ඔව්.....
ඔය චණ්ඩාල වශී බන්ධනයේ ඉතිහාසය බුද්ධ කාලය දක්වා දිවෙනවා.
වරක් ආනන්ද ස්වාමීන්වහන්සේ (මේ රහත්වන්නට පළමු ඈ) දුරක වඩින විට, පිපාසය නිවා ගැනීමට ළිදක් අසලට වඩිද්දී එහි සිටියේ ලු උඩුකය යන්තං වසා ගත් ඉතාම රූපත් චණ්ඩාළ තරුණියක්. ආනන්ද ස්වාමීන්වහන්සේ, නැගණිය පැන් පොදක් දෙන්න යයි කීවිට ඇය කලයේ වතුර උන්වහන්සේ ගේ අත මත හෙලුවේ ලු.
ආනන්ද ස්වාමීන්වහන්සේ ඉතාම රූපත් තැනැත්තෙක්. මේ චණ්ඩාලිය උන්වහන්සේ කෙරෙහි ඇළුණු සිත් ඇතුව සිය මව ලවා උන්වහන්සේට “අළු කුල්ලේ බන්ධනය“ නම ඉතා ප්‍රබල වශියක් කල බව සදහන් වෙනවා. මේ වශිය කොතරම් ප්‍රබල ද යත් අනන්ද ස්වාමීන්වහන්සේ එය නිසා මේ චණ්ඩාලිය සොයා ගිය බවත්, එය දිවැසින ්දුටු තථාගතයන්වහන්සේ ඍද්ධියෙන් උන්වහන්සේ යන මගට වැඩ, “ආනන්දය මෙහි එන්න“ යයි කියා අතින් අල්ලාගෙන නැවත දෙවුරම වෙත කැදවා ගෙන ආ බවත් කියවෙනවා. බුද්ධ මහිමය නිසා අර බන්ධනය බිදී ගිය බවයි කියවෙන්නේ.....
දැනටත් හුළවාලීන් (නැතිනම් රොඩී මිනිසුන්) ඉතාම ආඩම්බරයෙන් පවසන දෙයක් නම් ආනන්ද ස්වාමීන්වහන්සේ තරම් සුපේෂල ශික්ෂාකාමී තෙරවරයෙකු වුවත් බන්ධනය කිරීමට තරම් තමා ගේ වශින් ප්‍රබල බවය.....(මේ පිළිබදව හොදින් අසා ගැත හැකියි ඔබට මැණික්හින්න, ගුරකන්දෙණිය ආදී ප්‍රෙද්ශ වල සිටින රොඩී මිනිසුන් ගෙන්)