ඔන්න ඔච්චර තමයි මචන් කියන්න තියෙන්නේ.
තමන් කරන දේ ප්‍රතිවිපාක තමන්ටමයි, කොහොම උනත් මෙයාල යන්න බලාපොරොත්තු වෙන නිවන නම් ගොඩක් දුරයි කියල කියන්න පුළුවන්

ඔන්න ඔච්චර තමයි මචන් කියන්න තියෙන්නේ.
තමන් කරන දේ ප්‍රතිවිපාක තමන්ටමයි, කොහොම උනත් මෙයාල යන්න බලාපොරොත්තු වෙන නිවන නම් ගොඩක් දුරයි කියල කියන්න පුළුවන්

"පඤ්ඤාවන්තස්‌සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"
ධර්මාවබෝධයට අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනික සුදුසුකම් හෝ වෙනත් ලෞකික හැකියාවන් නොව ප්‍රඥ්ඥාවන්තභාවයයි.බුද්ධිමත් බවයි ප්‍රඥ්ඥාවයි කියන්නෙ දෙකක්.ඒ දෙක පටලගන්න එපා.කොච්චර බුද්ධිමතෙක් උනත් එයා තුල ප්‍රඥ්ඥාව නැත්නම් එයාට ධර්මයෙ ගැඹුර දකින්න නොහැකි වෙන්න පුලුවන්.සුනීත සෝපාකල ගැන හිතන්න.ඒ අයට ඔය කියන කිසිම සුදුසුකමක් තිබුනද ?.ඒත් ඔවුන් මගඵල ලබා අරිහත් බව ලැබුවෙ ඔවුන් තුල ධර්මය වටහාගැනීමට අවශ්‍ය වූ ප්‍රඥ්ඥාව පැවති නිසයි.
අද සමාජයේ ගොඩක් අය වරද්දගන්න තැනක්,
නිර්මාංශ වීම,
අදාල පුද්ගලයා සැහෙන උගතකු වීම
මිනිස්සු හිතන්නේ ඊට පස්සේ එය කියන දේවල් සේරම ඇත්ත කියල.

තව දෙයක් තමයි, ගොඩදෙනෙක්ට අමතක වෙලා තියනව බුදුහාමුදුරුවොත් නිර්මාංශ නොවුන බව.

නිර්මාංශ ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නයක්. මරන එක වැරදි නම්, විකුණන එකත් වැරදි නම්, කන එක කිසිම ප්‍රශ්නයක් නොවෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ???
අනිත් එක කන-නොකන ඕනේ එකෙක් දන්නව ඔය සත්තු දහ දුක් වින්දලයි මැරෙන්නෙ කියල. කන හින්දයි මරන්නේ කියන එකට හොඳම උදාහරණය තමයි 2004 සුනාමි වෙලාවේ ලංකාවේ ධීවර කර්මාන්තය. අඩියටම වැටුන, ධීවරයෝ මුහුදු ගියේ නැහැ.
මස් මාළු නොකෑව කියල අමුතු ගුණ වන්තයෙක් වෙන්නෙ නැහැ. හැබැයි "මම කන්න ආසයි නමුත් මේ සත්තු අකමැත්තෙන් ඇදගෙන ගිහින්, දුක් දීල අසාධාරණ විදියට මරන්නෙ" කියල හිතට අරගෙන "ඒ වගේ අසාධාරණ මසක් මට නම් එපා" කියන අදහසින් නොකාවොත්, ඒ සිතුවිල්ලට අනුකූල කුසලයක් තියෙනවාමයි කියන එකයි මගේ නම් මතය.
පව පින තීරණය වෙන්නෙ අපේ සිතේ ඇතිවෙන චේතනාව මත. හරකත් එක්ක තරහින්, ඒ මස් අනුභව කරනවානම්, ඒ රහට බොහොම ගිජු වෙලා ඒ මස් අනුභව කරනවානම්, එතන අකුසල් සිත් පහල වෙනව. නමුත් ප්‍රාණඝාතය කියන පව වැටෙන්නෙ ඒ සතා මරණ කෙනාට, හා ඒ සතා මරන්න සෘජුව අනුබල දුන්න කෙනාට. මේ ශරීරය පවත්වාගෙන යාමට ආහාරයක් පමණක් යන චේතනාවෙන් මස් කෑවොත්, එතන පවක් සිද්ධවෙන්නෙ නෑ.
මස් කෑවොත් ඒක සතුන් මැරීමට අනුබල දීමක් හා පවක් කියල හිතන එක පොඩ්ඩක් අර කූඹි පෑගෙයි කියල පාර අතු ගගා යනව වගේ වැඩක්. නමුත් ඒ චේතනාවෙන් මස් නොකා හිටියොත්, එතන සතුන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා කියන ගුණ පහල වෙලා පිනක් බවට හැරෙනව.
මස් කන එක පාපයක් කියල කවුරුහරි කියනවනම්, ඒ අය බුදුරජාණන්වහන්සේත් පවු කරපු කෙනෙක් විදිහට දකිනව.
කෙටියෙන් කියනවනම්, මස් කන, නොකන කොට හිතේ තියන චේතනාව අනුව පව, පින තීරණය වෙනවා.
සමහර අවස්ථා වලදී පිනක් වෙන විදිහට මස් කන්නත් පුළුවන්.
සමහර අවස්ථා වලදී පවක් වෙන විදිහට මස් නොකා ඉන්නත් පුළුවන්.
මෙතැන බොහොම සියුම් තැනක්. හැබැයි තේරුම් ගන්න පහසු වෙයි 'අපේ හිතට හොරෙන් පිං,පවු කරගන්නවත්, කුසල්,අකුසල් කරගන්නවත් බෑ' කියන සංකල්පය අධ්‍යයනය කලොත්.

