වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    71502671.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බං 300 තමයි



    එන්ජින් එක නං පට්ට යකෝ.. 1800ක් තියෙන්නේ...
    ඒ උනාට බොඩි කන්ඩිශන් එක හරි නෑ බං..


    දැන් බලල බං ආවේ වහලේ කොරෝශන් තියෙනවා සෑහෙන්න..:dull:


    වහලේ කොරෝශන් බබල්ස් බං සෑහෙන්න..



    ඔව් බං ඒක බොඩි කන්ඩිශන් මදි



    ලීෆ්..
    ඒව මොනවටද බං මට.. මම මේ වීකෙන්ඩ් යූස් එකට ආතල් එකට වාහනයක් හොයන්නේ..

    Ganin camry ekak ehenan hodawain goo wahana gannathuwa:P
     

    thanujaka

    Well-known member
  • Ganin camry ekak ehenan hodawain goo wahana gannathuwa:P

    නෑ බං එහෙම ඒව වැඩක් නෑ..
    මගේ ලග නිසාන් පෙට්‍රල් එකක් තියෙනවා.
    මම හොයන්නේ එහෙම යූස් එකට වාහනයක් නෙමෙයි..
    බීට් එකක් ගහලා මොඩිෆයි කරලා ශකලක බේබී කියල යන්න එකක්..
    මාසෙටම කිලෝමීටර් තුන් හාරසීයක් පදින්න එකක්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යුටියුබ් එකේ WR450F එකේ වීඩියෝ ටිකක් බලද්දි දැක්ක 1st ගියර් එකට ක්ලච් එක ඕන නැති කතාවක්, ආය තව තැනක තිබ්බා YZ450FX එකකට ඔටෝ ක්ලච් දාගෙන පදිනවා කියලා, මොකද්ද ඔය සීන එක :confused::confused:, දන්න කෙනෙක් කියන්ඩකෝ :D:D
    https://www.youtube.com/watch?v=w6hKhGbDvkg

    https://www.youtube.com/watch?v=7DITy8JBkD8
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Civic EK3

    YOM = 1996-2000

    EK3 එකේ ප්‍රධාන Trim Level කීපයක් තියෙනවා

    EXI = Non VTEC, D15B Engine
    VTI = VTEC, D15B Engine
    Ferio VI = JDM,3 Stage VTEC, D15B Engine
    Ferio MI = JDM, VTEC-E, D15B Engine, CVT (Multimatic) Gearbox
    Ferio VI-RS = JDM, 3 Stage VTEC, D15B Engine


    ඔය සෙට් එකෙන් ලංකාවේ වැඩිපුර තියෙන්නේ EXI ඒවා.. සිවික් එකක කොහේ හරි Ferio කෑල්ලක් ගෑවිලා තියෙනවා නම් ඒක JDM Version එකක්.. ඒ කියන්නේ ජපානේ පාවිච්චියට හදන මොඩල් එකක්...

    ඔතන සෙට් එකෙන් EXI ඒවා ඉතින් අනික් ඒවා තරන් මාකට් නෑ VTEC නැති නිසා.. EXI VTEC කන්වර්ට් කරපුවත් තියෙනවා..
    Ferio MI එක Lean Burn capability එකත් එක්ක ආපු මොඩල් එකක්.. තනිකරම Economy වලට හදපු කාර් එකක්.. CVT ගියර්බොක්ස් එක... හරියට මේන්ටේන් නොකරොත් ලෙඩම තමා.. ඕකත් පොඩ්ඩක් මාකට් අඩුයි.. අනික විකුනන්න අමාරුයි..

    Ferio VI එක තම JDM සීරිස් එකේ Highest SPEC Model එක... ගන්නවා නම් ඉතින් Ferio VI එකක් තමා..

    1998 දී EK3 එකේ Facelift එකක් එනවා.. 1996-1998 වලට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා..

