lift ගැන දන්න කුකුල්ලු ඉන්නවද? ටොන් 5 හොදටෝම ඇති:baffled:

    නානලට මොන fork lift ද :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19891450 said:
    awith giya ban hadissiyema. call ekak dennawath bari una

    අව්ලක් නෑ මචෝ. දැන් නම් මම ආයි ටිකක් කිරියට එනවා. මේ ත්‍රෙඩ් ටිකේ වත් ගැවසිලා ඉන්න කියලා බං.
    ඒක නෙවෙයි උඹෙන් උපදෙසක් ගන්න තියනවා. පිරිසකගේ මොරාල් එක හදන වැඩකට. පීඑම් එක ටිකක් නිදහස් වුනාම මට කියපං ඈ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අප්පේ අද මොකෝ මේ මගුල් ගෙදර වගේ කෑම ජාති ගොඩාක් හදල..

    මගේ මහත්තයට හොඳට කන්න දෙන්න ඕන හින්දනේ අනේ..

    මොකක්.. වෙනද නැති සැලකිල්ලක් අද මොකෝ මේ විශේෂයෙන්..

    මගේ මහත්තය අද ඉඳන් ලොකු වාහනේක අයිතිකාරයෙක්නේ.. දැන් වෙනද වගේ සලකල බැහැනේ..

    ඇයි ඉතින් මට වෙනදත් වාහන තිබ්බනේ..

    ඔන්න ඔන්න ඉතින් මගේ යකා අවුස්සන්න හදනවා.. මතක් කරන්න එපා ඒ කාර් මගුල .. ඒකත් වාහනයක්ද ඔයි.. බැලුවොත් කැඩිලා.. ගමනක් යන්න බයයි ගෙදර එනකම් සුවර් නෑ.. වහිනකොට ඇතුලෙත් කුඩේ ඉහලගෙන යන්න ඕන..රෑට ලයිට් පත්තු වෙන්නේ නැහැ කොයි වේලේ ලයිට් කණුවක අනෙයිද කියල බයයි.. හැමතැනම දිරල පිටගැස්ම හැදෙයි කියල බයයි.. ඒකත් වාහනයක්ද හැබෑටම.. ඒක හොඳයි මාළු බෝවෙන්න කළපුවක බස්සන්න.. තව කියන්න ඕනෙද ඔහේගේ මහා ලොකු වාහනේ ගැන ..

    න්..න්..නෑ නෑ ඕන්නෑ ....

    එහෙනම් යනවා ගිහින් වොෂ් එකක් දාගෙන එනවා කෑම කන්න..

    හා එහෙනං...

    හෝව් හෝව්.. කොහෙද ඔය යන්නේ..

    මම මේ වැලේ තියන මගේ තුවා කබල අරන් එන්න යන්නේ..

    නෑ නෑ ඕන නෑ.. අද ඉඳන් මගේ තුවායෙන්ම පිහදානව..

    ඒකත් එහෙමද.. හාමිනේගේ කැමැත්තක්..

    මේ ඒක නෙවෙයි.. මම ඔයාට කියන්නමයි හිටියේ..

    මොකක්ද..

    අද ඔයත් එන්න මගේ ඇඳේ නිදාගන්න.. අද ඉඳන් බිම නිදාගන්න ඕන නැහැ..

    හෑ...ඔය ඇත්තමද..

    මොකද අනේ ටොකු ඇනගන්නේ..

    මේක හීනයක්ද හැබෑවක්ද කියල තෝරාගන්න හාමිනේ..

    හීනෙන් නෙවෙයි අනේ.. මේ හැබැහින්..

    ඒක තමයි මමත් මේ බැලුවේ.. හීනෙන් නම් දැන් ඇහැරෙන්න වෙලා ටොකු පාරට..

    මේ එක නෙවෙයි..

    මොකක්ද..

    මම ඔයාට දෙයක් කියන්න කියල හිටියේ..

    මොකක්ද..

    දැන් ඉතින් බස්සෙකත් අපේ එකේ අපිට ඕන ගමනක් බිමනක් යන්න පුලුවනිනේ නේද ..

    නැතුව නැතුව ...

