ගොඩයෝ Updated

Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
උබ කියන කතාවෙ ඇත්තකුත් තියනවා

මිනිස්සු ඉන්න පරිසරේ අනුව වෙන දේවල් බන් ඔය, හැසිරෙන්න දන්නේ නැති එකා ගමේ හිටියත් නගරේ හිටියත් හදන්න බෑ. දැන් ඔය කොළඹ උනත් බස් වලට නගින ලොකු ඉස්කෝල වල කොල්ලෝ ඉන්නව පිටිපස්සේ සීට් එකේ ඉඳන් කෑ ගගහ හූ කියා කිය යන අය. ටයි කෝට් දාගෙන ෆෝන් එකෙන් බස් එකටම ඇහෙන්න කෑ ගගහ ලොකු ටෝක් දෙන මහත්තුරු, දෙන්නෙක්ට යන්න පුළුවන් සිට් එකේ කකුල් දෙක දිගැරගෙන යන මහත්තුරු, කොන්ඩේ කඩාගෙන බස් වල යන නෝනලා, ජැන්ඩියට ඇඳගෙන ජැක් ගහන අයියල, පික් පොකට් ගහන අයියල, AC බස් එකේ පෝලිම පැනල යන අය වගේ ඉන්නව සැහෙන්න.

මිනිස්සු ඉන්න පරිසරේ අනුව වෙන දේවල් කියන අදහසේ තමයි මමත් ඉන්නේ මචන් .දෙපැත්තේම ඉන්නවා නමුත් සම්භාවිතාවක් විදිහට ගම්වල වැඩියි
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මිනිස්සු ඉන්න පරිසරේ අනුව වෙන දේවල් කියන අදහසේ තමයි මමත් ඉන්නේ මචන් .දෙපැත්තේම ඉන්නවා නමුත් සම්භාවිතාවක් විදිහට ගම්වල වැඩියි

    බස් වල කෑම කන ඒවා නම් තියෙන්නේ එතින් දුර යනකොට එහෙම විතරනේ බන්. අපි කොට්ට්වෙන් නැගල. කඩල ගොට්ටක් කාල . වතුර ටිකක් බිලා , අන්නාසි කැල්ලක් කන්න යනකොට කොලබට ඇවිත් නේ :rofl:

    දුර යනකොට එහෙම නෙමයිනේ බන් එකත් බලප්නවා
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    මෙහෙමයි මචං ඕක ගමේ පුරුදුවත් ගොඩේ පුරුදුවත් නෙමයි කියල මුලින්ම තේරුම ගන්න ඕනි. අනුන්ට කරදරයක් වෙන් විදියට යන මිනිස්සු නගරෙත් ඕනි තරම් ඉන්නව.

    ඕකට බලපාන්නේ ගෙදර හා සමාජීය පරිසරය, පාසල

    මම 6 වසරට වෙනකම් ගියේ ගෙවල් ගාව තිබ්බ ඉස්කෝලෙට. එකේ හැම අව්රුද්දේම සාමාන්‍යපෙළ එවරවෙලා අන්තිම දවසට විබාගේ ලියපු උන් මොකද කරන්නේ ඉස්කෝලේ බිල්ඩින් වල තියන ජනෙල් විදුරු කුඩු කරලා මල්පෝච්චි පොලවේ ගහල තමයි යන්නේ. ඕක දැක්කම මාර පුදුමයි. මොකද මම 6 පස්සේ ගිය ඉස්කෝලේ මල් පැලයක් වත් මැරෙන්න දෙන්නේ නැහැ ළමයි ඒ තරම් ඉස්කෝලෙට ආදරෙය්, මුන් ඉස්කෝලේ විනාස කරලා යන්නේ. එහෙම වෙන්නේ පාසලින් ළමයිට වටිනාකමක් ආරෝපණය වෙලා නැහැ

    ඒ වගේම අකුරු කියවන්න බැරි වයසක මිනිස්සු මම දැකල තියනවා බොහොම ගුණ ගෞකව ජිවිත කාලෙම ගතකපු කාටවත් කරදරයක් නොකරපු මිනිස්සු.

