ජ්‍යෝතිශ ෆැක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
FUCK නෙමේ FAQ :dull: :dull:

බටහිර ඊනියා විද්‍යාවට වහල් වෙලා ජ්‍යේතිශය වගේ පෙරදිග දැනුම් මිථ්‍යාවල් කියන අයගෙන් නිතර නැගෙන ප්‍රශ්න කිහිපයක් සහ ඒවට උත්තර තියෙන්නෙ. ඉන්දික තොටවත්ත නාගනී ත්‍රෙඩ් එකේ reply දැකල තමා මෙහෙම එකක් දාන්න හිතුනෙ. මං කේන්දර බලන්නෑ වැරදි තියෙනවනං කේන්දර බලන අය ඉන්නවනං ඒව නිවැරදි කරන්න. මූලාශ්‍ර kalaya.org සහ helasuwaya.org :yes: :yes:

Q) ජ්‍යේතිශයෙ කියන්නෙ අපි වටේ ඉර හඳ ග්‍රහයො යනව කියල නේද ? ඉතිං ඒකම බොරුවක්නෙ. ඒ වගේ බොරුවකිං කියන ජ්‍යේතිශය කොහොමද ඇත්තක් වෙන්නෙ ?
A) අනාවැකි කියන්න ඉර හඳ ග්‍රහයො හරියටම යන විදිහ අවශ්‍ය වෙන්නේ නැත. පෙදරේරුවො උස බිත්තියක් වගේ දේකට නගින්නැතුව හෙවනැල්ලෙ දිග මැනල බිත්තියෙ දිග මනිනව. එතකොට හෙවනැල්ල වැටිල තියෙන්නෙ ගෝලාකාර පෘථිවියට ඉතිං පෘථිවියෙ ගෝලාකාර බවත් සලකන්න ඕනෙ කියලද බිත්තියෙ දිග ගන්නෙ ? නෑ. පොලොව පැලතියි කියල අරං. ඒත් ඒ ලැබෙන ප්‍රතිඵලය හරි. ඒ වගේ තමා ඉර වටේ අපි ගියාට අනාවැකි කියන්න ඇත්තටම යන විදිහ අදාල නෑ. පෘථිවියට සාපේක්ශව පේන විදිහ සලකල බලල අනාවැකි කියන්නයි ශාස්ත්‍රය හදල තියෙන්නෙ. ඉතිං ඒකට ගන්න ඕනෙ පොලොව වටේ කැරකෙනව කියල. ඒක අනාවැකි වල නිරවද්‍යතාවයට අදාල වෙන්නෑ.

Q) දැන් කව්ද ඔය ශාස්ත්‍රය හදල තියෙන්නෙ ? ග්‍රහයො යන දිහා බල බල මිනිස්සු අනතුරු රෝග අසාර්ථක වීම් වලට මුහුණ දෙන විදිහත් බල බල ලක්ශ ගානක දත්ත එකතු කලාද ?
A) කිසිම කෙනෙක් ඔහොම දත්ත එකතු කල්ල නෑ. එහෙම ලක්ශ ගානක සාම්පල් අරං දත්ත එකතු කල්ල ඒව මුලු ගහනයටම බලපානව කියල ප්‍රතිඵල ගැනීම පංචේන්ද්‍රීය ගෝඩර දේවල් සහ එහි දිගුවන් ආශ්‍රයෙන් අනාවැකි කියන බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය. පෙරදිග දැනුම නිර්මාණය කලේ මනස දියුණු කිරීමෙන්. අතීතයේ හිටපු මනස දියුණු කරපු පුද්ගලයෝ මිනිස්සුන්ගෙ ජීවිතයේ සිදුවෙන සිදුවීම් සහ ග්‍රහ පිහිටීම් අතරෙ තිබුණ සම්බන්ධතාව දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ ලෙස ගෝචර කරගෙන තමා මේ දැනුම නිර්මාණය කලේ. අපිට බෝලයක් ඇවිල්ල පුටුවක හැපිල පුටුව පෙරලෙනව ඇස් දෙකෙන් ගෝචර වෙනව වගේ මනස දියුණු කල අයට ග්‍රහ පිහිටීම් සහ ජීවිතයේ සිදුවීම් ගෝචර වුනා.

