වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලා...... :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20247869 said:
    මුස්ලිම් මුනියා දැක්කහම මේ දවශ්වල මේම තමා අහන්න ඕනා

    රාමසාන් උපවාස කරල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්..?

    රාමෂාන් ෂද බලන්න යෙන්න පාතිමා‍....
    නෝම්බි නොකර ඕම්බි අතක් අදිමුද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලා...... :angry:

    mulinma start karanna kalin voltage eka balapan
    passe start karala voltage eka balapan. eeka wadi wnna oone.
    ooka ekama thana thiyana wahane ne bun uba oke batariya charge wena tharam wath duwanawada?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mulinma start karanna kalin voltage eka balapan
    passe start karala voltage eka balapan. eeka wadi wnna oone.
    ooka ekama thana thiyana wahane ne bun uba oke batariya charge wena tharam wath duwanawada?

    ගංවතුර මොඩ්ල් එකේ මට පේන්නෙ නිකම් තියෙද්දි කරන් එක අදිනවා බැට්‍රියෙන්. රේඩියෝ එක පිස්සු කෙලිනවත් කියනව. හොඳවයින් වයරින් කේස් එකක් වගේ.:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගංවතුර මොඩ්ල් එකේ මට පේන්නෙ නිකම් තියෙද්දි කරන් එක අදිනවා බැට්‍රියෙන්. රේඩියෝ එක පිස්සු කෙලිනවත් කියනව. හොඳවයින් වයරින් කේස් එකක් වගේ.:rolleyes:

    මාමගේ සනියේ වයරිං එක මීයෝ කෑවද දන්නෙ නෑ. :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: මේක දැක්කොත් නම් මරු කියවයි‍‍.

    හොඳවයින් කට්ටක් කෑවා ලියන්නවත් ෆොටෝ ගහන්නවත් වෙලාවක් වුනේ නෑ මාමේ. රේඩියේටර් හෝඩ් එකකකුයි හීටර් කෝර් එකට වතුර යන හෝස් එකකුයි කෙලවුනා. ඔක්කොම වතුර හෝස් ටික මාරු කරල දැම්ම ඒපාර ඔක්කොගෙම කාලෙහරි ගිහින් තිබුන නිසා. :yes:ඔක්කොම හෝස් කෑලි 6ක් මාරුකලා. :baffled: මගදි කෙලවෙන්න කලින්.:yes: ඇඟිල්ලකුත් හොඳට තලාගත්තා.:sorry:

    1238993547_2.jpg


    තව තඩිම තඩි කටුවක් තියනව ඉක්මනට දාන්නම් මේ විබාගෙකට හිරවෙලා අප්ප. පිලිවෙලකට දාන්නම් ඒක.:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳවයින් කට්ටක් කෑවා ලියන්නවත් ෆොටෝ ගහන්නවත් වෙලාවක් වුනේ නෑ මාමේ. රේඩියේටර් හෝඩ් එකකකුයි හීටර් කෝර් එකට වතුර යන හෝස් එකකුයි කෙලවුනා. ඔක්කොම වතුර හෝස් ටික මාරු කරල දැම්ම ඒපාර ඔක්කොගෙම කාලෙහරි ගිහින් තිබුන නිසා. :yes:ඔක්කොම හෝස් කෑලි 6ක් මාරුකලා. :baffled: මගදි කෙලවෙන්න කලින්.:yes: ඇඟිල්ලකුත් හොඳට තලාගත්තා.:sorry:

    1238993547_2.jpg


    තව තඩිම තඩි කටුවක් තියනව ඉක්මනට දාන්නම් මේ විබාගෙකට හිරවෙලා අප්ප. පිලිවෙලකට දාන්නම් ඒක.:yes:

    අප්පා. :baffled:
    වෙලාවකට ලියන්න මල්ලි.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බඩා මාමෙ මොකද කියන්නෙ DX එක පොඩ්ඩක් අන්දල ගමුද....? මෙයාගෙන් design එකක් ඉල්ලගමු.

    2hq5oi9.jpg


    2duwh2a.jpg


    2zgyxco.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    :frown: විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලා...... :angry:

    ගන් වතුරට අහු උනාම ඔහොම සීන් වෙනව. සෙනිකවම එන්ජිමයි වයරින් එකයි බොඩියයි තියන්න. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.

