Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

    mselon.jpg



    Marvel Cinematic Universe එකේ Phase Three ආරම්භ කරමින් තිරගත වුන Captain America: Civil War, Movie එක මේ Universe එකේ 13 වන චිත්‍රපටයයි. ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වුන එකක් වුන මේ Movie එක තමා Marvel Cinematic Universe එකේ ආව හොදම Movie එක (මට නම්:nerd:) එකට හේතු ගොඩක් තියෙනවා. සමහර විට මේ Review එක කියවද්දී පැහැදිලි වෙයි ඇයි මන් එහෙම කිව්වේ කියලා:rolleyes:. Marvel Cinematic Universe එක ගැන හොද දැනුමක් තියන කෙනෙකම් මාත් එක්ක එකග වෙයි. ඒ වගේම මේ Movie එකට IMDb එකේ 8.3 අගයකුත් Tomatometer අගය 90% ක් ද අදායම් වාර්තා අතරින් ඩොලර් බිලියන 1.15 ක් ද හිමි කරගෙන තියෙනවා. Marvel Cinematic Universe එකේ වෙන කිසිම චිත්‍රපටයක් මේ වගේ අගයන් අරගෙන නැ..(MCU එකේ වැඩිම runtime එක පැය 2යි විනාඩි 26 ක තිබුන ෆිල්ම් එකත්). ඒ නිසා හිතුව මේ Movie එක Review එක දාන්න ඕනි කියලා. මොකද මේක බලපු ගොඩක් දෙනෙක්ට මේ Movie එක ගැන හරි පැහැදිලි වීමක් නැති නිසා. කලින් Marvel Cinematic Universe එකේ චිත්‍රපට ටික බලපු කෙනෙක්ට මේකේ තුබුන අපැහැදිලි තැන් ටිකක් අඩු වෙයි (ඒ බලපු නැති එවුන්ටනම් මේක මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්:P). ඒ වගේම මේ movie එකේ Easter eggs, references ගැනත් හැම දේම Review එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් phase 3 එකේ ඉදන් Marvel Cinematic Universe එකේ ඉස්සරහට එන හැම Movies වලම Review දාන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කිරියේන් විතරයි හොදේ;).(තවමත් මේක බලලා නැත්නම් කියවන්න එපා යකෝ:growl:..ගිහින් බලලා වර:dull:.) හරි.... එහෙනම් වැඩේට බහිමු scene එකෙන් scene එකට.


    30jpdlt.jpg

    මුලින්ම Movie එක පටන් ගන්නේ flashback එකකින් ඒ කියන්නේ 1991 රුසියානු හමුදා කලාපයක දර්ශනයකින්. සෙබලෙකු මුර පදයක් යොදාගෙන රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොතක් ලබා ගන්නවා (Winter Soldier ගේ Prosthetic Arm එකේ තියෙන්නෙත් මේ සලකුණයි). මේ තියෙන පොතේ තමා Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය සදහන් වෙලා තියෙන්නේ (Longing. Rusted. Seventeen. Daybreak. Furnace. Nine. Benign. Homecoming. One. Freight Car.)


    29dizjb.jpg

    රුසියානු හමුදාවේ ඇතුලේ සිටින HYDRA සාමාජිකයින් විසින් Winter Soldier ව යම් මෙහෙයුමකට සුදානම් කිරීමක්.


    ea3zph.jpg

    ඊට පස්සේ ඔහුට ලැබෙන මෙහෙයුම මොකද්ද කියලා බලාගන්න පුළුවන්. Winter Soldier රිය අනතුරක් සිදු කරලා Super Soldier Serum අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගන්නවා.


    23ru90w.jpg

    2016 ට. වර්තමාන කාලයේ නයිජීරියාවේ ලාගොස් හිදී Steve Rogers, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximof මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ Crossbones විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ Captain America: Civil War Prelude Infinite Comic එකේ.)

    Crossbones කියන්නේ කව්ද කියලා දන්නවනේ Captain America: The Winter Soldier ෆිල්ම් එකේ අපිට අන්තිමට Rumlow ව රෝහලකට ඇතුලත් කරන දර්ශනයක් විතරයි දකින්න පුළුවන් වුනේ. පස්සේ Rumlow, codename එකක් විදියට Crossbones යොදාගෙන තියෙනවා.


    2r1zj2x.jpg

    Steve දකිනවා කලබලයකින් ගමන් කරන ට්‍රක් එකක්. මේ ගැන හොයන්න Redwing එක යවනවා Sam. එකෙන් හොයාගන්නවා ඒ ට්‍රක් එක අසාමාන්‍ය බරක් පටවාගෙන යන බවත් රියදුරා ආයුධ සන්නද්ධ බවත්.

    කොමික් වලදිනම් Redwing එක ලෙස හදුන්වන්නේ Sam යටතේ සිටින සැබෑ උකුස්සෙකුටයි. එත් මෙතැනදී එය drone එකක් ලෙස යොදාගන්නේ.


    2u7q14p.jpg

    Institute for Infectious Diseases හි ආරක්ෂක කොන්ක්‍රීට් කණු බිද දැමීමට යොදා ගත් ඒ ට්‍රක් එක පසුව Crossbones සහ හමුදාව විසින් ඒ ස්ථානයට පහර දෙනවා.


    2yn1dgg.jpg

    මෙතනදී ක්‍රියාත්මක වන Captain America ඇතුළු කණ්ඩායම Crossbones හමුදාව එක්ක සටන් කරනවා. හැබැයි Steve ට කලින් Crossbones, bioweapon එක අරන් පැනගන්නවා.
    ඔවුන් පසු පස යන Captain America කණ්ඩායම වෙලදපොලකදී නැවතත් ගැටුමක් ඇති වෙනවා. එතැනදී ඔවුන් bioweapon එක සුරක්ෂිතව ලබා ගන්නවා.



    28wfdjb.jpg

    Steve සහ Crossbone අතර සටනින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wandaගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා.


    2wechok.jpg

    ඊළගට දකින දර්ශනය Tony Stark විසින් නිර්මාණය කල නවතම තාක්ෂණයක් MIT හිදී ඉදිපත් කිරීමක් සිදු කරනවා. මෙතැනදී Tony ගේ කතාව අවසානයේදී Potts හදුන්වා දීමක් සිදු කිරීමට නියමිත වුන නමුත් Tony ගස් ගැහිලා වගේ බලන් ඉන්නවා . මොකද මේ කාලයේදී Tony සහ Potts සම්බන්ධය බිධ වැටිලා තියෙන්නේ.


    35bz8ef.jpg

    Tony හට elevator එක ලගදි කනතාවක් හමු වෙනවා. ඇගේ පුතා Sokovia සටනින් මිය ගිය බවත් එයට වගකිව යුතු පුද්ගලයා තමන් බවත් Tony හට පවසනවා.

    මෙතන ඉන්න කාන්තවම ඉස්සරහට Netflix එකෙන් එන Marvel’s Luke Cage එකේ Minetta ගේ චරිතය සදහා දායක වෙනවා. Minetta ට මේ movie එකත් එක්ක එකට සම්බන්ධයක් තියෙනවද කියලා කියන්න දැන්ම කල් වැඩි. එනිසා Luke Cage එනකම්ම ඉමු.


    160bn08.jpg

    ඉන් මාසයකට පමණ පසු Avengers headquarters හිදී Wanda තවමත් ලාගොස් සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් ඉන්න බවයි පෙන්නේ. මෙතනට එන Steve, Wanda ගේ හිත හදන්න උත්සහ කරනවා. ඔය අතරේ එක පාරටම දොරත් ඇරලා තියෙද්දී බිත්තිය හරහා කඩා පාත් වෙන Vision, Tony හමුවීමට බලාපොරොත්තු වන බවත් තවත් අමුත්තෙක් පැමිණ ඇති බවත් පවසනවා. ඒ රාජ්‍ය ලේකම්වරයායි.


    eklqgh.jpg

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Thaddeus Ross. Ross ඉදිරපත් කරනවා Avengers සිදු කරපු සටන් වලින් සිදු වූ අලාභානි පිළිබධව සටහනක් (New York - The Avengers චිත්‍රපටයේ, Washinton DC - Captain America: The Winter Soldier චිත්‍රපටයේ, Sokovia - Avengers: Age of Ultron චිත්‍රපටයේ, Lagos). Ross ගේ පවසන්නේ මෙය ලෝක රාජ්‍යයන් අනුමත නොකරන බවත් මෙයට විසදුමක් ලෙස ඔහු Sokovia Accords නම් ගිවිසුමක් ඉදිරපත් කරනවා. එයින් Avengers මින් මතුවට පෞද්ගලික සංවිධානයක් ලෙස කටයුතු කල නොහැකි බවත් ඒ වගේම මේ ගිවිසුම අත්සන් නොකරන්නන් හට විශ්‍රාම යන්නත් සිදුවෙන බවත් පවසනවා. (අනේ අම්මපා මුට හොම්බට දෙකක් අනින්න ඇත්නම්:angry:, මිට අවරුදු 6ක කලින් Abomination නිර්මාණය කරලා කරපු විනාශය ගැන මතක නැතුව ඇති. දැන් උපාසකය වගේ කතාව නම්:frown:)



    2hfjh53.jpg

    මේ අතර Cleveland වලදී Helmut Zemo හොයාගෙන යනවා හිටපු HYDRA ජෙනරාල් වරයකු වන Karpov ව. Zemo ට ඔහුගෙන් දැන ගන්න අවශ්‍ය එකම එක දෙයයි Mission Report: December 16, 1991. නමුත් තොරතුරු ලබා දීම Karpov ප්‍රතික්ෂේප කරනවා. එයින් Zemo ඔහුව මර දමා ඔහු සතුව තිබු රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොත රැගෙන යනවා.

    කොමික් වලදී Zemo කියන්නේ HYDRA හා the Masters of Evil කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒත් අපිට මේ චිත්‍රපටයේ එහෙම දෙයක් සදහන් වුනේ නැ කොහෙවත්. ඒ වගේම Zemo ගේ කොමික් වල තියන suit එකත් දකින්න ලැබෙන්නේ නැ:no: ඉදිරි චිත්‍රපටයක බොහෝ විට දකින්න පුළුවන් වෙයි.


