ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

chathu4742

Well-known member
  • ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

    ආ කොහොමේයි කට්ටිය...:rofl:
    කලින් PART 1 එකට තිබ්බ ප්‍රතිචාර වලට ගොඩක් ඉස්තූති කරන ගමන් මෙන්න මම එහෙනම් PART 2 එකත් පටන් ගන්නවා....ඉස්සෙල්ලම කියන්නෙ.. ගිටාර් ගහලාම නැත්තන් ඔයා...එහෙමත් නැත්තන් මේකට කලින් දාපු Part 1 එක කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහින් ඒක බලල ඉන්න....නැත්තන් ගිටාර් Subject එකට බහින්නෙ අලුතින් ම නම්...කොහොමත් ඒක කියවල එන එක ඔයාට හොඳයි...:rolleyes:
    ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners) PART 1

    හරි එහෙම නම්......කලින් Thread එකේ කතා කරේ අන්තිමට දරාගැනීමේ හැකියාව ගැන...ඒ ගැන හොඳට තේරුනා කියල හිතනවා...දැන් ඔන්න මම බහිනවා මේ මාතෘකා ටිකට..
    1. මොකක්ද Rhythm Guitar කියන්නෙ
    2.Beginner chords සහ
    Chords 24 (විසිහතර)
    3. Strumming pattern සහ Chord ඇල්ලීම
    4. Chord Exercises
    5.සින්දු ගහමු, ලේසිම සින්දු
    6. වැදගත් External links
    7. Conclusion අවසානය (දැන් මොකද කරන්නේ)

    කට්ටිය පොඩ්ඩක් net එකේ බැලුවා නම් පෙනෙයි..Rhythm guitar කියන්නෙ එක style එකක් විතරයි.. තව styles කීපයක් තිබුනත්...මම ඇත්තටම beginner
    guitarist කෙනෙකුට ගැලපෙන...ලේසි style එකක් විදිහට දකින Rhythm guitar වලින් ම පටන් ගන්න කියලයි recommend කරන්නෙ. ඒ නිසා මම මේ thread එකෙන් ගොඩක් දුරට කතා කරන්නෙත් මේ Rhythm guitar ගැන තමයි.

    මම කිව්වත් වගේ...මම මේ දාන thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ කාට කාට හරි ගිටාර් ගහන්න ආසාවක් ඇතිවෙලා....පටන් අරගෙන..කරගෙන ගිහිල්ලා.. පස්සෙ කොහොමහරි තමන්ට තනියම සින්දුවක් ගිටාර් එකෙන් ගහන ගමන් කියන්න තරම් හැකියාවක් ලැබෙන එකයි ඇත්තටම...ඔයා ගිටාර් පප්පෙක් නම් හරි දවල්ට රෑට ගිටාර් එක උඩ නිදියලා ඒක උඩම කාලා බීලා ගිටාර් එක ඇඟෙන් කෑල්ලන් වෙච්ච කෙනෙක් නම්...මේ thread එකෙන් උඹට වැඩක් නෑ...පුලුවන් නම් මේ අලුත් guitarists ල වෙන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට එ අයට මේ ගැන ප්‍රශ්න තිබුනොත් නිරාකරණය කරල දෙන්න..:rofl::rofl:

    හරි වැඩේට බහිමු...
    අංක එක (1)
    Rhythm guitar කියල කියන්නෙ ඇත්තටම මේ වගේ දෙයක්...දැකලා තියෙනවද කෙනෙක් ගිටාර් එකක Strings වලට් ( තත් වලට ) එක අතකින් උඩ ඉඳන් පහලටයි පහල ඉඳන් උඩටයි ගහන් ගමන් අනිත් අතින් guitar එක අනිත් කොනේ තියෙන කෙලවරේ strings set එක අතින් එක එක විදිහට අල්ලනවා.... මේන්න මේ දේට කියන්නෙ strum කරන්වා කියලයි chord අල්ලනවා කියලයි...අර අතින් string සෙට් එකට ගහන එක...උඩටයි පහලටයි...ඒකට තමා strum කියන්නෙ. එතකොට අනිත් අතින් ගිටාර් එකේ අනිත් කොනේ තියෙන strings අල්ලනවාට කියන්නෙ chord අල්ලනව කියල තමයි...ඇත්තටම Full chord ඇල්ලීමක් සිද්ද වෙන්නේ rhythm guitar වලදි තමයි..ඒකියන්නෙ ඔයා ඉගෙන ගන්න හදන style එකේ දි ඔයාටත් මේ දේවල් දෙකම කරන්න වෙනවා...මේ දේ කරන්න ඔයාට chords ගැන සහ chord pasterns ගැන දැනුමක් ඕන වෙනවා..ඒ වගේම strumming සහ strum patterns ගැනත් දැනුමක් වගේම මේ දේවල් දෙකම සිද්ද කරන්න ඔයාට ඔයාගෙ timing හදා ගන්නත් වෙනවා...මම මේ ගැන තව ටිකක් ඉදිරියට විස්තර කරන්නම්.... එතකොට සරලවම කිව්වොත් rhythm කියන්නෙ මේ විදිහට chords අල්ලලා strings ටික රිද්මෙකට කලාවකට ගහලා සින්දුවට ගලපගන්න එකයි....