    1996-1998 මොඩල් වල එන්නේ මේ වගේ Tail Lights.. Brake Light ඒකට යටින් තමා Signal/Reverse Lights තියෙන්නේ...
    003235_ps-tail-lamp.jpg


    1998-2000 මොඩල් වල එන්නේ මේ වගේ Tail Lights..Signal/Reverse Lights වලටයටින් තමා Brake Light තියෙන්නේ...
    IMAG0031.jpg


    1996-1998 Headlamps
    F143822686.jpg


    1998-2000 Headlamps (AKA Dual Crystal Headlamps)
    1apus.jpg


    1996-1998 Front Buffer
    1996_honda_civic_sedan_ex_fq_oem_1_500.jpg


    1998-2000 Front Buffer
    $_35.JPG


    ඔය ඇති.. වැස්ස.. සීතලයි..ඔයිට වඩා ටයිප් කරන්න කම්මැලි..

    Ferio Vi-RS කියන්නේ Ferio VI එකෙත් ලොකු අයියා.. 1998 Facelift එකේ Ferio VI එකේ Special Edition එකක්වෙ තමා VI-RS එක... Ferio VI-RS වල YOM එන්නේ 1998-2000 වෙනකල් විතරයි..

    හැම Ferio VI එකකම නැති Ferio VI-RS එකේ අනිවා තියෙන එව්වා..

    1. RS Logo in Speedo Meter
    2. Mesh Type Grill + RS Badge
    3. Enkei Designed Alloys
    4. Black and Blue Colour Bucket Seats
    5. Carbon Fiber Style Center Console
    6. ABS as a Standard Option
    7. Factory Fitted FOG lamps **OPTIONAL
    8. Factory Fitted Strut Bar
    9. Disk Brakes for all the wheels

    තව තියෙනවා..ඔය ඇති...

    VI-RS ඉතින් හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්.. ඒවගෙනුත් Manual Gearbox ආපු එකක් හොයනවා කියන්නේ ඉතින් සෑහෙන අමාරු වැඩක්.. දන්නා විදියට Genuine Manual Vi-RS 4යි ලංකාවේ තියෙන්නේ.. සමහරු Automatic Vi-RS මැනුවල් කරා...

    ඊළඟට ඉතින් එන්ජින් එක ගැන නොකිය බෑ... සිවික් වලට මැරෙන්න හදන්නේ එන්ජින් හින්දා තමා...

    Civic වලට එන එන්ජින් මොඩල් තොගයක් තියෙනවා..
    වැඩිපුරම තියෙන්නේ D15B එන්ජින් එක...

    1500cc, 16 Valve, 4 Cylinder එන්ජින් එකක් තමා D15B කියන්නේ..

    ඔය එන්ජින් එකේම Version තියෙනවා බර ගානක්..

    1. D15B Single Carb
    2. D15B Dual Carb
    3. D15B NON VTEC
    3. D15B VTEC
    4. D15B VTEC-E
    5. D15B 3 Stage VTEC

    ඔය සෙට් එකෙන් Carb එන්ජින් ඇරුනම අනිත් එන්ජින් ඔක්කොම එනවා EK3 ඒකට...

    VTEC-E කියන්නේ Economy වෙනුවෙන් හදපු එන්ජින් එකක්... VTEC කියන්නේ ඇත්තටම Cam Profiling Technology එකක් උනාට VTEC වල Cam Profile Change වෙන්නේ නෑ..
    VTEC-E එකේදී කරන්නේ 16 Valve Engine එක Low RPM (Below 2500rpm) වලදී 12 Valve එන්ජින් (1 intake Valve + 2 Exhaust Valves per Cylinder) එකක් විදියට ක්‍රියාකරවන එක.. Lower RPM වල 12 Valve දුවන එකෙන් පුළුවන් කම ලැබෙනවා ගොඩක් Lean (පෙට්‍රල් වායු මිශ්‍රණයේ පෙට්‍රල් ගොඩක් අඩු, AFR above 14.7) මිශ්‍රණයක් දහනය කරන්න.. එක නිසා ඉතින් 12 Valve mode එකේ දුවනකල් තෙල් කරනවා අම්බානක.. ඊට පස්සේ 2500rpm වලින් පස්සේ මාරු වෙනවා 16 Valve Mode ඒකට.. එතකොට සාමාන්‍ය 16 Valve එන්ජින් එකක් විදියට තමා වද කරන්නේ... හරියටම කිව්වොත් D15B NON VTEC එන්ජින් එකක් වගේ...

