චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,042
    16,738
    113
    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    චන්ඩි පාට් දැමූ බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ වරදී!

    දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට පහරදීමට උත්සාහ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනය වනවිට අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබුණි. Sri Lankan Traffic Violations ෆේස්බුක් පිටුව මගින් මුල්වරට එම වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහැරීමෙන් අනතුරුව බොහෝ මාධ්‍ය එම සිදුවීමට ප්‍රචාරයක් ලබාදී තිබුනේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

    ඒ අනුව ඉතා කෙටි කලක් තුල ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කොට තිබේ. ඒ අනුව රියදුරාට හා කොන්දොස්තොරවරයාට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබු බලපත්‍ර අවලංගු කොට තිබෙන අතර මින්පසුව රියදුරු හා කොන්දොස්තර දෙපලට අන්තර් පළාත් බස් සේවාවේ කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැක.

    Image-80.jpg

    gossip.png
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    hoda wadak sadaranaya itu wenna ona bus k yooo hithan inne agta alladdi api ain karanna ona baya wela mama nam ain karanwa ban mun wadduoth suththa muge thahadu maru karanan thiyenne eth ape wahana laksha ganna yanwa damage recover karana !
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ අවස්ථාවේදී මම මේ බස් එකේ හිටියා.... මේක මුලින්ම පටන්ගත්තේ ඒ කාර් එකේ අපු මනුස්සයා... බස් එකට ඉස්සරහින් අස්සට මුලින්ම රින්ගවන්න හැදුවේ ඒ මනුස්සයා..... එකට ඉඩ දුන්නේ නැතිවුනහම මිනිහ කුණුහරුපෙන් බස් එකට බැනල ඊට ඉස්සරහින් ඇති වාහනේ අස්සට රින්ගවන්නත් හැදුවා... එයත් ඉඩ දුන්නේ නැතිඋනාම එයටත් පාට් එක දාල ඊටත් ඉස්සරහින් අස්සට රින්ගගත්තා... එකට මලපැනල බස් එකේ ඩ්‍රයිවර් සහ ඉස්සරහ වාහනේ ඩ්‍රයිවර් අර කාර් එක ඉස්සරහට දාල නවත්තලා තමයි මේ සිද්දිය උනේ... ඇත්තටම කාර් කාරයට මුලින්ම ගැහුවේ ඉස්සරහ වාහනේ හිටිය ඩ්‍රයිවර්. බස් එකේ කොන්දොස්තර උට ඇගිල්ල දික්කරල බැන්න විතරයි.. හැබැයි මේ වීඩියෝ එකේ විදියට පෙනෙන්නේ බස් එකට ඉඩ නොදුන්න කාර් ඩ්‍රයිවර් ට බස් එකේ අය ගැහුවා වගේ... මොනවා උනත් බස් එකේ උන්ටත් මීට වඩා ඉවසන්න තිබ්බා . අනික බස් එකට අයිතියක් නැහැ වැරදි පැත්තෙන් ගිහින් ඒ වහනය හරස් කරන්න.

    කොහොමහරි මහමග හරි විනයක් නැති නිසා දරුපවුල් දෙකකට අදායම් මාර්ගය අහිමිවෙච්ච එක විතරයි උනේ..........

    ස්වර්ණවාහිනිය ගැනත් දෙයක් කියන්න ඕනේ. එක දවසක් මම නුවර යද්දී පස්යාලේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ ඉස්ස්කොලේ වෙලාව නිසා.... ස්වර්ණවාහිනී වැන් එකක් වැරදි පැත්තෙන් ඉස්සරහට ගියා... එතන කහ ඉරත් තිබ්බා... ඉස්ස්කොලේ ඇරිච්ච වෙලාවේ. කහ ඉරේ ඩියුටි කරේ ඉස්කෝලේ ළමයෙක්. එත් අරු ලමයව ගණන් ගන්නේ නැතුව දකුණෙන් දාල ගියා... එක මට ෆෝන් එකෙන්වත් වීඩියෝ කරගන්න වෙලා තිබ්බේ නැහැ... වීඩියෝ කරානම් live @8 වලට දාන්න තිබ්බා.....
     
    • Like
    Reactions: richlife

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113

    ඔය නෙත් එෆ් එම්, ස්වර්ණවාහිනි එවුන් හිතන් ඉන්නේ උන් 100% හරි කියලා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,870
    6,738
    113
    38
    Galle
    ඇත්තටම කාර් කාරයට මුලින්ම ගැහුවේ ඉස්සරහ වාහනේ හිටිය ඩ්‍රයිවර්. බස් එකේ කොන්දොස්තර උට ඇගිල්ල දික්කරල බැන්න විතරයි.. .

    මුල්ම එකා බස් එකෙන් බැහැල ඇවිල්ලනේ බං ගහන්නේ