    අංක දෙක (2)
    ඔයාට chords කීපයක දැනුම නම් ඕනම වෙනවා පටන් ගන්න කලින්... මම මුලින්ම කියල ඉන්නම් chords 24 ගැන...ඇත්තටම මම මෙතන music lesson එකක් නෙවේ කරන්නෙ. මම හදන්නෙ සින්දුවක් ගහගන්න උදව් දෙන එක විතරයි ගිටාර් ගහන්න පටන් ගත්ත කෙනෙකුට. එතකොට මගේ අතින් සංගීතයේ එන ගොඩක් දේවල් මග ඇරෙයි...ඇත්තටම අලුතින්ම පටන් ගන්න කෙනෙක්ට ඒවා වැදගත් නෑ... ඒත් chords ගැන විතරක් පොඩියට කියන්නම්...ගිටාර් ගහනකොට ඔයාට සංගීතයේ (බටහිර ) එන chords 24ක් හම්බ වෙනවා...මේවා ප්‍රධාන කොටස් 2ක් තියෙනවා...
    අපි මේවා බෙදනවා
    1. Major chords
    2. Minor chords
    කියල කොටස් දෙකකට.ඇත්තටම ඔයාට මේ වර්ග දෙක ගැන අගක් මුලක් අවශ්‍ය නෑ. ඔයාට අවශ්‍ය වෙන්නේ මෙහෙම දේවල් තියෙනවා කියන දැනුමයි ඒවා පාවිච්චි කරන්න ඕන දැනුමයි විතරයි.
    chords වර්ග ප්‍රධාන වශයෙන් 12 යි...මේ 12 තමයි ආයෙත් අර උඩ කියපු වර්ග 2ට කැඩිලා 24ක් වෙන්නෙ...මෙන්න ඒ ප්‍රධාන 12.
    C ,C#, D, D#, E , F, F#, G, G#, A, A#,B

    එතකොට අර විසිහතර ට වැටෙනකොට මෙහෙමයි....
    Major chords
    C ,C#, D, D#, E , F, F#, G, G#, A, A#,B
    Minor chords ( m= minor)
    Cm ,C#m, Dm, D#m, Em , Fm, F#m, Gm, G#m, Am, A#m,Bm

    මේ එක එක chords අල්ලන්න එක එක හැඩ තියෙනවා... ඒත් මම ඒ ඔක්කොම කියන්න යන්නෙ නෑ... ඔයාට ඕන නම් මේ chords වල නම google කලොත් ඔයාට මේවා අල්ලන විදිහ එතනින් හොයාගන්න පුලුවන්...මම මෙතනින් Basic ම chords 5ක් තෝරගන්නම්...ඔයාට සින්දුවක් ගහන්න පටන් ගන්න කලින් මේ chords 5 ගිටාර් එකේ අල්ලන්න සහ...chord එකෙන් chord එකට මාරු වෙන්න...( මේ පහ ඇතුලෙ ) පුරුදු වෙන්න වෙනවා....මෙන්න මේක තමා අමාරු වැඩේ...ඔයාට වෙනවා කවදාවත් අතින් නොකරපු විජ්ජුම්බර ටිකක් කරල මේව අල්ලන්න...මම තෝරගන්න chords 5 තමයි,
    G, C, D, Em, Am
    මේ chords ටික ගහන්න තියෙන විදිහ මේකයි...
    ඔයා ගිටාර් එක ගහන්න ඒක ගත්තාම අතට ( ගිටාර් එක තියාගන්න විදිහ නම් කියන්නෙ නෑ..:rolleyes:..ඒක නම් දැකලා ඇති නේ..) ඔයා string set එක දිහා උඩින් බලපුවාම...මම මේ ගහල තියෙන ඉරි කෑලි ඔයාගේ strings 6 නම්...( strings 6ක් තියෙන්න ඕන normal acoustic guitar එකක..)