    මම අපේ අම්මට කෝල් කරලා කිව්වා සිංහල අවුරුද්දට කලින් සතියක විතර වන්දනාවක යන්න ලෑස්තිවෙන්න කියල..වැඩිය කව්රුත් නැහැ .. ලොකු අප්පච්චිලාගේ ගෙදර අට දෙනයි, බාප්පලාගේ ගෙදර එකොලොස්දෙනයි , මදු පුන්චි අම්මලාගේ ගෙදර දාහතර දෙනයි , අපේ නංගියි , මල්ලියි , මින්නේරියේ බාප්පලාගේ ගෙදර හය දෙනයි , අම්මයි , තාත්තයි, මමයි විතරයි ඔන්න යන්නේ..

    මලා .. දැන් ඉතින් ඔතනම හතලිස් දෙකක් වෙද්දී මට වාඩිවෙලා යන්න සීට් එකක් නැති වෙනවනේ හාමිනේ..

    ඔයා ඉතින් මුදලාලිනේ..ජැන්ඩියට ඇඳගෙන අපේ නෑයෝ හැමෝටම පේන තැනකින් ඔයා හිටගෙන යන්න ඕන..කාටවත් රුපියලක්වත් වියදම් කරන්න නොදී ඔයා දාහේ කොළ පන්දාහේ කොළ ලෝස් නැතුව වියදම් කරන්න ඕන .. එතකොට තමයි මට ආඩම්බර..

    කාපන්කෝ ඉතින්..ඒකත් එහෙමද.. හා හා එහෙනම්.. එහෙමවත් කරමුකෝ..

    කෝ කොහෙද ඉතින් ඔය යන්නේ..

    ව..වතුර ටිකක් බොන්න කියල යන්න හැදුවේ.. පොඩි කලන්තයක් වගේ දැනුන ඒකයි..

    මොන කලන්තද අනේ.. සන්තෝසෙට වෙන්න ඇති..

    මම හේනං වොෂ් එකක් දාගෙන එන්නම්කෝ..

    කෝ ඉන්නකෝ පොඩ්ඩක් මගේ සුදු බස් මුදලාලිට උම්මා එකක් දෙන්න.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම..... අයි ලව් යූ ඩාර්ලින්..

    බස්සෙක රූට් එකේ දුවන්න වෙන්නේ නැති හැඩයි.. අපේ අම්ම මට ඕක කිව්වා.. කොහෙද කොහෙද ඇහුවද..

    මොකක්ද අනේ කිව්වේ..

    න්..නෑ... මම කිව්වේ දවස් හතක් මදි උනොත් අපි තව දවසක් දෙකක් තුනක් වැඩි කරමු කියල..

    ඔයානම් මාව සප්‍රයිස් කරනවා අනේ.. මම අම්මට මේ දැන්ම කෝල් එකක් දීල කියන්නම් කෝකටත් සති දෙකකට විතර ඇඳුම් ලැස්ති කරගන්න කියල හැමෝටම කියන්න කියල..

    හුටා....



    ****************************************
    අපේ නව බස් මුදලාලිට කටුත්‍රෙඩ් වාසී අපෙන් උණුසුම් සුභපැතුම්..


    Congratulations.png
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mokakda machan???

    ඒ.සී වැඩ නෑ බං... වාහනේ යනකොට නම් කූල් වෙනවා.. නවත්තන් ඉන්නකොට නෑ.. මේ දවස් වල ට්‍රැෆික් එකේ ඉන්නකොට එපා වෙනවා... කොම්ප්‍රෙසර් එකේ අවුලක් කියලා තමයි කට්ටිය කියන්නේ... :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ.සී වැඩ නෑ බං... වාහනේ යනකොට නම් කූල් වෙනවා.. නවත්තන් ඉන්නකොට නෑ.. මේ දවස් වල ට්‍රැෆික් එකේ ඉන්නකොට එපා වෙනවා... කොම්ප්‍රෙසර් එකේ අවුලක් කියලා තමයි කට්ටිය කියන්නේ... :baffled:

    කොම්ප්රෙසර් එකේ අවුලක් කියල කියන්න උඹ ප්‍රෙෂර් චෙක්කෙරෙව්වද??? හොඳට බලහන් AC දැම්මාම ෆෑන් දෙකම ඔන් වෙනවද කියල.. ෆෑන් වලින් අදින හුලං කන්ඩෙන්සර් එක ඇතුලෙන් එන්නේ නැද්ද දන්නේ නැහැ.. ෆෑන් කවර ගලවුනාම වහ වටේ තියන ප්ලාස්ටික් ආවරණ ගලවුනාම ෆෑන් වදකරාට වැඩක් නෑ ඒ හුලං කන්ඩෙන්සර් එක හරහා අදින්නේ නැත්තම්.. අයිඩ්ල් අප් එක වැඩකරනවා කියල ෂුවර් නේද..