    ඕක තියෙන්නේ සාමජිය අද්යාපනයක් ලැබෙන්නේ නැති යට විතරයි බන්. ගමේ කියල නගරේ කියල වෙනසක් නැහැ

    පාරේ කුණු දාල යන්නේ ගමේ මිනිස්සු නෙමයි නේ නගරයේ මිනිස්සු නේ ... හැම දෙකම විවිද පති තියනවා මචං
    ඇත්ත මචන් ..ගමේ මිනිස්සු කවදාවත් වතුරකට කුණු දාන්නේ නෑ.පුදුම විදිහේ ලබැදියාවක් තියනවා පරිසරයත් එක්ක.ඒ මිනිස්සු හරි ආදරෙයි ගහට කොළට .
    ඒ වගේම අද අපේ ගෙදර හොද මාළුවක් හැදුවොත් එහා ගෙදරට කොටසක් දෙනවා .ඒවා නගරවල නම් දකින්න හරිම අඩුයි නේ, දැන් ඔය මුඩුක්කු වල ජිවත් වෙන උනුත් ඔය විදිහයි නමුත් උනුත් නගරේ කියලනේ ගණන් ගැනෙන්නේ .උබ කිව්වා වගේ විවිධාකාර පැති තියනවා ඔය ගැන කතා කරන්න .නමුත් නගරේ මිනිහට පරිසර සාධක වැඩියි ගමේ මිනිහට වඩා
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    බස් වල කෑම කන ඒවා නම් තියෙන්නේ එතින් දුර යනකොට එහෙම විතරනේ බන්. අපි කොට්ට්වෙන් නැගල. කඩල ගොට්ටක් කාල . වතුර ටිකක් බිලා , අන්නාසි කැල්ලක් කන්න යනකොට කොලබට ඇවිත් නේ :rofl:

    දුර යනකොට එහෙම නෙමයිනේ බන් එකත් බලප්නවා

    :yes::yes::yes: කන එක නෙමෙයි අවුල .කෑම නිසා අනෙක් අයට කරදරයක් වෙන එකයි ගැටලුව

    ඔය බුද්ධාගමේ තියෙන්නේ 'න සුරු සුරු කරකං භුඤ්ජිඝසාමීති සික්‌ඛා කරණීය' (සුරු සුරු යන හඬ ඇතිකොට නොවළඳන්නෙමි) කියල ඔන්න ඕකට වෙන්න ඕනේ :yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පාරේ කුණු දාල යන්නේ ගමේ මිනිස්සු නෙමයි නේ නගරයේ මිනිස්සු නේ ... හැම දෙකම විවිද පති තියනවා මචං

    Pare kunu dala yanne nan godak welawata town wala idam nethi nisa.

    Town kittuwa inna eke wasiyak thamai gossip hoyanne nethi weema.

    Hebei mala geyak wunath town wala night ekak gahanna wate ewun enne na.

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උගන්නන්න නම් වියදම් කරනවා .එත් ගොඩක් අය නගර බද ඉස්කෝලෙකට යැව්වොත් තමා .ඇත්තටම මචන් ඔය සිශ්සත්වෙට එහෙම ඒ තරම්ම තරගයක් නෑ අපේ පැතිවල .පාස් වෙන්න පුලුවන්නම් පාස් වෙයන් .ඉගන ගන්න සල්ලි දෙන්නම් කියනවා විනා අර නගර වල වගේ ළමයා මානසික ලෙඩෙක් වෙන තරම් පෙෂර් එකක් නම් නෑ. මම ඔතනින් නම් අදහස් කලේ ගොඩක් ම කන බොන වියදම් ගැන මචන්
    පිස්සුද බන්?පොඩ්ඩක් ගමේ ගිහින් බලපන්කො හැම ගෙදරම ගෑනිට ස්කූටියක් තියෙනවා.එවුන්ගෙ වැඩේ පිටි ගෝනි බානවා වගේ ළමයි ක්ලාස් ගාවින් හලාගෙන හලාගෙන යන එක.අපෙ අම්මා ප්‍රයිමරි ටීචර් කෙනෙක්.අම්මා දවස් 2ක් හවස ක්ලාස් කරනවා පන්තියෙ ළමයින්ට සල්ලි ගන්නෙ නැතුව.ඔය උගන්නන්න දඟලන එක ගැනනම් ටවුමත් එකයි ගමත් එකයි.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    ඔව් ..ඕකට අදාලව තමයි දැම්මේ ..කවුද කෙයාර් කරන්න එපා කිව්වේ