Q) ඕක ඔච්චර ඇත්තනං ඇයි ඔය ශාස්ත්‍රය මෙහෙම පිරිහීගෙන යන්නෙ ?
A) පිරිහෙන්න මූලිකම හේතුව බටහිර ඊනියා විද්‍යාවේ ආධිපත්‍යය. ඒකට අමතරව දැන් ඉන්න අය කරන්නෙ අතීතයේ මනස දියුණු කල පුද්ගලයන් ප්‍රත්‍යක්ශයෙන් වටහාගෙන හොයාගත්තු දේ ඒ විදිහට ආදේශ කිරීම. බටහිර කරණයත් එක්ක මිනිස්සු මනස දියුණු කිරීම අතෑරල. ඉතිං ජ්‍යේතිශයේ තියෙන දැනුමෙන් එහාට අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ.

Q) ග්‍රහයො කියන්නෙ විශ්වය නිර්මාණයේදී හැදුන නිකංම නිකං පස් ගල් ගොඩවල් ටිකක් විතරනෙ ? ඕව කොහොමද හරියටම ඒ වගේ තවත් නිකංම නිකං පස් ගොඩක ඉන්න ජීවීන්ගෙ අනාගතේ තීරණය කරන්නම හැදුනෙ ? ඒක මාර අහම්බයක්නෙ ?
A) මේ ප්‍රශ්නය ගොඩනැගෙන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල අරගැනීම නිසා. එහෙම ග්‍රහයන් අපේ ජීවිතේට බලපෑම් කරනව කියල මං දන්න තරමින් ජ්‍යෝතිශයේ කොහෙවත් සඳහන් වෙන්නෑ. සමහර විට තේරුම් ගැනීමේ පහසුව තකා ලියල ඇති. ඒත් ඇත්ත තත්වෙ එහෙම නෙමේ. ධම්මපදේ වුනත් බුදුහාමුදුරුවො දේශනා කල්ල තියෙන්නෙ "තාරකා වලට කුමක් කලහැකිද කියල". ජ්‍යෝතිශයෙ කියන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල නෙමේ ග්‍රහ පිහිටීම් වලිං අපේ ජීවිතේට වෙන බලපෑම් ගැන පෙරයීම් කරන්න පුලුවන් කියල. ඒක හරියට ගඟක වතුර දිහා බලං ඉඳල වතුර අඩු වැඩි වීම අනුව ගඟ උඩහට වැහැල පායල කියනව වගේ. වතුර වැඩි වුන නිසාද වැස්සෙ ? නෑ ඒ දෙකේ සෘජු සම්බන්ධයක් තියෙන හින්ද වතුර වැඩිවීම බලල වැස්ස බව පායපු බව කිව්වෑකි වගේ තමා ජ්‍යෝතිශයේ ග්‍රහ පිහිටීම බලල අනාවැකි කියන්නෙ. ග්‍රහයන්ගේ බලපෑමක් නෑ. ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා. ඒ ගෝචර වුන සම්බන්ධතාවය තමා ජ්‍යෝතිශය විදිහට මනස දියුණු නොකල අයට භාවිතයට ගන්න පුලුවන් විදිහට ඉදිරිපත් කලේ.

Q) ඉතිං එහෙනං ගස් වැල් ඉබේ වැවෙනව වතුර පාරවල් ඉබේ හැදෙනව වලාකුලු ඉබේ යනව ඒවගෙනුත් අනාවැකි කියන්න පුලුවන් වෙන්න එපෑ ?
A) ඔව් මේ ක්‍රමේටත් අහවල් ගසේ වර්ධනය අනුව මෙයාට මේ මේ කාලෙට මේ මේ දේවල් වෙනව කියල කියන්න පුලුවන්. ඒත් ඒක ග්‍රහ චලිතය වගේ දීර්ඝකාලීනව බාහිර බලපෑම් වලිං තොරව සිදුවෙන ක්‍රියාවලියක් නොවෙන නිසා එහෙම කියන ශාස්ත්‍රයක් හැදුව නං ඒක ඉතා සංකීර්ණ වෙන්න පුලුවන්. බැරි නෑ දියුණු කල මනසින් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන පොඩ්ඩට අමතරව ගොඩක් රටා දැක්කෑකි. නමුත් තියෙන සංකීර්ණ භාවය සහ ඊට වඩා පහසු ක්‍රමයක් ග්‍රහයන්ගෙ පිහිටීම භාවිතයෙන් හදන්න පුලුවන් නිසා ඔවුන් ග්‍රහ පිහිටීමෙන් අනාවැකි කියන ජ්‍යෝතිශයක් නිර්මාණය කලා. තව මීට අමතරව අත්වල තියෙන රේඛා දිහා බලල වගේ කියන සාස්ත්‍රත් තියෙනව.

Q) දැන් කෝ රාහුයි කේතුයි ? කොයි හරියෙද තියෙන්නෙ ? ඇයි අපිට පේන්නැත්තෙ ? එහෙම නැති හිතලු ග්‍රහයො දෙන්නෙක් දාගෙන කියන අනාවැකි බොරු නෙමේද ?
A) ඇත්ත රාහුයි කේතුයි කියල ග්‍රහයො දෙන්නෙක් ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලේ නෑ. අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ. බටහිර ඊනියා විද්‍යාවට අනුව අහසෙ කිලෝමීටරයක් උසින් යන වලාකුලක ආරෝපණය නිසා කොච්චර බලයකිං ඕක පොලොවට අදිනවද කියල හොයද්දි කරන්නෙ ඒ වලාකුලට සමාන විරුද්ධ ආරෝපනයක් තියෙන වලාකුලක් පොලොව යටත් ඒ සමාන දුරකිං තියෙනව කියල අරං ඒ හිතලු වලාකුලයි ඇත්ත වලාකුලයි අතරෙ තියෙන ආකර්ශනය ගණනය කිරීම. ඒකෙං කියවෙනවද පොලොව යටත් උඩින් යන හැම වලාකුලකටම සමාන වලාකුලක් තියෙනව කියල ? ප්‍රතිපදාර්ථ කාලයේ ආපස්සට යනව කියල ගන්නව ඒකෙන් කියවෙනවද ඇත්තටම ප්‍රතිපදාර්ථ කාලයේ ආපස්සට යනව කියල ? නෑ ඒව සේරම ගණනය කිරීම් වලට අවශ්‍ය නිසා දාගත්තු හිතලු විතරයි. ජ්‍යෝතිශය නිර්මාණයේදිත් මනස දියුණු කල අයට අපි නිරීක්ශණය කරන ග්‍රහ චලිතය විතරක් අදාල කරගෙන අනාවැකි කියන්න බැරි බව තේරුණ නිසයි ඒවත් හිතලු ග්‍රහයනුත් දෙකම දාල අනාවැකි කියන්න පුලුවන් ක්‍රමයක් හැදුවෙ. නිරවද්‍යතාවට රැකගන්න හිතලු දැමූ පලියට ප්‍රතිඵලය වැරදියි කියන්න බෑ.

Q) ඉතිං ඔය ශාස්ත්‍රය ඔච්චරටම ඇත්තනං ඇයි ඔය කාලෝ ෆොන්සේක වගේ අය කරන අභියෝග ජ්‍යෝතිශ්සාස්ත්‍රඥයො බාර අරං ඔප්පු කල්ල පෙන්නන්නැත්තෙ ? භයද ?
A) සෘජු පිලිතුර ඔව් භයයි තමා. කාලෝ ෆොන්සේකා ඇතුලු ඊනියා භෞතික වාදීන් බලාපොරොත්තු වෙන්නෙ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන අනාවැකි. එහෙම අනාවැකි කියන්න මනස දියුණු කලත් බෑ. මනස දියුණු කල කෙනෙක් ගාවට පොල්ලක් අරං ගිහිං "අනාගතේ පේනවනෙ මං මේ පොල්ලෙන් ගහයිද නැද්ද?" කියල ඇහුවොත් අනාවැකියක් කිව්වෑකිද ? අර මනුස්සයගෙ අරමුණම අනාවැකිය බොරු කිරීම ඉතිං අනිවාර්යයෙන් කියන දේට විරුද්ධ දේ කරනව. ඔය කියන ඊනියා භෞතික වාදීන්ගෙ අභියෝගත් ඒ වගේ. දුන්නු කේන්දරය බලල හදිසි අනතුරු වෙනව කිව්වොත් අදාල කේන්දරේ අයිති පුද්ගලය ඒ කාල සිමාව ආරක්ශිතව ඉඳල ඇවිත් කියයි කෝ අනතුරු වුන්නෑනෙ ? ඕක බොරුවක් කියල. හදිසි රෝගාබාධ ඇතිවෙනව කියල කිව්වොත් ඒ කාලෙ වෛද්‍ය පර්යේශන ඔක්කොම කරගෙන සෞඛ්‍යට හිතකර ජීවන රටාවක් ඇතුව දිවි ගෙවල කියයි කෝ අනාවැකිය බොරු වුනානෙ කියල. ජ්‍යෝතිශය නිර්මාණය කල්ල තියෙන්නෙම මේ වගේ එන්න තියෙන අපහසුතා වලක්වා ගන්න. ඉතිං බොරු කරන්න පුලුවන්, බොරු කල්ල සුවදායී ජීවිතයක් ගත කරන්න උදව් වෙන්නම හදපු ශාස්ත්‍රයක් බොරු කල්ල ජ්‍යෝතිශය බොරුයි කියන අයගේ අභියෝග භාරගන්න හොඳ සිහිය තියෙන කෙනෙක් ඉදිරිපත් වෙයිද ? මේ ප්‍රධාන කරුනට අමතරව ඔය කියන විනිශ්ච මණ්ඩලය ඇත්තම කේන්දර දෙයි කියල කොහොමද විශ්වාස කරන්නෙ ?