    මගේ එක වාහනේක ඔහොම ප්‍රශ්නයක් තිබ්බ.. බට්ට වෑන් එකක තමයි ඒ ප්‍රශ්නේ තිබ්බේ.. ඒ වාහන වල එන්ජිම පොඩි නිසා පිකප් කරද්දී ඒසී ක්ලච් එක ඔෆෆ් වෙන්න තමයි හදල තියෙන්නේ.. ඒත් මගේ තිබ්බ වාහනේ අයිඩ්ල් තියෙද්දී එයා ඒසී එක අතාරිනවා.. ආයේ රේස් කරාම තමයි අල්ලගන්නේ.. ඒ ප්‍රශ්නේ තිබ්බේ ECU එකෙන්.. මම හිතන්නේ නැහැ උඹේ ප්‍රශ්නේ එහෙම එකක් කියල.. නවත්තගෙන ඉන්නකොට ටිකක් රේස් කරගෙන ඉඳල බලහන් සීතල අඩුවෙනවද නැද්ද කියල..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොම්ප්රෙසර් එකේ අවුලක් කියල කියන්න උඹ ප්‍රෙෂර් චෙක්කෙරෙව්වද??? හොඳට බලහන් AC දැම්මාම ෆෑන් දෙකම ඔන් වෙනවද කියල.. ෆෑන් වලින් අදින හුලං කන්ඩෙන්සර් එක ඇතුලෙන් එන්නේ නැද්ද දන්නේ නැහැ.. ෆෑන් කවර ගලවුනාම වහ වටේ තියන ප්ලාස්ටික් ආවරණ ගලවුනාම ෆෑන් වදකරාට වැඩක් නෑ ඒ හුලං කන්ඩෙන්සර් එක හරහා අදින්නේ නැත්තම්.. අයිඩ්ල් අප් එක වැඩකරනවා කියල ෂුවර් නේද..

    මගේ එක වාහනේක ඔහොම ප්‍රශ්නයක් තිබ්බ.. බට්ට වෑන් එකක තමයි ඒ ප්‍රශ්නේ තිබ්බේ.. ඒ වාහන වල එන්ජිම පොඩි නිසා පිකප් කරද්දී ඒසී ක්ලච් එක ඔෆෆ් වෙන්න තමයි හදල තියෙන්නේ.. ඒත් මගේ තිබ්බ වාහනේ අයිඩ්ල් තියෙද්දී එයා ඒසී එක අතාරිනවා.. ආයේ රේස් කරාම තමයි අල්ලගන්නේ.. ඒ ප්‍රශ්නේ තිබ්බේ ECU එකෙන්.. මම හිතන්නේ නැහැ උඹේ ප්‍රශ්නේ එහෙම එකක් කියල.. නවත්තගෙන ඉන්නකොට ටිකක් රේස් කරගෙන ඉඳල බලහන් සීතල අඩුවෙනවද නැද්ද කියල..

    උඹව දැක්ක කල් මේ ත්‍රෙඩ් එකේ.... :D

    ෆෑන් එක නම් වැඩ කරනවා බං.. ෆෑන් දෙකක් තියෙනවද..? මට පේන්නේ එකයිනේ.. :baffled: කොම්ප්‍රෙශන් ටිකක් අඩුයි කියලා තමයි චෙක් කරපු කෙනා කිව්වේ.. හැබැයි පොර කිව්වෙ නෑ කොම්ප්‍රෙසර් එකේ කේස් එක කියලා.. :dull: ඌ කිව්වා ගෑස් ගහලා.. එක්ස්පැන්ශන් වෑල් එකත් මාරු කරලා බලන්න ඕනේ කියලා..
    අයිඩියල් අප් එක කියන්නේ මොකද්ද මචං..?
     
    Status
    Not open for further replies.