මේ මම කාලෙකට කලින් මේ වගේ ප්‍රශ්නයකට දුන්න උත්තරයක්.

හොරෙක් (අයිතිකාරය විලාප කියමින් සාප කරමින් මහත් දුකට පැමිනෙද්දි ) යමක් හොරකම් කරගෙන ඔයා ලඟට ඇවිත් කියනව මුදල් ගෙවල ඒ හොරකම් කරපු දේ එයාගෙන් ගන්න ගන්න කියල.ඔයත් හොඳටම දන්නව ඒ හොරෙක් බවත් භාන්ඩය හොරකම් කරපු දෙයක් බවත් (ඒ හොරකම නිසා එහි අයිතිකාරය මහත් දුකකට පැමිණුන බවත්).ඒක දැනගෙනම ඔයා ඒක මුදල් ගෙවල ගන්නව.අරන් ඔයා ඒක තමන්ගෙ පාවිච්චියට ගන්නව.පාවිච්චි කරන ගමන් ඔයා අනිත් අයට කියනව මම මේක හොරකම් කලෙත් නෑ යමෙක් මා උදෙසාම හොරකම් කරලත් නෑ කියල.ඒක නිසා මට අකුසලයක් වෙන්න විදියක් නෑ කියලත් කියනව.ඒත් ඔයාගෙම හෘද සාක්ශිය ඔයාට මේ ගැන කියන්නෙ මොකද්ද ?

මේක මගෙත් අදහස.
මට සුත්‍රය මතක නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. අහලා තියන දෙයක් කියන්නම්.
බුදුරජාණන් වහන්සේ අහාර වලට දීපු උපමාවක්.
කතරක මවුපිය දේපලක් බිලිඳෙක් එක්ක යනවා.
මගක් යද්දී අහාර ඉවර වෙනවා. ගමන තව දුරයි. දෙන්නගෙන් කෙනෙක් යෝජනා කරනවා මෙහෙම. අපි මෙහෙම ගියොත් තුන් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් එගොඩ වෙන්න ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. නමුත් ගමනේ ඉතුරු ටික යන්න ජිවත් වෙන්න අපි බිලිදව ආහාරයට ගමු. එගොඩ වෙලා අලුත් දරුවෙක් හදමු. එහෙම කියලා තමන්ගේ ලෙයින් උපන් ආදරය කරන බිලින්දව ශරීරය පවත්වා ගන්න ඕනේ නිසාම මහත් පිළිකුලෙන් ආහාරයට ගානවා වගේ.
මටත් එක පාරට තෙරුන්නේ නැහැ. එත් හිතලා බලද්දී කොඉ තරම් ගැලපෙන උදහරනයක්ද කියලා හිතුනේ.

