ක්ලච් ප්ලේට් ගියාම ස්ටාට් කරන්න අමාරු වෙන්නෙවත්, මිස් කරන්නෙවත්, සෙල්ෆ් ගැහුවට ස්ටාට් වෙන්නෙ නැත්තෙවත් නැහැ. ක්ලච් ප්ලේට් ගියාම කික් කරනකොට ක්ලච් ප්ලේට් එකෙන් ස්ලිප් වෙනවා. ක්ලච් ප්ලේට් ගියාම කික් එක බහින එකයි, කම්ප්‍රෙෂන් ලීක් වුනාම කික් එක බහින එකයි දෙකක්. ක්ලච් ප්ලේට් ගියාම කික් එක අඩියටම බහින්නෙ නෑ, එන්ජිම කැරකෙන්නෙත් නෑ. කම්ප්‍රෙෂන් ලීක් නම් කික් එක අඩියටම බැහැල ෆුට් රෙස්ට් එකේ වදිනවත් එක්ක. කික් එක පොඩ්ඩක්වත් තද නැහැ. ප්ලග් එක ගලවල කික් කරල බලන්න මොන වගේද කියල.
සමහර 135 පල්සර් වල ගෑස්කට් යනවා නිකන්ම. (නිශ්පාදන දෝෂ වෙන්න ඇති ) ගෑස්කට් ගියාම ස්ටාට් කරල තියෙද්දි ඇතුලෙ පවර් ස්ට්‍රෝක් එක පුපුරන සද්දෙ එලියට ඇහෙනවා. උදේට ස්ටාට් කරන්න අමාරුයි, කික් එකේ කකුල තියන් ඉද්දි ඉක්මනටම බහිනවා(කම්ප්‍රෙෂන් ලීක් නිසා)
වෑල් වලින් ලීක් කරන්නෙ වෑල් සීට් සවුත්තු උනාම. එහෙම වුන පල්සර්, ඩිස්කවර් මම දැකල තියෙනවා, එහෙම වෙන්න හේතුව නම් දන්නෙ නෑ. කොහොමත් ක්ලච් එකෙනුත් ස්ලිප් නොකර කික් එක නිකන් බහිනවා කියන්නෙ කම්ප්‍රෙෂන් ලීක් එකක්ම තමයි. කොහොමත් හෙඩ් එක ගලවන්නම වෙයි.. ගෑස්කට් දාල වෑල් ග්‍රයින්ඩ් කරල දාන්න මහ ගානක් යන්නෙ නෑ. කුලිය එක්ක 5000ක් විතර යයි.
මම හිතන්නෙ ඔය ලෙඩේ එන්නෙ DTSi සිස්ටම් එකේ. මොකද ප්ලග් දෙකෙන් එකක් පත්තු වෙන්නෙ නැතුව ගියොත් වෑල් කරවෙනවා කියල මගෙ බයික් එක හදන පොර කිව්වා. සමහරවිට වෑල් ස්ප්‍රිං එකක,ටැපට් එකක අවුලක් නිසා වෑල් එකක් හරියට වැහෙන්නෙ නැතුව යනවද දන්නෙ නෑ වෙලාවකට. (උපකල්පනයක් විතරයි වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. )
ලෙඩේ තියෙන්නෙ එක්කො ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ. නැත්නම් හෙඩ් එකේ. ඒක ඉර හඳ වගේ ෂුවර්. ලොකු වියදමක් යන එකක් නෑ බය වෙන්නෙපා