    2la3sxt.jpg

    ඊළගට තමා මේ චිත්‍රපටයේ තීරණාත්මකම මොහොත. මේ Sokovia Accords වලට විරුද්ධව සහ පක්ෂව එක් එක් කෙනාගේ මතය ගොඩ නැගීම. මෙතැනදී මේකට පක්ෂව Tony, Rhodes, Vision සහ Natasha කරුණු දක්වන අතර Steve සහ Sam විරුද්ධවත් කරුණු දක්වනවා. Tony කියන්නේ ඔහුගේ weapons වැරදි කෙනෙකු අතට ගියොත් ඒ සියල්ල නවතා දමන්න වෙනවා කියලා. ඒ වගේම Rhodes කියන්නේ මේ වගේ ප්‍රබල තැනකින් ආව ගිවිසුමක් නොසලකා හරින්න බැ කියලා. Tony ගේ මතයට එකග වෙන Natasha කියන්නේ ඔවුන් අතින් සිදු වූ යම් වැරදි වලට නැවත රාජ්‍ය විශ්වාසය දිනාගැනීමට මේක හොද අවස්ථාවක් කියලා. නමුත් මේකට විරුද්ධව Steve ගේන තර්කය තමයි ඔවුන් මේ ගිවිසුම අත්සන් කලොත් ඔවුන්ගේ සියලුම අයිතීන් වලට යටත් වීමට සිදු වෙනවා කියලයි. රජය විසින් ඔවුන් නොයා යුතු ප්‍රදේශ වල මෙහෙයුම් වලට ඔවුන්ව යවයි, ඒ වගේම් ඔවුන් සිටිය යුතු මෙහෙයුම් වලට රජය ඔවුනට යන්න නොදී ඉදි කියලා.

    මෙතැනදී ඔවුන් දෙපැත්තට බෙදුන නිසා මමත් මෙතනම මගේ පැත්තත් කියන්නම්. ඔව් මමත් කැපාගේ පැත්තේ:nerd:. Tony අනිත අයයි කියන දේවල් වල සාධාරණත්වයක් තිබුනත් කැපා ගේ මතය ගොඩක් නිවැරදි. ඒ මොකද Marvel Cinematic Universe තියන ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තියන්න බැ අතීතයේ සිදුවුණ සිදුවීම් එක්ක:frown:. උදාහරණයකට ගත්තොත් අන්තිම වතාවේ ලෝක ආරක්ෂක සංවිධානය මෙහෙය වූ S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ සංවිධානයේ හිටපු ලොකු ලොක්කන් පවා Alexander Pierce, Gideon Malick වගේ HYDRA සංවිධානයේ ලොක්කන් වුණා. මේ ගැන කැපාට හොද අත්දැකීම් ද තියෙනවා. ඒ වගේම Tesseract එක ගැන පරීක්ෂණ කරන්න ගිහින් Loki එක්ක Chitauri හමුදාව New York වලට ඇවිත් ලොකු විනාශයක් කලා. මෙතැනදී Avengers ලට වැරැද්ද පටවන එක සාධාරණ නැ. එකටත් වක්‍රව වගකියන්න ඕනි ආණ්ඩුවයි. ඉතින් ඔහොම ආණ්ඩුවක් එක්ක ලෝක රාජ්‍යන් එක්ක මොන ගිවිසුමද:growl:


    akdatv.jpg

    මෙතන ලොකු විවාදයක් යන අතරතුරේ Steve එකපාරටම නැගිටලා යනවා. ඒ Steve එන SMS එකක් නිසා. " She's gone. In her sleep ".

    මේ message එක දකිද්දීම කලින් Captain America චිත්‍රපට බලපු අයට තේරෙන්න ඇති කව්රු ගැනද මේ කියන්නේ කියලා. ඔව් ඒ Peggy Carter. අවරුදු 95ක් වුන Peggy නින්දේම යන්න ගිහින්:(. Peggy ට නම් හරිම අසාධාරණයක් වුනේ මේ පාරනම්. MCU එකෙන් Peggy ගේ ආයුෂ ඉවර වුණා විතරක් නෙවේ, Peggy ව සම්පුර්ණයෙන්ම MCU එකෙන් අයින් කරලා දැම්ම:dull: Agent Carter ටීවී සිරිස් එකත් අතර මග නතර කල නිසා. මෙහෙම අතර මග නතර වුන නිසා Peggy, S.H.I.E.L.D. වලට සම්බන්ධ වීම තැන හිඩැසක් ඇති වෙනවා. මන් ප්‍රර්ථනා කරනවා ඒ සිදුවීම අඩුම ගනේ Movie Flashback එකකින් හරි එහෙමත් නැත්නම් Agents of S.H.I.E.L.D. flashback එකකින් MCU එකේ හිස්තැන පිරේවි කියලා.:yes: Peggy කියන්නේ Marvel සතුව ඉන්න ප්රබලම චරිතයක්. තම නමින්ම One-Shot එකකුයි Tv Series එකකුයි හබවුනේ Agent Carter ට විතරයි:cool:. ඉතින් මෙහෙම ලේසියෙන් මේ වගේ චරිතයක් අයින් වෙන එක ලොකු පාඩුවක්. බොහෝ විට මන් කලින් කිව්වා වගේ Movie එකක flashback එකකින් Peggy අය දකින්න පුළුවන් chance එක වැඩි මොකද අපි දැක්ක මාවල් ලා දැන් ෆිල්ම් වලට flashback එකතුකරන්න පටන් ගන්නවා:D. (Ant-Man සහ මේ ෆිල්ම් එක) Ant-Man flashback එකකත් Peggy හිටිය. Marvel ඔවුන්ගේ Timeline එකේ අඩුපාඩු තැන් flashback වලින් පුරවාගෙන යනවා.:rofl:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    v8erfs.jpg


    Peggy ගේ funaral එක. මෙතැනදී වචන කීපයක් කතා කරන්න Sharon Carter ට ආරාධනා කරනවා. ඒ කතාවේදී Sharon හෙළිකරනවා Peggy තමාගේ නැන්දා බවත් ඒ පිලිබදව ඇය කිසි කෙනෙකුට නොකිය ඇති බවත්.

    මේක අහපු Steve ට උන් හිටි තැන් අමතක වෙනවා:oo:. Fury මිට කලින් Steve ගැන ඔත්තු බලන්න අසල්වැසියෙක් වගේ Sharon ව දාපු එකත් මතක් වෙන්න ඇති.
    මෙතැනදී තමා නිල වශයෙන් Peggy සහ Sharon නෑදෑයින් බව MCU එකේ හෙළි වෙන්නේ. මොකද Carter යන නම කලින් කිසි තැනක සටහන් වුනේ නැ. ගොඩක් වෙලාවට Sharon හැදින්වුනේ Agent 13 කියලා.එත්ගොඩක් අය Peggy සහ Sharon නෑදෑයින් බව කලින් දැනගෙන හිටිය. මන් කිව්වේ ෆෑන්ස්ලා:P. මොකද කලින් Captain America: Winter Soldier එකේ Promotion Poster එකෙක මේ Carter නම ඇයට යොදාගෙන තිබුන නිසා. හැබැයි ප්ර්ශ්නේ තිබුනේ නෑයෝ වෙන්නේ කොහොමද කියලා. එකට උත්තරේ දැන් ලැබුණා:).හැබැයි කොමික් වලදිනම් Sharon කියන්නේ Peggy ගේ එක කුසේ උපන් නංගියි.


    v9s2q.jpg

    funaral එක අවසානේ Natasha එනවා Steve හමු වෙන්න. එතැනදී Steve දැන ගන්නවා කව්ද ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා.


    30244lc.jpg

    Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වෙනවා. රටවල් 117 සහයෝගයෙන් නිර්මාණය වුන Sokovia Accords සම්මත කරගැනීම සිදු වීමට නියමිතයි. මේ සදහා Natasha ද සහභාගී වෙනවා.

    මෙතැනදී Marvel ලගේ තවත් අලුත් චරිතයක් MCU එකට සම්බන්ධ වෙනවා. ඒ තමයි Wakanda වල කුමරු T'Challa නැත්නම් කව්රුත් දාන්න Black Panther.


    6sdylt.jpg

    සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා


    358yzdc.jpg

    ඔය අතරේ Steve, Sharon ව ගෙනත් ඇරලන්න එන ගමන් Peggy සහ Sharon පවුලේ වුන දේවල් ටිකක් දැනගන්නවා. මුන් දෙන්න මෙතන ටිකක් ඇබෙරෙනවා හැබැයි:rolleyes:. කරුමෙට එතනට කඩා වදින Sam කියනවා නිව්ස් එකක් ගැන.


    2ikrrzq.jpg

    Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවට එල්ල වුන ප්ර0හාරයේ ප්රෝවෘත්තිය වාර්තා වෙනවා Wakanda රජු සමග 12ක් මිය ගිය බවත් 70 ක් පමණ තුවාල වුන බවත්. ඒ වගේම මේ බෝම්බය අටවා තිබු වැන් එක ලගට එන සැකකරුවෙකුගේ CCTV දර්ශනත් ඉදිරිපත් කරනවා. ඒ Winter Soldier.


    2gsnzx1.jpg

    ඒ සිදුවීමෙන් දැඩි ලෙස කම්පා වෙලා ඉන්න T'Challa සමග කතාවටකට එන Natasha පවසන්නේ Bucky ව අත්අඩංගුවට ගැනීමට සුදානම් බවයි. එත් T'Challa ට ඕනි ඔහුගේ අතින්ම Bucky ව මරල දාලා තමා පලිය ගැනීමයි.



    2ep3vas.jpg

    Natasha ට කෝල් එකක් එනවා Steve ගෙන්. Natasha කොහොමත් Steve ගැන දන්න නිසා කියනවා මේකෙන් ඈත් වෙලා ඉන්න කියලා. මොකද Natasha දන්නවා Steve, Bucky ව හොයාගෙන යනවා කියලා.


    2eq4c1u.jpg

    මේ අතරේ Sharon සොයාගත් Bucky ඉන්න තැන ගැන තොරතුරු Steve ට හොරෙන් ගෙනත් දෙනවා. ඒ වගේම Steve ට පුළුවන් තරම් ඉක්මනට හොයාගන්න කියලා කියනවා මොකද Bucky ට දුටු තැන වෙඩි තියන්න නියෝග ලැබිල තියෙන්නේ කියලා.
    Zemo ඔහු සොයාගත්ත පොතෙන් Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය කියවනවා.