    VTEC එකේදී කරන්නේ ඔයිට වඩා වෙනස් දෙයක්... එතැනදී Cam Profile එක මාරු කරනවා..
    4600rpm වලදී වාහනේ සාමාන්‍ය 16 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 4600rpm වලින් පස්සේ එන්ජිම මාරු වෙනවා 16 Valve High Performance එන්ජින් එකකට.. කෙලින්ම මාරු කරනවා Cam Profile එක High Lift, Long Duration Cam Profile (aka WILD CAM MODE) එකකට.. ඕක තමා VTEC කියන්නේ.. ඇත්තම කතාව නම් High Performance කියල කිව්වට Honda කොම්පැනිය කරේ සාමාන්‍ය 16 Valve එන්ජිමක් හදල ඒකෙ පවර් එක අඩුකරා අනිත් නිෂ්පාදකයෝ හදන එන්ජින් එකක පවර් එකට ගැලපෙන්න... මුලින් හදපු එන්ජිමේ ටයිමින් වලට තමා 4600RPM වලදී වාහනේ මාරු වෙන්නේ.. 4600rpm වලින් පහලදී තියෙන්නේ හිතා මතා Power එක අඩු කරපු එන්ජිමක්..

    3 Stage VTEC එකේදී කරේ ඔය VTEC-E සහ VTEC ක්‍රම දෙකම එකම එන්ජිමකට එකතු කරපු එක... 2800rpm අඩු වේග වලදී එන්ජිම ECONOMY 12 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 2800rpm ඉඳන් 5800rpm වෙනකල් සාමාන්‍ය 16 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 5800RPM වලින් පස්සේ අර VTEC එකේදී 4600rpm වලදී උන වැඩේ වෙනවා.. එන්ජින් එක WILD CAM MODE එකට මාරු වෙනවා...

    ඔන්න ඔය හේතුව හින්දා 3 Stage VTEC එන්ජින් එකක් තියෙන කාර් එකකට පුළුවන් අවශ්‍ය වෙලාවට තෙල් කරන Economy කාර් එකක් විදියටත්, ආච්චි වැහුනම සතෙක් වෙන්නත්..
    කලින් කිව්වා වගේ මේ එන්ජින් එක පාවිච්චි කරේ EK3 Series එකේ Ferio VI සහ Ferio VI-RS වාහන දෙකට විතරමයි. ඔය හේතුව හින්දා තමයි ලේසියකට Ferio VI එකක් VI-RS එකක් විකුනන්නේ නැත්තේ කවුරුත්... "All in One" කාර් එකක්...

    Ferio VI එකක් VI-RS එකක් චිප් කරලා හරියට ටියුන් කරොත් අනිවාර්යයෙන් Long Trips වල 16-17Kmpl කරනවා...අත්දැකීමෙන් කියන්නේ... මොකද මගේ කාර් එක EG8 එකක් උනාට එන්ජින් එක 2000 අවුරුද්දේ VI එකකින් ගලවපු 3 Stage VTEC එන්ජින් එකක්... අහම්බෙන්, පෙර පිනකට හම්බුනා Chipped ECU එකකුත්.. ඒ නිසා ගැරන්ට් කරලා කියනවා Chipped ECU + 3 Stage VTEC එකක් අනිවා Long Trips වල 16-17kmpl කරනවා..

    අන්තිමට කියන්න තියෙන්නේ EK3 එකක් ගන්නවා නම් Original VI එකක් හරි VI-RS එකක් හරි තමා ගන්න ඕනි.. කන්වර්ශන් තියෙන හින්දා හොඳට බලලා ගන්න ඕනි.. අනික OEM Lip kit එකෙන් පිට Body Kit ගහල විනාස කරපු ඒවා දැක්කම එතනින් මාරු වෙලා යන්න... අඟහරු ලෝකෙන් ගෙනල්ල ගැහුවා කිව්වත් Original Body Parts නැත්තන් වාහනෙන් වැඩක් නෑ.. ගන්නවා නම් Original කෑලි ටික දාල හදන්න බලන් ඒ ගාන අඩු කරලා ගන්න...

    Ferio MI නම් ඉතින් මග අරින එක ගොඩක් හොඳයි.. යනකොටම අදුරගන්න පුළුවන් පස්සහ LEV කියල බැජ් එකක් තියෙනවා නම්... ගොඩක් ඒවගේ ගියර්බොක්ස් ඉවරයි මේ වෙනකොට...

