සටනින් තොර ජයග්‍රහණයක් නැත.
මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේ අවස්ථාව සලසා දුන් අභියාචනාධිකරණ තීන්දුව දැවැන්ත සටනක විශිෂ්ඨ ජයග්‍රහණයකි. සයිටම් සිසුන්ගේ ජයග්‍රහණයකට වඩා එය “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට දායක වීමට හැකි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු. මෙය දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වාදීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්ත ද ඔහු මේ සටනින් පලා ගියේ බොහෝ කලකට පෙර ය. ඔහු සිය ශික්ෂණ රෝහල මෙන්ම සයිටම් ආයතනය ද රජයට බාර දී අත සෝදා ගැනීමට තීරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්රකාශයන්ද කර තිබිණ. මෙම සටන ඉදිරියට ගෙන ගියේ සයිටම් ආයතනයේ සිසුන්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටි පුරවැසියන් විසින් බව එම සටනට සහභාගී වූවන්ගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය.
‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් වූ සටන ඉතා දුෂ්කර විය. සටන් කිරීමට සිදුවූයේ මාර සේනාව සමඟ ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ෆැසිස්ට්වාදී සංවිධාන සමග ප්රජාතන්ත්රවාදී සීමාවන් හි සටන් කිරීම ඉතා දුෂ්කරය. පෙරටුගාමී නම් ෆැසිස්ට්වාදී දේශපාලන බලවේගයේ නියෝජනය වූ අවිවිශිබම කිසිදු සාකච්ඡාමය විසඳුමකට සූදානම් නොවන ෂයිලොක් වර්ගයේ සංවිධානයකි. “නිදහස් අධ්‍යාපනය“ ආරක්ෂා කිරීමට යැයි සිය ගණනක් සිසුන් පාරට ගෙන එන්නේ ඔවුනගේ දේශපාලන න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට මිස සිසුනට ඇති ඇල්මකට නොවේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු එවැනිම පටු ගෝත්‍රික අවස්ථාවාදී කණ්ඩායමකි. ඇම්බියුලන්ස් සේවාවකට පවා එරෙහි වන, තම අරුම පුදුම ඉල්ලීම් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ජීවග්‍රහයට ගැනීමට හැකි මිනීමරු ත්‍රස්ත සංවිධානයකි. රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන් මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් නිර්මාණය වන්නේ යැයි සිතා සිටින ඔවුන් තම වෘත්තියට තර්ජනයක් විය හැකි සියළු බලවේග මර්දනය කිරීමට ඉදිරිපත් වන ගෝත්‍රික සංවිධානයකි.
සම වෛද්‍ය සිසුන්ට වසර 4 කට අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ වූ ඔව්හු හෙදියන් වෛද්‍ය නලාව භාවිතා කිරීමට පවා විරුද්ධ වූහ. සහකාර වෛද්‍යවරුන්ට, හෙදියන්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, නව ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ඇතුළු සෑම ප්රගතිශීලී යෝජනාවකටම මෙම ගෝත්‍රික සංවිධානය විරුද්ධ වූහ. තමන් පිලිබඳව විශාල හීනමානයකින් පෙලෙන මෙම කණ්ඩායම ‘රජයේ වෛද්‍යවරයා‘ යනු ජනතාව පුද පූජා පැවැත්විය යුතු චරිතයක් බව වදාරති.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මෙම ෆැසිස්ට් ත්‍රස්තවාදී සංවිධාන දෙකට ගැලපෙන මට්ටමේ ප්රජාතන්ත්රවිරෝධී සංවිධානයකි. සයිටම් සිසුන් දෙදෙනෙකු තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහාචාර්ය කාලෝ කියා සිටියේ අධිකරණයේ තීන්දුව කුමක් වුවද තමන් සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකරන බවයි. මෙය අධිකරණයට අපහාස කළ උද්ධච්ඡ, නීච ප්‍රකාශයකි. එබැවින් මේ මාර පිරිස අධ්‍යාපනයේ නිදහසට අභියාචනාධිකරණය ලබා දුන් තීරණය පිළිගෙන වේදිකාවෙන් බැස යන්නේ නැත. ඔවුන් ‘අධ්‍යාපනයේ නිදහස‘ විනාශ කරන ගෝත්‍රික කල්ලිවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී නව වටයකින් සටනට එළැඹෙනු ඇත. එබැවින් අද අප භුක්ති විඳිනුයේ ‘අධ්‍යාපනයේ නිදහසේ‘ පළමුවටයේ ජයග්‍රහණය පමණි.