හොරෙක් (අයිතිකාරය විලාප කියමින් සාප කරමින් මහත් දුකට පැමිනෙද්දි ) යමක් හොරකම් කරගෙන ඔයා ලඟට ඇවිත් කියනව මුදල් ගෙවල ඒ හොරකම් කරපු දේ එයාගෙන් ගන්න ගන්න කියල.ඔයත් හොඳටම දන්නව ඒ හොරෙක් බවත් භාන්ඩය හොරකම් කරපු දෙයක් බවත් (ඒ හොරකම නිසා එහි අයිතිකාරය මහත් දුකකට පැමිණුන බවත්).ඒක දැනගෙනම ඔයා ඒක මුදල් ගෙවල ගන්නව.අරන් ඔයා ඒක තමන්ගෙ පාවිච්චියට ගන්නව.පාවිච්චි කරන ගමන් ඔයා අනිත් අයට කියනව මම මේක හොරකම් කලෙත් නෑ යමෙක් මා උදෙසාම හොරකම් කරලත් නෑ කියල.ඒක නිසා මට අකුසලයක් වෙන්න විදියක් නෑ කියලත් කියනව.ඒත් ඔයාගෙම හෘද සාක්ශිය ඔයාට මේ ගැන කියන්නෙ මොකද්ද ?
ඔවු මාත් අහල තියනව ඔහොම කතාවක්. කර්මය කියන එක සමාන්‍ය මනුස්සයෙක්ට තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ගැන ඉගෙන ගන්න ඉගෙනගන්න තේරෙන දෙයක් තමයි එකේ තියන සංකීර්ණ භාවය. චේතනාවේ ප්‍රභලත්වය අනුව, කෙනෙක් කුම්බියෙක් මරල අපායෙ යන කොට, කෙනෙක් මිනිස්සු සීයක් මරලත්, පොඩි විපාකයක් විඳිනව. මට සංසාරේ ගැන ලොකුම භයක් ඇති උනේ කර්මයේ අසාධාරණ ස්වභාවය ගැන හිතීමෙන්. මොකෝ, අසාධාරණයි කියල කාට හරි පැමිණිලි කරන්නද? පුළුවන් ඉක්මනට නිවන් දකින්න තිබ්බොත් මට ඒ ඇති.![]()
ඔයාගේ කතාව හරියට හරි. නමුත් අපි මෙතන කතා කරන මාංශ අනුභවය ගැන කතා කලොත් මාංශ අනුභවය කමක් නැහැ කියන ගොඩක් භික්ෂූන් සහ ගිහියන් ඒවා කියන්නේ මාංශ අනුභවයට තියෙන මල පෙරේත කමට කියලයි මට හිතෙන්නේ නම්, මොකද, කවදාවත් එයාල කියන්නෙ නැහැ.....
* සත්තු ගැන අනුකම්පාවක් නිසා නොකන අය නොකා ඉන්න.
* පවක් කියල සැකයක් තියේ නම් නොකා ඉන්න.
* දැනටත් කිසියම් හේතුවක් නිසා නොකන කෙනෙක් සිටී නම් නොකා ඉන්න...
ඔය වගේ වචන නම් එයාලගෙන් ඇහෙන්නෙ නැහැ. සමහරු පොත්පත් ලියල පවා කරලා තියෙන්නෙ කන එක ප්‍රාණ ගාතයක් නොවන නිසා කන්න කියල ආරාධනාවක් කියලයි මට නම් හිතෙන්නෙ.