    E-------------------------
    (මේ String එක තමා උඩම තියෙන්නෙ)
    A-------------------------
    D-------------------------
    G-------------------------
    B-------------------------
    E-------------------------
    (මේ String එක තමා පහලම තියෙන්නෙ)

    ඔය ඒ ඉරි කෑලි වලය ඉස්සරහින් ගහල තියෙන්නේ ඒවාගේ නම.... (ඒ නමේ සහ Chords අතර ලොකු සම්බන්ධයක් නෑ කියල දැනට හිතන්න...නිකන් නම විතරයි කියල හිතාගන්න...)
    එතකොට Strings වල තව දෙයක් තමයි Fret එක කියන්නෙ..ගිටාර් එකේ දිග කොටසේ තියෙන්නෙ පොඩි පොඩි කොටු ගොඩක්...මේ වගේ...:yes:
    *-----------|---------|----------|----------|----------
    *-----------|---------|----------|----------|----------
    *----1-----|---2-----|-----3----|---4-----|----5----- 6..7...8...9..
    *-----------|---------|----------|----------|----------
    *-----------|---------|----------|----------|----------
    *-----------|---------|----------|----------|----------

    එතකොට මේ ඉරි අග තියෙන තරු සෙට් එක ඔයාගෙstrings අර දිග board එකෙන් (fret board) ඉවර වෙලා පොඩි කෑල්ලක් වගේ එකක් හරහා යන තැන නම් අර tune කරන මුරිච්චි ටික තියෙන තැනට...ඔයාගෙ ඒ දිග කොටසේ තියෙන අර වගේ කොටු වල පලවෙනි කොටුව අපි 1 කියල කියනවා....එතනින් එහාට තියෙන ඔක්කොම කොටු වලට පිලිවෙලට අංක වලින් නම් තියෙනවා....

    එතකොට මෙතනින් පස්සෙ fret board එකේ strings
    වල යම් තැනක් ගැන කියනවා නම් උඩ ඉදන් string එකේ නමයි...fret එකේ අංකයයි කියපුවාම ඔයාට තැන හොයාගන්න පුලුවන් වෙන්න ඕන...මේක ටිකක් වෙලා බලල තේරුම් ගන්න....
    හරි දැන් මම මේ අංකන ක්‍රමය පාවිච්චි කරලා අර උඩ මම කියපු ගිටාර් එකක තියෙන ලේසිම chords 5 ඔයා කොහොමද අල්ලන්නෙ කියල කියල දෙන්නම්...එතකොට තව දෙයක්...
    ඔයාගේ අතේ ඇඟිලි පහයි..මේ ඇඟිලි වලින් එක එක ව්දිහට chords අල්ලන්න එක එක ඇඟිල්ල fret board එක එක තැන් වල එක පාර තියන්න ඕන...තද කරලා...එතකොට එක එක strings fret board එකේ තියෙන අර පොඩි පොඩි දාර වලට තද වෙලා ඒවගේ සද්ද වෙනස් වෙලා ඇහෙනවා... ඔයා chord එකට අදාල fret
    වල strings ඔක්කොම තද කරපුවාම ඒ chord එකේ සද්දේ එනවා....
    හරි..දැන් අතේ ඇඟිලි 5යි...:yes:
    මහපටැඟිල්ල -1
    දබරැඟිල්ල -2
    මැදැඟිල්ල -3
    වෙදැඟිල්ල -4
    සුලැඟිල්ල -5
    මම අතේ ඇඟිලි ටිකටත් අංක දුන්න එහෙනම්...පටලව ගන්න එපා...මේවා මතක තියාගන්න උවමනාවක් නෑ කොහෙත්ම...නිකන් කරල බලන්න...නිකන්ම මතක හිටීවි දවස් 3ක් 4ක් කරනකොට...

