මුලින්ම අධික දහදිය දමන්න පාද වල සම දිලිසෙන ස්වභාවය ඇතිවෙන්න පුළුවන්, හම කළු වීම සහ තුවාල ඉතා වේදනාකාරී වීම, දනහිස් අත් පා ආදියෙහි අනින්නා බඳු වේදනා විම,හිරිය, අත් පා වල බිබිලි කුෂ්ඨ වැනි තුවාල ඇති වී තෙත ගැලීමත් දක්නට හැකියි. මේ අතරම නින්ද නොයාම, අරුචිය, හිසරදය, උණ, ඉදිමුම් පැසවීම, පිපාසය ආදී ලක්ෂණත් තියෙන්න පුළුවනි. පාද දාහය විශේෂ ලක්ෂණයකි.
කුෂ්ඨයක්වත්ද???
කුෂ්ඨයකදී කැසීම සැරව ගැලීම සිදුවන අතර, වාතරක්තයේදී දැවිල්ල පවතින අතර බිබිලි හෝ අතපය පැලී වතුර මෙන් ද්‍රවයක් ගලයි. කුෂ්ඨ මුහුනෙහි ඇතිවිය හැකි අතර වාතරක්තය කිසිවිට මුහුනෙහි ඇති නොවේ. කුෂ්ඨ බොහෝ විට පැතිරෙන අතර වාතරක්තය පැතිරීම සිදු නොවේ