මම අඩුවට බයික් හොයපු කාලෙ හම්බවුනා එකක් හෝමාගම උපාලි එක ගාව තිබුනෙ. එන්ජිම නම් කිරි කිරි. කොල්ලා බයික් එක කැෆේ රේසර් එකක් කරන්න අරන් තියෙන්නෙ. පස්සෙ වැඩේ අතෑරලා. ටැංකිය ඇරෙන්න අනික් සේරම බොඩි පාට්ස් ටික මිසින්. බැටරි නෑ ලයිසන් නෑ අවුරුදු 4ක. 30ක්ම කිව්වා. මම කිව්ව 25ට දෙනවනම් ගන්නව කියලා. මූ කැමති උනේම නැ. පස්සෙ අතඇරල දැම්මා. අපරාදෙ කියල හිතෙනවා දැන් නම්. එන්ජිම හොඳටම තිබ්බා ඒකෙ
අඩුවට තියෙනවා පරණ නම්බර්. හොයල බලන්න ඕනේ. 40ට අඩුවෙන් ගන්න තියෙනවා.
හොඳ බයික් අහුවෙන්නේ නෑ බන් අපිට.පහුගිය දවස් වල 2000න් උඩ බයික් පවා 60-70 ගානට තිබුනා.දැන් එකක්වත් නෑ.මම මේ යමහ SR 125 or 250 එකකටවත් අතගහන්න කියලා බැලුවේ.

SR වලට පාට්ස් අඩුයි. හැබැයි සැප උපරිමයි ඉතින්.
ඒක නිසාත් උන් කියනවා ගන්න එපා කියලා 