    ai set ekak ma kiyala thiyenne. wachane "care" newe. adahasa eekai.
    theread eka dapu kena kiyanne mokadda kiyana de gana poddak wath kiyala na. goviyo ehema thamai / ee mee lankawe jana samajaye hati / uba posh nan kata piyagena palayan -->> ohoma ne kiyala thiyenne?
    godak aya kiuwe na ne, lankawe godak ayata manners / discipline na. eeka waraddak. api eka hada ganna oona kiyala ? :rolleyes:
    2-3 denek kiuwe

    කලින් ත්‍රෙඩ් එකෙ කියන එක ඇත්ත එකෙ කියල තියන විදිය තමායි අවුල්

    කියල තියන විදිය තමායි අවුල්.. :yes:
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    anika "manners / discipline" game minissunta newe, mee rate 99% katama na.
    Parliament eke sidda wena kunuharapa peenawa ne?
    vili lajjawe ba loketa muna denna.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොඩේ මිනිස්සු විතරක් නෙමෙයි. සිංහල මිනිහා තමන්ගෙ ලාංඡනය විදියට පෙන්නනන සිංහය වගේම කම්මැලියි. ලේසියට පහසුවට මොනවහරි ලැබෙනවනම් අනිත් එකාට හෙන ගැහුනත් කමක් නැහැ. බස් එකට නැග්ගගමන් කෙලින්ම බහින්න ලේසියට දොර ලඟ හිටගන්නෙ. ඊට පස්සෙ කොන්ද ඇවිත් හරක් දක්කනව වගෙ දක්කන්න ඕන. බස් එකක යනකොට පිටිපස්සෙ දොරෙන් නැගල ඉස්සරහ දොරෙන් බහින එක මහ ලොකු කරන්න බැරි අමාරු වැඩක්ද? මිනිස්සුන්ගෙ තියෙන්නෙ නොසැලකිල්ල. :angry:

    polim paninawa, paga denawa, anith minissuntama baninawa dawasa pura. pudumath hithenawa buddagama pradana agama wechcha rataka mehema wena eka.

    thaman okkoma waradi karala deshapalakayonta hari wena kata hari baninawa hora kanawa kiala. traffic policiyakata pagawa nodeepu aya keeyen kee dena da inne api athare ehema thian wena ayage dooshana waradi kia kia baninawa. polim paninne nathi aya keeyen kee denada inne api athare ehema thiyan sama aithiwasikam gana katha wenawa :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා.

    වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail.

    වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු :baffled:

    අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ? :baffled:

    අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ.

    හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ.

    මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ :sorry:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    anika "manners / discipline" game minissunta newe, mee rate 99% katama na.
    Parliament eke sidda wena kunuharapa peenawa ne?
    vili lajjawe ba loketa muna denna.

    ඔව් බන් එකනම් ඇත්ත ..මහා ජාරාවක් පාලිමන්ට් එකනම් ..මුඩුක්කු වක් වගේ
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා.

    වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail.

    වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු :baffled:

    අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ? :baffled:

    අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ.

    හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ.

    මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ :sorry:

    තිත්ත ඇත්ත
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයාගේ කරුණු සමහර ඒවාට එකගයි ..එත් ඔයාගේ දැක්ම වැරදි...

    ලංකාව කියන්නේ බන් දියුණු රටක් නෙවෙයිනේ ...එතකොට සංස්කෘතියත් හැදෙන්නේ ඒ විධිහටනේ...එත් මේක ගමේද නගරේද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා..කොළඹ ඉන්න 90% බස් වල යන අය ගම වලින් කොළඹට ආපු අය..එක හොදට තේරෙනවා පෝය දවසට , අවුරුදු නිවාඩුවට කට්ටිය ගමේ ගියාම කොහොමද කොළඹ පාලුවට යන්නේ කියලා...කොළඹ එන බහුතරයට " පොෂ් " මේනියාව ගහනවා.එතකොට තමයි ඔය ethics මතක් වෙන්නේ ..ඊලගට කොළඹ සමාජයේ අසල්වාසී සම්බන්ධකම් කොහොමද ...කිසිම වෙලාවක මුනට හම්බුනත් හිනාවක් නෑ ..ඉන්නේ ලොකුකමට..කරදයක් උනත් උදව් කරන්න කෙනෙක් නැ ..මළගෙයක් උනොත් anounce කරන්න ඕනි මිනිස්සුන්ට දැනගන්න ...එත් ගම වල එහෙමද...මළගෙයක් උනොත් දවස් ගණන් ඉන්නවා ඇවිල්ලා..කරදරයක් උනොත් බොක්කෙන්ම උදව් කරනවා...ඕනි වෙලාවක අයියේ , මල්ලි කියලා කතා කරනවා...ඉතින් ඔයා කොහොමද කියන්නේ කොළඹ සංස්කෘතිය හොදයි කියලා ...?

    ඔයා මේ කියලා තියෙන ප්‍රශ්න වලට හේතුව නගර බද හරි ග්‍රාමීය කියන එක නෙවෙයි සහෝ..පවුල් පරිසරය...දෙමාපියන් වැදගත් විධිහට ඉන්නවා නම් ළමයි එහෙම හැදෙනවා...දැන් කොළඹ ඉන්න මුඩුක්කු අයගේ ජිවන රටාව " පොෂ් " ද...නෑ නේ..ගමේ නගරයේ කොහේ උනත් හැසිරෙන විධිහ තීරණය වෙන්නේ එයාලගේ පවුල් පසුබිම් එක්ක..සමාජය එක්ක...එත් ප්‍රයෝගිකව මට නම් කොළඹින් පිට නගර වල , ගම් වල පරිසරය හොදයි...පොෂ් වෙන්න දගලන්නේ නැති බොහොම මිත්‍රශීලි , අගන්තුක සත්කාර දන්න ම මිනිස්සු ඉන්නේ..ලොකු ලොකු වාහන නැති උනත් හොද වැදගත් විධිහට ජිවත් වෙන්නේ...ගොඩක් ගම් වල ඉන්නවා කොටි ගණන් වත්කම් තියෙන මිනිස්සු..එත් උන් බොහොම සරල ජිවිතයක් ගෙනියනවා...සංකීර්ණ කරගන්නේ නෑ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොදුවේ ගත්තොත් ....සිංහලයාගේ නෙවෙයි ..ශ්‍රී ලාංකිකයන්ගේ අඩුපාඩු මේවා

    - තව කෙනෙක් දියුණු වෙනවා දකින්න බෑ
    - තමන්ගෙන් තව කෙනෙක්ට අවහිරයක් . කරදරයක් වෙනවා කියලා හිතන්නේ නෑ , දකින්නේ නෑ
    - තව කෙනෙක්ට උදව්වක් කරන්න ඕනි කියලා හිතෙන්නේ නෑ
    - තව කෙනෙක්ව අගය කරන්න කැමති නෑ

    අපේ අය කොහේ ගියත්මේ මේ දේවල් රට අනුව වෙනස් වෙන්නෙත් නෑ ..මගේ මාමා ගියා australiya වලට නිවාඩුවකට..එයාගේ පුතා ඉන්නේ එහෙ..දවසක් මෙයාලා ඇවිදින්න ගිහිල්ලා..සිඩ්නි වල...මෙයා ඉද ගෙන ඉන්නකොට සමහර ලංකාවේ මිනිස්සු ඇවිල්ලා කතා කරලා ලංකාවේද කියලා අහලා...ඔව් කිව්වම ගොඩක් කලෙක ඉදන් අදුරන අය වගේ බොහොම මිත්‍රශීලි විධිහට කතා කරලා...එත් සමහර ලංකාවේ අය මුණ දිහා බලාගෙන ලොකු සීන් එකෙන් යනවලු...එයාලගේ ගෙවල් ගාවත් ලංකාවේ අය බහුතරය ඉන්නවලු...එත් ලොකු හිතවත්කමක් නෑලු..ඒ වගේම සමහර මිනිස්සු ලංකාවේ වගේම අනිත් අයගේ අඩුපාඩු හොයන එකලු එහෙ ගිහිල්ලත් කරන්නේ......ඉතින් මේකෙන්ම තේරෙනවා මිනිස්සු කොලඹද , ගමේද , පොෂ් ද නැද්ද , උගත්ද නුගත් ද කියන එක මතම නෙවෙයි මිනිසුන්ගේ ගතිගුණ තීරණය වෙන්නේ...එයාලගේ පවුලේ පසුබිම අනුව.....
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,940
    17,582
    113
    Nowhere

