වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

saliya74023

Member
Mar 26, 2015
14
0
0
මං කලේ PIC එකක් ප්‍රොග්‍රැම් කරල දාපු එක. ඒ එවෙලෙ ඉක්මනටම කරන්න පුලුවන් වෙච්ච දේ නිසා. මං වෙන පොඩි එකක් හොයල දෙන්නම් ඕනෙනම්. රෑවෙලා තමා ඉතින්.

අනේ පුලුවන්නම් ලොකු උදව්වක් යාලු.
තැන්ක්ස්.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    ..............
    ..............
    ..............

    මෙහෙම ඩිසයින් කරල හදපු එකටනම් ඇත්තට සතුටු හිතුනා. මුන් පොඩි කෑල්ලත් මෙහෙ හදනකොට දෙකයි පනහෙ මාකටින් කරල විකුණන ටකරං බොඩියකුයි අතාථ එන්ජිමකුයි තියන වාහන ගැන මොනවද හිතෙන්නෙ.:(

    :) එල මල්ලි. මේ වගේ දේවල් ත්‍රෙඩ් එකේ දාන එක කොච්චර වටිනවද. මම ඔය පැත්තේ හිටිය නම් මල්ලිට මාව මාර ඇනයක් වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    මෙහෙම ඩිසයින් කරල හදපු එකටනම් ඇත්තට සතුටු හිතුනා. මුන් පොඩි කෑල්ලත් මෙහෙ හදනකොට දෙකයි පනහෙ මාකටින් කරල විකුණන ටකරං බොඩියකුයි අතාථ එන්ජිමකුයි තියන වාහන ගැන මොනවද හිතෙන්නෙ.:(

    පට්ට මචන්...

    ජපන් වාහන වල බිල්ඩ් කොලිටි එකෙන් 1000න් එකක් ඉන්දියන් මරාල වල නෑ බන්..

    විශේශෙන් 110 එක යුගයේ ආපු වාහන මාරම ඩියුරබල්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) එල මල්ලි. මේ වගේ දේවල් ත්‍රෙඩ් එකේ දාන එක කොච්චර වටිනවද. මම ඔය පැත්තේ හිටිය නම් මල්ලිට මාව මාර ඇනයක් වෙයි.

    හපොයි නෑ.. මාත් මේකක් මෙච්චර පලු කලාමයි... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20495816 said:
    පට්ට මචන්...

    ජපන් වාහන වල බිල්ඩ් කොලිටි එකෙන් 1000න් එකක් ඉන්දියන් මරාල වල නෑ බන්..

    විශේශෙන් 110 එක යුගයේ ආපු වාහන මාරම ඩියුරබල්..

    :yes: එකසැරයක් මට දුර්ලබ අවස්තාවක් උදා උනා අව්රුදු 6 ක් වරත පරණ මරුටි එකකයි IDGගෙ වගේ ලයිට් ඒස් එකකයි සිග්නල් ලයිට් ස්විච් දෙකක් ගලවන තැන ලග ඉන්න. ගැලෙව්වේ මම අදුරන ඉලෙක්ට්‍රොනික් බාස් කෙනෙක්. ඒ දෙක අතට අරං බලද්දි මරුටි තියන්නේ බාගෙට හදපු සෙල්ලංබඩුවක් කියලා මට හිතුනා. ගලවපු පොරත් ඒක පෙන්නලා හිනාවෙනවා. ජපන් එකත් එක්ක බලද්දි මරුටියේ ස්විච් එක උනත් එච්චර චාටර්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20495816 said:
    පට්ට මචන්...

    ජපන් වාහන වල බිල්ඩ් කොලිටි එකෙන් 1000න් එකක් ඉන්දියන් මරාල වල නෑ බන්..

    විශේශෙන් 110 එක යුගයේ ආපු වාහන මාරම ඩියුරබල්..

    තැන්කූ මාමේ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මම ඇනයක් වෙයි කිව්වේ සැරින් සැරේ එක එක ඒවා අහ ගන්න එන නිසා.

    ඒක තමා ඇනයක් වෙන්න නෑ කිව්වේ.. මොකද බඩාගෙ කාර් එක හදල දුන්න අයියට මාත් එහෙම තමා... :yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ මචන්ලා , මන් ගාව තියෙන්නේ CIVIC EK3 Manual එකක් .

    මේකේ ටික දවසක ඉඳල IDLE එක සැරෙන් සැරේ වෙනස් වෙනවා බන් . AC එක දැම්මම RPM එක එක පාරටම උඩට නගිනවා . ආයිත් අඩු වෙනවා . මන් Garage ගොඩකට ගෙනිච්ච . එක එක එවුන් කියපුව කළා . තාම හරි ගියේ නැ . මට තේරෙන්නැ බන් මොනා කරන්නද කියල. නිකන් සල්ලි නාස්ති වෙනවා මගේ

    Engine Tuneup එකක් කළා. Plug / Tapet cover ඔක්කොම මාරු කල .
    AC Idle UP Sensor එක දැම්ම අලුතෙන් .
    Computer එකට ගහල Scan උත් කළා.එකෙත් කිසි අවුලක් නැ .

    තව අනන් මනං කළා. තාම ලෙඩේ එහෙම්මමයි. සමහර වෙලාවට තියෙනවා . සමහර වෙලාවට නැ .

    AC CUT OFF එක Manual දීල තියෙනවා . එක අවුලක් නැ කියල කිව්වා. ELECTRIC අවුලක්ද මචන්ලා . දන්නා එකෙක් උදව්වක් දීපන් . මොකද නිකන් Petrol පිච්චෙනවා නිකන් race වෙන හින්ද. අනිත් එක පදින්නත් එපා වෙනවා බන් එහෙම වෙද්දී
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: එකසැරයක් මට දුර්ලබ අවස්තාවක් උදා උනා අව්රුදු 6 ක් වරත පරණ මරුටි එකකයි IDGගෙ වගේ ලයිට් ඒස් එකකයි සිග්නල් ලයිට් ස්විච් දෙකක් ගලවන තැන ලග ඉන්න. ගැලෙව්වේ මම අදුරන ඉලෙක්ට්‍රොනික් බාස් කෙනෙක්. ඒ දෙක අතට අරං බලද්දි මරුටි තියන්නේ බාගෙට හදපු සෙල්ලංබඩුවක් කියලා මට හිතුනා. ගලවපු පොරත් ඒක පෙන්නලා හිනාවෙනවා. ජපන් එකත් එක්ක බලද්දි මරුටියේ ස්විච් එක උනත් එච්චර චාටර්.

    වෙන මොකුත් එපා බන්, වාහනේට නගින්න කලින් දොරේ හැඩල් එක ඇල්ලුවහම තේරෙනවා ඔය බෙලෙක්ක වල හැටි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20495923 said:
    වෙන මොකුත් එපා බන්, වාහනේට නගින්න කලින් දොරේ හැඩල් එක ඇල්ලුවහම තේරෙනවා ඔය බෙලෙක්ක වල හැටි

    :lol: ඒක ඇත්ත මචං.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    මේ තියෙන්නෙ ඉතින් කරපු වැඩේ. කටුවක්ම නෙමේ ඉතින්. මාත් පලවෙනි පාරට මේ වගේ මීටරයක් කෑලි කෑලි වලට ගැලෙව්ව...:baffled::baffled: අලුත් දෙවල් ගොඩක් තිබ්බ.:yes::yes::yes: (දැන් කුයිඩ් අයිතිකාරයො එහෙම දුවගෙන එන්න එපා ඈ පරන වාහන බ්ලා බ්ලා ගාගෙන...:angry::angry::angry:)

    බාගෙට ගැලෙව්වම තමා මේක දම්මම හොඳයි කියල හිතුනෙ.මේකෙ තමා ස්පීඩොමීටරේ වැඩකෑලි ටික තියෙන්නෙ.:yes:

    gHXcyJ8.jpg

    ඔය තියන ස්පිරිං එකෙන් තමා කටුවට ටෙන්ෂන් එකක් දීගෙන ඉන්නෙ. 0ට ගන්නෙත් එයා තමා.:yes:

    මෙන්න මේ කෑල්ල තමා කටුව උඩපල්ලෙහා ගෙනියන එක්කෙනා. මේ විදියට තියෙන්නෙ පරන කේබල් මීටර් වල විතරයි. (අලුත් කටු මීටර් වල එන්නෙ ස්ටෙපර් මෝටර්. මේ ක්‍රමේ නෙමේ. ඒව වැඩකරන හැටි ගැන ඕනෙ නම් පස්සෙ දාන්න පුලුවන් විස්තරයක්.:) )

    iw8EgSg.jpg

    මේ කොපර් වලින් හදල තියන කෑල්ල කෙලින්ම කටුවට සෙට් වෙලා තියෙන්නෙ. ස්පිර්ං එකෙන් කටුව 0ට හේත්තුකරගෙන තියෙන්නෙ.

    කොපර් කප් එක වගේ එක යටින් තියන මේ යකඩ පාට කප් එකේ තියනවා මැග්නට් එකක්. මේ දෙක එකට ටච් වෙන්නෙ නෑ. ගෑවි නොගෑවි වෙන වෙනම කැරකෙන්න පුලුවන් විදියට තියෙන්නෙ.:yes:

    එතකොට ස්පිඩෝ කේබල් එක හයිවෙන්නෙ ඔය යකඩ කප් එකට තමා. මෙන්න මෙතනට. :yes:

    මේක වැඩකරන්නෙ එඩී කරන්ට් උපයෝගී කරගෙන. බයෝ, මැත්ස් කරපු අහනම් අහල ඇති. අනිත් අයටත් තේරෙන්න සරලව කියන්නම්.:yes:

    එඩී කරන්ට් කියන්නෙ සරලව කිව්වොත් අපි ඇති කරන චුම්භක ක්ෂේස්ත්‍ර වෙන්සක් නිසා ලෝහවල ඉලෙක්ට්‍රෝන ලෝහෙ ඇතුලෙම පාරවල් හදාගෙන එහෙ මෙහෙ යන්න ගන්නව. මේ සීන් එක නිසා ලෝහෙනුත් තාවකාලිකව මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනව. සමහර ලෝහවල මේ වැඩේ ටිකක් සැරට වෙනව.

    මේකත් ඔය සීන් එක හින්ද වෙන දෙයක්. පේනවද මේ මැග්නට් එක ස්ලෝ වෙන හැටි. ස්පිඩො මීටරේදි කරන්නෙ මේ තල්ලුව ප්‍රයෝජනේට ගන්න එක. :yes:

    මේ මීටරේදි වෙන්නෙ අපි යට කෑල්ලෙ තියන මැග්නට් එක කේබල් එකෙන් කරකවනකොට කොපර් කප් එකේ ඇතිවෙන එඩී කරන්ට් නිසා ඒකත් මැග්නටයිස් වෙලා ඒක අර කැරකෙන කාන්දමත් එන්න විකර්ෂනය වෙන්න ගන්නව.

    2 කියල මාර්ක් කරල තියන කාන්දම් කෑල්ල කැරකෙනකොට 3 කියල මාර්ක් කරල තියන කොපර් කප් එක තල්ලුවෙන්න ගන්නව. ඉතින් ඒකත් එක්ක කටුවත් තල්ලුවෙනව. ඔච්චර තමා ඉතින් සරලව.

    දැන් ඉතින් හිතෙනව ඇති නේද මේක කොහොමද හරිගානට ස්පිඩ් එක හදාගන්නෙ කියල. ඒකට ඉතින් අර කුයිඩ් හදල පාරට දැම්ම වගේ නැතුව:rofl: තිතට හරි ස්පෙක් එකට කෑලි ටික හදාගන්න ඕනේ.:yes:

    මේකෙ එනවා තව එජස්ට්මන්ට් දෙකක්.:yes:

    එකක් ස්පිරිං ටෙන්ෂන් එක වෙනස් කරන්න.

    අනිත් එක නවතින තියන තැන වෙනස් කරන්න.

    මේ දෙකෙන් තමා මීටරේ කැලිබ්‍රේට් කරන්න පුලුවන්. ජපානෙදි නියමිත ස්පීඩ් වලට කරකවල කැලිබ්‍රේට් කරනව ඇති. මං ඉතින් ආපහු තිබ්බ ගානටම තිබ්බ අවුලක් වුනේ නෑ.:P

    හරි දැන් ඉතින් වද දීපු එක්කෙනා..:angry:

    මෙයා කැරකෙන්න ස්පීඩො කේබල් එකෙන්ම තමා. ගියර් ඩවුන් කරල තියෙන්නෙ අදාල ගානට කැරකෙන්න.:yes:

    වෙලා තිබ්බෙ සිංහලු ඔය රතුපාටින් මාර්ක් කරල තියන රවුම පුපුරල තිබ්බ එක. ඒකෙන් තමා මුල් ඉලක්කම කරකවන්නෙ. ඉතුරු ඉලක්කම් ඉතින් පිලිවෙලින් ඊට කලින් ඉලක්කමෙන් කැරකෙන්නෙ. :yes:

    මේකට සුපර්ග්ලූ(ඔරිජිනල් එක) දාල ඇලෙව්ව. වැඩේ ෂේප් වුනා.:yes: දැන් කැරකෙනව ඔන්න හෝගාල. මීටරෙත් චෙක් කලා GPS එක්ක. ඒකත් අවුලක් නෑ.:cool:

    මේක ගලෝපු අතරේ දැක්ක තව එකක් දාන්නම්. :D:D:D

    මේක දැක්කම නම් ජපනට උම්ම එකක් දෙන්න හිතුන. :yes: මේවට තමා සිංහලුනේ හරියට බඩුවක් හදනව කියන්නෙ.:yes:

    මේ ස්පීඩොමීටරේ ඉලක්කම් ප්‍රින්ට් කරල තියන කෑල්ල.:D

    පේනවද දෙපැත්තෙ කලුපාර ප්‍රින්ට් එකක් තියනව.:rolleyes:

    අර කුයිඩ් එකේ එන්ජින් බේ එකට බාගෙට පේන්ට් ගැහුව වගේ පිටිපස්ස බාගෙට ප්‍රින්ට් කරල එහෙමද.:baffled: හපොයි නෑ... :rofl:

    මේ පැටර්න් එක තියෙන්නෙ මීටර් එකේ බල්බ් දෙක පිටිපස්සෙ. මේක බැලුවම තේරෙයි.:yes:

    මේ කේස් එක කරල තියෙන්නෙ බල්බ් එකේ එලිය ස්පීඩොමීටර් එක පුරාම එකම විදියට ගන්න. එහෙම නැතිවුනොත් බල්බ් එක තියන තැන එලිය පොඩ්ඩක් වැඩිවෙන නිසා.:yes:

    ජපනා එතනින් නතර වෙලා නෑ.:baffled: මේකට යටින් එනව තව ක්ලියර් ප්ලාස්ටික් කෑල්ලක්. ඒකෙන් තමා වටේටම එලිය යවල තියෙන්නෙ. මේ තැන් වලට තමා බල්බ් දෙක සෙට් වෙන්නෙ.:yes:

    මෙහෙම ඩිසයින් කරල හදපු එකටනම් ඇත්තට සතුටු හිතුනා. මුන් පොඩි කෑල්ලත් මෙහෙ හදනකොට දෙකයි පනහෙ මාකටින් කරල විකුණන ටකරං බොඩියකුයි අතාථ එන්ජිමකුයි තියන වාහන ගැන මොනවද හිතෙන්නෙ.:(
    11.gif
    :cool::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:

    බඩාගේ යතුර හැදුවද..? ඕක ඉස්සුවොත් එහෙම ඕක වහ කයි... වැගන් ආර් එක ඉස්සුවත් ඌ ගනන් ගන්න එකක් නෑ... හැබැයි 15 එක ඉස්සුවොත් නම් ඉවරයි... :P:P:P

    I'm in love with FB15 :love: :love: :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මෝ ස්පීඩෝ එක ඇතුලෙ ඔච්චර ජිඟිරිබිරිස් එකක් තියෙනවයි කියල දැනන් හිටියෙ නෑනෙ :shocked:
    මං හිතාන හිටියෙ ගියර් සිස්ටම් එකක් ඇති කියල :baffled:

    anyway කටුවට තෑන්ක්ස් :D:yes:

    :baffled::baffled: ලක්ෂ 4කට කිට්ටුව දුවලා තිබ්බ ඔය වාහනේ ඔය මීටරේ ගැලෙව්වේ තව අසරණ මනුස්සයෙක්ට ඕක ලක්ෂයක්වත් දිව්වේ නෑ කියලා විකුණන්න කියලා උඹලා දන්නේ නැති උනාට මම දන්නවා බං.... :baffled::dull::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    මේ තියෙන්නෙ ඉතින් කරපු වැඩේ. කටුවක්ම නෙමේ ඉතින්. මාත් පලවෙනි පාරට මේ වගේ මීටරයක් කෑලි කෑලි වලට ගැලෙව්ව...:baffled::baffled: අලුත් දෙවල් ගොඩක් තිබ්බ.:yes::yes::yes: (දැන් කුයිඩ් අයිතිකාරයො එහෙම දුවගෙන එන්න එපා ඈ පරන වාහන බ්ලා බ්ලා ගාගෙන...:angry::angry::angry:)

    බාගෙට ගැලෙව්වම තමා මේක දම්මම හොඳයි කියල හිතුනෙ.මේකෙ තමා ස්පීඩොමීටරේ වැඩකෑලි ටික තියෙන්නෙ.:yes:

    මෙහෙම ඩිසයින් කරල හදපු එකටනම් ඇත්තට සතුටු හිතුනා. මුන් පොඩි කෑල්ලත් මෙහෙ හදනකොට දෙකයි පනහෙ මාකටින් කරල විකුණන ටකරං බොඩියකුයි අතාථ එන්ජිමකුයි තියන වාහන ගැන මොනවද හිතෙන්නෙ.:(

    පට්ට වැඩක්නේ කරලා තියෙන්නේ... මම නම් ගලවනවා තියා ඕවට අත තියන්නත් බයයි.... මේකන් දෙයක් ඉගෙනගත්තා... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: ලක්ෂ 4කට කිට්ටුව දුවලා තිබ්බ ඔය වාහනේ ඔය මීටරේ ගැලෙව්වේ තව අසරණ මනුස්සයෙක්ට ඕක ලක්ෂයක්වත් දිව්වේ නෑ කියලා විකුණන්න කියලා උඹලා දන්නේ නැති උනාට මම දන්නවා බං.... :baffled::dull::baffled:

    හැමෝම ඔයා වගේ මීටර් හැත්තැදාහට කරකවලා දිව්වෙ නෑ කියන්නේ නෑ සහෝ...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වැඩක්නේ කරලා තියෙන්නේ... මම නම් ගලවනවා තියා ඕවට අත තියන්නත් බයයි.... මේකන් දෙයක් ඉගෙනගත්තා... :D

    හෙනම් එච්චරයි.. මාත් මෙච්චර මස් කලාමයි. මීට කලින් බයික් එකේ ස්පීඩො කේබල් එක ඇතුලෙ කැඩිලා ඒක ගැලෙව්ව.ඔච්චර ඇද්දෙ නෑ එක. :)
     
    Status
    Not open for further replies.