    මෙතැනදී Zemo ගේ කාමරයේ යම් උපකරණයක් ලාවට වගේ පෙන්නනවා. මේ උපකරණය ක්රිමයාත්මක කිරීමෙන් පුළුවන් විදුලි ප්රෙෂනගරයක බලය ක්රිටයා විරහිත කිරීමට.


    29fd0uo.jpg

    ඔය අතරේ Bucky, Bucharest වලදී කඩයක් හිටපු මනුස්සයෙක් හදුනා ගන්නවා. මොකද Bucky, Vienna දී බෝම්බයට සම්බන්ධයි කියලා පත්තරෙත් සදහන් වන නිසා. Bucky නැවතත් ඔහු සැගවී සිටිය නිවසටන යනවිට Steve එහෙමත් නැතිනම් Captain America, Bucky ව සොයාගෙන එතනට ඇවිත්.


    140agsp.jpg

    Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා.
    Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa.

    මෙතනදී තමයි හා හා පුර කියලා ඉස්සෙලම Black Panther suit එකෙන් T'Challa එන්නේ. ඔතනදි Bucky, T'Challa සමග සටනට වෙඩි වරුසාවක් එල්ල වෙනවා. එත් ඒ වෙඩි Black Panther ගේ අගට වැටෙන්නේ ඇත්තටම වැහි බින්දු වගේ:shocked:. මොකද Black Panther ගේ මේ සුට් එක නිර්මාණය කරලා තියෙන්නේ Vibranium වලින්. දැනට ලෝකයේ තියෙන දුර්ලභම සහ වටිනාකමෙන් වැඩිම ලෝහය. ඒවගේම මේ ලෝහය ලෝකයෙන් හොයාගන්න පුළුවන් Wakanda වලින් විතරයි. මේ සියල්ලටම හිමිකම තියෙන්නේ Wakanda වල රජුට. මේ වටිනමකම වැඩි නිසාම තමා Black Panther කොමික් වල ඉන්න ධනවත්ම චරිතය වෙන්නේ T'Challa වත්කම ඩොලර් ට්රිවලියන 90.7:rofl:, දෙවන තැන ඉන්න Tony Starkගේ වත්කම ඩොලර් මිලියන 12.4 යි. හිතා ගන්න පුළුවන් නේද Tony ට වඩා කොච්චර වත්කමක් T'Challa ට තියෙනවද කියලා.


    2qjav4g.jpg

    මෙතන Bucky, T'Challa, Steve තුන්දෙනාගේ සටන ඉවර වෙන්නේ අන්තිමට සියලු දෙනාම අත්අඩංගුවට පත් වීමෙන්. මෙතැනට War Machine පැමිණෙනවා ඒ වගේම ඒ තමා War Machine ෆිල්ම් එකේ දකින පලවෙනි වතාව.


    2ai0ksh.jpg

    Black Panther අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ල ඔහුගේ හිස් ආවරණ ඉවත් කරනවා. මෙතනදී සියල්ලම දැන ගන්නවා Black Panther කියන්නේ T'Challa කියලා.


    21o58cw.jpg

    ඔන්න ඊළගට, අව්රුද්දක් විතර වයස Vision උයන්න ඉගෙන ගන්නවා. පොතේ විදියට. මෙතනට එන Wanda උදව් කරනවා Vision ට උයන්න.

    කොමික් කියවන ගොඩක් අය දන්නවනේ මුන් දෙන්නගේ story එක:love:. Vision, Wanda කියන්නේ ආදරවන්තයින් වෙලා පස්සේ විවාහ වෙලා ළමයිනුත් හදනවා කියලා . ඔන්න ඉතින් මෙතන තමයි MCU එකේ Wanda හා Vision ගේ කතාවේ ආරම්භය. ඒ වගේම කතාව පුරාවටම දැක්ක මේ දෙන්නගේ පොඩි ලං වීමක්. පොඩි කිව්වට පොඩිමත් නෙවේ:rolleyes:.


    2v17rdj.jpg

    Tony, Vision ව යොදවල තියෙනවා Wanda ව ආරක්ෂා කරන්න. ඇත්තම කියනවනම් මිනිසුන් ආරක්ෂා කරන්න Wanda ට එලියට යන්න නොදී. ලාගොස් සිදුවීම නිසා Wanda ව හිර කර තබා ගැනීමට ඔවුන්ට සිදු වෙනවා.


    smpswn.jpg

    Berlin වලදී Bucky ව අත්අඩංගුවට ගෙන රැගෙන යනවා. ත්රනස්ත මර්ධන ඒකකයේ කමාන්ඩර් වන Everett Ross, Steve ගේ සහ Sam ගේ සියලු ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගන්නවා.


    2cfwf1l.jpg

    මෙතනට එන Tony නැවත වරක් Steve ව ගිවිසුමට කැමති කරගැනීමට උත්සහ කරනවා. Tony පවසන්නේ පසු ගිය වසර කීපය තුල ඇති වුන ගැටුම් නිසා ඔහුට බොහෝ දේ අහිමි වුන බවත් දැනට Potts සමග breakup වී ඇති බවත් ඇයව සදහටම අහිමි කර ගත නොහකි බවත්.

    මෙතනදී අපිට මේ movie එකේ තවත් එක් ජනප්රිතය දෙබසක් අහන්න ලැබෙනවා. " Sometimes I Want To Punch You In Your Perfect Teeth" . Tony, Steve එකට Avengers කණ්ඩායමේ හිටියට මුන් දෙන්නගේ අදහස් නම් ගලපුනෙම නැ:no:. ඒක කලින් movie වලදී හොදට පෙනුනා. උදාහරණයකට කීපයක් ගත්තොත්, Scepter එක Avengers හොයා ගත්ත වෙලාවේ:rolleyes:, Ultron එක්ක සටන තිබුන වෙලාවේ, Vision නිර්මාණය කරද්දී වගේ තැන් වලදී. ඉතින් Tony මෙතනදී සදහන් කලේ Sometimes කියලා ඔය තැන් වලදී වගේ වෙන්න ඕනි.


    ei5l7c.jpg

    නමුත් මෙතැනදී Steve දැන ගන්නවා Tony ගෙන Vision විසින් Wanda ව හිර කරගෙන ඉන්නවා කියලා. මේකටනම් Steve වැඩි කැමැත්තක් වුනේ නැ. Tony ගේ මේ වැඩ නිසා Steve නැවතත් ගිවිසුම අත්සන් කිරීම ප්ර3තික්ෂේප කරනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    1skx2x.jpg


    එක්සත් ජාතීන්ගේ සවිධානය විසින් යොදවපු පුද්ගලයෙකු Bucky ගෙන් ප්ර3ශ්න කිරීමට පටන් ගන්නවා. ඒ වෙන කව්රුත් නෙවේ Zemo. ඇත්ත එක්සත් ජාතීන්ගේ සවිධානය නියෝජිතයා Zemo මර දාල ඔහුගේ අනන්යmතාවයෙන් තමා මෙතන පෙනී සිටින්නේ.


    2nowid.jpg

    මේ අතර Zemo සතුව තිබු උපකරණය courier එකක් මගින් නගරයේ විදුලි ප්රේOශානගරයකට ලැබෙනවා. ඒවගේම Steve හට සැකයක් ඇති වෙනවා එක්සත් ජාතීන්ගේ සමුළුවට බෝම්බයක් එල්ල කල එයට වගකිව යුතු පුද්ගලයාගේ ජායාරුපය ප්ර]සිද්ධ වීම සම්බන්ධයෙන්. Steve කියන්නේ ඊට සැබෑ වගකියන්නට එය හොදම සාක්ෂියක් ඉන් සැගවී සිටීමට කියලා.


    n2ik1y.jpg

    මේ අවස්ථාවේම courier එකෙන් ලැබුණු Zemo ගේ උපකරණය ක්රි්යාත්මක වීමෙන් මුළු නගරයේම විදුලිය ඇනහිටීනව. ක්රිඑයාත්මක වෙන Zemo, Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය භාවිතා කරමින් Bucky ව සිර කරගෙන සිටි කුටියෙන් එලියට ගන්නවා. Bucky එලියට ආ විට Zemo, Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය පිලිබදව දැන ගන්නවා.


    14y2z9x.jpg

    එලිය ආපු Bucky එතනින් පැන යන්න උත්සහ කරනවා. Bucky, Sam සමග සහ Steve පසුව Tony සමග සටනක් ඇති වෙනවා.

    මෙතැනදී අපිට දකින්න පුළුවන් Tony ගේ අලුත් ගැජට් එකක්:D. ඒ ටොනිගේ ඔරලෝසුවෙන් ක්රි,යාත්මක වෙන Iron Man suit එකේ Iron arm එක. මේ ඔරලෝසුවේ තියෙනවා පොඩිම පොඩි Arc Reactor එකකුත්.


    2uszu5s.jpg

    මිට අමතරව Natasha, Sharon සහ T'Challa සමග සටනින් පසු Bucky එතනින් පලා යන්න උත්සහ කරනවා. මේ සටන අතර තුරේ Zemo ද එතනින් පලා යනවා.


    ndwvvp.jpg

    Bucky හෙලිකොප්ටරයකින් පැන යන්න හැදුවත් Steve නිසා ඒක අසර්ථක වෙනනේ හෙලිකොප්ටරය කඩාගෙන වැටීමෙන්. කඩා වැටුණු පසු Steve, Bucky ව අල්ලා ගන්නවා.


    මෙතැනදී Bucky කලින් Captain America: The Winter Soldier Movie එකේදී Steve අන්තිමේදී බේර ගන්න විදියටමයි Steve, Bucky ව බේරාගන්නේ. මුන් දෙන්නගේ තියෙන friendship එක ගැන මන් අමුතුවෙන් කියන්නේ නැ. කලින් Captain America movies ටික බැලුවනම් ඕන කෙනක් දන්නවා:yes:.


    35miosx.jpg

    Zemo තම බිරිදගේ ඇමතුම් රෙකෝඩ් එකට සවන් දෙනවා. සමහර විට මේක ඇයගේ අවසන් ඇමතුම වෙන්න පුළුවන්. මේ වෙලාවේ Zemo ප්රrවෘත්තියක් ඇහෙනවා Bucky, Steve සහ Sam භාරයෙන් පැන ගොස් ඇති බව. තමාගේ සැලැස්ම (සැලැස්ම ගැන ඉස්සරහට කියන්නම්) ඉදිරියට ක්රිඇයාත්මක කර ගන්න පුළුවන් කියලා හිතුන Zemo, Moscow වලට පිටත්ව යනවා.