    මාස එකහමාරක් විතර තිස්සෙ තාමත් මේකත් එක්ක දඟලන එක තමා කරන්නෙ.:P

    ඔන්න කලින්ම කිව්වා... මේක කියෙව්වට පස්සෙ "උඹට පිස්සුද යකෝ.." "ඇයි අර හොඳට තිබ්බ්බ එක කෑවෙ.." "හයියෝ සල්ලි" වැනි දෑ පැවසීමෙන් වලකින්න.:rofl:


    මේක ඇත්තටම කිව්වොත් HID කිට් එකක් දැමීමෙන් පටන් ගත්ත කට්ටක්. :P

    කෙටියෙන් කිව්වොත් මෙහෙමයි කේස් එක පටන් ගත්තෙ.:) අපේ කාර් කට්ටෙ ලයිට් එලිය මදිකමක් තිබුනා කාලෙක ඉඳලා.:sorry: වයරින් අනම් මනම් කේස් එකක් නෙමේ. (ඒක මං කරල තියෙන්නෙ හරිය:angry:) මොකක් කලත් හෙඩ්ලයිට් එලිය මදි.:( 100W බල්බ් පවා දාල බැලුවා.(අපෝ කවුරුවත් කරන්න එපා තේරුමක් නැති වැඩක්:no:) අන්තිමට මේ වැඩේ පටන් ගන්නකොට දාල තිබ්බෙ ෆිලිප්ස් එක්ට්‍රීම් විෂන් බල්බ් දෙකක්.ඒකෙන්වත් ගොඩ යෑමක් තියෙයිද කියල බලන්න.:yes:

    3bfx3On.jpg


    හෙඩ්ලයිට් වීදුරුත් කපල පොලිෂ් කරල තිබුනෙ.ඔක්කොම වැඩ දාල එලිය පොඩ්ඩක් ඉස්සරට වඩා තිබුනට මට නම් මදි වුනා ඉතින්.:dull:

    මේ මගුල හරියන්නෙම නැති නිසා අන්තිමට තීරණය කලා HID කිට් එකක් දාල දානව කියල. ඔන්න ඉතින් හොයලා හොයලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකකුයි බල්බ් දෙකකුයි බැලස්ට් දෙකකුයි ඕඩර් කරා.:yes:

    HID වැඩකරන හැටි කාට හරි එකපාරට තේරුනේ නැතිත් ගනන් ගන්න එපා HID බල්බ් එකක් කියන්නෙ ආර්ක් ලෑම්ප් එකක්. ඒ කියන්නෙ මේ බල්බ් වල ෆිලමන්ට් එකක් නෑ. එලිය ගන්නේ ඉලෙක්ට්‍රෝඩ් (කබ්බි කෑලි දෙකක්) අතර ඇතිවෙන ස්පාර්ක් එකකින්.(පුලිඟු පැනීමකින්.)

    YElYr79.jpg


    ඉතින් මේකට නිකම් කරන්ට් එක දුන්න කියල මේ වැඩේ වෙන්නෙ නෑ. බල්බ් එක දුවවන්න වෙනම සර්කිට් එකක් ඕනෙ වෙනවා පිලිවෙලකට වැඩේ කරන්න. ඒකට තමා බැලස්ට් එක කියන්නෙ.:yes:

    මෙන්න මේ වගේ තමා ඔය ටික එකට සෙට් වෙන්නෙ.:)


    uASRNVn.jpg



    හරි ඔන්න මෙන්න මේ ජාතියෙ බැලස්ට් දෙකකුයි.:yes:

    QkWVaft.png


    මෙන්න මේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකයි ගෙන්න ගත්තා අලි එක්ස්ප්‍රස් එකෙනුයි ඊබේ එකෙනුයි.:yes:


    CjfcmLj.jpg


    අපේ HID දාන්න හිතාගෙන කවුරුහරි ඉන්නවනම් (මේක කියෙව්වම කවුරුවත් දායිද කියන්න අමාරුයි.:rofl:) මංනම් කියන්නෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් දාලාම දාන්න කියල. හේතුව නැත්නම් ඩිම් කලාම ඉස්සරහින් එන කෙනාගෙ මූනට වදින්න බලනවා.:no: බීම් පැටර්න් එක හරියන්නෙ එන්නෙ නෑ සමහර වෙලාවට. තව රිෆ්ලෙක්ටර් උනුවෙන්නත් පුලුවන්. ප්‍රොජෙන්ක්ටර් ලෙන්ස් එකට ඒ අවුල් එන්නෙ නෑ. :)

