යාලුවනේ,
මට පොඩි උපදෙසක් ගන්න ඕන මේ සම්බන්ධව දැනුමක් තියන අයගෙන්:
මම ලංකාවේ පුරවැසිභාවය තියා ගත්තෙ නැත්නම් මොකද වෙන්නෙ?
මට පුළුවන් මම ඉන්න රටේ පුරවැසිභාවය ගන්න, දැනට අරගෙන නෑ. මම ඒක ගත්තෙ නැත්නම් මගේ ඊළඟට තියන ප්රමෝෂන් එකට නුසුදුස්සෙක් වෙනවා. ඒ පොසිෂන් එකට ගොඩක් ඉහල මට්ටමේ සෙකියුරිටි ක්ලියරන්ස් එකක් ගන්න ඕන. ඒ මට්ටමේ ක්ලියරන්ස් එකක් ඩුවල් සිටිසන්ෂිප් තියෙන කෙනෙකුට දෙන්නෙත් නෑ. ඉතින් මට තෝරාගන්න බැරුව ඉන්නෙ මගේ ලංකාවේ පුරවැසිභාවය තියාගන්නවද නැත්නම් ප්රමෝෂන් එකට යනවද කියල. ප්රමෝෂන් එක ගත්තොත් මෙයාලගේ ලංකාවේ තියන එම්බසි එකේ හොඳ පොසිෂන් එකක වැඩ කරන්න එන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි දැන් වයසයි, මමයි එකම පුතා. එයාල මෙහෙ ඇවිල්ල ඉන්න කැමතිත් නෑ. ඒ හින්ද මට ඕන කොහොමහරි ලංකාවට ඇවිල්ල හැමෝම එක්ක එකට ඉන්න.
මට යාලුවෙක් කිවුව මම මෙහෙ පුරවැසිභාවය අරගෙන ලංකාවට දැන්නුවේ නැත්නම් මගේ නමට තියන දේපල රාජසන්තක කරන්න පුළුවන් කියල. සමහරවිට ඒක ඇත්ත වෙන්න ඇති, අනික මම නීතිවිරෝධී දෙයක් කරන්න කැමතිත් නෑ. පුරවැසිභාවය නොගෙන සිටීමෙන් තව මොන මොන ප්රශ්න වලට මූණ දෙන්න වෙයිද කියල අදහසකුත් නෑ.
ද්විත්ව පුරවැසිභාවය ඇප්ලයි කරන්න ලංකාවේ ඉමිග්රේෂන් එකට Rs.300.000 ගෙවන්නත් ඕන. තව මොන මොනවා ගෙවන්න තියනවද දන්නෙත් නෑ.
කවුරු හරි මේ ගැන දැනුවක් තියන කෙනෙක් ඉන්නවද?

Don't know bro better consult a lawyer