    අනික Honda B Series Engines EG8/EK3 වලට Direct Fit වෙනවා... Honda B Series කියන්නේ ඔය කලින් කිව්ව D15b එක අයිති D Series එක වගේ Normal Engine එකක් නෙමෙයි.. B Series එක තමා Honda කොම්පැනිය හදපු Most Famous High Performance Series එක.. ඔය Series එකේ 1600cc, B16A කියන එන්ජින් එක එන EK3 එකක් තියෙනවා.. චැසි නොම්මරේ එන්නේ EK4 කියලා.. එක තමා Civic SiR Sedan එක.. ලංකාවේ ඔරිජිනල් කාර් එකක් (දන්න විදියට) සහ කන්වර්ශන් කීපයක් තියෙනවා... අස්ප ගණන් තම ඉතින් කියන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..:rofl:

    ඔය ඔබල තියෙන්නේ F20B එන්ජිමක්... ඕක Honda Accord SiR එකට එන එන්ජින් එක.. ඔය එන්ජින් එක කවදාවත්ම ආවේ නෑ EK/EG චැසි වලට.. ඔය එන්ජින් එක තියනවා නම් අනිවා චැසිය කපල වෙනස් කරන්න ඕනි.. මොකද ඔය එන්ජිම හෙන පළලයි.. අනික අහල බලපන් ගොඩක් විට Power Steering වැඩ නැතුව ඇති...තව බලපන් Meter set එකත් වැඩ නැතුව ඇති... එහෙමත් නැත්තන් අමතරෙන් Accord Cluster එක ඔබල ඇති Dashboard එකට... :P :P
    B Series එකකට සාපේක්ෂව F20B එන්ජින් එක ගණන් අඩුයි.. හැබැයි ඔය එන්ජින් එක 200hp.. හැබැයි Accord එක Civic එකකට වඩා බර වැඩි නිසා ඔය එන්ජිම ඩිසයින් කරලා තියෙන්නේ බර අදින්න.. Bore-Stroke Ratio එහෙම Performance එන්ජින් එකකට වඩා වෙනස්.. B Series ගණන් වැඩි හින්දත්, හොයා ගන්න අමාරු නිසාත් ඕක ඔබනවා Civic වලට... අනික B20 VTEC එන්ජින් එකකට වඩා 15kg විතර බර වැඩි ඔය එන්ජින් එක..

    ඕකක් තියෙන එකක් අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නෑ ඕක සාර්ථක Conversion එකක් නෙමෙයි කිව්වට... මන් එකෙක්ට පැහැදිලි කරන්න ගිහින් අන්තිමට මටම එපා වෙලා මම නැවැත්තුවා.. මාව ෂුවර් නැත්තන් හොයල බලපන් ලෝකේ කොහේ බැලුවත් බොහොම අඩුවෙන් තමා ඔය එන්ජිම Civic වලට දාල දුවන්නේ... අනික ඒ දුවන ඒවා එකක්වත් Drag Strips වල හරිහමන් රෙකොර්ඩ් එකක් එක්ක දුවල නෑ.. ඒකට අනිත් හේතුව ඕක OBD-2b එන්ජින් එකක්... අහල පහලින්වත් යන OBD1 එකක් නැහැ ඔය එන්ජිමට.. Honda අනිත් එවුවට ඔබනවා වගේ Chipped ECU දාන්න බෑ ඔය Engine එකට.. එක්කෝ Standalone ECU නැත්තන් Piggyback තමා...

    Accord Wiring එකයි Civic වයරින් එකයි සම්පුර්නෙන් වෙනස්.. ඒ නිසා Accord Wiring/ECU වලින් දුවන්න බෑ Civic Cluster... කරනවා නම් වයර් කපල Rewire කරන්න ඕනි Civic Cluster ඒකට ගැලපෙන්න.. ඒ නිසා ලේසිම වැඩේ Accord Cluster එක ඔබන එක Civic Dashboard ඒකට.. හැබැයි පුතිලා Civic Dashboard ඒකට Accord Cluster එක දාන්න බෑ.. Civic Dashboard එක කපලකොටල තමා ඔබන්න වෙන්නේ... අනික Accord SiR එක ABS/ Traction කන්ට්‍රෝල් එනවා.. අර කිව්වා විදියට EK3 Dashboard ඒකට Accord Cluster එක එබුවම ඔය Warning Lamps ඔක්කොම පත්තු වෙනවා...