    indian karayoda danna loku seen eken inne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට දැනෙන සඳහන් නොවුන කරුණක් තමයි,
    ඔය ජෙව්ස්, යුරෝපියන්, ජපන් රටවලයි අපේ රටටයි අතරේ ලොකුම අවුල තියෙන්නේ අපි පොඩි කාලේ අපිට උගන්නල තියෙන්නේ, 'කොහොමද හිතන්නේ' කියන එක වෙනුවට, 'මොකක්ද හිතන්න ඕන' කියන දේ.
    මෙහෙම අපිට හිතන්න බැරි කරලා තියෙන්නේ අපේ අම්මල තාත්තලගේම වැරැද්ද.
    හැම රෙදම ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙනවා මිසක් හිතන්නේ කොහොමද කියන එක කියල දෙන්නේ නැහැ කවදාවත්. ඉතින් හැමදාම ගෙවල් වලින් අපි බැනුම් අහ අහ ඔහේ ඉන්නවා.
    (ගෙවල් වලින් ඈතට ගිහින් තනියම ජීවිතේ කාලේ ගෙවන නිදහසේ හිතන එවුන් ඉන්නවනම් මන් කියන එක මොකක්ද කියල හරියටම ඌට තේරෙනවා)

    ඒ උනාට දෙමව්පියන්ට එහෙම වැඩි දැනුමක් නැහැ. නමුත් අම්මල තාත්තලාගෙන් පටන් ගත්තම මොන්ටිසෝරි ඉස්කෝලේ හැම තැනකම වෙන්නේ ඔය ටික.
    අධ්‍යාපනය කියල ලබල එලියට එන්නේ ගිරව් සෙට් එකක්.
    අපේ පොඩි කාලේ අපේ හිතේ තිබුන කුතුහලය ට උත්තර හොයපු අපි, අපිට හිතන්න බැරි කරලා උන් උන්ම අපිට හදල දීපු ප්‍රශ්න වලට උන්ම දෙන උත්තර අපිට කට පාඩන් කොරල පෙරලා පෙරලා උපරිම ගිරවා දාන එකාව කැම්පස් අරගන්නවා. අනිකාව බය කරනවා තෝට අනාගතයක් නැහැ මේ ප්‍රශ්න වලට මේ උත්තර ටික දුන්නේ නැත්තන් කියල.
    අන්තිමට එලියට එනවා කල්පනා කරන්න බැරි අප්සට් ප්‍රඩක්ට් එකක් මේ එඩියුකේෂන් සිස්ටම් එකෙන්.

    මට මේ අවුල බලපෑවේ ගොඩක් අඩුවෙන්, පවුද්ගලික හේතු, වාසනාව වගේ දේවල් නිසා. එත් මේකෙන් වෙච්ච හානිය ගොඩක් සැලකිය යුතු මට්ටමක එකක්. හුගක් අයට මේක බලපානවා.
    අපි පොඩි කාලේ අපිට කොහොමද හිතන්නේ කියන දේ කියල දුන්නනම් මම හිතන්නේ අපිට හරි/වැරැද්ද මොකක්ද කියල අමුතුවෙන් උගන්නන්න අවශ්‍ය නැහැ.
    අපිට ආගම අවශ්‍යත් නැහැ.
    මොකද අපිට තේරුම් ගන්න පුළුවන් තත්වෙයක් එනවා මොකක්ද ඇත්ත, මොකක්ද පචය කියල වෙන් කරලා අඳුරගන්න. ඒ විතරක් නෙමෙයි, හොඳ / නරක කියන දෙක වෙන් කරලා අන්දුරගන්නත් පුළුවන් වෙනවා.
    එතකොට මේ ලෝකේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේක අපේ රටේ විතරක් නෙමෙයි අනික් ගොඩක් රටවල් වල උනත් වෙන දෙයක්.
    අපි ඉපදුන ගමන් ගත කරන මුල් අවුරුදු කීපය ගොඩක් වැදගත් කාලයක්. වෙනස් විදිහට හිතන්න උනත් හොදටම පුළුවන් කාලය තමයි ඒක.
    ජපානේ පොඩි උන්ට අවුරුදු කීපයක් යනකන්ම ඉස්කොලවල් වල අකුරු තියා මොකුත් අධ්‍යාපනික කරුණු උගන්නන්නේ නැතුව මුල් කාලේදී විභාගයක් වත් නොතිය ඒ කාලේදී සමාජ සාරධර්ම ගැන කියල දෙනව.
    මෙතනින් තමයි පටන් ගන්න ඕන. මේක වෙනස් කරන්න අපේ පරම්පරාවට බැරි නම් ඊළඟ පොඩි පරම්පරාවෙන් පටන්ගත්තොත් ඒ දෙය මේ මුළු සිස්ටම් එකටම බලානවා.
    මේ රට උනත් සම්පුර්ණ වෙනස් වෙයි හොඳ පැත්තට.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා.

    වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail.

    වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු :baffled:

    අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ? :baffled:

    අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ.

    හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ.

    මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ :sorry:

    යථාර්තය ඕක තමයි ලංකාවේ මිනිස්සු මේ සම්ම්ත්ජාතියට හැදනේ නැ හදන්නත් බැ, IQ එක DNA වලින් එන දෙයක් IQ එක වැඩි නම් හොද බුද්දිමත් ආකල්ප, ලංකාව උන්ගේ IQ එක වැඩි අප්‍රිකන් උන්ට විතරයි, අරාබියේ හම්බ යක්කු හොදයි අපට වැඩිය :dull:

    https://iq-research.info/en/page/average-iq-by-country/lk-sri-lanka

    Untitled.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට දැනෙන සඳහන් නොවුන කරුණක් තමයි,
    ඔය ජෙව්ස්, යුරෝපියන්, ජපන් රටවලයි අපේ රටටයි අතරේ ලොකුම අවුල තියෙන්නේ අපි පොඩි කාලේ අපිට උගන්නල තියෙන්නේ, 'කොහොමද හිතන්නේ' කියන එක වෙනුවට, 'මොකක්ද හිතන්න ඕන' කියන දේ.
    මෙහෙම අපිට හිතන්න බැරි කරලා තියෙන්නේ අපේ අම්මල තාත්තලගේම වැරැද්ද.
    හැම රෙදම ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙනවා මිසක් හිතන්නේ කොහොමද කියන එක කියල දෙන්නේ නැහැ කවදාවත්. ඉතින් හැමදාම ගෙවල් වලින් අපි බැනුම් අහ අහ ඔහේ ඉන්නවා.
    (ගෙවල් වලින් ඈතට ගිහින් තනියම ජීවිතේ කාලේ ගෙවන නිදහසේ හිතන එවුන් ඉන්නවනම් මන් කියන එක මොකක්ද කියල හරියටම ඌට තේරෙනවා)

    ඒ උනාට දෙමව්පියන්ට එහෙම වැඩි දැනුමක් නැහැ. නමුත් අම්මල තාත්තලාගෙන් පටන් ගත්තම මොන්ටිසෝරි ඉස්කෝලේ හැම තැනකම වෙන්නේ ඔය ටික.
    අධ්‍යාපනය කියල ලබල එලියට එන්නේ ගිරව් සෙට් එකක්.
    අපේ පොඩි කාලේ අපේ හිතේ තිබුන කුතුහලය ට උත්තර හොයපු අපි, අපිට හිතන්න බැරි කරලා උන් උන්ම අපිට හදල දීපු ප්‍රශ්න වලට උන්ම දෙන උත්තර අපිට කට පාඩන් කොරල පෙරලා පෙරලා උපරිම ගිරවා දාන එකාව කැම්පස් අරගන්නවා. අනිකාව බය කරනවා තෝට අනාගතයක් නැහැ මේ ප්‍රශ්න වලට මේ උත්තර ටික දුන්නේ නැත්තන් කියල.
    අන්තිමට එලියට එනවා කල්පනා කරන්න බැරි අප්සට් ප්‍රඩක්ට් එකක් මේ එඩියුකේෂන් සිස්ටම් එකෙන්.

