මම දන්නේ නෑ රාජිත ඕක කොහොම කරාවිද කියලා. ඒත් ලංකාවේ බෙහෙත් මාෆියාවක් තියෙන බව නම් මම දන්නවා. එක එක ෆාමසි වල එක එක ගනන්. අම්මගේ බෙහෙත් ෆාමසියෙන් ගන්න රුපියල් හයදාස් ගානක් වියදම් කරන එකක් මම රාජ්‍ය ඔසුසලින් එක්දාස් පන්සීයකට වගේ ගෙනාවා. බෙහෙත්වල ගුණයේ අව්ලකුත් නැහැ.
අපේ රටට අවශ්‍ය බෙහෙත් අපේ රටේම නිපදවන්න රජයට බල කරමු. හැමදේටම ආණ්ඩු විරෝධය ඉස්සරහට දාලා වැඩ කරන්න එපා බන්. ඕකට දොස්තරවරුත් සම්බන්ධයි. දොස්තරවරු බෙහෙත ලියන්නේ බ්‍රෑන්ඩ් එකෙන්. මේ මාෆියාවෙන් බැට කන්නේ උබ වත් මම වත් ඇති හැකි එකා නෙවෙයි. බැට්ට ගන්නේ වයසක අම්මලා තාත්තලායි අහිංසක දුප්පතායි. වයසක අම්මලා බෙහෙත් ගන්න සල්ලි නැතුව ඇඹරෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. උදව් කරලත් තියෙනවා.