කබරගොයා තලගොයා කර ගැනීම
මෙම පරාජයෙන් පසු නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද කියා සිටින්නේ තම සංගමය ‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා සෑම අවස්ථාවකදීම පෙනී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවයි.‘
මෙම ප්‍රකාශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුග්ධභාවය අපූරුවට හෙළි කරන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ලියාපදිංචි වෘත්තීය සමිතියකි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීම නීත්‍යාණුකූලව පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ය. මෙය කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගැනීමේ උත්සාහයකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය පසුගිය ඉතිහාසය පුරාම කටයුතු කළේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට නොව විනාශ කිරීම සඳහා ය. “රජයේ වෛද්‍යවරුන්“ යැයි ඔවුන් හඳුන්වන ගෝත්‍රික පිරිසට අමතරව සෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිදු කණ්ඩායමකට නව අධ්‍යාපන දැනුම හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත නොහැකි අන්දමට ලක්ෂ ගණනක් රෝගීන් ජීවග්‍රහයට ගෙන විරෝධතා ගොනු කෙළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. උදාහරණයකට හෙදි අධ්‍යාපනය වසර තුනේ සිට හතර දක්වා ඉහළ දැමීමට රජය උත්සාහ කළ අවස්ථාවේ මෙම ගෝත්‍රික සංවිධානයේ මාරාන්තික විරෝධය ගෙන හැර දැක්විය හැකිය. අවශ්‍ය නම් මෙවැනි උදාහරණ ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය. එබැවින් හදිසියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය මතක් වීම විසිළු සහගත ය.
දෙවන කරුණ වන්නේ අභියාචනාධිකරණ තීරණයට එරෙහිව “ජාත්‍යන්තරයට“ යන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා කරන විහිළුවයි. මේ ගෝත්‍රික ත්‍රස්වාදී සංවිධානයේ නායකයන්ට අවබෝධ නොවූ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීරණය අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගෙන යෑමේ ප්රවේශයයි. මේ ගෝත්‍රිකයන් යන්නට සූදානම් වන ජාත්‍යන්තරයේ ඇත්තේ අධ්‍යාපනය ලැබීමේ නිදහසයි. මේ ගෝත්‍රික ෆැසිස්ට් සංවිධානයේ නායකයන් ජාත්‍යන්තරයට ගොස් පවසන්නේ තම ගෝත්‍රයේ සාමාජිකයන්ට හැර අනෙක් කිසිවෙකුට උසස් අධ්‍යාපනයට අවස්ථාව නොදිය යුතු බවද? මෙයට වඩා විගඩමක් තවත් තිබිය හැකිද?
නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.
‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.
“ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.
අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.
සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.
අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29)
පරාජිත ෆැසිස්ට්වාදීන්ගේ නව වටයේ සටනට මෛත්‍රී ගොදුරු වෙයිද?
අභියාචනාධිකරණ තීරණය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. සංගමයේ ලේකම් සොයිසා සිය සාමාජිකයන්ට ලිපියක් යවමින් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම ලිපිය ලැබුණු බොහෝ වෛද්‍යවරුන් පාදෙණිය, හේරත්, සොයිසා ආදීන්ගේ මව් ගුණ ගායනා කරමින් සිටිති. පසුගිය වනචර දශකය පුරා රාජපක්ෂ රෙජීමයට කඩේ යමින් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගත් මෙම කණ්ඩායම ‘සයිටම්‘ විරෝධී සටන ආරම්භයේදී පාවා දුන් බව ඔව්හු කියති. රාජපක්ෂ රෙජීම සමයේ ඔවුන්ගේ ආධාරයෙන් ආරම්භ කළ ‘සයිටම්‘ ආයතනයට එදා විරුද්ධ නොවී එය ස්ථාපිත වීමට ඉඩ දුන් බව ඔව්හු පෙන්වා දෙති. ‘සයිටම්‘ සටන පරාජය වූයේ කොතලාවල ආරක්ෂක පීඨයේ වෛද්‍ය පීඨයක් කිසිදු විරෝධයකින් තොරව ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඩ හැරීමත් සමග බවත් දැන් සාකච්ඡා කිරීමට දෙයක් ඉතිරි වී නැති බවත් ඔව්හු කියා සිටිති.
මේ ලිපිය ලියද්දී අවසන් වරට දැන ගන්නට ලැබුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලේකම් නවීන් ද සොයිසා හෙවත් ‘ගුටිකන මූණා‘ නමැත්තා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ‘ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන්‘ බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්රතිපත්තියකින් කටයුතු කරන බැවින් ඊට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබිණ. වැරදි නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවටද ඔහු පුරසාරම් දොඩා තිබිණ. මින් ගම්‍ය වන්නේ අප අනතුරු අඟවන්නා සේම මේ ෆැසිස්ට්වාදීන් නිකම්ම වේදිකාවෙන් බැස නොයන බවයි.
සයිටම් ආයතනය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය විශාල විරෝධතාවයක් මුලදී ගොනු කෙළේය. එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කෙළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ පාදෙණියගේ පෞද්ගලික ලිපි ගොනුවේ පිටපතක් තමා භාරයට ගැනීමයි. ඉන් පසුව පාදෙණිය එස්.බී.ගේ අතේ නැටවෙන රූකඩයක් මෙන් විය. කොතලාවල ආරක්ෂක පීඨයේ ‘ගෝඨා වෛද්‍ය පීඨය‘ ප්‍රමිතියකින් තොරව ආරම්භ කරන අවස්ථාවේ (අවම වශයෙන් ගොඩනැගිල්ලක් හෝ නොමැතිව) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ කලබලයට පත් වූ අතර එම වැඩ පිළිවෙලට විරෝධය දක්වන ලෙසට නායකත්වයට බල කළහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමකින් තම කලිසමේ සුළු දිය පහ කර ගත් පාදෙණිය ඉන්පසුව ‘ගෝඨා පීඨය‘ ගැන කටක් ඇරියේ නැත. අද තම සාමාජිකයන් නගන ප්‍රශ්න හමුවේ අසරණ වී ඇති පාදෙණිය, හේරත්, සොයිසා කල්ලියට සිය ඉතිහාසය මකා දැමිය නොහැකිය.
මේ කල්ලිය පසුගිය වනචර දශකයේ රාජපක්ෂ රෙජීමයට කඩේ ගියේ රෙදි නැතිව ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමේ වෘත්තීය සමිති රැස්වීමට සහභාගී වූ පාදෙණිය කියා සිටියේ “යහපාලනයකට තව කල් වැඩි“ බව යි.
වරු තුනෙන් තම ජනමතය පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මුරුත්තෙට්ටුවේ ආනන්දගේ උපන් දිනය වෙනුවෙන් අභයාරාමයට රිංගූ නමුත් ලජ්ජා බයක් ගෑවී හෝ තිබෙන මනුස්ස පරාණයකට එය සිදුකළ නොහැකිය. තමාව අඩි හයක් පහළ දැමීමට කුමන්ත්‍රණය කළ ගුබ්බෑයමකට රිංගුවා පමණක් නොව එහි සිටි බයියන්ගේ ‘ස්වයං වින්දනය‘ වෙනුවෙන් උද්දීපනයද සැපයී ය. දැන් අප වෙත වාර්තා වන්නේ නඩුවෙන් පරාජිත පාදෙණියලා ද මෛත්‍රීපාල සිරිසේන හමුවී අලුත් අඩව්වක් ඇල්ලීමට යන බවයි.
වම් අත වෙනුවට දකුණු අත කපන රජයේ වෛද්‍යවරුන්ගේ “ප්‍රමිතිය“
‘අධ්‍යාපනයේ නිදහසට‘ විරුද්ධ කණ්ඩායම් දැන් කරළියට ගෙන එන අලුත්ම අපවාදය වන්නේ ‘සයිටම්‘ ආයතනයෙන් බිහි වී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන නවක වෛද්‍යවරුන් රෝගීන් මරා දමනු ඇති බවයි. රජයේ වෛද්‍ය පීඨයන් බිහිකළ ‘රජයේ වෛද්‍යවරුන්‘ ගේ නොසැළකිල්ලෙන් පසුගිය කාලයේ කෙතරම් අහිංසක රෝගීන් පිරිසක් මිය ගොස් ඇති ද ? වම් අත වෙනුවට දකුණු අත කපා දැම්මේ රජයේ වෛද්‍ය පීඨ වල “ඉහළ“ ප්‍රමිතිය නිසා ද? වෛද්‍ය නොසැළකිල්ල හේතුවෙන් රෝගීන් මරා දැමීමට අමතරව රෝගී තරුණියක් දූෂණය කර ඝාතනය කළේ ද මෙම ඉහළ ප්‍රමිතිය නිසා ද? එම ස්ත්‍රී දූෂක ඝාතකයා ආරක්ෂා කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑම උත්සාහයක්ම ගත්තේ ය.
ප්‍රමිතිය පිළිබඳ අවලාදය අද ඊයේ මතු වූවක් නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කළ අවධියේ ද මෙම තැටියම වාදනය කෙළේය. මුදලාලි කෙනෙකු ආරම්භ නොකළ ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් වූ උතුරු කොළඹ විද්‍යාලය විනාශ කෙළේ ද මෙවැනි අවලාද නගමිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් අද වන විට ‘සයිටම්‘ ආයතනයට වඩා ප්‍රමිතියෙන් ඉහළ පෞද්ගලික වෛද්‍ය පීඨ රාශියක් බිහි වීමට අවස්ථා තිබූ අතර ශ්‍රී ලංකාව ආසියාවේ පෞද්ගලික උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථායක් වීමට ඉඩ තිබිණ. අන්තවාදී, අවස්ථාවාදීන්ගේ පුහු විරෝධතා හේතුවෙන් එම ඓතිහාසික අවස්ථාව අපට අහිමි විය. ඒ අවස්ථාව දකුණු කොරියාව, මැලේසියාව, බංගලාදේශය සහ ඉන්දියාව අත්පත් කර ගත්තේ ය. මෙම ගෝත්රවාදී, කුහකයන් පිරිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් නොව ඇතැම් රජයේ වෛද්‍ය පීඨ ගැනද කථා කරන්නේ ඒ ආකාරයෙන්මය.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළ අවධියේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වල සිසුන් පමණක් නොව ඇතැම් ආචාර්යවරුන්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ ප්‍රමිතියක් නොමැති බවත්, එම පීඨයෙන් බිහි වන නවක වෛද්‍යවරුන් අතින් රෝගීන් මිය යන බවයි. අලුතින් ආරම්භ කරන ඕනෑම අධ්‍යාපන ආයතනයක ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කාලය සහ නිශ්චිත මග පෙන්වීමක් අවශ්‍යය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීම වෛද්‍ය සභාවේ වගකීමයි. එම වගකීම ඉටු නොකර ‘සයිටම්‘ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුවට වැට බැඳ, ඔවුන්ට පුහුණුව නැතැයි අවලාද නැගීම තරම් නින්දා සහගත නීච නිහීන ක්‍රියාවක් තවත් වේද?
සයිටම් සිසුන්ගේ සුදුසුකම් අසන ජවිපෙ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ගිය සුදුසුකම් සඟවයි
දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘සයිටම්‘ ආයතනය ආරම්භ කළ අන්දම හෝ එහි ප්‍රමිතිය පිළිබඳ අපට සෑහීමකට පත් විය නොහැකිය. එහෙත් අප පෙනී සිටින්නේ ‘සයිටම්‘ ආයතනය වසා දැමීම වෙනුවෙන් නොව නිසි නියාමනයෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි. එක් පෞද්ගලික වෛද්‍ය පීඨයක් වෙනුවෙන් නොව නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දහසක් වෙනුවෙනි. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙනි.
වසර 2020 දී බලය ලබා ගැනීමට සූදානම් වන ජවිපෙ සහ ඔවුනට අනුබද්ධ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරඟ කරමින් සිටින්නේ පෙරටුගාමීන් සමග ය. පෙරටුගාමීන්ට වඩා අන්තගාමී ෆැසිස්ට්වාදී වී අධ්‍යාපනයේ නිදහස විනාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. එදා රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ගියේ අපොස උසස් පෙළවත් නොමැතිවයි. ඔහුට තිබුනේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම පමණි. එසේ නම් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළුවීමේ අවම සුදුසුකම් වලට වඩා වැඩි සුදුසුකම් සහිත ‘සයිටම්‘ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කිරීමට ජවිපෙට ඇත්තේ කුමන සදාචාරයක් ද? රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුලත් වුවද ‘සයිටම්‘ ආයතනයට සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ එකදු සිසුවෙක් හෝ සිසුවියක් නොමැත. වසර ගණනාවක් පුරා එල්ල කළ අවලාද, බොරු, පදනමක් නොමැති චෝදනා තවදුරටත් වලංගු නැත.
එහෙත් ෆැසිස්ට්වාදී පෙරටුගාමීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජවිපෙ මෙන්ම වෛද්‍ය සභාව ගෞරවාන්විතව වේදිකාවෙන් බැස යන්නේ නැත. පළමුවටයේ පරාජයෙන් වියරු වැටී සිටින මේ බලවේග ඔවුන් ලැබූ පරාජය මකා ගැනීමට ඉදිරියේ දී ලේ හලනවා සිකුරු ය. ඉතා දුර්වල සහ ප්රතිගාමීන් සමග යහන් ගතවීමට ඇඟිලි ගනිමින් සිටින ජනාධිපතිවරයාට බලපෑම් කරනවා නියත ය. දෙවැනි වටය වඩා දුෂ්කර ය. නමුත් සත්‍ය සහ සාධාරණය ජයගත යුතුම ය. ඒ සඳහා කැපවෙමු..!
බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු.