කෙලින්ම කිව්වොත් මේවා බලු වැඩය.. ගිය ආණ්ඩුව ණය ගත්තා කියා, ඔවුන් එම ණය බර, මේ අයුරින් රටේ ජනතාව මත පැටවූයේ නැත. නමුත් ගිය ආණ්ඩුව ගත්ත ණය යැයි පවසමින්, මේ ආණ්ඩුව, කැත නැතුව මහජනතාව මත බදු පිට බදු ගසමින් සිටියි. ගිය ආණ්ඩුව ගත්ත ණය පියවන්නේ මහජනතාවගේ කරපිටින්නම්, අහවල් මගුලකටද ආණ්ඩු බලය ගත්තේ...? ගිය ආණ්ඩුවෙ එවුන් කරගෙන ගියපු විදිහටම, උන්ට ආණ්ඩුව කරගෙනයන්න දුන්නනම් ඉවරයිනේ.. දැන්, ගිය ආණ්ඩුවේ වැරදි ගැන කිය කිය දාන දැන්වීම් වෙනුවෙන් විනාශකරන්නෙ කාගෙ මුදල්ද? ඒවත් අපි ගෙවන බදු මුදල්ම නේද? අපි මේ ආණ්ඩුවට සිහිකැඳවීමක් කරන්නෙමු.. එතරම්ම ශක්තිමත්ව තිබූ රාජපක්ෂ ආණ්ඩුවත් පෙරලුනානම්, මේ ආණ්ඩුව පෙරලෙන එක මොනතරම් සුළු දෙයක්ද යන්න ඔබ ඉතා ඉක්මනින්ම වටහාගනු ඇත..




