Cheese Balls / චීස් බෝල කන්න වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Cheese Balls / චීස් බෝල කන්න වරෙව්

    කාලෙකට පස්සේ මේකට කෑමක් ඔබලා යන්න කියලා හිතුවා. චීස් බෝල. මෙන්න මෙව්වා ටික තමයි ඕනේ.

    තම්බා පොඩි කරගත් අල ගෙඩි තුනක්
    පාන් පිටි මේස හැඳි දෙකක්
    කෝන් පිටි මේස හැන්දක්
    අඹරා ගත් සුදුළූණු බික් 5 - 6
    අඹරා ගත් ඉඟුරු කැබැල්ලක්
    හීනියට ලියා ගත් අමු මිරිස් කරල් 3 ක්
    හීනියට ලියා ගත් කොත්තමල්ලි කොළ ගහක්/ බැසිල් කොළ 7-8 ක්
    රස පදම අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
    ග්‍රේට් කරගත්තු පාමසන් චීස් මේස හැඳි 3 ක්
    සෙන්ටිමීටරයේ ප්‍රමාණයට කො‍ටු කපාගත් හැපිකව්/ ක්‍රාෆ්ට් හෝ මොසැ‍රැල්ලා වැනි ඕනේම චීස් කැබලි කීපයක්
    දැවටීමට බිස්කට් කුඩු

    මුලින්ම අල ගෙඩි තුන හොඳට පොඩි කරගෙන ඒකට පාන් පිටි සහ කෝන් පිටි දමා හොඳින් අනාගන්න ඕනේ. පස්සේ මිශ්‍රණය ඇනුනට පස්සේ එයටම අඹරාගත් ඉඟුරු, සුදුළූණු, සිහින්ව කපා ගත් අමු මිරිස්, බැසිල් සහ කොත්තමල්ලි කොළ ටික දමාගෙන හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. පසුව එයට පාමසන් චීස් ටික එකතු කරගන්න ඕනේ. අවසානයේ රස අනුව එයටම ලුණු සහ ගම්බිරිස් එකතු කරගන්න ඕනේ. පස්සේ කැමතිනම් ඒ මිශ්‍රණයටම රෝස්මෙරි, ඔරිගානෝ, තයිම් වගේ dry herbs ටිකකුත් එකතු කරගන්න ඕනේ. අන්තිමට හොඳින් මිශ්‍ර කරගත්තු මිශ්‍රණයෙන් පොඩිඩක් අරගෙන පැතලි කරලා එය මැදට අපි කපාගත්තු කො‍ටු කැමති චීස් වර්ගයක් තබා වටකරගෙන කට්ලට් එකක් වගේ අත්ලේ අල්ල දෙකට මැදි කරලා ගුලි හදා ගන්න ඕනේ.

    ඉන් පසුව කෝන් පිටි මේස හැන්දක් වතුර ස්වල්පෙක දිය කරලා අරගෙන හදා ගත්තු ගුලි එහි දවටා තෙත් කරගෙන එය බිස්කට් කුඩු වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න ඕනේ. අවසානයේ මෙන්න මෙහෙම චීස් බෝල හදාගන්න පුලුවන්.

    2hqb3ad.jpg


     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;20481589 said:
    mara rasa athi neda bun

    hadala mekeme images upload karanam

    bump bro

    ටිකක් සැරට ගන්න ඕනේ බං හොඳට පදමට ලුණු එහෙම දාගෙන මික්චර් එකට. තව ඕනේ නම් අල එකටම හොඳට අඹරල ගත්තු මස් ටිකකුත් දාගෙන අනාගත්තනම් සුපිරි.. හදලා අනිවා ෆොටෝ දාපන්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩේ පට්ටනේ.... චිකන් ටිකක් එහෙම දාලා හදලා ගන්න ඕනේ වෙලාවක... :D

    ඔව් ක‍ටු නැති මස් ටිකක් අරගෙන හොඳට අඹරගෙන අර මිශ්‍රණයටම එකතු කරගෙන හදා ගත්තනම් රස තවත් වැඩියි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love::love:



    :P:P හැදුවේ නැතෙයි අලුත් කෑමක් එහෙම ලඟදි...

    නෑ මල්ලි අන්තිමට හැදුවේ mushroom balls මේකේ දාන්න ...ඊට පස්සේ ඒවා දැම්මේ නෑ මේකේ FB එකේ tastemade ඒවා try කරලා බලනවා තනියම ;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ මල්ලි අන්තිමට හැදුවේ mushroom balls මේකේ දාන්න ...ඊට පස්සේ ඒවා දැම්මේ නෑ මේකේ FB එකේ tastemade ඒවා try කරලා බලනවා තනියම ;)

    එල එල..එව්වා වල තියෙන එව්වා හදන්න ලංකාවේ බඩු හොයා ගන්න නෑ බං. ඒකයි අවුල.. ආශ්මි අක්කා සනීපෙන්ද දන්නේ නෑ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට අඩෝ බඩ දැවිල්ල ගන්නවට මොකක් හරි බෙහෙතක් කියපන්කො...
     
    • Like
    Reactions: Ridila™