කස්ටියට මතකද මේ වීඩියෝ එක.
මගේ සාමාන්‍ය RPM එක 1500-2000 අතරේ තමයි තියෙන්නේ.
හැබැයි එන්ජිම හොඳටම රත්වෙන්න දුවලා ආවම විශේෂයෙන් ට්‍රැෆික් එකක ගොඩක් වෙලා ආවම එක පාරටම එන්ජිම ස්ලෝව් වෙනවා.ඒ එක්කම RPM එක 0 වෙනවා.රේස් කලාම හරියට වැඩ කලාට අයිඩ්ල් එකේදී 0 වෙනවා.
හැබැයි විනාඩි 10 ක් විතර එන්ජිම ඔෆ් කරලා තියලා ආයේ ස්ටාට් කලොත් ආයෙත් අයිඩ්ල් එකේදී හරියට 1500-2000 අතරේ තියෙනවා.ටික දුරක් යද්දී ආයෙම අර වැඩේ වෙනවා.
මේක වෙන්නේ විශේෂයෙන් ට්‍රැෆික් එකක වගේ ගියාම තමා.
එන්ජිම ස්ලෝව් වෙන්න හේතුව හොයාගත්තේ ගිය සතියේ.එහෙම RPM 0 වෙන වෙලාවට දකුණු පැත්තේ ප්ලග් එක වැඩ කරන්නේ නෑ.ප්ලග් එකේ ලෙඩක් නෙවෙයි.සති 3 කට කලින් අලුත් ප්ලග් දෙක දැම්මේ.ප්ලග් වයර් එකෙන් කරන්ට් එක එන්නේ නෑ.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?