සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දුක නික්ම යාමට වඩා මෙතුමා විකට ශිල්පියෙක් ලෙස අද වෙසෙන සියල්ලන් හැදිනීමය..... අහෝ... කලාව සහ මනමේ....

වෙනත් වෙබ් අඩෙවියක ශෝකය පලකල කමෙන්ටුවකි... අන් ඒවා මීට අන්තයැ... අපිව හිනැස්සූ ලෙසින් අමතයි... එය සත්‍යමුත් මේ ඉන් එහා ගිය කලා කරුවෙක් බව අද උන් නොදනියි...

සත්තකින්ම මහත්තයෝ ඔබතුමාට 72ක් කියල හිතන්නවත් බෑ... ඒ ඔබේ හදවතේ තිබුණු නිර්ව්‍යාජත්වය... ඔබගේ රුපයෙන් විද්‍යමාන වූ නිසාවෙනි... ඔබගේ රංගනයන්ගේ ප්‍රතිභාවයෙන් මා අපමණ සතුටක් අත්විද ඇත... මා පමණක් නොව එලෙස සිනහවෙන් මුසපත් වූ ලක්ෂ සංඛ්‍යාත ඔබේ රසිකයන් එයට සාක්ෂියක් වනු ඇත... උතුම් නිවන් සුවයෙන්ම සැනසීම ලැබෙන්නට ප්‍රර්ථනා කරමි....
z_p21-does1.jpg
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දුක නික්ම යාමට වඩා මෙතුමා විකට ශිල්පියෙක් ලෙස අද වෙසෙන සියල්ලන් හැදිනීමය..... අහෝ... කලාව සහ මනමේ....

    වෙනත් වෙබ් අඩෙවියක ශෝකය පලකල කමෙන්ටුවකි... අන් ඒවා මීට අන්තයැ... අපිව හිනැස්සූ ලෙසින් අමතයි... එය සත්‍යමුත් මේ ඉන් එහා ගිය කලා කරුවෙක් බව අද උන් නොදනියි...


    z_p21-does1.jpg

    ලංකාවෙ ඉතින් නළුවෙක් වෙන්න නම් එක්කො වාණිජ චිත්‍රපටියක වීරයගෙ චරිතෙ රඟපාන්න ඕන නැත්නම් විකටයෙක් වෙන්න ඕන. මෙතුමගෙ අවසන් කාලයේ රඟපෑ විකට චරිත වලින් සැබෑ රංගන ශිල්පියා වැහිලා ගියා. විජය නන්දසිරි කිව්වම විකටයෙක් මතක් වෙන තැනටම වැඩේ සිද්ධ උනා :dull:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    2012 patan gatta thred 1k.. awurdu 4k tissise tamath tiyanwa... old is gold.. mama tama 6 veni pitawa kiyawanne... pattai a... patan gatta sahodra warunta pin... apii danna katah tiyanawa... nodanna kata godak tiyanawa.. thnks
    okkoma kiyawanna one....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කිරිල්ලිය ක්ෂිතිජය සොයාගෙන පියෑඹුවට යනදුරම ආයෙත් එන්න වෙනව කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිවයි පියාබන්නෙ.... අන්තිමට පියබල ආයෙත් හැරිල එනකොට තමා කිරිල්ලියට තේරෙන්නෙ... එක්කො පියාබගන්න බැරිව හතිවැටෙනව... නැතිනම් අත්දෙක රිදෙනව...

    මේවගේ කෙල්ල වැරැද්ද කලා හැබැයි මේකෙ බරපතලකම ගැන අවබෝධයක් තිබුනෙනෑ... අවබෝධ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. දැන් මේ දෑත්දෙක ඔබ දෙදෙනාටම උරුම බව ඇත්ත. ඒත් වෙනද වගේ මට මොනවත් කරගන්න බෑ.... උඹලව ආරක්ෂා කරන්න බෑ මොකද විඩාවට පත්වෙලා උඹලට උරුම මේ තටු....

    කිරිලිය සේ දුර පියා සලාලා - අත්තටු රිදුනා පමණයි
    දෑලවිදාහල දෑතමගේ - ඔබටත් ඔහුටත් උරුමයි


    පොළවට රැ දවල් ආලෝකය දෙන්නෙ හිරු සදු... එහෙනම් මටත් ආලෝකය තියෙන්න ඕනි... නමුත් කළුවරවෙලා.... මොකද දැන් මම ආලෝකය දෙයි කියල ඒ දෙන්න ගැනම හිතුව... නමුත් දෙදෙනාම මට දෙන ආලෝකයක් නෑ කියල මට වැටහිලා ඉවරයි... ඒ කියන්නෙ දැන් මගේ ලෝකයෙ ආලෝකය උඹල දෙන්නම නෙමෙයි වගේ... උඹල දෙන්නටම ඒ ආලෝකය දෙන්න බැරිද?

    හිරු සදු එකවර දෙපස නැගී කළූවර ඇයි විජිතයම මගේ

    එහෙමනම් මම මොකද්ද කරන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ... මට ඔයාල දෙන්නගෙන් කිසිකෙනෙක්ගෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන්නෙ නැතිනම්, වැරැද්දක් කරපුබවත් තේරෙනවනම්... මම සමඅරගන්න ඕනි... ඒත් දැන් මේ ජීවිතේ උඹල එක්ක තිබුණු සම්බන්ධකම් නිසා අවමාණයට, අපහාසට පත්වෙලා... ලෝකයා තමා දැන් ඒක තීරණය කරන්නෙ... දෙවියනේ මමවත් දන්නෙ නෑ.... මුන් හෙට දවසෙදි කවුරු නැතිකරාවිද කියලා... මිනිස්සු බලෙන් මාව සමුගන්වාවි... එහෙම උනොත් මට හෙට දවසෙදි සමුගන්න වෙන්නෙ ඔබගෙන්ද? ඔහුගෙන්ද?
    කණාටු සුළගේ දුහුල් මලකි අද - වල්මත් වීපාවෙන්නේ
    ඔබගෙන්දෝ... ඔහුගෙන්දෝ... මාහෙට දිනසමුගන්නේ


    සින්දුවෙ උඹලට වැදගත්වෙයි කියල හිතුන ටික විතරයි දැම්මෙ...

    යකෝ සිංදුවල සැබෑ අර්ථය මේ වගේ විකෘති කරන්න එපා බං... මේක මහා අපරාධයක්... මොනවද මේ විකාර.... හරියටම සිංදුව අහපන්.... ඊට පස්සේ වගකීමෙන් ඒක අර්ථ විග‍්‍රහ කරපන්.... නැත්නම් මේවා කියවල මේක තමයි ඇත්ත කියල සමාජගත වෙන්න ඉඩ තියෙනවා.... :shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ සිංදුවල සැබෑ අර්ථය මේ වගේ විකෘති කරන්න එපා බං... මේක මහා අපරාධයක්... මොනවද මේ විකාර.... හරියටම සිංදුව අහපන්.... ඊට පස්සේ වගකීමෙන් ඒක අර්ථ විග‍්‍රහ කරපන්.... නැත්නම් මේවා කියවල මේක තමයි ඇත්ත කියල සමාජගත වෙන්න ඉඩ තියෙනවා.... :shocked:

    bennata kamak neeeee
    digatama kiyawanna yaaalu :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපේ යාළුවො අහල තියෙනවද සනත් නන්දසිරි ගායනා කරන මේ ගීතය....

    ආදර සැමරුම් කැටිවූ ....... නෙතු කදුළින් මුතු පොබොලින්
    නිමාකලෙමි සිහිවටනය යමුනා තීරේ....... යමුනා තීරේ......


    ඉතින් මම කිව්වොතින් මේ ගීතයෙන් කියවෙන්නෙ අවමගුල් පෙරහැරක් හා ඒ ගමන ගැන කියල කිව්වොත් අපේ යාළුවො මොකද කියන්නෙ...... අහල බලන්නකො ඒ ගීතය...... විචාරය පසුව බලාපොරොත්තුවන්න....
    MATANAM HITHENNE SASLIIT AIYE ME KIYANNE TAJ MAHALA,MUMTAJ DEVIYA SAHA SAHAJAN RAJATHUMA GENA KIYALA.......
    WERADINAM SAMA WENNA...:rolleyes::rolleyes::rolleyes:

    Ma kiyapu kathawa atha.... Oka githaya lipu kalakaruwama(mata nama nam mathaka na) wadasatahanakata awilla kiyala thibba tajmhala dakala athi wicha sithuwillakin thamai githaya nirmanaya une kiyala.....
    Samahara welawata api aruthak denna giyath githayakata.... Githaye saralama arutha thama kohomath padaka kathawa wenne....
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    01) ඔබ පෙම් කරනා ඔබේ කුමාරී


    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ - මටද ආදරේ කියා තිබේ
    සුනිල් ආර්.ගමගේ මහත්මයා අතින් ලියවුණු මේ ගීතය, විරහ වේදනාව කැටි කරගත්ත එකක් බව, ඒක ඇහුණු සැණින්ම අපට තේරෙනවා. කොච්චර සුන්දර අත්දැකීමක් වුණත්, ආදරේ කියන්නේ විරහවත් අරගෙන එන හැඟීමක්. ගුණදාස කපුගේ මහතා හඬින් ගැයෙන මේ ගීතයත්, අන්න ඒ වගේ කඳුලු කතාවක් පාදක කරගෙන තමයි ලියවෙලා තියෙන්නේ.

    පාසල් යන කාලයේ ඉඳන් ආදරය කරපු එක්තරා යුවලක් උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වෙනවා. දෙන්නටම සරසවි වරම් ලැබුණත්, අවාසනාවකට වගේ ඒ දෙන්නා තේරුණේ වෙනස් සරසවි දෙකකට. මොන දේ වුණත් එක හිතින් ආදරේ කරන්න පොරොන්දු වුණත්, සරසවියට ගිය මේ තරුණිය වෙනස් වුණේ හරිම ඉක්මණට.

    පාසල් ප්‍රේමය අමතක කරන ඇය වෙනත් තරුණයෙක් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඇයගේ කලින් පෙම්වතා මෙයින් ඇතිවෙන්නේ දරාගන්න බැරි දුකක්. අහම්බෙන් වගේ මඟ තොටේදී ඔවුන් දෙදෙනාව මුණගැහෙන ඔහුගේ මතකයට අතීත ආවර්ජන ගලාගෙන එන්නේ හදිසියේ ඇද හැලෙන මහා වැස්සක් වගේ. ඉර බැහැගෙන යන හැන්දෑවක, සති අන්තෙක උද්‍යානයක, සිනමා ශාලාවක ඇයත් එක්ක තමනුත් මේ විදියට ඇවිදගෙන ගියා නේද කියන එක ඔහුට මතක් වෙනවා.
    තමන්ගේ මිතුරා විඳින විරහ වේදනාව ඔහුගේ යාළුවත් දකිනවා. ඉතින් යාළුවා දකින ඒ වේදනාව තමයි මේ විදියට ගීතයක වචන බවට පෙරළෙන්නේ.


    02) එදා මෙදා තුර කඳුලට විවරවූ

    එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
    මිලාන වී ගිය රෝසකුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
    විමල් ජයශාන්ත මහත්මයාගේ පළමු මෙන්ම අවසාන ගේය පද රචනාව වුණේ මෙයයි. එතරම් දුක්බර කතන්දරයක් එයට පාදක වෙලා තිබීම ඒකට හේතුවයි.

    කොළඹ තැපැල් කන්තෝරුවේ ස්ථානාධිපති කෙනෙක් වුණු ඔහු මුළු හිතින්ම එක්තරා තරුණියකට ආදරය කරනවා. ඇයගේ හිතෙත් ඔහු ගැන තියෙන්නේ ඊට නොදෙවෙනි ආදරයක්. කවදාහරි දවසක පෝරු මස්තක වෙලා අතැඟිලි බැඳලා, එක වහලක් යටට වෙන බලාපොරොත්තුවක් ඔවුන් දෙදෙනාගේ හිතෙත් තිබුණා. නමුත් අවාසනාවකට වගේ ඒ තරුණියගේ ගෙදරින් මේ ප්‍රේම සම්බන්ධයට කිසිම බුරුලක් ලැබුණේ නැහැ.

    දවසක්දා මේ තරුණයාට විදුලි පුවතක් ලැබෙනවා. වහාම තමන්ගේ ගෙදරට එන ලෙස දන්වලා මෙය එවන්නේ ඒ තරුණියගේ පියා. මේ එන්න කියන්නට ඇත්තේ ඔවුන් දෙදෙනාට ගෙදරින් කැමැත්ත දුන් බව කියන්න වෙන්න ඇති කියලයි ඔහු හිතුවේ. බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන ඔහු ඇගේ නිවස හොයාගෙන යන්නේ ඒකයි.

    ඇගේ නිවසට හැරෙන තැන එල්ලලා තියෙන සුදු කොඩිය දැක්කම ඔහුගේ හිතට දැනෙන්නේ ලොකු චකිතයක්. අඩියට දෙකට ගේ ඇතුළට යන ඔහුට දකින්න ලැබෙන්නේ, තමන් පණ මෙන් ආදරය කරපු යුවතියගේ මල සිරුර සාලය මැද තිබුණු මිනී පෙට්ටියක වැතිරිලා ඉන්න විදිය. අපේක්ෂාවන්ගෙන් පිරුණු ඔහුගේ ලෝකය එක තත්ත්පයකින්, දෑස් පනාපිටම බිඳ වැටුණා වගේ හැඟීමක් ඔහුට දැනුණා.

    දෙමාපියන්ගේ කැමැත්ත තමන්ගේ ආදරයට කවදාවත් නොලැබෙන බව තේරුණු තරුණිය සිය දිවි හානි කරගෙන තිබුණේ ඔහුගෙන් තොර ආදරයක් ගැන ඇයට හිතන්නවත් නොහැකි නිසා. විමල් ජයශාන්ත මහතා පද පෙළකට අමුණපු ඔහුගේ ඛේදනීය කතාන්දරය අපට අහන්න ලැබෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ ලයාන්විත හඬින්.


    03) මගේ පුංචි රෝස මලේ

    මගේ පුංචි රෝස මලේ - මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    ස්වාධීන රූපවාහිනියෙන් මුලටම බලන්න ලැබුණු මේ මියුසික් වීඩියෝ එක දැකපු හුඟක් අය හිතුවේ මේ ගීත පිටුපස තියෙන කතාවත් මේකමයි කියලා. ඒත් ඒකෙ ඇත්තම පසුබිම් කතාන්දරය මෙන්න මේ වගේ එකක්.

    සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එක්තරා ගායකයෙක් තමන්ගේ සංගීත පන්තිය පැවැත්වූයේ කළුතර පැත්තේ. ඔහු තරමක් වැඩිමහල් වයසේ ඉන්න කෙනෙක්. ඉතින් දවසක්දා මේ පන්තියට බොහොම ලාබාල ගැහැණු ළමයෙක් ආවා වයලින් වාදනය ඉගෙනගන්න.