    දැන් අර මුලින් කිව්ව chords ටික ගහන විදිහ බලමු...ඔතනින් ලේසිම එක තමයි Em chord එක... ඇඟිලි 2යි ඔයාට ඕන වෙන්නෙ ඒක ගහන්න..:D

    Em
    3 ඇඟිල්ල -> A string -> 2nd fret

    4 ඇඟිල්ල -> D string -> 2nd fret

    All other strings are open and untouched

    Screen-shot-2011-05-15-at-12.23.27-PM1.jpg

    දැන් මේ chord එක අල්ලගෙන ඔය පින්තූරෙ තියෙන විදිහට...අනිත් අතින් ගිටාර් එකේ sound hole එක ( අර ලොකු හිල ) ගාව තියෙන string ටික අතින් උඩ ඉඳන් පහලට ගහන්න හෙමීට....ඔයාගෙ අතින් වෙන strings අහු වෙලා නැත්තන් සහ අදාල string දෙක හරියට තද වෙලා නම් අර අනිත් අතින් අර string 6 එකින් එක තනි තනිව ගහල බලද්දී ඒ හැම එකෙන් ම හොඳ පිරිච්ච ටීං ගාන්න සද්දයක් එන්න ඕන....මේ chord එක අල්ලගෙන ටිකක් ඒක ගහන එක practice වෙන්න...එතකොට ටික වෙලාවක් ගහනකොට හොඳ සද්දයක් එයි...ඔයාට තේරෙයි හොඳ ලස්සන sound එකක් එනකොට...ඕන නම් google එකේ Em Chord එකේ sound එක search කරලා අහල බලන්න ඔයා ගහනකොට එන එන එකට ලඟින් යනවද කියල....එහෙම වෙනවා නම් ඔයා හරි....

    Chord ගහද්දී මතක තියාගන්න ඕන දේවල්...

    @සෑම chord එකටම අර strings 6ම අදාලයි. ඔයා අල්ලන strings ටිකක් ඒ chord එකට විශේෂ නිසයි එහෙම අල්ලන්නේ.
    @එක string එකක් වත් අඩුවෙන් ඇල්ලුවොත් හරි..අල්ලල තියෙන ප්‍රමාණය මදි නම් හරි...බුරුල් නම් හරි chord එක හරියට වදින්නෙ නෑ...
    @fret board එකේ තමන්ගේ අත, අල්ලන strings වල හැර වෙන කිසිම string එකක වදින්න වත් බෑ..
    @fret එක මැදින් පුලුවන් තරම් ඇඟිලි තියාගෙන තද කරන්න බලන්න...



    තාම Em chord එක විතරනේ...ඒක හොඳට පුරුදු වෙන්න...අල්ලන්න පුරුදු උනායින් පස්සෙ හෙමීට ඒක ගහන්න try එකක් දෙන්න....

    Learn to Play the Guitar in 10 Hours
    හම්මෝ මම දැනට 2nd part එක නවත්තනවා....ඔය මම 3rd part දානකන් ම ඉන්න බැරිනම් මේ උඩ ලින්ක් එකට ගිහින් බලන්න....ගොඩක් උදව් තියෙනවා මෙතන....හැබැයි මම අර කරපු අංකනයට වඩා මේකේ Fingers , Strings අංකනය ටිකක් වෙනස්...Fret, String වලයි ඇඟිලි වලයි...ඒකත් එක්ක පටලව ගන්නෙ නැතුව බලන්න පුලුවන් නම් තේරුම් අර
    න් මේ සයිට් එකේ තියෙන විදිහට කරන්න...මම කොහොම උනත් 3rd part එකත් දානවා......ඉක්මනටම ඒකෙන් හම්බවෙමු....අදට මෙච්චරයි...
    :D:D
    බුදු සරණයි

    වැඩේ හොඳ නම් රෙපක් ගහල සහයෝගයක් දෙන්න..:)
    0Fuv47o.png
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල එල. ගිටාර් එක පිහිදල කරල ගන්ඩ වෙයි වගේ. අපේ ගුරුවරුත් ඇත්තටම ඔය වගේ සුමුදුව කිව්වනං මෙලහට මහින්ද බන්ඩාරල නාලක අංජනල සිල්ලර කඩ කරනව.
    විහිලුවට කිව්වෙ. ඇත්තටම පට්ටම ආතල් එකක් තමා ගිටාර් එකක් ගගහ සින්දුවක් කියන එක. අපෙත් ඉන්නව ඩයල් දෙකක් ආයෙ ලොවෙත් සෙට් වෙනවනං ගෙදරටම ගිහිං එක්ක ඇවිත් ගෙදරටම ගිහිං බස්සනව.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල එල. ගිටාර් එක පිහිදල කරල ගන්ඩ වෙයි වගේ. අපේ ගුරුවරුත් ඇත්තටම ඔය වගේ සුමුදුව කිව්වනං මෙලහට මහින්ද බන්ඩාරල නාලක අංජනල සිල්ලර කඩ කරනව.
    විහිලුවට කිව්වෙ. ඇත්තටම පට්ටම ආතල් එකක් තමා ගිටාර් එකක් ගගහ සින්දුවක් කියන එක. අපෙත් ඉන්නව ඩයල් දෙකක් ආයෙ ලොවෙත් සෙට් වෙනවනං ගෙදරටම ගිහිං එක්ක ඇවිත් ගෙදරටම ගිහිං බස්සනව.

    tho bio karapu kukulekada?:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    THANKS MACHNA......ONNA MMA GUITAR EKAK GATHTHA UMBA NISAMA....DIGATAMA KARANAMEN ILLA SITIMI ...PULUWANNAM VIDEO EKKA DANAWANAM THAWATH PIN


    Yamaha FG700S Acoustic Guitar GUITAR ESSENTIALS BUNDLE
    ( 231359126105 )
    Estimated delivery Thu, Aug 04
     

    chathu4742

    Well-known member
  • THANKS MACHNA......ONNA MMA GUITAR EKAK GATHTHA UMBA NISAMA....DIGATAMA KARANAMEN ILLA SITIMI ...PULUWANNAM VIDEO EKKA DANAWANAM THAWATH PIN


    Yamaha FG700S Acoustic Guitar GUITAR ESSENTIALS BUNDLE
    ( 231359126105 )
    Estimated delivery Thu, Aug 04

    Ado patta sathutui machn...karagena yamu..mama thread update dannam
    monawahari theiyenawa nam PM ekak dapan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ado patta sathutui machn...karagena yamu..mama thread update dannam
    monawahari theiyenawa nam PM ekak dapan

    :):):):):)

    balamu try ekak dala...podi kale idala asawak thibunath e dawaswala guitar ekak ganna thiya hithannawath puluwan kamak thibune nahane ban....eka paratama iye umbe thread eka balala asawa aluth una...thanks
     

    chathu4742

    Well-known member
  • Ela machan, puluvan nam sinhala sindu vala strum pattern video ekak karapanko...

    නෙට් එකේ තියෙනstrum pattern videos සමහරක් ඔය ප්‍රසිද්ද R&B. Reggae, Jazz වගේ style වලට ගැලපෙන strum pattern videos තියෙන්නෙ බන්.. අපිට අර සින්හල සින්දු වලට ගහන්න නම් තියෙන්නෙ ගොඩක් ම අර D D UDUD D D pattern එක තමයි...වෙනස් වෙන ඒවත් හෙනට තියෙනවා. මම බලල video එකක ලින්ක් එකක් මෙතන දාන්නම් මචන්...

    D=Down
    U=UP :)
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සුපිරිම thread එකක්. අවුරුදු 5කට විතර කලින් අරන් දුවිලි වහ වහ තිබුන guitar එකක් තියෙනවා. ආයෙත් අරන් මුල ඉඳල පටන් ගන්න හිතුන උඹේ threads කියවපුවහම :)

    මගේ guitar එක Givson කියල එකක්. පුරුදු වෙන්න ඒක ඇති වෙයිද? :oo:

    පට්ට මචන් :cool:

    Rep +12
     

    chathu4742

    Well-known member
  • සුපිරිම thread එකක්. අවුරුදු 5කට විතර කලින් අරන් දුවිලි වහ වහ තිබුන guitar එකක් තියෙනවා. ආයෙත් අරන් මුල ඉඳල පටන් ගන්න හිතුන උඹේ threads කියවපුවහම :)

    මගේ guitar එක Givson කියල එකක්. පුරුදු වෙන්න ඒක ඇති වෙයිද? :oo:

    පට්ට මචන් :cool:

    Rep +12

    Thankz බන්
    මම පුරුදු උනේත් චයිනීස් ගිටාර් කට්ටකින් බන්...ඕක නම් හොඳටම ඇතිවෙයි මචෝ...:cool: