නිවන යනු, සත්ව,පුද්ගලභාවයෙන් ශුන්‍ය බවයි. අපේ ඇහැට පේන්නේ සත්වයෝ/පුද්ගලයෝ නම්, ගෙවල් දොරවල් නම්, යානවාහන නම්, රත්රරන් නම්, අම්මා තාත්තා දුවා පුතා නම් සත්ව පුද්ගලභාවයෙන් අශුන්යයයි. ඇත්තටම ඇහැට පේන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහන පෙනෙන විට සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා දුව පුතා ආදි මෙකී නොකී සියලු දේ මනස විසින් පනවනවා. එනම්, ඇසේ වර්ණ සටහන හට ගත් විට මනසින් කියනවා "සත්වයා පුද්ගලයා, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා,දුවා පුතා" ලෙස. එතකොට සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා,දුවා පුතා යනු මනස විසින් කරන පැනවීමක්. මේවා තමයි ප්‍රපංච. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය තමයි මේ. මෙතරම් කල් සසරේ සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා, දුවා පුතා,නෝනා මහත්තයා දැක්කේ භාහිරින්. ඒකයි සසරෙ යන්නේ. මේ යතාර්ථය දැක්කොත්, ඒකමයි නිවනට මග. හැමදාමත් කලේ අනුන් කියපු දෙයක් උපුටා දක්වන එක විතරයි. දැන්වත් "තමන්" තුලින් නිවන දකිමු.