    සමහර වෙලාවල්වලට ආදරය කියන දේට, උස් මිටිකම්, තරාතිරම්, වයස බලපාන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. වයසින් වැඩි කෙනෙක් වුණත් ඒ යුවතිය ගැන මේ ගායකයාට ඇතිවුණේ පුදුම ආදරයක්. ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් ඔහුට හිත් දුන්නේ නැහැ. ඇයට පන්තියේ වැඩවලට උදව් කරත්, වචනෙකින්වත් නොගැළපෙන දෙයක් කියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ.

    ප්‍රවීණ ගීත රචකයෙක් වන ධම්මික බණ්ඩාරයන් ඔහුගේ මිතුරෙක්. ඒ නිසා ලාබාල තරුණියකට හිතින් ආදරය කරන ඔහුගේ කතාව ධම්මික බණ්ඩාරයන් පවා දැනගෙන හිටියා. එක දවසක් ඔහු මේ ගායකයාගේ ගෙදරට යන්නේ ගීතයකට තනුවක් හදාගන්න. ඒත් ඔහු ගෙදර හිටියේ නැහැ. කොහොමහරි ධම්මික බණ්ඩාරයන් ඔහුව හොයාගන්නේ ඒ පැත්තේ තිබුණු රෙස්ටුරන්ට් එකකදී.
    සංගීතයේ හසල දැනුමක් තිබුණු මේ සංගීතඥයා රෙස්ටුරන්ට් එකකට වෙලා ආදරයෙන් පරාද වුණු තරුණයෙක් වගේ බොන හැටි දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒත් හේතුවත් ඇත්තටම එහෙම දෙයක් තමයි. අර තරුණියගේ විවාහයට ආරාධනා කරලා ඇරයුම්පතක් ඔහුටත් ලැබිලා. ගුරු ගෞරවයෙන් යුතුව, දෙපා නැමදලා ඇයගේ අතින්ම තමයි මේ ආරාධනාව ඇය කරලා තියෙන්නේ.
    ඉතින් ඔහුගේ ඒ විරහව පද පෙළට අමුණලා, ධම්මික බණ්ඩාරයන් රචනා කරපු මේ ගීතය අපට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින්.


    04) මලක් වුණේ ඇයි නුඹ මට

    මලක් වුණේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුණේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
    අමරසිරි පීරිස් මහත්මයාගේ හඬින් ගැයෙන මේ ගීතයත් අපි බොහොම ආදරය කරන එකක්. එයටත් පාදක වෙලා තියෙන්නේ ඒක රචනා කරපු සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ අත්දැකීමක්.
    කාලයක් පිටරට වාසය කරපු සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ මිතුරෙක් ලංකාවට එනවා.පිටරට ඉද්දී දැන අඳුනගත්ත ලංකාවේ තරුණියක් ගැනත්, ඔහු ඇයව ආවාහ කරගන්නට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසුවේ හරිම සතුටින්. ඉතින් මේ තරුණියව වගේම ඇගේ පවුලේ අයවත් පෞද්ගලිකව මුණ ගැහිලා, හඳහන් එහෙම බලවලා මේ විවාහයට දින එහෙම වෙන් කරගන්න ඔහු කටයුතු කරනවා.

    ඒත් එක පාරටම ඇයව විවාහ කර නොගන්න ඔහු තීරණය කරනවා. ඒකට හේතුව ඔවුන් දෙන්නගේ අදහස්වල නොගැළපීම. ඇත්තම කිව්වොත් ඇය බොහොම සාම්ප්‍රදායික විදියට හිතන කෙනෙක්. විවාහ වෙන්න හිටියත් අතකින්වත් අල්ලනවට ඇය කැමතිවෙලා නැහැ. මේ ගැන ඔහුට දැනිලා තියෙන්නේ හරිම කලකිරීමක්.