    මට මේ අවුල බලපෑවේ ගොඩක් අඩුවෙන්, පවුද්ගලික හේතු, වාසනාව වගේ දේවල් නිසා. එත් මේකෙන් වෙච්ච හානිය ගොඩක් සැලකිය යුතු මට්ටමක එකක්. හුගක් අයට මේක බලපානවා.
    අපි පොඩි කාලේ අපිට කොහොමද හිතන්නේ කියන දේ කියල දුන්නනම් මම හිතන්නේ අපිට හරි/වැරැද්ද මොකක්ද කියල අමුතුවෙන් උගන්නන්න අවශ්‍ය නැහැ.
    අපිට ආගම අවශ්‍යත් නැහැ.
    මොකද අපිට තේරුම් ගන්න පුළුවන් තත්වෙයක් එනවා මොකක්ද ඇත්ත, මොකක්ද පචය කියල වෙන් කරලා අඳුරගන්න. ඒ විතරක් නෙමෙයි, හොඳ / නරක කියන දෙක වෙන් කරලා අන්දුරගන්නත් පුළුවන් වෙනවා.
    එතකොට මේ ලෝකේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේක අපේ රටේ විතරක් නෙමෙයි අනික් ගොඩක් රටවල් වල උනත් වෙන දෙයක්.
    අපි ඉපදුන ගමන් ගත කරන මුල් අවුරුදු කීපය ගොඩක් වැදගත් කාලයක්. වෙනස් විදිහට හිතන්න උනත් හොදටම පුළුවන් කාලය තමයි ඒක.
    ජපානේ පොඩි උන්ට අවුරුදු කීපයක් යනකන්ම ඉස්කොලවල් වල අකුරු තියා මොකුත් අධ්‍යාපනික කරුණු උගන්නන්නේ නැතුව මුල් කාලේදී විභාගයක් වත් නොතිය ඒ කාලේදී සමාජ සාරධර්ම ගැන කියල දෙනව.
    මෙතනින් තමයි පටන් ගන්න ඕන. මේක වෙනස් කරන්න අපේ පරම්පරාවට බැරි නම් ඊළඟ පොඩි පරම්පරාවෙන් පටන්ගත්තොත් ඒ දෙය මේ මුළු සිස්ටම් එකටම බලානවා.
    මේ රට උනත් සම්පුර්ණ වෙනස් වෙයි හොඳ පැත්තට.

    ඔව් මේකත් ලොකු හේතුවක් අපි පසු බහින්න, ලංකාවේ මිනිස්සු ප්ර්යෝගිකත්වේ පිළිගන්න කැමති නැ, අපි තම ඉන්නේ වැඩවසම් කලේ පරිපාලන සේවා තමයි ඉහලම දේ කියල හිතන් ඉන්න මැටි මෝල් ආකල්ප වලින්
     
    එකෙන්ම බන්....මේවා අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි...වෙනත් රටවල පොඩි කාලේ ඉදන්ම ස්වාධීනව වැඩ කරන්න , හිතන්න පුළුවන් වෙන විධිහට සමජය හදාගෙන තියෙන්නේ...අපේ රටේ එක තනිකරම වෙනස්....පොඩි කාලෙදිම අපේ ළමයින්ගේ නිර්මාණශීලි බව , ස්වාධින බව නැති කරලා දානවා..දෙමාපියන් යටතේ එයාලා කියන විධිහටම ඉන්නම ඕනි කියන අදහසට ළමයි හැදෙන්නේ..ඉතින් අලුත් දේවල් වලට යන්නේ නෑ ....දෙමාපියන්ගේ , පවුලේ ගතිගුණ ඉදිරියට ගෙනියනවා..ඒවා හදාගන්නේ නෑ /.