    අනික Accord SiR එකේ එන්නේ Electronic Power Steering System එකක්.. Civic එක Hydraulic Power Steering... ඔය එන්ජිමට Civic Hydraulic Power Steering පම්ප් එක හයිකරන්න Bracket නෑ අනික ඉඩත් නෑ.. කරනවා නම් A/C Compressor එක හෝ Alternator එක අයින් කරන්න වෙනවා.. එහෙමත් නැත්තන් EK3 එක EPS කරන්න වෙනවා.. එහෙමත් නැත්තන් අමුතුවෙන් Bracket දාන්න වෙනවා...

    ඊළඟට කලින් කිව්වා වගේ එන්ජින් එක පට්ටම බරයි...ඒ බරත් එක්ක Power Steering නැති උනාම අලි මස් කන්න ඕනි වාහනේ හරවන්න.. ඒ මදිවට අර Extra weight එක compensate කරන්න ඉස්සරහට stiff suspension දාන්න ඕනි... Stiff Suspension දැම්මම ඉතින් හව වගේ පැන පැන පාරේ යන්න ඕනි... ටටා බායි ටු කොම්ෆොර්ටබිලිටි....

    උබ ඕක බලන්න ගිය එකේ නිකන් කියපන් ඔය අවුල් තිබ්බේ නැද්ද කියල වාහනේ...
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..:rofl:

    එන්ජින් එකට Custom එකට ගෙවපු Tax Documents නැතුව පුලුවන්ද බන් පොත update කරන්න??
    අනික ඔය එන්ජින් එක බරයි 210Kg විතර... Standard D15B එක 100kgවත් නෑ.. ඒක අවුලක් නැද්ද?


    ඕවා කරාට මොකෝ නීතිමය පැත්ත දන්නේ නැති හින්ද ඇහුවේ..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යුටියුබ් එකේ WR450F එකේ වීඩියෝ ටිකක් බලද්දි දැක්ක 1st ගියර් එකට ක්ලච් එක ඕන නැති කතාවක්, ආය තව තැනක තිබ්බා YZ450FX එකකට ඔටෝ ක්ලච් දාගෙන පදිනවා කියලා, මොකද්ද ඔය සීන එක :confused::confused:, දන්න කෙනෙක් කියන්ඩකෝ :D:D
    https://www.youtube.com/watch?v=w6hKhGbDvkg

    https://www.youtube.com/watch?v=7DITy8JBkD8

    WRF එකේ කතාව නම් දන්නේ නෑ.. ඒක කියන විදියට තේරෙන්නනේ නෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියල...

    YZF එකේ නම් ඔය තියෙන්නේ Centrifugal Clutch එකක්... Idle Speed එකේදී Clutch එක Disconnect වෙනවා.. Rev කරපු ගමන් Engage වෙනවා... Scooter වල වගේ.. Start and Stop වලදී ලේසි... අනික Low Speed Situation වලදී Engine එක නවතින්නේ නෑ.. හැබැයි පුති ගියර් මාරු කරන්න Clutch Lever එක පාවිච්චි කරන්න ඕනි (Unless you are doing clutchless shifts).. අනික ගියර් Auto මාරු වෙන්නෙත් නෑ.. Offroad racing වලට තම ඉතින් වැඩි උවමනාවක් තියෙන්නේ ඕකේ.. ඔය ගලක් උඩින්, නැත්තන් කොටයක් උඩින් නැත්තන් මඩේ එරුණ වෙලාවක යනකොට Clutch එක Balance කරේ නැත්තන් එන්ජිම නවතිනවනේ.. එහෙම වෙන්නේ නෑ ඕක දැම්මම..
     

