මචන්.මගේ තාත්තා දැනට අවූරුදු 20 කට විතර කලින් නාඩි වාක්‍ය කියන තැනකට ගිහින් තිබුණා.මට මතක විදියට බම්බලපිටියේ හෝ වැල්ලවත්ත පැත්තේ තමයි. හැබැයි ID නම්බර් එකක් නම් අරන් තිබුනේ නැ. ඇඟිලි සලකුනකුයි ,කේන්දරේ කොපියකුයි විතරයි අරන් තියෙන්නේ. තමන්ට දැනගතයුතු දේවල් වෙනම කොටස් කරලා තිබුණා.එකේ මරණය ගැනත් වෙනම ඒ වගේ කොටසක් තියෙනවා.පෙර ආත්මය ගැනත් කියල තිබුණා. ඒ හැම කොටසකටම වෙන වෙනම මුදල් අය කරලා තිබුනා. මට ගාන නම් මතක නෑ. විස්තර කැසට් එකකට පටිගත කරල දීල තිබුනා.එකේ දරුවන්ගේ නම් ,දෙමව්පියන්ගේ නම් ,පදිංචි සහ ඉපදුන නම් ගම් උන සහ වෙන්න තියෙන දුක්කරදර ඔක්කොම කියල තිබුනා.මරණය වෙන දවස සහ වෙන හැටි පවා. අපිත් ඒ කාලේ එක එච්චර ගණන් ගත්තේ නැහැ.හැබැයි කියපු දේවල් 80% ක් 90ක් විතර සත්‍ය උනා. හැබැයි එහෙමයි කියල අපි ඒවා පස්සෙම එල්ලිල ඉන්නෙත් නෑ. මොනදේ වුනත් ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනවා කියන අදහසේ තමයි මමනම් ඉන්නේ.අපේ තාත්තත් මට මතකයි ඒ වගේ තමයි. එයාටත් මේ ගැන කව්රුහරි කියල නිකමට වගේ තමයි බලල තිබුනේ.
ඒ කාලේ තාත්ත කියපු දෙයක් මම කිව්වේ.


