අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?
තේරුම් ගන්න..
අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.
ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.
එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.
ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.
සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...
ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු....



joke section eke dpn
වෙන භාරදුර අමාත්‍යංශයක වැඩ පාඩු කරගෙනද 