    Rapkr9808

    Junior member
  • මාගේ හොනට් katu

    මන් කලින් රේසර් දාපු සිද්දිය කිව්වනෙ.ඊට සතියකට විතර පස්සෙ මන් මේකෙ ටවුන් එකෙදි කොල්ලෙක් එක්ක ගියා කෙල්ලෙක් බලන්න.
    :sorry::sorry:එතකොට හවස 6 ට විතර ඇති. කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙ ටවුන් එකේ ඉදන් 12-14 විතර දුරින්.ඕන් ඉතින් කොහොමහරි ගිහින් කෙල්ලට පොතක් දීලා එද්දි රෑ වුනා.මන් හිතන්නෙ රෑ 8.30 විතර වෙන්න ඇති. ටවුන් එකට ඇවිල්ලා කඩේකට ආවා පොඩි වැඩකට.එද්දි බයික් එක ස්ටොප් කරල යතුර ගත්තා.ඊට පස්සේ යතුර දාලා ස්ටාට් කරන්න සෙල්ස්ටාට් ගැහුවා. මල කෙලියයි.ස්ටාර්ට් මොටරේ වදින්නතුව ෆියුස් එක ගාවින් ටික් ටික් ගාලා සද්දයක් එනවා.

    දැන් ඉතින් මොනා කරන්නද ටවුන් එකේ කවුරුත් වැඩිය නැති හින්ද තල්ලුවක් දාලා ස්ටාට් කරා. ඊට පස්සෙ(මේක කරේ නොකරම බැරි තැන හොදේ.නැත්තන් ජීවිතේට එහෙම කරන් නෑ.) ස්ටාට් එකේ තියෙද්දි ගැහුවා මෝටරේ වෙන දෙයක් වෙච්ච දෙන් කියල.එතකොට මෝටරේ අවුලක් නැතුව වදිනවා.ඊට පස්සේ යාලුවගෙ ගෙදර ගිහින් ගැලෙව්වා සීට් එක.ගැලෙව්වා ටික් ටික් ගාන ෆියුස් එක.ගලෝලා ගැහුවා කඩෙන් ගෙනත් ෆියුස් එකක්.ඊට පස්සෙ දෙයියන්ට කියලා වැදලා එහෙම දැම්මා යතුර ස්ටාට් කරන්න.ඒත් ම්හූ......... මොනව කරන්නද.ආවා ගෙදර.

    පහුවදා උදේම නැගිටින්නැතුව දවල් වෙලා නැගිටලා අර යාලුවත් එක්ක ගියා බාසෙක් හොයන්. බාසා බයික් එක නිවලා එහෙම මෝටරේ ගලවන්න පටන් ගත්තා.මූ මෝටරේ ගලවන්න ටැන්කිය අහක් කරා.එයාර් ෆිල්ටරේ ගැලෙව්වා.අන්තිමට මගෙ මල පන්නන්නද මන්දා මූ හෙල්මෙට් හෝල්ඩරෙත් ගැලෙව්වා. මාත් ඉතින් මොකාද වගේ බලන් හිටියා. කල්පයකට විතර පස්සේ මේ මකබාසා මෝටර් යන්තරේ අමාරුවෙන් අහකට ගත්තා.ඊට පස්සේ මූ මේක ගැලෙව්වා.ගලෝලා බ්‍රශ් සෙට් එක දාන්න වෙනවා කිව්වා.ඒකත් එහාපැත්තේ කඩෙන් ගෙනල්ලා මුට දුන්නා. ඊට පස්සෙ මූ කියපි තරා ඉලෙක්ට්‍රික් ගාවට යන්න කියලා.මට මල ඉතින්. මන් ඇහුවා ඇයි කියලා.මේකා කියනවා උට බ්‍රශ් දාන්න බැරිය කියලා.ඉතින් තරා ගාවට ගිහින් බ්‍රශ් දැම්මා.දාලා ආයෙ ඇවිල්ලා මෝටරේ හයි කලා. ඊට පස්සෙත් ම්.හූ....

    මට මල පැන්නා.යකෝ ඉතින් දැන් පැය 3ක් විතර මෙතනනේ.
    ඊට පස්සේ බාසා ආයෙ මෝටරේ ගලෝලා පිට දිවීම.පෙට්ට්‍රල් ගෑම.නිකන් කැරකීම එකී මෙකී නොකී සේරම එවා ටිකා මගෙ දුප්පත් මෝටරේට කරනවා.මන් ඉතින් ඇහුවා මොකෝ බැරිද වැඩේ කියල.මේ අ**ට හු** කැ* මකබාසා කිව්වනෙ මහ පොලොව නුහුලන අපරාද කතාවක්. කිව්වා මට අලුතින් ස්ටාර්ට් මෝටරයක් දාන්න වෙනවා කියලා.මම බයවුනු පාරට කලන්තෙ වගේ එන්න ආවා.ඊට පස්සෙ හා කමක් නෑ කියලා මන් බයික් එක හයි කරගත්තා.ඊට පස්සෙ තමා හොදම වැඩේ උනේ. මෙන්න තල්ලු කරල ස්ටාට් වෙච්ච බයික් එක දැන් ස්ටාට් වෙන්නෙම නෑ. මාව කූල් උනා අයියව මතක් වෙලා. කෑගහන හැටි අහුනා තෝ මගෙ බයික් එකට මොකද කලේ කියල.ආයෙ වයර් චෙක් කරල හැම එකම කරා බැලුවා බැලුවා වැඩේ හරියන්නෙම නෑ.ඉතින් මොනා කරන්නද වෙන දෙයක් වෙච්චදෙන් කියලා මගෙ හොනට්ටුව අනේ අර තඩි බර යකඩ කද පයින් තනියම තල්ලු කරන් අරන් ගියා යාලුවෙක්ගේ ගෙදරකට.එහෙන් දාලා මන් ගෙදර ආවා එතනින් පස්සෙ උන එවා දවස් 2කට ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම්.උබලට මන් බැනුම් අහපුවා වැඩක් නෑනෙ.
    :cool::cool::cool:
    ඊට පස්සේ අයිය ආවා බයික් එක බැලීමට.බැලුවා ඉස්සරා ටයර් එකේ ඉදන් හැම එකක්ම පිටිපස්සේ හම්ප් එකට වෙන්කන්. ඊට පස්සේ මෝටරේ ගැලෙව්වා.ඒකෙත් හැටි කියන්නෙ මූ ගැලෙව්වෙ මෝටරේ විතරයි.අරූ හෙල්මට් හෝල්ඩරෙත් ගැලෙව්වා. ඒ අතින් අයිය දෙයියා.ගලොලා අහක් වෙලා ඕක පලු කරලා හොදට බැලුවා.බලා මට ගේන්න කිව්වා ඊයම් යාර 4යි.පෙට්ට්‍රල් 100කයි.ගෙනාවා.ඊට පස්සෙ මට හොදට බලාගනින් කිව්වා.අයියා කිව්ව විදිහට amicheri එකේ ඊයම් දියවෙලා හින්ද මෝටරේ contact වෙන්නෙ නෑ කියල තමා කිව්වෙ.ඔන්න ඊයම් එහෙම තියලා ඉවර වෙලා මෝටරේ ගැහුවා බයික් එකට. මෙන්න මගෙ දෙයියා මෝටරේ වැඩ. ඊට පස්සේ බැලුවා මොකො ස්ටාට් වෙන්නැත්තෙ කියලා. බලද්ද ඔය හොනට් ජේඩ් තියෙන් වුන් දන්නවා දකුණු පැත්තෙ සයිඩ් කප් එක ගැලෙව්වම තියෙනවා වයර් වගයක්. ඔන්න ඔතනින් එක වයර් එකක් කැඩිලා. ඒකත් හයි කරා වෑඩේ හරි.ඔන්න ස්ටාට් කරල බයික් එක වැඩ.:D:D:D:D



    P.s:eek::eek::eek:
    එතනින් ආයෙ දවස් දෙකකට පස්සෙ මන් බයික් එකේ යද්දි පාරට බට්ටෙක් එකපාරට දාලා බ්‍රේක් ගහල ලිස්සල ගිහින් බ්‍රෙක් ලිවර් එක හා බ්‍රේක් පැඩල් එක කඩලා ගිය බව සන්වේගයෙන් දැනුම් දෙනවා. ඊටත් මාසෙකට පස්සෙ කූල්න්ට් හෝස් පුපුරා හීට් සෙන්සර් වැඩ නැතුව ගිහින් අමා දුකක් විද සාදා විකුනා දැමුවෙමි.:(:(:(:(:(:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Civic EK3

    YOM = 1996-2000

    EK3 එකේ ප්‍රධාන Trim Level කීපයක් තියෙනවා


    අනික Honda B Series Engines EG8/EK3 වලට Direct Fit වෙනවා... Honda B Series කියන්නේ ඔය කලින් කිව්ව D15b එක අයිති D Series එක වගේ Normal Engine එකක් නෙමෙයි.. B Series එක තමා Honda කොම්පැනිය හදපු Most Famous High Performance Series එක.. ඔය Series එකේ 1600cc, B16A කියන එන්ජින් එක එන EK3 එකක් තියෙනවා.. චැසි නොම්මරේ එන්නේ EK4 කියලා.. එක තමා Civic SiR Sedan එක.. ලංකාවේ ඔරිජිනල් කාර් එකක් (දන්න විදියට) සහ කන්වර්ශන් කීපයක් තියෙනවා... අස්ප ගණන් තම ඉතින් කියන්නේ..

    හම්මේ පට්ට විස්තරයක් තෑන්ක්ස්++

    B16B fit කරපු eg8/ek3 එහෙමත් ඇති නේහ් :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එතනින් ආයෙ දවස් දෙකකට පස්සෙ මන් බයික් එකේ යද්දි පාරට බට්ටෙක් එකපාරට දාලා බ්‍රේක් ගහල ලිස්සල ගිහින් බ්‍රෙක් ලිවර් එක හා බ්‍රේක් පැඩල් එක කඩලා ගිය බව සන්වේගයෙන් දැනුම් දෙනවා. ඊටත් මාසෙකට පස්සෙ කූල්න්ට් හෝස් පුපුරා හීට් සෙන්සර් වැඩ නැතුව ගිහින් අමා දුකක් විද සාදා විකුනා දැමුවෙමි.:(:(:(:(:(:(:(

    එල එල තව දාමු:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    WRF එකේ කතාව නම් දන්නේ නෑ.. ඒක කියන විදියට තේරෙන්නනේ නෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියල...


    WRF එකෙත් ඇත්තේ YZF එකේ වගේ Centrifugal Clutch එකක් වෙන්න ඇති :confused: 1st gear එකට විතරක් ක්ලච් ඕන නැතිව ඇත්තේ ඇති එන්ජින් එක අඩු ස්පීඩ් එකේ හින්දා , 2,3,4,5 ගියර් වලට ක්ලච් එක ඔන ඇති rpm එක වැඩි හින්දා Centrifugal Clutch engage වෙලා හින්දා .
    රේස් එකක් මැද කවුරුත් එන්ජින් ස්පීඩ් එක හොදටම අඩු කරන්නෙ නැතිව ඇතිනේ



    YZF එකේ නම් ඔය තියෙන්නේ Centrifugal Clutch එකක්... Idle Speed එකේදී Clutch එක Disconnect වෙනවා.. Rev කරපු ගමන් Engage වෙනවා... Scooter වල වගේ.. Start and Stop වලදී ලේසි... අනික Low Speed Situation වලදී Engine එක නවතින්නේ නෑ.. හැබැයි පුති ගියර් මාරු කරන්න Clutch Lever එක පාවිච්චි කරන්න ඕනි (Unless you are doing clutchless shifts).. අනික ගියර් Auto මාරු වෙන්නෙත් නෑ.. Offroad racing වලට තම ඉතින් වැඩි උවමනාවක් තියෙන්නේ ඕකේ.. ඔය ගලක් උඩින්, නැත්තන් කොටයක් උඩින් නැත්තන් මඩේ එරුණ වෙලාවක යනකොට Clutch එක Balance කරේ නැත්තන් එන්ජිම නවතිනවනේ.. එහෙම වෙන්නේ නෑ ඕක දැම්මම..

    wet multi-disc clutch එකයි Centrifugal Clutch දෙකම තියෙනවාද එතකොට?:nerd::nerd:

    තනකොල කපන මැශින් එකෙත් තියෙන්නේ Centrifugal Clutch එකක් නෙහ්

    විස්තරේට තෑන්ක්ස් :):)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21386885 said:

    මම මාමිව කොච්චර ලිදෙන් ගොඩ අරන් තියෙනවද? කැලේ පැනලා මාටු වෙලා කී පාරක්නම් නැන්දි කෝල් කලාම අපේ ගෙදර මාමි උන්නේ කියල බේරගෙන තියෙනවද?
    :(:(

    Code:
    https://www.facebook.com/EaglEeye.UkusuAsa/videos/1859753324268838/

    :rofl::P:P
     
    Status
    Not open for further replies.