අකුසලයක් වෙනව. හැබැයි ලෝභ මුලික අකුසල් සිත්. ඔයා හොරාව ඒ හොරකම කරන්න මෙහෙයවූවේ නැත්නම්, හොරකම කියන පාපය වෙන්නේ නෑ.
බෞද්ධයෙක්ට නිර්මාංශ වීමෙන් භෞතික හා අධ්‍යාත්මික වාසි ගොඩක් ලබාගන්න පුළුවන්. හැබැයි මාංශ අනුභවය පවක් කියල කියන්න බෑ.
කඩේ තියන මස් අරගෙන කෑවත්, කිසිමවිටක ප්‍රාණඝාතය කියන චේතනාව අපේ සිතේ ඇති වෙලා නෑ. මළ කුණක් කෙරෙහි ලෝභ සිතක් ඇති කරගෙන අපි එක කෑවත්, අපේ සිතේ එක චිත්තක්ෂනයකදිවත් ප්‍රාණඝාතය කියන චේතනාව ඇති වෙලා නෑ.
බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ සංඝයාට උනත් වලදන්න පුළුවන් කියල.
ඒ කියන්නෙ
1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.
මේක හරියට තේරුම් ගන්න සිතේ චේතනාව ගැන හා හේතුව, ඵලය ගැන ගැඹුරට යන්න ඕන. ඒක හරියට පැහැදිලි කරන්න මට බෑ.
ඔයා මස් කෑම පවක් කියල තදින්ම හිතන නිසා, මගේ ඉහත විස්තරය මදි වෙයි උත්තරයක් විදිහට.
මේ වගේ ගැටළු ගොඩක් තියනව. හැබැයි අපේ වාසනාවට, නිර්මාංශ වීම ගැන ගැටලුව විසඳගන්න බොහොම ලේසි ක්‍රමයක් බෞද්ධයින්ට තියනව. අඳුර නිසා මාර්ගය පැහැදිලිව නොපෙනුනත්, බුද්ධ චරිතය කියන ප්‍රදීපය තියනව බෞද්ධයින්ට හරි දිශාව දැනගන්න.
බුදුහාමුදුරුවෝ කියන්නෙ ආදර්ශයෙන් සත්වයින්ට මග පෙන්වපු සාස්තෘන්වහන්සේ කෙනෙක්. ඉතින් බුදුහාමුදුරුවො දනට ලැබුණු මස් කිසි ප්‍රශ්නයක් නැතුව වැලඳුවනම්, ඒක පවක් කියන්න අපිට පුලුවන්ද?
බුදුහාමුදුරුවො කිසිම වෙලාවක දේශනා කරල නෑ නිර්මාංශ වෙන්න කියල. ඇත්තටම, නිර්මාංශ වීම භික්ෂුන්ට අනිවාර්ය කරන එකට බුදුරජාණන්වහන්සේ තදින් විරුද්ධ උනා. මොකද බුදුන් ජීවමානව ඉන්න කාලෙත් මාංශ අනුභවය පවක් කියල හිතපු භික්ෂුන් හිටිය. ඒ අය අතර ප්‍රධාන උනේ දේවදත්ත.
දේවදත්ත සංඝයා බේධ කරන්න හිතාගෙන බුදුහාමුදුරුවන්ට යෝජනා කරපු ප්‍රතිපත්ති පහෙන් ප්‍රධාන එකක් උනේ භික්ෂුන්ට නිර්මාංශ වීම අනිවාර්ය කිරීම.
බුදුහාමුදුරුවන්ගේ උත්තරය උනේ, "මේවා දැනටත් කරන අය ඉන්නව. ඒ අය එසේ කිරීමේ වරදක් නෑ, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නෑ," කියන එක.
භික්ෂුන්ටවත් පනවන්න බුදුහාමුදුරුවො විරුද්ධ උන ශික්ෂාවක් අපි ඇයි මේ ගිහි අයටත් පනවන්නේ? මස් කෑම පවක්නම් බුදුහාමුදුරුවො අනිවාර්යයෙන් එකඟ වෙනවනෙ ඒකට.
අපි මස් කෑම පවක් කියනවනම්, එතන අපි කරන්නේ බුද්ධ දේශනාවට විරුද්ධ දෙයක් නේද?
මම කිව්ව වගේ, මේක බොහොම සියුම් මාතෘකාවක්. මාත් හුඟක් වෙලාවට මේ මාතෘකාව ගැන කතා කරන එක මඟ අරිනවා. හැබැයි ඔයා වගේ කෙනෙක්ට මම අර බුද්ධ චරිතය ගැන දුන්න විස්තරය සමහරවිට ඇති වෙයි ඔයාගේ කෝණය පොඩ්ඩකට වෙනස් කරගෙන ඒ ගැන ගැඹුරට හොයන්න. මොකද ඉස්සර මමත් ඔයා වගේ මස් කන එක පවක් කියල හිතපු කෙනෙක්.![]()
dan oya skylark pora nadda bun ?
ඒ දවස් වලම යනව කියල ගියා.
දැන් ආයෙත් ඇවිත්.
ඒකයි මේ පරණ thread එක bump වෙලා තියෙන්නෙ.