    බිඳුණු හිතින් ඔහු නැවතත් ලංකාවෙන් පිටවෙලා යනවා. මාස කිහිපයකට පස්සේ දීර්ඝ ලිපියක් මේ තරුණියටලැබෙන්නේ ඉහත දක්වලා තියෙන පද පෙළත් එක්කමයි. මේ සිදුවීමට සමාන කතන්දර බොහොමයක් අහපු, දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා “මලක් වුණේ” ගීතය රචනා කළේ ඒ සේරම මතකයන් අවදි කරගෙන.


    05) සුවඳ මට දී

    සුවඳ මට දී පාට තැවරූ
    මල අරන් පිටවී
    මා රැවටුවා මලවී
    ඒ මලත් මැලවී
    ආදරේ මල ආයෙමත් පරවී
    අග හිඟකම්වලින් නොඅඩු පවුලක උපන්න ඔහු පාසල් ජීවිතේට සමුදෙන්නේ පුංචි කාලේදීමයි. වයසෙන් වැඩෙද්දී, ගොවිතැන ජීවිකාව කරගත්ත ඔහුට තරුණියක් මුණගැහෙනවා. ඇයත් ඔහු වගේම බොහොම දිළිඳු පවුලක කෙනෙක්. හැබැයි දුප්පත් වුණත් ඇයගේ අධ්‍යාපනය අතරමග නවත්තන්න ඔහු කැමතිවෙන්නේ නැහැ. තමන් උපයන දේ ඇගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ට ලබාගන්න බැරි වුණු අධ්‍යාපනය ඇයට ලබාදීමේ අහිංසක බලාපොරොත්තුවත් එක්කමයි.

    ඇය සරසවියට තේරෙද්දී ඔහු තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නොමැති තරම්. සරසවියට ගියාට පස්සෙත් ඇගේ වියදම් දරන්න ඔහු වග බලා ගත්තා. ඒත් අධ්‍යාපනයෙන් ඉහළට යද්දී ඇයට ඔහුගේ තත්ත්වය මදි වුණා. කෙමෙන් කෙමෙන් ඇය ඔහුව තමන්ගේ ජීවිතයෙන් අයින් කරනවා.
    මේ කතාව යමුනා මාලනීයන්ට කියන්නේ ඒ තරුණයා විසින්මයි. චන්දන ලියනාරච්චි ගායනා කරන ”සුවඳ මට දී" ගීතය ඇය අතින් ලියවුණේ ඒ තරුණයාගේ කඳුළු කතාව පසුබිම් කරගෙනයි.

    මේ ගේය පද රචනාවන් එක්ක ඒවාට පාදක වුණු කතාන්දර ඇහුවම, අපට හිතුණේ මෙහෙම දෙයක්. ඒ ගීතයකට නිමිත්තක් විදියට ගොඩක්ම ගැළපෙන්නේ ආදරයද, විරහවද කියන එක. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ කතාන්දර තියෙනවා නම්, අපට කියන්න. එතකොට ඒ ගැන තවත් දවසක අපට කතා කරන්න පුළුවන්නේ.

    puvath.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=1762813
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    bennata kamak neeeee
    digatama kiyawanna yaaalu :D
    උබ වැඩෙ කරගෙන යමන් මචන්..සි0දුවක් ඔනිම ආකාරයට විග්‍රහ කරන්න පුලුවන්,මට සිතැගී දෙ අනුව,,නමුත් රචකයාට පාදක උන වස්තු බීජය දන්නෙ රචකයා පමනයි,,එක විවිද අය්යුරින් නිර්වචනය කරන්න පුලුවන් :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබ වැඩෙ කරගෙන යමන් මචන්..සි0දුවක් ඔනිම ආකාරයට විග්‍රහ කරන්න පුලුවන්,මට සිතැගී දෙ අනුව,,නමුත් රචකයාට පාදක උන වස්තු බීජය දන්නෙ රචකයා පමනයි,,එක විවිද අය්යුරින් නිර්වචනය කරන්න පුලුවන් :)

    :):):dull: