Cheese Balls / චීස් බෝල කන්න වරෙව්
කාලෙකට පස්සේ මේකට කෑමක් ඔබලා යන්න කියලා හිතුවා. චීස් බෝල. මෙන්න මෙව්වා ටික තමයි ඕනේ.
තම්බා පොඩි කරගත් අල ගෙඩි තුනක්
පාන් පිටි මේස හැඳි දෙකක්
කෝන් පිටි මේස හැන්දක්
අඹරා ගත් සුදුළූණු බික් 5 - 6
අඹරා ගත් ඉඟුරු කැබැල්ලක්
හීනියට ලියා ගත් අමු මිරිස් කරල් 3 ක්
හීනියට ලියා ගත් කොත්තමල්ලි කොළ ගහක්/ බැසිල් කොළ 7-8 ක්
රස පදම අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
ග්රේට් කරගත්තු පාමසන් චීස් මේස හැඳි 3 ක්
සෙන්ටිමීටරයේ ප්රමාණයට කොටු කපාගත් හැපිකව්/ ක්රාෆ්ට් හෝ මොසැරැල්ලා වැනි ඕනේම චීස් කැබලි කීපයක්
දැවටීමට බිස්කට් කුඩු
මුලින්ම අල ගෙඩි තුන හොඳට පොඩි කරගෙන ඒකට පාන් පිටි සහ කෝන් පිටි දමා හොඳින් අනාගන්න ඕනේ. පස්සේ මිශ්රණය ඇනුනට පස්සේ එයටම අඹරාගත් ඉඟුරු, සුදුළූණු, සිහින්ව කපා ගත් අමු මිරිස්, බැසිල් සහ කොත්තමල්ලි කොළ ටික දමාගෙන හොඳින් මිශ්ර කර ගන්න ඕනේ. පසුව එයට පාමසන් චීස් ටික එකතු කරගන්න ඕනේ. අවසානයේ රස අනුව එයටම ලුණු සහ ගම්බිරිස් එකතු කරගන්න ඕනේ. පස්සේ කැමතිනම් ඒ මිශ්රණයටම රෝස්මෙරි, ඔරිගානෝ, තයිම් වගේ dry herbs ටිකකුත් එකතු කරගන්න ඕනේ. අන්තිමට හොඳින් මිශ්ර කරගත්තු මිශ්රණයෙන් පොඩිඩක් අරගෙන පැතලි කරලා එය මැදට අපි කපාගත්තු කොටු කැමති චීස් වර්ගයක් තබා වටකරගෙන කට්ලට් එකක් වගේ අත්ලේ අල්ල දෙකට මැදි කරලා ගුලි හදා ගන්න ඕනේ.
ඉන් පසුව කෝන් පිටි මේස හැන්දක් වතුර ස්වල්පෙක දිය කරලා අරගෙන හදා ගත්තු ගුලි එහි දවටා තෙත් කරගෙන එය බිස්කට් කුඩු වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න ඕනේ. අවසානයේ මෙන්න මෙහෙම චීස් බෝල හදාගන්න පුලුවන්.