Q) දැන් එතකොට අපි දොට්ට පිලට යන්නත් ගෙයිං එලියට බහින්න ඕනෙ නැකැත් බලලද ? එහෙම නැකැත් මොනවත් නොබල විවිධ දේවල් ආරම්භ කල අය සාර්ථක වෙලා නැද්ද ?
A) ජීවිතේ විවිධ දේවල් සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන නියාම ධර්ම පහෙන් 1ක් විතරයි කම්ම නියාමය. අනික්ව උතු බීජ ධම්ම චිත්ත. ඉතිං කම්ම නියාමය නැතිව වුනත් අනික් නියාම ධර්ම 4බලපෑම මත යමක් සාර්ථක හෝ අසාර්ථක වෙන්න පුලුවන්. මනස දියුණු නොකල අයට කම්ම නියාමයේ බලපෑම ගෝචර නොවෙන නිසා තමා ඒ බලපෑම ගැන අනාවැකි කියන්න මේ ශාස්ත්‍රය හැදුවෙ. සියල්ල සිද්ධ වෙන්නෙ කර්මය නිසා නෙමේ. ඉතිං අනිවාර්යයෙන්ම හැම දේටම නැතැක් බලන්න රාහු කාලෙ ගියොත් ආසාර්ථක වෙනවාමයි කියලා නීතියක් නෑ. බැලුවොත් හොඳයි එච්චරයි.
 
Purifier

Member
Aug 23, 2016
394
29
0
අන්තිම උත්ත්තරේ හරි මදි වගේ. නියාම දර්ම 5 ගැන දේශ්නා කලේ බුදු රජානන් වහන්සේ. උන් වහන්සේ නැකැත් ගැන රිජු ප්‍රකාශයක් කරල තියෙනවනෙ. උන්වහන්සේගෙ ඒ ප්‍රකාශයත් දැම්මනම් වටිනව.:P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අන්තිම උත්ත්තරේ හරි මදි වගේ. නියාම දර්ම 5 ගැන දේශ්නා කලේ බුදු රජානන් වහන්සේ. උන් වහන්සේ නැකැත් ගැන රිජු ප්‍රකාශයක් කරල තියෙනවනෙ. උන්වහන්සේගෙ ඒ ප්‍රකාශයත් දැම්මනම් වටිනව.:P

බුදු හාමුදුරුවො කොසොල් රජතුමාගෙ හීන වලිං අනාගතේ වෙන දේවල් ගැන කිව්ව හිස් කබලට තට්ටු කල්ල ඒක අයිති පුද්ගලය දැන් ඉපදිලා ඉන්නෙ කොහෙද කියල කියන කෙනෙක් ආවාම ඔහු කියන ඒව නිවැරදියි කියල පිලිගත්ත :yes: :yes:

Q) ග්‍රහයො කියන්නෙ විශ්වය නිර්මාණයේදී හැදුන නිකංම නිකං පස් ගල් ගොඩවල් ටිකක් විතරනෙ ? ඕව කොහොමද හරියටම ඒ වගේ තවත් නිකංම නිකං පස් ගොඩක ඉන්න ජීවීන්ගෙ අනාගතේ තීරණය කරන්නම හැදුනෙ ? ඒක මාර අහම්බයක්නෙ ?
A) මේ ප්‍රශ්නය ගොඩනැගෙන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල අරගැනීම නිසා. එහෙම ග්‍රහයන් අපේ ජීවිතේට බලපෑම් කරනව කියල මං දන්න තරමින් ජ්‍යෝතිශයේ කොහෙවත් සඳහන් වෙන්නෑ. සමහර විට තේරුම් ගැනීමේ පහසුව තකා ලියල ඇති. ඒත් ඇත්ත තත්වෙ එහෙම නෙමේ. ධම්මපදේ වුනත් බුදුහාමුදුරුවො දේශනා කල්ල තියෙන්නෙ "තාරකා වලට කුමක් කලහැකිද කියල". ජ්‍යෝතිශයෙ කියන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල නෙමේ ග්‍රහ පිහිටීම් වලිං අපේ ජීවිතේට වෙන බලපෑම් ගැන පෙරයීම් කරන්න පුලුවන් කියල. ඒක හරියට ගඟක වතුර දිහා බලං ඉඳල වතුර අඩු වැඩි වීම අනුව ගඟ උඩහට වැහැල පායල කියනව වගේ. වතුර වැඩි වුන නිසාද වැස්සෙ ? නෑ ඒ දෙකේ සෘජු සම්බන්ධයක් තියෙන හින්ද වතුර වැඩිවීම බලල වැස්ස බව පායපු බව කිව්වෑකි වගේ තමා ජ්‍යෝතිශයේ ග්‍රහ පිහිටීම බලල අනාවැකි කියන්නෙ. ග්‍රහයන්ගේ බලපෑමක් නෑ. ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා. ඒ ගෝචර වුන සම්බන්ධතාවය තමා ජ්‍යෝතිශය විදිහට මනස දියුණු නොකල අයට භාවිතයට ගන්න පුලුවන් විදිහට ඉදිරිපත් කලේ.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මනසින් දියුණු වෙච්ච මිනිස්සු දැන්ලෝකේ ලෝකේ නැද්ද ? ඉන්නවා හැංගිලා කියල කියන්න එපා ..නමක් දෙකක් කියපන්කො ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //නියතිවාදයකට හෝ ෙදෙවවාදයකට අනුව ලෝකයේ සහ සත්වයාගේ පැවැත්ම සිදු නොවන බවත්, හුදෙක් හේතුඵල සම්බන්ධය මත එය තහවුරු වන බවත් අවධාරණය කෙරෙන බුදු දහම සිද්ධාන්තමය වශයෙන් ගත් කළ ද නියතිවාදය මත පදනම් වූ ‍ජ්‍යොතිෂය හා ඉඳුරාම ප්‍රතිවිරුද්ධයි.//
    http://www.niyamathena.com/2014/11/blog-post.html

    //ජෝතිෂ්‍ය යනු මැවුම්/ඊශ්වර වාදයේ දිගුවකි
    පුද්ගලයකුගේ ඉරණම ග්‍රහලෝක සහ තරුවල පිහිටීමට අනුව පූර්ව කථනය කල හැකි බව විශ්වාශ ආත්ම වාදී කලේ බමුණු දහමයි. ආත්මය යනු යම් නියමයකට අනුව සිදුවන දෙයක් බව විශ්වාශ කල ඔවුන් එම රටාව ග්‍රහ ලෝක වල පිහිටීම මත ඇතයි සිතුවේය. මෙලෙස නිශ්චිත රටාවකට අනුව ග්‍රහ තාරක පිහිට ඇතිබව ඔවුන්ට අනුව නිවැරදි උපකල්පනයකි මන්ද යත් ආත්මවාදින් අනෙක් අතට නිර්මාණ වාදයද (ඊශ්වර වාදය) පිළිගන්න බැවිනි.

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පිහිටි බුදු දහමේ සරණ යන අතර තුරම "කේන්දර" සරණත් යන බෞධයගේ වික්ෂිප්ත චින්තනයත් ඒ තුල ඔහු පත්වන මුලාවත් ගැනත් තම තමන්ම සිතා බැලිය යුතුය.//

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් මනසින් දියුණු වෙච්ච මිනිස්සු දැන්ලෝකේ ලෝකේ නැද්ද ? ඉන්නවා හැංගිලා කියල කියන්න එපා ..නමක් දෙකක් කියපන්කො ..

    සොයන්නාට සම්බ වේ :yes: :yes:
    ජ්‍යෝතිශයෙයි ඊශ්වර වාදයෙයි සෘජු සම්බන්ධයක් නෑ එහෙම බැලුවොත් ඕව කියන අය තව ටික කාලයක් ගිහිං කියයි සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං කර්මය කියන දේ ගැන හින්දු වගේ ආගම් වල තිබ්බ ඒ හින්ද කර්මයත් බුදු දහමට පස්සෙ එකතු වුන දෙයක් බුදු හාමුදුරුවො කර්මය කර්ම ඵලය ගැනවත් කියල නෑ කියල. ඔය කාලෝලගෙ තැටියනෙ කැරකෙන්නෙ :rolleyes: :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොයන්නාට සම්බ වේ :yes: :yes:
    ජ්‍යෝතිශයෙයි ඊශ්වර වාදයෙයි සෘජු සම්බන්ධයක් නෑ එහෙම බැලුවොත් ඕව කියන අය තව ටික කාලයක් ගිහිං කියයි සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං කර්මය කියන දේ ගැන හින්දු වගේ ආගම් වල තිබ්බ ඒ හින්ද කර්මයත් බුදු දහමට පස්සෙ එකතු වුන දෙයක් බුදු හාමුදුරුවො කර්මය කර්ම ඵලය ගැනවත් කියල නෑ කියල. ඔය කාලෝලගෙ තැටියනෙ කැරකෙන්නෙ :rolleyes: :rolleyes:

    ජෝතිශ්යේ ඉතිහාසය බුදුදහමේ ඉතිහාසයට වැඩිය දිගයි නේද ? කර්මය ගැන දේශනා කලේ බුදුහාමුදුරුවොද පළවෙනියටම ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජෝතිශ්යේ ඉතිහාසය බුදුදහමේ ඉතිහාසයට වැඩිය දිගයි නේද ? කර්මය ගැන දේශනා කලේ බුදුහාමුදුරුවොද පළවෙනියටම ?

    ජ්‍යෝතිශය කර්මය සංසාරය මේ හැම එකකම ඉතිහාසය බුදුදහමට වඩා දිගයි. මේ හැම එකක්ම ඒ කාලෙ මිනිස්සු දියුණු කල මනසින් අඩු වැඩි වශයෙන් දැකපුව. :yes: :yes:
     
    thanujaka

    Well-known member
  • ජ්‍යෝතිශයෙ කියන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල නෙමේ ග්‍රහ පිහිටීම් වලිං අපේ ජීවිතේට වෙන බලපෑම් ගැන පෙරයීම් කරන්න පුලුවන් කියල.

    නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර

    ගගක වතුර පාර දිහා බලල වැස්සද පෑව්වද කියන්න පුළුවන්..
    හැමදාම දකින, ගොඩවෙන, නාන ගගෙ වතුර මට්ටම ඇහැට හුරු කෙනෙකුට ඕව කියන එක අන්තිම සරල දේවල්.. ඒවා අනාවැකි නෙමෙයි... නමුත් ජෝතිශ්‍ය යෙදී කියන්නෙ අනාවකි...

    මෙන්න මේ උඹ කියල දේ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්...

    ආලෝක වර්ෂ ගානක් දුරින් තියෙන පස් ගොඩවල් ටිකක් දිහා බලල කොහොමද පෘථවියේ හිටන් ඉන්න මිනිස්සුන්ගේ අනාගතය ගැන පෙරයීම් කරන්නෙ, අනාවැකි කියන්නෙ කියල...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මචන් මනසින් දියුණු වෙච්ච මිනිස්සු දැන්ලෝකේ ලෝකේ නැද්ද ? ඉන්නවා හැංගිලා කියල කියන්න එපා ..නමක් දෙකක් කියපන්කො ..

    Ei inne Nalin De Silva. Eyata natha deyyo heenen penawalu :P