මට දැනෙන සඳහන් නොවුන කරුණක් තමයි,
ඔය ජෙව්ස්, යුරෝපියන්, ජපන් රටවලයි අපේ රටටයි අතරේ ලොකුම අවුල තියෙන්නේ අපි පොඩි කාලේ අපිට උගන්නල තියෙන්නේ, 'කොහොමද හිතන්නේ' කියන එක වෙනුවට, 'මොකක්ද හිතන්න ඕන' කියන දේ.
මෙහෙම අපිට හිතන්න බැරි කරලා තියෙන්නේ අපේ අම්මල තාත්තලගේම වැරැද්ද.
හැම රෙදම ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙනවා මිසක් හිතන්නේ කොහොමද කියන එක කියල දෙන්නේ නැහැ කවදාවත්. ඉතින් හැමදාම ගෙවල් වලින් අපි බැනුම් අහ අහ ඔහේ ඉන්නවා.
(ගෙවල් වලින් ඈතට ගිහින් තනියම ජීවිතේ කාලේ ගෙවන නිදහසේ හිතන එවුන් ඉන්නවනම් මන් කියන එක මොකක්ද කියල හරියටම ඌට තේරෙනවා)
ඒ උනාට දෙමව්පියන්ට එහෙම වැඩි දැනුමක් නැහැ. නමුත් අම්මල තාත්තලාගෙන් පටන් ගත්තම මොන්ටිසෝරි ඉස්කෝලේ හැම තැනකම වෙන්නේ ඔය ටික.
අධ්‍යාපනය කියල ලබල එලියට එන්නේ ගිරව් සෙට් එකක්.
අපේ පොඩි කාලේ අපේ හිතේ තිබුන කුතුහලය ට උත්තර හොයපු අපි, අපිට හිතන්න බැරි කරලා උන් උන්ම අපිට හදල දීපු ප්‍රශ්න වලට උන්ම දෙන උත්තර අපිට කට පාඩන් කොරල පෙරලා පෙරලා උපරිම ගිරවා දාන එකාව කැම්පස් අරගන්නවා. අනිකාව බය කරනවා තෝට අනාගතයක් නැහැ මේ ප්‍රශ්න වලට මේ උත්තර ටික දුන්නේ නැත්තන් කියල.
අන්තිමට එලියට එනවා කල්පනා කරන්න බැරි අප්සට් ප්‍රඩක්ට් එකක් මේ එඩියුකේෂන් සිස්ටම් එකෙන්.
මට මේ අවුල බලපෑවේ ගොඩක් අඩුවෙන්, පවුද්ගලික හේතු, වාසනාව වගේ දේවල් නිසා. එත් මේකෙන් වෙච්ච හානිය ගොඩක් සැලකිය යුතු මට්ටමක එකක්. හුගක් අයට මේක බලපානවා.
අපි පොඩි කාලේ අපිට කොහොමද හිතන්නේ කියන දේ කියල දුන්නනම් මම හිතන්නේ අපිට හරි/වැරැද්ද මොකක්ද කියල අමුතුවෙන් උගන්නන්න අවශ්‍ය නැහැ.
අපිට ආගම අවශ්‍යත් නැහැ.
මොකද අපිට තේරුම් ගන්න පුළුවන් තත්වෙයක් එනවා මොකක්ද ඇත්ත, මොකක්ද පචය කියල වෙන් කරලා අඳුරගන්න. ඒ විතරක් නෙමෙයි, හොඳ / නරක කියන දෙක වෙන් කරලා අන්දුරගන්නත් පුළුවන් වෙනවා.
එතකොට මේ ලෝකේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේක අපේ රටේ විතරක් නෙමෙයි අනික් ගොඩක් රටවල් වල උනත් වෙන දෙයක්.
අපි ඉපදුන ගමන් ගත කරන මුල් අවුරුදු කීපය ගොඩක් වැදගත් කාලයක්. වෙනස් විදිහට හිතන්න උනත් හොදටම පුළුවන් කාලය තමයි ඒක.
ජපානේ පොඩි උන්ට අවුරුදු කීපයක් යනකන්ම ඉස්කොලවල් වල අකුරු තියා මොකුත් අධ්‍යාපනික කරුණු උගන්නන්නේ නැතුව මුල් කාලේදී විභාගයක් වත් නොතිය ඒ කාලේදී සමාජ සාරධර්ම ගැන කියල දෙනව.
මෙතනින් තමයි පටන් ගන්න ඕන. මේක වෙනස් කරන්න අපේ පරම්පරාවට බැරි නම් ඊළඟ පොඩි පරම්පරාවෙන් පටන්ගත්තොත් ඒ දෙය මේ මුළු සිස්ටම් එකටම බලානවා.
මේ රට උනත් සම්පුර්ණ වෙනස් වෙයි හොඳ පැත්තට.