ගංවතුර..

Ciara

Member
May 25, 2017
7
3
0


අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..

ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?

තේරුම් ගන්න..

අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.

ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.

එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්‍යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.

ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.

සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...

ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු....
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය 2කම කරන්න පුළුවන් එකෙක් හොඳ නැද්ද?
     

    Ciara

    Member
    May 25, 2017
    7
    3
    0
    ඔය 2කම කරන්න පුළුවන් එකෙක් හොඳ නැද්ද?

    ඇයි ඉතින් දෙකම කරන්න ඕනේ ? :lol::lol::lol: අනේමන්ද මම මේක දාන්න ගියපු වෙලාවත් අපරාදේ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි ඉතින් දෙකම කරන්න ඕනේ ? :lol::lol::lol: අනේමන්ද මම මේක දාන්න ගියපු වෙලාවත් අපරාදේ

    ඇයි එහෙම වුනාම මොකක්ද තියෙන වැරැද්ද ?
    වෙනස් මත තියෙන විත්තිය දැනගෙන නෙමෙයිද දැම්මේ.
     

    Ciara

    Member
    May 25, 2017
    7
    3
    0
    ඇයි එහෙම වුනාම මොකක්ද තියෙන වැරැද්ද ?
    වෙනස් මත තියෙන විත්තිය දැනගෙන නෙමෙයිද දැම්මේ.


    හරි මචන්. මම ඊටවඩා දෙයක් බලාපොරොත්තු උනා. සිගිති තර්ක නැතුව :):) එල එල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මූ වතුරට බැහැල තියෙන්නෙ වෙන පාර්ලිමේන්තුවේ වැඩ පාලු කරගෙනද :oo: වෙන භාරදුර අමාත්‍යංශයක වැඩ පාඩු කරගෙනද :oo: කොටින්ම වතුරට බැහීම නිසා මේ මනුස්සය මෙයාගේ වෙන වගකීමක් පැහැර හැරල තියෙනවද :oo:

    ඒ වගේම වතුරේ නොබැහැ ඉන්න අනික් අය ඔය කියන ප්‍රතිපත්ති සම්පාදක වැඩ අනන් මනං කරනවද :oo:
     
    monaada ban joke?
    ugathkamath thiyena polawe payagahala inna set ekak inne jvp eke thamai.

    මොන මගුල තිවුනත් ඕකුන්ගේ මොලේ කුරුවල් නේ
    මිනිහෙක්ට පාරෙවත් යන්න බෑනේ ඕකුන් නිසා සමාජවාදේ outdated බන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් මූ වතුරට බැහැල තියෙන්නෙ වෙන පාර්ලිමේන්තුවේ වැඩ පාලු කරගෙනද :oo: වෙන භාරදුර අමාත්‍යංශයක වැඩ පාඩු කරගෙනද :oo: කොටින්ම වතුරට බැහීම නිසා මේ මනුස්සය මෙයාගේ වෙන වගකීමක් පැහැර හැරල තියෙනවද :oo:

    ඒ වගේම වතුරේ නොබැහැ ඉන්න අනික් අය ඔය කියන ප්‍රතිපත්ති සම්පාදක වැඩ අනන් මනං කරනවද :oo:
    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේද කියන්නේ.සොන්න සිංහලුන්ට කොච්චර කිවුවත් ඕක තේරෙන්නේ නෑනේ.අන්න බලපන් ඒකට දෙවනි සොන්නයා සංචාරයකට රට යනවලු.අන්න දේශපාලකයෝ.මල් තියලා වඳින්න ඕනි.