    9rr5lt.jpg

    Steve සහ Sam, Bucky ව හිරකරගෙන ඉන්නවා යම් කිසි දන්ඩයක් ආධාරයෙන්. Bucky ට සිහිය ආවට පස්සේ Steve ගැන තියන මතකයන් කියනවා. හැබැයි මේ දේවල් Bucky ට ඇත්තටම මතක දේවල්.

    මේ scene එක මිට කලින් ආව Ant-Man movie එකේ postcredit scene එකේ සදහන් වුන. බලපු අයට මතක ඇතිනේ.


    2vrzitx.jpg

    මෙතැනදී Steve ප්ර5ශ්න කරනවා Zemo ගැන. Bucky කියනවා ඔහු කලින් රදවා සිටිය Siberia ගැන විස්තර දැන ගත් බවත් එහි තමන් මෙන් තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත්.


    sdheu1.jpg

    අයෙත් කලින් 1991 සිදු වූ flashback එකේ ඉතුරු ටික. Winter Soldier පහර ගත් Super Soldier Serum මගින් තවත් පස් දෙනකු හට පරීක්ෂණය කරනවා. Bucky පවසන්නේ ඔවුන් ඉතාම භයානක බවත් ඔවුන් ක්රි යාත්මක වුනොත් ලොකු විනාශයක් ඇති වීමට ඉඩ ඇති බවයි.
    මේ සදහා Steve සහ Sam කතා වෙනවා ඔවුන්ට උදව් ලබා ගැනීමට හැකි අය ගැන. එතනදී Sam කියනවා ඔහු කෙනෙක්ව දන්නවා කියලා.

    Sam මේ කව්රු ගැනද කියන්නේ කියලා දන්නවනේ:cool:. Ant-Man. Ant-Man movie එක අවසානයේ මතක ඇතිනේ Sam,Scottව සමබන්ධ කරගන්න විදියක් හම්බවෙනවා.


    2wgfbpw.jpg

    මේ අතර Ross අහනවා Tony ගෙන් කණ්ඩායමේ අනිත් සාමාජිකයින් ගැන. ඒ වගේම ඔවුන් සොයන්න විශේෂ හමුදාවක් යොදවා ඇති බවත් එමගින් ඔවුන්ට මරණය දක්වා නරක ප්රිතිපල ඇති විය හැකි බවත් පවසනවා. Tony පවසන්නේ ඔහුට කාලය ලබා දුන්නොත් ඔවුන්ව සොයාගන්නා බවයි. ඒ අනුව Ross, Tony හට පැය 36ක් ලබා දෙනවා.



    23lo3d2.jpg

    මෙතනදී Tony නොන්ඩියට වගේ Natasha ට කියනවා ඔවුන්ට මේ වෙලාවේ Hulk හිටියනම් කියලා. Hulk ගැන Natasha මොනාහරි දෙයක් දන්නවද කියලා බලන්න. එත් Natasha හිනා වෙලාම දන්නේ නැ කියන්නේ ඇත්තටම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා.

    ඇත්තටම hulkට මොකද වුනේ:confused:, අපි අන්තිමට දැක්කේ ultron සිදුවීමෙන් පස්සේ hulk හැමෝගෙන්ම වෙන් වෙලා Quinjet එකකින් යනවා. hulk ව track කරන්න බැ කියලත් ඔහු ජිවතුන් අතර කියලත් Fury කියනවා. ඒ වගේම හුගක් අය දන්නවා ඇති hulk මීලග Thor Ragnarok movie එකේ ඉන්නවා කියලත්. ඒ කියන්නේ මේ වෙනකොට hulk ඉන්නේ Asgard වල:rolleyes::rolleyes:. එහෙම වෙන්නේ කොහොමද?:baffled: Quinjet එකකින් වෙන ග්රවහලෝකයකට යන්න කොහොමත බැ. බොහෝ විට Thor හරි වෙන asgardian කෙනෙක් hulk ව අරන් ගිය වෙන්න පුළුවන්. එක හරියට දැන ගන්න තව මාස 14ක් විතර ඉන්න වෙනවා.:dull:

    Natasha කියනවා ඇයට අදහසක් තියෙනවා කියලා. ඒ වගේම Tony ත් කියනවා. Natasha එතනදී අදහස් කරන්නේ Black Panther ගැනයි. එත් Tony ගේ ඔලුවේ ඉන්නේ කව්ද?

    වෙන කව්ද:rofl:, Marvel සතුව ඉන්න ඔවුන්ගේ ජනප්රි්යම comic චරිතය:cool:. Spider-Man. අවරුදු ගානක් Marvel කට්ට කාල කාල උපයාගත්ත ප්රනතිපලය තමයි මේ MCU එකට එන්න යන්නේ. කව්රුත් දන්නවනේ Spider-Man කියන්නේ Marvel චරිතයක් වුනාට live-action අයිතිය තිබුනේ sony සමාගමට කියලා. කොහොම හරි sony සමගම තීරණය කල Spider-Man, Marvel ලගේ ච්ත්රවපට වලට යොදා ගැනීමට අවසර දෙන්න. හැබැයි එහෙම කියලා තාමත් සම්පුර්ණ අයිතියනම් දීල නැ:P. එක සමගාමී අයිතියක් හරියට Quicksilver වගේ. ඒ වගේම මේ movie එකේ අපිට දකින්න පුළුවන් එදා මේද තුල පහල වුන හොදම Spider-Man ව:yes:. කොමික් කියවන ඇය දන්නවා ඇතිනේ Deadpool ට පස්සේ Marvel ලගේ හොදම කොමඩි කොමික් චරිතය Spider-Man කියලා. එත් කලින් ආව movies වල අපිට ඒ තරම් කොමඩි Spider-Man කෙනෙක් දකින්න ලැබුනේ නැ මේකේ වගේ. තවදෙයක් Spider-Manට powers ලැබෙනකොට අවරුදු 15යි. අවරුදු 15ක පෙනුමක් තියෙන Peter Parker කෙනෙක් දකින්නෙත් අපි මේ movie විතරයි. (කලින් Peter Parker ලා කොච්චර වයසද කියලා Aunt May ගේ වයසින්ම කියන්න පුළුවන්:rolleyes:. කොහොමද මේකේ Aunt May.:love:.... හෝ හෝ .. කතාව වෙන පැත්තකට යනවා වගේ:P)


    9lj19k.jpg


    Tony යනවා Queens වලට. Peter ගෙදර එනකොට Tony ඉන්නවා Aunt May එක්ක චැටක් දාගෙන. Tony ව දැකපු Peter පුදුම වෙනවා. ඔහුට වචන පවා පැටලෙනවා. තාක්ෂණික විශේෂඥයකු, බිලියනපතියකු වන Tony Stark එහෙමත් නැත්නම් Iron Man තමාගේ නිවසේ. Tony ට ඕනි Peter එක්ක තනියම කතා කරන්න. මේ නිසා Aunt May ව මග ඇරලා Peter ගේ කාමරේට යනවා.



    2nlwftk.jpg

    Tony දැනටමත් දන්නවා Peter කියන්නේ Spider-Man කියලා. Tony ට ඕනි එක තහවරු කරගන්න. Tony වීඩියෝ ෆුටෙජ් එකක් පෙන්නවා Spider-Man නගරයේ කල ක්රිඕයාකාරකම් වල. Peter කියන්නේ එක බොරුවක් කියලා. මෙතනදී Tony,Spider-Man suit (Peter ම නිර්මාණය කල)සිවිලිමේ තියල හොයාගන්නවා. ඊට පස්සේ Peter ට පිළිගන්න වෙනවා තමා Spider-Man බව. මෙතනදී හෙළිදරව් වෙනවා Peter ට මිට මාස 6කට පෙර powers ලැබුණු බවත් ඒ ගැන වෙන කිසිම දෙනෙක් දන්නේ නැති බවත් (දැන් ඉතින් දාන්න එකම කෙනා Tony Stark විතරයි). Tony කැමති කරගන්නවා කොහොමහරි Peter ව තමාගේ කණ්ඩායමට එකතු කර ගැනීමට.


    nf19tw.jpg

    Avengers headquarters වලට විශ්රාtම ගිය කෙනෙකු පැමිණෙනවා. ඒ Clint Barton. Wanda ව බේරාගෙන යන්න. ඔහු පවසන්නේ කැප්ට ඔවුන්ගේ උදව් අවශ්ය0 බවයි. නමුත් එතනට එන Vision ඔවුන්ව නවත්වන්න හැදුවත් Wanda ගේ බලයෙන් Vision පරාද වෙනවා. මේ අතර Natasha, T'Challa හමුවෙනවා Bucky ව සොයාගන්නා උදව් කිරීමට.


    nv9sas.jpg

    Sharon පැමිණෙනවා Steve හමුවීමට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ආයුධ ආම්පන්නද එක්ක. Steve කියනවා මේ දේවල් නැති වෙන නිසා Sharon සොයාගෙන CIA එක එයි කියලා. ඒ වගේම මෙතනදී Steve ට Sharon ගැන මෙව්වා එකකුත් ඇති වෙනවා:rolleyes: (කොමික් වල විදියටම)

    ඕක ඉතින් අපි හිතුව වෙයි කියලා:P. හැබැයි ඉතින් මේවා Sharon ගේ නැන්ද වලෙන් නැගිටලා එන වැඩ:baffled:. එත් ඉතින් ආදරයට උස වයස නිකම්ම නිකම් නොම්බර විතරයි කියනවනේ;). CIA එකත් අහිමි වෙන Sharon ට මෙතනින් පස්සේ මොන වෙයිද, අපිට ඉස්සරහට මේ චරිතය දකින්න ලැබෙයිද?:confused: ඒක ප්රrශ්නාර්ථයක්. හැබැයි ඉතින් Sharon ගේ චරිතය දැන් Steve එක්ක සම්බධ වුන නිසා මන් නම් හිතන්නේ Sharon ඉස්සරහට MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම Sharon ගෙනත් දෙන Steve ගේ ඇදුමේ Avenger logo එක දකින්න ලැබෙන්නේ නැ. ඔවුන් එක ඉවත් කරලා. ඒ කියන්නේ Steve සහ Sam, Avengers කණ්ඩායමෙන් ඒ වෙනකොටත් ඉවත් කරලා ඉවරයි.

