පල්සර් 135 අයිතිකරුවෙකු හැටියට සීට් එක පලු දෙකට නොගහ තනි ලෑල්ලට ගහපු එක ගැන ඔබතුමාගෙ අදහස් දැන ගන්න කැමති
අදහස් නම් බෝමයි, සමාජයේ හුදෙක් 135 පාවිච්චි කරන ජනී ජනයාගේ අදහස් සලකා බැලූ කල,

මේකෙ මැටීරියල් එක කලින් ඒවට වඩා පස්සට සැපයිලු,
ඒත් ඉතින් බජාජ් කාරයගෙ සීට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, හැබැයි ඔන්න පල්සර් අනිත් ඒව ඔක්කොටම වඩා බඩාමාමි මොඩල්® එකේ සීට් එක නම් ඉස්සර ඉඳන් හොඳයි 
කට් සීට් තියෙද්දි ඉතින් බවලත් කෙනෙක් පිටිපස්සෙ දාන් යද්දි යම් යම් උපද්‍රව සිදුවෙනවලු,
ඒත් තනි සීට් එකේදි එහෙම වෙන්න තියන සම්බාවිතාව අඩුයිලු 
කට්ටිය කියන විදියට තනි ලෑල්ල නිසා දැං ඕකෙ තිබ්බයි කියන ස්පොර්ට් ද මොකක්ද ගතිය නෑලු
සීට් එක ඇරුනම
පරන එකේ වින්ඩ්ශීල්ඩ් කෑල්ල පොඩියටනෙ ආවෙ, අලුත් එකේ ලොකුවට එනව,
එහෙම කරල තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ බලවත් ඉල්ලීම නිසාලු.

ලන්කාවෙ උන්ට ඕක අස්සෙ රෙදිකෑල්ලක් දාන් යන්න ඕන කියල ඉල්ලපු නිසාලු එහෙම එව්වෙ







අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්ට