    ඔන්න ඉතින් වැඩේට බැස්සා...:P ප්‍රොජෙක්ටර් දෙක දාන්න හෙඩ්ලයිට් එක පලුකරන්න ඕනේ. එක කලේ මෙන්න මෙහෙම.:yes:

    ලයිට් දෙක දැම්ම අවන් එකේ වරකට එක බැගින්.:yes:

    PhVNYj4.jpg


    paVkitT.jpg



    ටිකක් දාල තිබ්බම රිෆ්ලෙක්ටර් එක අලෝල තියන ගම් එක බුරුල් වෙනවා. ඊට පස්සෙ ඉතින් රම්බො පිහියයි:baffled: නියනයි අරගෙන ගලවගන්න පුලුවන්.:yes:

    LCa3ieA.jpg



    g8LA2WK.jpg


    මේ වැඩ අස්සේ ඉස්සරහ වීදුරුව පොඩ්ඩක් සවුත්තුවෙලා තිබ්බ නිසා (කලින් සුද්ද කලාට ආයි අවුල් වෙලා තිබ්බ) ඒකත් කපලා පොලිෂ් පාරක් දුන්නා.:yes:

    CSn9R63.jpg


    eFUuTLb.jpg


    අපේ ටොම් මාමගෙ ත්‍රෙඩ් එකක් තියනව මේක කරන හැටි දැක්කෙ නැති අය ඉන්නවනම් බලන්න.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1688270

    හරි ඔන්න වැඩේ ඉවර කරලා ප්‍රොජෙක්ටර් එක ඇතුලට දාලා ලයිට් එක ආපහු ඇසෙම්බල් කලා.:yes:

    4McyHPR.jpg


    B36Jm3e.jpg


    c15Z8mE.jpg


    ආපහු හයිකලෙත් අවන් එකට දාලමයි.:yes:

    gZlq7zO.jpg


    ඔන්න ඉතින් වයරින් එකත් මේකට ඕනෙ විදියට දාලා බැලස්ට් දෙකත් හයිකරලා ලයිට් දෙකත් හයිකලා.:yes:

    ZlCQr2S.jpg


    එලියනම් තියනවා කණ පැලෙන්න. මං 55W බැලස්ට් දෙකක් දැම්මෙ.:P නෝමල් එන්නෙ 35W.:yes:

    yFtZMzk.jpg


    උදේ පාන්දර වැඩේ පටන් ගත්තෙ. මෙන්න වැඩේ ඉවර වෙනකොට වෙලාව. දවල් එහෙම නෙමේ මහ රෑ.:baffled:

    4Z0ljzy.jpg


    ඔන්න සිංහලුනේ දැන් රෑ 1ට ඔන්න මෙන්න තියලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා ආව ගෙදර.:yes: මෙන්න යකෝ එක පැත්තක් විතරයි පත්තුවෙලා තියෙන්නෙ. :shocked: ආයිත් ඕෆ් කරලා ඕන් කලා. දෙකම වැඩ.:rolleyes: ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න දකුණු පැත්ත වැඩ නැතුව ගියා.:shocked::(

    දැන්නම් බැරියෝ කියලා ගිහින් නිදාගත්තා.:dull:

    උදේ පාන්දර ඇහැරුනා... :cool:

    yEX65ZD.jpg


    කෙලින්ම දිව්වා කාර් එක ගාවට. සෑහෙන වෙලාවක් දඟලලා වැඩේ හොයාගත්තා... කේස් එක තිබ්බෙ HID බල්බ් එකේ. මොකක්හරි හේතුවක් නිසා ඒ බල්බ් එකට දකුණු පැත්තෙ බැලස්ට් එක ඕවර්ලෝඩ් යනව.මාරුකලා ඒපැත්තෙ බල්බ් එක. :yes: (මං ගාව HID බල්බ් තව දෙක තුනකුයි බැලස්ට් දෙකකුයි විතර තිබ්බ. අපේ බඩාගෙ බැලස්ට් එකකුත් තිබ්බ.)

    වැඩේ හරි. ඔන්න ඕෆ් වෙන කේස් එක නෑ.:D හරි ඔන්න දැන් උදේ පාන්දරම ලයිට් දෙක එජස්ට් කරන්න පටන් ගත්ත.:yes:

    පැත්තක් එජස්ට් කරන්න හිතාගෙන එක පැත්තක ලයිට් එක පත්තරේකින් වහලා ඔන්න එජස්ට් කලා එක ලයිට් එකක්.

    පත්තරේ අයින් කලා අයිත් ලයිට් එක එජස්ට් කරන්න. පත්තරේ ගන්න බෑ.:shocked: ඇද්ද. කෑල්ලක් ඉරිල ආව.:baffled:

    9x8bvyz.jpg


    මේ මොන මගුලක්ද කියලා බැලුවා ලයිට් එක දිහා.:eek:

    j0bEJeB.jpg


    පේනවද වෙලා තියන දේ.. ඔය මැද තියෙන්නේ පත්තර කෑල්ල ඉස්සරහ ලෙන්ස් එකට උනුවෙලා ඇලිලා.:baffled: ලෙන්ස් එක ඉවරෙටම ඉවරයි. හරියටම ලයිට් එක එන තැන තමා ඔය උණුවෙලා තියෙන්නෙ. වැහිලා තිබ්බ නිසා පත්තරේ රත්වෙලා ඊටපස්සෙ ඒකෙන් පලාස්ටික් ට්ක රත්වෙලා දෙක එකට ඇලිලා උනුවෙලා. මේ පැත්ත දැම්මත් එලිය නෑ ඔක්කොම එලිය එතනට වදින නිසා.:(

    RitNrcU.jpg


    ඔන්න ඉතින් ලයිට් වල ගනනුත් හොයල බැලුවා. යකෝ මේව රත්තරංවලින් හදලද කොහෙද යකාගෙ ගනන් වලට හද්ද පරන ඒවත් විකුනන්නෙ.:(

    s43E3WD.png



    ඒ වැඩේ ඇතෑරියා. මට කියන්න අමතක වුනා කාර් එකේ ආපු හෙඩ්ලයිට් සෙට් එක මාරුකලා ඔය එලිය කේස් එකටම ඉස්සර. තායිවාන් දෙකක් දාල තිබ්බෙ. ඔරිජිනල් හෙඩ්ලයිට් දෙක අස්සක තිබිලා හොයාගත්ත. රිෆ්ලෙක්ටර් සවුත්තුවෙලා තිබුනෙ ඒවගෙ.:yes:

    කලින් විදියටම පලු කලා ඒ හෙඩ්ලයිට් දෙක. ගත්තා ලෙන්ස් දෙක වෙන වෙනම.

    ඔය අතරෙ මට පොඩි කුප්ප අදහසක් පහල වුනා. ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ මෙන්න මෙහෙම ලස්සනට කැපිච්ච ඩිම් එකක් තමා තියෙන්නෙ.:yes:

    hj2alty.jpg


    ඒත් මේ ලෙන්ස් වල ඉස්සරහ එන පැටර්න් එක නිසා ඒක එහෙම ගානට වටෙන්නෙ නැතුව එලිය පොඩ්ඩක් විසිරෙනව. එක නිසා හෙඩ්ලයිට් එක උඩට ගන්න බැරිකමක් තිබ්බ ඩිම් එක මූනට වදින නිසා. ඕකටත් වැඩක් දෙන්න හිතුව ඔය අතරෙම.:P

    මං අඳුරන අයිය කෙනෙක් ඉන්නව ගැරෙජ් එකක් කරන. පොරත් එක්ක එකතුවෙලා පට්ටලෙන් කපාගත්තා මෙන්න මෙහෙම කෑල්ලක් ලී වලින්.

    INXHg2l.jpg


    මේක බෙන්ච් ඩ්‍රිල් එකකට අල්ලලා කැපුවා ලෙන්ස් එක ඇතුල් පැත්තෙන්.:P:P:P හෝව් හෝව් බනින්න එපා මං කලින්ම කිව්වනේ..:yes: වැඩේ කෙලවෙයිද කියල ෂුවර් නැතුව කලෙ. කපලා පොලිෂ් කරන්න දවසක් ගියා. ඔක්කොම ෆොටෝ ගන්න බැරිවුනා.:dull:

    මෙන්න අන්තිමට.:P

    18KJ0AG.jpg


    දෙපැත්තම මෙහෙම කරලා දැම්ම.ඊට පස්සෙ ආපහු අවන් එකේ දාලා පලු කරලා තිබ්බ ලෙන්ස් දෙකම අයින් කරල මේ මැද පොලිෂ් කරපු ලෙන්ස් දෙක දැම්මා. මේ තියෙන්නෙ අවසාන ප්‍රතිඵලේ...:cool:

    5JyGqlW.jpg


    ඔන්න දැන්නම් එලියත් තියනවා බීම් එකත් ගානට වදිනවා.:yes:

    කටුව ඔතනින් ඉවරයි කියල හිතන්න එපා...:(:no:

    ඇති යන්තම් කියලා ඔන්න ලයිට් එහෙම එජස්ට් කරලා බල බල හිටියා.:yes:

    එකපාරක් ඕෆ් කරලා ඔන්න ආයිත් ඔන් කලා මං. චට පටාස් ගෑවා ගඳත් ආවා හොඳටම. දඩබඩ ගාල ඕෆ් කලා ලයිට් එක. ගඳයි හොඳටම. මං හිතුව බැලස්ට් එක(සර්කිට් එකට බඩු හරි තමා කියල)

    ටක් ගාල ඒක ගලවලා බැලුවා පේන්න අවුලක් නෑ. වෙන තිබ්බ බල්බ් එකක් ගහල බැලුව ඒක පත්තුවෙනව.:eek:

    හරි එහෙනම් මාරුකරපු බල්බ් එකත් මොකක්හරි වෙන්න ඇති කියල හිතල ගැලෙව්ව ඒක.

    වෙලා තිබ්බ දේ.:dull:

    7yLk34D.jpg


    ෆොටෝ එකේ හරියටම පේන්නෙ නෑ. ඔය අයර් දෙක ඇතුලට යන තැනින් ස්පාර්ක් වෙලා ෂෝට් වෙලා. බල්බ් එක ගිහිල්ලා. මගෙත් වැරද්ද ඕක මාරුකරපු වෙලේ හරියට බැලුවෙ නෑ. :dull:

    දැන් ඉතින් ආයිත් පැත්ත්ට ලයිට් නෑ. තව මේ ජාතියෙන්ම බල්බ් ඇත්තෙත් නෑ. තියන ඒවා හැඩේ වෙනස්. ආයි ඉතින් ඊබේ ඕඩර් කරලා එනකම් ඉන්නයෑ.:(

    s43E3WD.png


    එලකිරියෙ HID පාවිච්චි කරන පල්සර් ක්ලබ් එකේ කුකුලන්ගෙන් අහල බැලුවා හදිස්සියකට ගන්න බල්බ් එකක්වත් තියනවද කියලා කාගවවත් තිබ්බෙ නෑ.:(

    දැන් මොනව කරන්නද. ඒපාර මස්කලා බල්බ් එකත්.:dull:

    මේකෙ මේ ග්ලාස් ටියුබ් එක අනිත් බල්බ් වල ඒව වගේම තමා. දිගේනම් පොඩි වෙනසක් තිබ්බ. තිබ්බ බල්බ් එකක් හඩලා ඒකෙ ග්ලාස් ටියුබ් එක බැස්සුවා පිච්චිච බල්බ් එක ඇතුලට. දාලා ආයි ස්පාර්ක් නුවෙන විදියට තියලා වයර් දෙක ක්‍රිම්ප් කලා තඹ කනෙක්ටර් කෑල්ලක් දාල. මේ වයර් පාස්සන්න බෑ ඊයම් අල්ලන්නෙ නෑ බල්බ් එකට.:dull:

    Ju8PyOW.jpg


    හම්මේ යන්තම් පත්තුවුනා ඔන්න.:D:D:D

    29K8pjI.gif


    පොඩී මෙව්ව එකක් තියනව ඉතින්.

    මේක කලින් අහල නැති අයට පැටලුනොත් කියල. HID වල එලියෙ පාට වෙනස් වෙනව බල්බ් එකේ කලර් ටෙම්පරේචර් එකත් එක්ක. ඒක කෙල්වින් අගයකින් කියන්නෙ. මෙන්න මෙහෙම තමා පාට වෙනස් වෙන්නෙ.

    VAjwVkz.jpg


    මං හදල දාපු බල්බ් එක 4300K එකක්. අනිත් එක 6000K එකක්. පාටෙ පොඩි වෙනසක් තියනව ඉතින්.:dull:

    faYYX5w.jpg


    දැන් ඉතින් මේක කියවගෙන ඇවිල්ල මහන්සිත් ඇතිනේ.. බොමුකො සීතල වතුර වීදුරුවක්..:)

    gVei18N.jpg


    මොකද ඉතුරු ටික කියවන්න ගියාම කලන්තෙ හැදෙන්න පුලුවන්.:baffled:

    ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..

    Part 2

    http://www.elakiri.com/forum/showpost.php?p=20267203&postcount=8075
    :lol:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..:lol:





    දාමු ඉතුරු ටිකත්
    11.gif
     
    Status
    Not open for further replies.