    2n8s8xu.jpg

    Steve, Bucky සහ Sam යනවා ඔවුන්ගේ අලුත්ම කණ්ඩායම් සාමජිකයව හමු වීමට. Clint ඔහුව එක්කන් එනවා.Scott Lang. බලාගෙන ගියාම Scott, Captain America ගේ ලොකු fan කෙනෙක් වගේ. ඒ වගේම Scott, Samට පරණ මතක් කිරීමකුත් කරනවා. Scott මෙතනදී කැමති වෙනවා කණ්ඩායමට එකතු වන්න.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඔන්න ඉතින් දැන් පටන් ගන්න යන්නේ දැනට කොමික් චිත්‍රපට ඉතිහාසයේ ලොකුම සහ හොදම පයිට් එක:P. Steve සහ ඔහුගේ කණ්ඩායමත් Tony සහ ඔහුගේ කණ්ඩායමත් අතර විනාඩි 20ක් වගේ කාලයක් මේ සටන තියෙනවා. හරි පටා.....න් ගමු;).


    2pqs7xs.jpg

    Steve එනවා ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපලට. මෙතනට Steve ගේ ගමනට නවත්වන්න එනවා Tony.

    මෙතනදි තමා ඉස්සෙලම අපිට Iron Man ගේ Iron Man Armor එක බලාගන්න වෙන්නේ. මේ movie එකේ Tony අලුත් Iron Man Armor එකක් නිර්මාණය කරනවා. ඒ Tony ගේ 46 වැනි Iron Man Armor එකයි.


    ruuzaf.jpg

    ඒ වගේම මෙතනට War Machine එනවා. Steve කියන්නේ මේ සියල්ල පිටුපස Zemo ඉන්නේ ඔහුව නැවැත්විය යුතුයි කියලා. ඒ වගේම තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත් Zemo ට ඔව්න්ව සොයාගැනීමට ඉඩ දිය නොහැකි කියලා. ඉන් පසු මෙතනට Black Widow සහ Black Panther ද පැමිණෙනවා.


    2igkgow.jpg

    මේ වෙලාවේ කිසි දෙයක් විස්වාස නොකරන Tony තමා ඉවසුව ඇති කියලා කතා කරනවා 'underoos' ට. Spider-Man, Web මගින් එක අතකින් Captain America Shield එකද පැහැරගෙන Captain America ගේ අත් දෙකද ගැට ගසා එතනට කඩා පාත්වෙනවා.

    Tony මෙතනදී underoos නම යොදාගන්නේ nickname එකක් විදියට. කොමික් වල ගොඩක් ජනප්‍රියයි සුපිරිවිර්යන්ගේ codename එකට අමතරව භාවිතා කරන nickname. ඒ වගේම මෙතන Spider-Man එන්නේ අලුත්ම suit එකකින්. මේක Tony තමා නිර්මාණය කරලා දීල තියෙන්නේ Peter ට. මේකට මෙතනදී ස්තුති පවා කරනවා Tony ට. කොමික් වලදී Tony, Peter හදල දෙන suit එක ගැන හුගක් දෙනෙක් දන්නවනේ. iron spider suit එක:cool:. හැබැයි මේකෙනම් හදල දෙන්නේ සාමන්‍ය suit එකක්. සමහරවිට ඉස්සරහට iron spider suit එක MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට ඊලග Spider-Man: Homecoming එකේ. මොකද එකේ Iron Man ඉන්නවා කියලා තහවුරු වෙලා ඉවරයි. ඒ වගේම හුගක් දෙනෙක්ට මේ Spider-Man suit ඇල්ලුවේ නැ. හැබැයි ඉතින් කොමික් වල තියන නියම Spider-Man suit එකක් දැන් තමා එලියට ඇවිල්ල තියෙන්නේ:yes:. කලින් ෆිල්ම් වල තිබුණු නැති Spider-Man Shutter Eyes ඉස්ස ඉස්සලම අපිට බලාගන්න පුළුවන් වුන මෙකෙදි.

    Peter කියනවා Steve ට ඔහු Captain America ගේ ලොකු රසිකයෙක් කියලා. බලාගෙන ගියාම සුපිරිවිරයන්ගේත් Captain America ට fans ගොඩක් ඉන්නවා වගේ. Phil Coulson, Ant-Man දැන් Spider-Man (කොමික් වලනම ඔයිට වඩා ඉන්නවා. ලොකුම fan තමා Deadpool :P )


    1oogtk.jpg

    Tony මෙතනදීත් ඉල්ලනවා Steve ට තමන් සමග එකතු වෙන්න කියලා. එත් ඒ දේ ප්‍රතික්ෂේප කරන Steve, Hawkeye ගේ ඊතලයක් මගෙන් තමා අත ලිහාගෙන Ant-Man මාර්ගයෙන් Shield එක නැවත ලබා ගන්නවා.

    මෙතනදී Ant-Man suit එක ඉස්සෙලම දකින්න ලැබෙනවා. ඒ වගේම කලින් Ant-Man movie එකේ suit එකට වැඩ මේක වෙනස් එකක්.


    2qxykif.jpg

    Quinjet එක තිබෙන තැන හොයාගන්න Falcon සහ Winter Soldier ඒ දෙසට දුවන්න පටන ගන්නවත් එක්කම Avengers සටන ආරම්භ වෙනවා.

    මේ සටන මන් කලින් කිව්වා වගේ හොදම සටන වෙන්න හේතු ගොඩක් තිබුන. ඉන් කීපයක් නම් එකක් තමා සටන් ජවනිකා ගණන. අනිත් එක මේ සටනේදී නොසිතු දේවල් ගොඩක් සිදු වුනා. ඒ වගේම කොමික් වලට සම්බන්ධ සටන් ජවනිකාද අඩංගු වුන.


    2rnzgn9.jpg
    Spider-Man vs Ant-Man, Captain America vs Black Panther

    28vf7d1.jpg
    Ant-Man vs Black Widow, Spider-Man vs Falcon

    2labjlu.jpg
    Spider-Man vs Winter Soldier, War Machine vs Captain America

    30jr1ip.jpg
    Hawkeye vs Iron Man, Iron Man vs Scarlet Witch

    11rxdlw.jpg
    Team Iron Man vs Team Captain America

    vqmwy9.jpg
    Black Widow vs Hawkeye , Black Panther vs Winter Soldier

    2ef6a6c.jpg
    Scarlet Witch vs Black Widow, Scarlet Witch vs Black Panther

    2mg8eno.jpg
    Captain America vs Spider-Man, Iron Man vs Falcon

    2qm10xv.jpg
    Hawkeye+Ant-Man vs Iron Man
    කොමික් වල ගොඩක් ජනප්‍රිය සිදුවීමක් ඒ විදියටම යොදාගෙන තිබුන:D.



    මෙතනදී Tony ඔහුගේ අලුත් භාෂා පද්දතිය යොදාගන්නවා නමින් F.R.I.D.A.Y. මතක ඇතිනේ කලින් තුබුන පද්ධතිය J.A.R.V.I.S, Vision නිර්මාණය කරන්න යොදාගත්තා. ඊට පස්සේ Tony භාවිතා කලේ මේ භාෂා පද්ධතියයි.


    1z6yydf.jpg

    Sam කියනවා මේ සටන ජයගන්නනම් මිට වඩා ලොකු දෙයක් සිදුවිය යුතුයි කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙන Ant-Man, Giant-Man බවට පත් වෙනවා.

    කොමික් කියවන අයටනම් Giant-Man අලුත් කෙනෙක් නෙවෙයි. හැබැයි සිනේමටික් යුනිවස් එකටනම් අලුත්. MCU එකේ මෙතනදී අපිට පළවැනි වතාවට දකින්න පුළුවන් Giant-Man.

    dq1v5x.jpg
    Giant-Man vs War Machine, Falcon vs Iron Man

    x4145f.jpg
    Giant-Man vs Black Panther, Spider-Man vs Giant-Man

    288xis1.jpg
    Hawkeye vs Black Panther, Scarlet Witch vs War Machine

    nvz6m1.jpg
    Vision vs Giant-Man, Black Widow vs Black Panther

    මන් හිතුව හරියටම හරි...මේ movie එකේ double agent කෙනෙක් ඉන්නවනම් ඒ අනිවා Black Widow කියලා මට movie එක එන්න කලින්ම හිතුව:yes:. මොකද මට ඕකි ගැන කිසිම විස්වාසයක් තිබ්බේ නැ.:angry: කොහොම වුනත් දෙපිලකට බෙදිලා මරාගන්න එක ගැන Black Widow ගේ වැඩි කැමැත්තක් තිබ්බෙත් නැ


    2pshxs2.jpg

    Spider-Man, Iron Man සහ War Machineට පුළුවන් වෙනවා Giant-Man ව මර්ධනය කරන්න

    මෙතනදී Spider-Man, Giant-Man ව බිම දාන්න යොදාගන්න උපක්‍රමය star wars v බලපු කෙනෙක්ට හොදට මතක ඇති;).


    2pzwqib.jpg

    මේ අතර Steve, Bucky මතනින් පලා යනවා Zemo හොයාගෙන Siberia වලට. Steve යන Quinjet එක පිටුපස Iron Man සහ War Machine ලුහු බදිනවා. ඊට පිටුපසින් යන Falcon ඔවුන්ව නවත්වන්න උත්සහා කරන අතර Vision, Falcon ට එල්ල කල ප්‍රහාරයක් වැරදීමෙන් War Machine ට වැදීමෙන් ඔහු ඉහල අහසේ සිට කඩා වැටෙනවා.එම ප්‍රහාරයෙන් War Machine ගේ Arc Reactor එකට පමණක් හානි වුන නිසා ඔහුගේ ජීවිතය බේරෙනවා.


    2rfd8r6.jpg

    Zemo සිටි කාමරයෙන් සොයාගන්නවා Theo Broussard මල සිරුර.
    Theo ගේ අනන්‍යතත්වයෙන් තමා Zemo ත්‍රස්ත මර්ධන ඒකකයෙන් Winter Soldier ව නිදහස් කරගන්නේ. ඒ වෙලාවේ Theo වෙනුවට Zemo අවේ කොහොමද කියලා දැන් දන්නවනේ නේ:shocked:.



    20idt10.jpg

    ප්‍රහාරයෙන් War Machine ගේ කකුලට හානියක් සිදුවෙන අතර එය ස්කෑන් පරීක්ෂණයකට ලක් වෙනවා. මේ අතර Tony, Natasha ට පවසන්නේ පිල මාරු කල නිසා Ross, Natasha අත්අඩංගුවට ගැනීමට සුදානම් වී ඇති බවයි.

    මෙතනින් පස්සේ Natasha ට මොකක් වෙයිද කියන එක ගැටළුවක්. බොහෝ විට Natasha ඉදිරියේදී Steve සහ කණ්ඩායම සමග එකතු වෙයි:rolleyes:.


    29nt9vc.jpg

    Tony ට ආරංචිය ලැබෙනවා Theo ගේ ඝාතනය සම්බන්ධව. ඒ වගේම Zemo හා හමුවීම Zemo, Theo නමින් පෙනිසිටීම සහ Zemo ගේ අතීතය පිළිබද විස්තරලා සියල්ල දැන ගන්නවා. ඒ වගේම මේ සියල්ලට වැරදිකරු Zemo බවත් දැන ගන්නවා.


    2ikurr6.jpg

    මේ අතර Zemo පැමිණෙනවා Winter Soldiers පස් දෙනා රදවාගෙන ඉන්න Siberian පරීක්ෂණාගාරයට. මෙතනදී Zemo, Mission Report: December 16, 1991 පිළිබද සියලු සාක්ෂි සොයාගන්නවා. ඒ වගේම Winter Soldiers පස් දෙනාත් සොයා ගන්නවා.


    33orwo2.jpg

    Tony යනවා Ross හමු වීමට Raft වලට. ගිවිසුමට එකග නොවූ Falcon, Scarlet Witch, Hawkeye සහ Ant-Man සිරකර තබාගෙන ඉන්න ස්ථානයක්. ඇත්තටම Tony ට ඕනි Ross ව හමු වීමට නෙවේ. Steve ගිය ස්ථානය සොයාගැනීමට.

    2mcx6h3.jpg

    එහිදී Tony, Sam ට කියනවා තමන් දැන් සත්‍ය දාන්න බවත් තමන් වැරදි පාරක ගිය බවත් Steve සොයාගෙන ඔහුට උදව් ලබා දිය යුතු බවත්. Tony ස්ථානය දැනගෙන පිටත් වෙනවා. Tony ව ලුහුබදින T'Challa ත් Siberia වලට යනවා.



    105e24w.jpg

    Steve සහ Bucky, Siberian පරීක්ෂණාගාරයට පැමිණෙනවා. ටික වෙලාවකින් Tony ද එතනට පැමිණෙනවා. Tony කියනවා ඔහු දැන් සියල්ල දන්නා බවත් Steve ගේ කතාව විස්වාස කරන බවත්. පසුව ඔවුන් තිදෙනාම Winter Soldiers පස් දෙනා සහ Zemo සොයා යනවා.


    34t2xht.jpg

    පරීක්ෂණාගාරයට එන ඔවුන් දැන ගන්නවා Zemo විසින් Winter Soldiers පස් දෙනාම ඝාතනය කර ඇති බව. මෙතනදී මුල් වරට Zemo, Tony, Steve සහ Bucky එකිනෙකට හමු වෙනවා.

     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඔන්න අපි ආව දැන් ෆිල්ම් එකේ vantage point එකට:D. ගොඩක් දෙනෙක්ට නොතේරුන තැන:yes:. මෙතනට තමා මේ master plan එක ගහපු Zemo ට එන්න ඕනි වුනේ. ඒ ඇයි කියලා මන් ඉස්සරහට කියන්නම්. ඊට කලින් Tony, Steve සහ Bucky මෙතනට ආපු විදිය ගැන ආපස්සට ගිහින් බලමු.

    Tony - Accords එකට කැමැත්ත පල කරනවා, Bucky ව අල්ලාගැනීමට උත්සහ කරනවා, Steve සමග සටනක් ඇති වෙනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

    Steve - Accords එකට විරුද්ධ වෙනවා, Bucky ව බේරාගැනීමට උදව් කරනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Tony සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

    Bucky - සමුළුවේ බෝම්බයට සැකකරු වනවා, අත්අඩංගුවට පත් වෙනවා, පැන යනවා, Steve සමග Tony ට එරෙහිව සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

    මොවුන් තිදෙනාම අවසනේයේ එන්නේ එකම අරමුණකට. හැබැයි ඔවුන්ගේ අරමුණ ඔවුන් එන්නත් කලින් Zemo ඔවුන්ට ඉටු කරලා දීල ඉවරයි. එත් ඇයි?:confused:


    ogigl3.jpg

    Zemo කියනවා පසුගිය අව්රුද්ද පුරාම තමා Steve ව අධ්ය නය කර බව. ඒ වගේම Sokovia සටනින් තමාගේ පව්ලේ සියලු දෙන අහිමි වුන බවත්.


    154diqb.jpg

    Zemo ඔවුන්ට පෙන්නනවා December 16, 1991 සිදු වුන සිදුවීමේ වීඩියෝවක්. එතනට එන Tony අදුන ගන්නවා ඒ වීඩියෝවේ තියෙන පාර සහ එහි දිනය December 16, 1991 බව.


    චිත්රිපටයේ විතරක් නෙවේ මුළු MCU එකේම emotional scene එක
    :(

    2qb98hw.jpg

    Winter Soldiers ගේ December 16, 1991 මෙහෙයුම Super Soldier Serum අම්ලයේ සාම්පල් පැහර ගැනීමම පමණක් නෙවේ. ඉන් පසුව Tony ගේ මව්පියන් Howard Stark සහ Maria Stark ඝාතනය කරනවා.


    9un12r.jpg

    දැඩි කෝපයක් ඇති වුන Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. තමාගේ අරමුණ ඉෂ්ට කරගත් Zemo එතනින් පිට වෙනවා.

    Zemo ට Sokovia සටනින් ඔහුගේ පව්ලේ සියලු දෙන අහිමි වෙනවා. Zemo තමාටම පොරොන්දු වෙනවා මෙයට වගකිව යුතු Avengers ගෙන් පලි ගැනීමට. Zemo ගේ plan එකට යමු,
    Zemo වැනි සාමාන්යv මනුස්සයෙක්ට බැ Avengers වගේ සුපිරි බලයන් තියන පුද්ගලයින් එක්ක හැප්පෙන්න. ඔවුන්ව වට්ටන්න පුළුවන් හොදම විදිය ඔවුනොවුන් අතර යුද්දයක් ඇති කලොත් විතරයි කියලා Zemo තේරුම් ගත්තා. Zemo අධ්යවනය කරලා හොයාගන්නවා Steve ගැන විස්තර සියල්ලම.(Steveගේ ඇස් දෙකේ පොඩිවට තියන කොළ පාට ඇරෙන්න:baffled:). Zemo දැන ගන්නවා Steve ට Buckyව කොච්චර වටිනා යාලුවෙක්ද කියලත්.HYDRA බිදවටිමෙන් පසු Natasha අන්තර්ජාලයට මුදාහරින HYDRA තොරතුරු මගින් දැනගන්නවා Tonyගේ දෙමව්පියන් HYDRA විසින් ඝාතනය කර ඇති බව. ඔහු HYDRA සාමාජිකකගෙන් විස්තර දැන ගැනීමට උත්සහ කලත් සාර්ථක වන්නේ නැ. Zemo සමුළුවට බෝම්බ ප්ර හාරයක් එල්ල කරලා එකට Bucky අහු කරවනවා. මොකද අතුරුදන් වෙලා ඉදපු Bucky ව ඔහුගේ සැලැස්මට එකතු කරගන්න. HYDRA සමජිකයගෙන් සොයාගන්නා පොත යොදාගෙන Winter Soldier ක්රිබයාත්මක කර Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය සොයාගන්නවා. ඒ වගේම එහි සිටින Winter Soldiers පස් දෙනා ක්රිeයාත්මක කිරීමට යන්නා බව Bucky හට Zemo ඒත්තු ගන්වනවා. මොකද Zemo හොදටම දන්නවා Winter Soldiers 5 දෙන නතර කිරීමට Steve උත්සහ කරන බවත් එකට Bucky ගේ සහය ලැබෙන බවත්. හැබැයි මෙතැනදී Zemo හිතපු නැති දෙයක් සිදු වුන. ඒ ඔහුගේ සැලැස්මේ අත්යටවශම කොටස Tony, Winter Soldiers 5 දෙන ගැන විශවාස නොකිරීමත් ඒ සදහා සහයෝගය නොදීමත්. ඒ වගේම Tony ගේ කණ්ඩායම හා Steve ගේ කණ්ඩායම තර සටනක් ඇති වුන බවත් දැන ගන්නවා. මේක නිසා Zemo, Theo ඝාතනය ඔහු විසින්ම හෙළි කරලා එහි වරදකරු Zemo බව Tony ට දැනගන්නට සලස්වනවා. පසුව Tony, Steve විස්වාස කිරීමත් එක්ක Siberia වලට එන්නේ Winter Soldiers 5 දෙන සොයා Zemo හිතපු විදියටම සැලැස්ම සාර්ථක වෙමින්. එත් එතනට එද්දී Winter Soldiers 5 දෙනම Zemo ඝාතනය කරලා ඉවරයි මොකද Zemo ගේ තියෙන එකම අරමුණ මොවුන් තිදෙනා එක තැනකට එකතු කිරීම පමණයි. එම ස්ථානයෙන් සොයාගත් සාක්ෂිත් සමග ලේසියෙන්ම Zemo, Tony සහ Steve සමග සටනක් ඇති කරවනවා.
    මේ movie එකේ plot එක සම්පුර්ණයෙන්ම වෙනතකට හරවන්න Zemo ට පුළුවන් වුන. Trailers බලද්දී හැමෝටම වගේ හිතුනේ මේක ගිවිසුමට එරෙහි වුන හා සහයෝගය දෙන අය අතර සටනක් වෙයි කියලා. එත් Trailers වලින් මුහුනක්වත් පෙන්නපු නැති Zemo මේ කතාව හිතපු නැති විදියට සම්පුරණයෙන් වෙනස් කල:yes:. MCU එකේ දැනට බිහිවෙච්ච smartest villain කියලා කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. (villain කෙනෙක් කියලා කියන්නත් බැ ඉතින්:sorry:)


    ev6zol.jpg

    තමාගේ අරමුණ සම්පුර්න කරපු Zemo ඔහුගේ බිරිදගේ අන්තිම කෝල් රෙකෝඩ් එක අවසන් වරට අහලා ෆෝන් එකෙන් delete කරනවා. එතනට එන T'Challa හට Zemo තම සියලු කතාව කියා දිවි නසාගැනීමට උත්සහ කරත් T'Challa එය වළක්වනවා.


    a2yqup.jpg

    මේ අතර Tony හා Bucky සටනේදී Bucky, Tonyගේ පපුවේ තියෙන Arc Reactor එක ගලවන්න උත්සහ කිරීමේදී Buckyගේ Prosthetic Arm එක ඔහුගේ කදින් වෙන් වෙලා යනවා.

    අත කදින් වෙන් වෙන සිදුවීම් MCU එකේ ගොඩක් අවස්ථා වලදී සිදු වුණා. මේකට හේතුව කියන්නේ star war චිත්රිපටයට උපහාරයක් ලෙස (Star War: The Empire Strikes Back ෆිල්ම් එකේ Luke Skywalker අත වෙන් වීමේ සිදුවීම) ඔවුන් ඒක යොදාගන්නවා කියලා. ඒ අනුව MCU phase 2 එකේ ඉදන් හැම ෆිල්ම් එකකම වම් අත අහිමි වෙන සිදුවීමක් තියෙනවා. Iron Man 3 වල Aldrich Killian ගේ, Thor: The Dark World වල Thor සහ Malekith ගේ, Guardians of the Galaxy වල Groot ගේ, Avengers: Age of Ultron වල Ulysses සහ Hulkbuster, Ant-Man වල Yellowjacket ගේ, ඒ වගේම මේකේ Bucky ගේ.


    2ex6hrr.jpg

    Tony, Steve අවසන් සටනේදී Steve තමා shield එක මගින් Tonyට පහර දී Arc Reactor ටද පහර දීල සටන නවත්වනවා.


    333k0ut.jpg

    පසුව Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන shield එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා.


    මේ scene එකෙන් කියන්න පුළුවන් Steve හා Tony ගේ හතුරුකම ඉවරවෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද shield එක නැති Captain America කියන්නේ හරියට Mjolnir එක නැති Thor වගේ. ඒ නිසා Tony මේ shield එක Steve ට ආපහු දෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් වෙන්න එකම දෙයයි අලුත් shield එකක් Steve ට ලැබෙන එකයි. එක වෙන්නත් ඉඩ තියෙනවා මොකද T'Challa ට එක සුළු දෙයක්. හැබැයි ඒ දෙකම සිද්ද වුනේ නැත්නම් Steve තව දුරටත් MCU වල Captain America නොවෙන්න පුළුවන්.


    95x5qh.jpg

    Zemo සියලු දේවල් වලට වැරදි කරු වී අත්අඩංගුවට ගැනෙනවා. Avengers headquarters වලට එන Tony සුවවෙමින් පවතින Rhodes හට ඇවිදීමට උදව් වෙනවා. මේ අතර Tony ට පාර්සලයක් එනවා. මේ පාර්සලේ ගේන්නේ කව්ද දන්නවනේ.


    Stan Lee ගේ cameo එක හැම movie එකකම වගේ පට්ට අතල් එකක් ගේන්නේ:rofl:. මෙතනදීත් ඔහු Tony Stank කියලා අහන්නේ අකුරු හරියට නොපෙනන හින්ද හෝ හරියට කියවගන්න බැරි නිසා වෙන්න ඕනි:lol:.


    15ph21l.jpg

    Tony ට ලියුම එන්නේ Steve ගෙන් ඒ එක්කම පොඩි phone එකකුත් (ඉදිරියේදී Tony ගේ හිත වෙනස් වුනොත් Steve ව සමබන්ධ කරගන්න). Steve ඔහුගේ කණ්ඩායම සිරකරගෙන ඉන්න සිරගෙදරට පහරදීලා ඔවුන්ව මුදවා ගන්නවා. මේක ආරංචි වෙන Ross, Tony ව සම්බන්ධ කරගන්න හැදුවත් Tony එක මග අරිනවා.

    මෙතනදී Tony කෝල් එක මග අරින්න ප්ර ධනම හේතුව තමා ඔහුගේ පරණ සගයින්ව ඒ ආකාරයෙන් හිර කරගෙන ඉන්නවට ඔහු කැමැත්තක් දැක්වුණේ නැ. ඔවුන්ව නිදහස් කිරීම අරමුණ Tony තිබුන වෙන්න පුළුවන්.
    අන්තිමේදී විශේෂයෙන් කියන්න ඕනි කැපා මේ කතාව පුරාවටම කරපු කල කැපකිරීම, උත්සහ කිරම් කරපු දේවල් ගත්තම උට තියෙන බොක්ක වෙන කිසිම එකෙට නැ:cool:. මගේ හිතේ කැපා ට තියෙන ගව්රවය ආදරය තවත් වැඩි වුන මේ movie එකෙන්:D. ඒ වගේම ආඩම්බර වෙන්න පුළුවන් මුල ඉදලම කැපා ගේ පැත්ත තෝරගත්ත එකට;). කැපා හොදම යහළුවත් බේරාගෙන ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් බේරාගෙන Tony ගෙන් සමවත් ගන්නවා. කැපා Tonyට ලියපු ලිව්මේ අවසාන කොටසින්ම මන් කතාව ඉවර කරන්නම්.

    I know I hurt you Tony.
    I guess I thought – by not telling you about your parents I was sparing you,but… I can see now I was really sparing myself.
    I’m sorry.
    Hopefully one day you can understand.
    I wish we agreed on the Accords, I really do.
    I know you were only doing what you believe in, and that’s all any of us can do, it’s all any of us should.
    So no matter what, I promise if you — if you need us. If you need me,
    I’ll be there


    20k9krm.jpg
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    post credit scenes වලට බහිමු:D. මාවල් movies බලන අය දන්නවනේ movie එකක් අන්තිමට post credit scene එකක් තියෙනවාමයි කියලා. එක දැන් මාවල් ලට අවේනික දෙයක් වෙලා වගේ. MCU චිත්‍රපට වලත් සමාන්‍යන් post credit scene එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා. බොහෝ විට post credit scene දෙකක් තියෙන අවස්ථා වලදී ඉන් එකක් MCU එකේ ඉදිරි චිත්‍රපටයකට සම්බදවත් අනෙක MCU කතා මාලාවට සම්බන්ධ scene එකක් ලෙස දකින්න පුළුවන්. මේකෙත් ඒ විදියමයි. පලවෙනි එක,


    2qd329w.jpg

    Bucky,Steve ට කියනවා Winter Soldier programe එකට විසදුමක් සොයගන්නකම් මේ දේවල් වලින් ඉවත්ව සිටිය යුතුයි කියලා. ඒ අනුව Bucky, ice machine එකක් තුල නැවතත් තැම්පත් කරනවා.

    Super Soldier Serum අම්ලය Bucky ගේ ඇගේ තියන නිසා මේ වගේ කීප වතාවක්ම කලින් HYDRA විසින් Bucky ව ice වල තැම්පත් කලා. ඒ වගේම අවරුදු ගනාවක් වුනත් Bucky ට ice machine එක ඇතුලේ ඉන්න පුළුවන්. Captain America පවා ice තුල අවුරුදු 67ක් සිටියෙ ඇගේ තියෙන Super Soldier Serum අම්ලය නිසයි.


    sgk2ah.jpg

    Steve ලගට එන T'Challa ට ස්තුති කරනවා Steve. ඒ Bucky ට උදව් කලට. (හැබැයි ඒ එකටම විතරක් කියලත් කියන්න අමරුයි:rolleyes:). T'Challa කියනවා ඔහුගේ තාත්තා සහ Bucky දෙන්නම ගොදුරක් වුන කියලත් ඉන් එක්කෙනුකටවත් උදව් කරන්න ලැබීමෙන් සැනසීමක් ලැබෙනවා කියලා.


    මෙතනදී හොද කනේ පාරක් වදිනවා සමුළුවේ බෝම්බය පිපිරිම සම්බන්දයෙන් Steve, Bucky ගේ පැත්ත ගත්තා කියලා උඩ පන්න ෆෑන්ස්ලට:P. T'Challa පවා පිළිගන්නවානම් Bucky වැරදි නැ කියලා අනිත් ඇය ගැන කතා කරලා වැඩක් නැ.:rofl:Steve කියනවා ඔවුන් දැන ගත්තොත් Bucky ව ඉන්න තැන ඔවුන් Bucky ව සොයාගෙන එයි කියලා. එතකොට T'Challa දෙන උත්තරය 'Let them try'

    පලවෙනි post credit scene එකේ ජවනිකාව ඉවරවෙන්නේ Steve, Bucky සැගවිලා ඉන්නේ කොහෙද කියලා තහවුරු කරලා. ඒ Wakanda වල. අන්තිම ජවනිකාවෙන් දකින්න පුළුවන් black panther statue එක. හැම සැරේම වගේ MCU එකේ post credit scene එකක් අපිට ප්‍රශ්නාර්ථ කීපයක්ම ඉතුරු කරනවා. මෙදා පාරත් ඒ වගේ. එකක් මේ Wakanda වල සැගවිල ඉන්න Steve, Bucky විතරමද? අනුමාන කරන්න පුළුවන් Steve නිදහස් කරගෙන ආව ඔහුගේ කණ්ඩායමත් මෙහෙ ඇති කියලා. ඒ වගේම පැත්ත මාරු කල Natasha ත්. මන් කලින් කිව්වා වගේ Steve මෙතනදී T'Challaට ස්තුති කරන්නේ මේ දේටත් එක්ක වෙන්න ඕනි. මිට පස්සේ Avengers ලට මොන වෙයිද?:confused: මටනම් හිතෙන්නේ මෙතනින් පස්සේ Secret එහෙමත් නැත්නම් Underground Avengers බිහි වෙයි කියලා. ඒ වගේම ඒ සදහා T'Challa උදව් කරයි කියලත්. Tonyට මොනවා වෙයිද? Tonyගේ කණ්ඩායම දැන් Avengers ලා තුන් දෙනෙක්ට අඩු වෙලයි තියෙන්නේ Tony, Rhodes සහ Vision. ඒ වගේම අමතක කරන්න එපා Tony, S.H.I.E.L.D. වල නායකයා වෙන්නත් පුළුවන්. මොකද කොමික් වලදී Tony, යටතේ S.H.I.E.L.D.ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම Agents of S.H.I.E.L.D. අන්තිම කොටස බලපු අයට මතක ඇති මාස 6 කට පස්සේ S.H.I.E.L.D. වල නායකයා Phil Coulson නෙවේ. එත් එක වෙන්න තියෙන අවසථාව ගොඩක්ම අඩුයි



    2hn2fqc.jpg

    Aunt May අහනවා Peter ගෙන් කව්ද ගැහුවේ කියලා. (Avengers සටනේදී ඇති වුන තුවාලය Peter, Aunt May ට කියා තියෙන්නේ ඉස්කෝලෙදි රණ්ඩුවකින් ඇති වුන කියලා:D)(ඒ වගේම මෙතන Peter ගේ ඇහැ උඩ තියන තුවාලය Avengers සටන රූගත කිරීමේදී ඇති වුන ඇත්තම තුවාලයක්:yes:). Peter කියනවා ඔහු රණ්ඩු වුනේ Steve කියලා ළමයෙක් එක්ක කියලා. ඒ වගේම ඔහුගේ යාළුවා ගොඩක් ලොකුයි කියලත් කියනවා.(බලාගෙන ගියාම බොරු කියන්නෙත් නැ මු :rofl:).



    t0kd5j.jpg

    Aunt May ගියාට පස්සේ Peter ගේ Web-Shooters එකෙන් දකිනවා Spider-Signal එක.


    Spider-Signal එක එක කොමික් වල Spider අපරාධ කාරයින්ට ඔහුගේ පැමිණීමේ අනතුරු ඇගවීමක් විදියට මේක යොදාගත්තා. ඒ වගේම මේ Signal එක කව්ද හදල දෙන්න කියලා ඇත්තේ කියලා හිතන්න පුළුවන්නේ. මන් අනුමාන කලේ Tony ඉස්සරහට Iron Spider suit එකත් නිර්මාණය කරයි කියලා මෙන්න මේ නිසයි. මොකද Tony, Peter සම්බන්ධතාවය ගොඩක් තදින්ම තියේවි. (Aunt May හින්ද හරි කොහොම හරි:P) Spider-Man: Homecoming එකේ මේ දේවල් වලට උත්තර ලැබෙයි කියලා හිතනවා.

    අම්මෝ ඇති එහෙනම්...යකෝ Russo ඩබල වත් මෙච්චර මහන්සි වෙන්න නැතිව ඇති මේ movie එක හදන්න:rolleyes:. ලංකාවේ තියෙන ලොකුම Review එකක් වෙන්න ඕනි මේකනම්:dull:. මේක කියවලත් හරි තේරුමක් අවේ නැත්නම් එතන තියෙන්නේ MCU storyline එකේ ප්රsශ්නේ විතරයි. එකට මටනම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පරණ ෆිල්ම්ස් ටික බලලා ඉන්න. 2018 එන Avengers: Infinty War ෆිල්ම් එක බලන්න ඉන්නවනම් මේ හැම දෙයක් ගැනම දැනුමක් තියෙන්න වෙනවාමයි:yes:. මේ ඉන්න සුපර් හිරොස් ලයි ඉස්සරහට එන්න ඉන්න සුපර් හිරෝස්ලයි ඔක්කොම ඉන්න ෆිල්ම් එකක් ඒක;). ඒ වගේම කෙවින් අයියා කියන විදියට ඔක්කොම සුපර් හිරෝසලා සුපර් විලන්ස් ලා 65ත් 70ත් අතර ගානක් Avengers: Infinity War එකේ ඉන්නවා කියලයි කියන්නේ:shocked:. ඒ වගේම සුපර් හිරෝසලා ගොඩ දෙනෙක් මැරෙනවා කියලත් කියනවා:sorry:. මට මග ඇරිච්ච දේවල් ඇති. ඒවා ගැනත් වෙන ඕනි දෙයක් ගැන අහන්න. අපි කතා කරමු ඒ ගැන. එහෙනම් Doctor Strange වලින් හමුවෙමු.
     
    • Like
    Reactions: Ashan052

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Doctor Strange ඊළගට එන්න තියන ෆිල්ම් එක නිසා එක ගැනත් පොඩි හැදින්වීමක් කරලම් යන්නම්. Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක් තමයි MCU එකට සම්බන්ධ වෙන්න යන්නේ:D. ඔක්කොටම කලින් trailers බලලා ඉදහන්කෝ..:rolleyes:




    trailers ගැන මන් මුකුත් කියන්න යන්නේ නැ එහෙම වුනොත් ෆිල්ම් එකේ plot එකට හානි වෙන්න පුළුවන්. හැබැයි කලින් කතා වලට වඩ වෙනස් මායාවන් සහ බලයන් සමග තමයි මේ ෆිල්ම් එකෙන් දකින්න හමබවෙන්නේ. ලාවට වගේ storyline එක ගැන කිව්වොත් Stephen Strange කියන්නේ හොඳම ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක්. එත් රිය අනතුරකින් පස්සේ Strange ට ඔහුගේ අත් දෙක පන නැති වෙනවා. මේ හේතුවෙන් අන්ත අසාරන වෙන Strange පස්සේ Ancient One කියන ආරාමයෙන් නැවත ජීවිතය ගොඩ නාග ගන්න පටන් ගන්නවා..ඔය ඇති..:frown:

    මේ ෆිල්ම් එකේ Doctor Strange ගේ චරිතය කරන්නේ අපි කව්රුත් අස කරන අති දක්ෂ Benedict Cumberbatch.(Doctor Strange කොමික් ස්වරුපය පට්ට විදියටම ගැලපෙනවා මුට) MCU එකේ මෙතෙක් ආව ෆිල්ම් වලින් දක්ෂම නළු නිලියන් පිරිසක් රගපාන ෆිල්ම් එකත් Doctor Strange. ඉතින් මේකේ රගපෑම් ගැනනම් කතා කරලා වැඩක් නැ.;)
    තව දෙයක් MCU එකේදී Doctor Strange අලුතෙන් සම්බන්ධ වුනාට ඒ නමනම් අහන්න ලැබුණා මිට කලින් Captain America: The Winter Soldier ෆිල්ම් එකෙන්. #ItsAllConnected

    2hzu4c2.jpg


    එතැනදී කැපා හයිඩ්‍ර සමජිකයෙක්ගෙන් ප්‍රශ්න කරනවා හයිඩ්‍ර සැලැස්ම සම්බන්ධයෙන් එවිට ඔහු කියන්නේ හයිඩ්‍ර සංවිධානයට තර්ජනයක් වෙන සියලුම අයව ඝාතනය කිරීමට උත්සහ කරන බවයි. ඔතනදි Captain America, Hulk වගේන Stephen Strange නමත් කියවෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පොඩි තියරි එකක් එලියට එනවා. ඒ Captain America: The Winter Soldier චිත්‍රපටය අදාල කාලයේ ඒ කියන්නේ 2014 දී Strange හයිඩ්‍ර වලට බලපෑමක් එල්ල වෙන්නනම් ඔහුට බලයන් ලැබිල ඉවරයි වෙන්න ඕනි. එහෙම බැලුවොත් එන්න තියන Doctor Strange ෆිල්ම් එක 2014 හෝ ඊට පෙර කාලයකට අයිති එකක් වෙන්න ඕනි.(මේක මගේ තියරි එකක් විතරයි:P)

    Marvel Cinematic Universe වලට සමබන්ධ වෙන අලුත්ම චරිතයක් නිසා MCU එකේ අනිත් ෆිල්ම් එක්ක ඒ වගේම MCU storyline එකත් එක්ක (Infinity War storyline ) ලොකු සම්බන්ධයක් බලාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් පොඩි හරි සම්බධ වීමක් තියෙන්නත් පුළුවන් මොකද #ItsAllConnected. (දෙවැනි trailer එකේ 1.44 දී Avengers Tower එක දැක්කද:rolleyes:)

    zlu58m.jpg


    ඒ වගේම මේ ෆිල්ම් එකෙන් පස් වෙනි Infintiy Stone එක වෙන Time Stone එකත් බලාගන්න පුළුවන්. Strange ගේ බෙල්ලේ තියෙන Eye of Agamotto එකේ මේ Stone තියෙවී කියලයි කියන්නේ..බලමු... එහෙම වුනොත් තව ඉතුරුවෙලා තියෙන්නේ soul stone එක විතරයි. බොහෝ විට එක Thor ඊලග ෆිල්ම් එකේ තියේවි.:) (දැන් අහන්න එපා මොනවද මේ Infintiy Stone කියලා..එක තමා කලින් ෆිල්ම් ටික බලන්න කිවේ:P. ඒවා ගැන පැහැදිලි කරන්න ගියොත් ඔලුව කුරුවල් වෙනවා.:baffled:..ඔනිමනම් වෙනම ත්‍රෙඩ් එකකින් දෙන්නම්;))





     
    • Like
    Reactions: BadBlueGenius
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ විසිටර් මැසේජ් එක එව්වේ ත්‍රඩ් එක බලන්න කලින්ද?

    අම්මෝ බන් මගේ data ටික ඉවර වෙලා නෙට් එකත් ස්ලෝවේලා කෙලවෙලා එත් හිරවෙවී ඔක්කොම කියෙව්වා පට්ට රෙවිව් එක මචන්.

    මාර්වල් ෆිල්ම් වලට මෙහෙම ලොකු රෙවිව් එකක් දැක්කමයි,

    ෆිල්ම් එකේ කැමරා කොපි එකම බැලුව ආපු දවස් වල,
    අනිද්දට bluray එක බාල බලන්න ඕනේ,

    සීන් එකෙන් සීන් එකට කියල තියෙන හින්ද අකුරක් නෑර ෆිල්ම් එක තේරෙනවා බන් බලපු නැති එකෙක්ට වුනත් එක සැහෙන්න වටිනවා,

    මේ ෆිල්ම් එකට වඩා එල කියලා suicide squad ආවා,එක නම් මහා මෝඩ ආතල් එකක් ,
    රිප් DC:lol::lol:

    රේප් මචෝ.
    දැක්ක හොඳම movie review එක කියල කියන්න පුළුවන්,
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    then you had too much free time for 3 months now.. :D
    besides, why do a scene by scene translation ? this movie has a very easy to follow, straight forward story... :rolleyes:

    there was some people still can't understand the movie plot