පද පේළී - EK LYRICS THREAD PART 2

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයෙ ආව කවුරුවත් හිටියෙ නෑ මං ගියා :D

    කොයි වෙලේ?
    ඇවිත් සද්දයක් දාන්ඩ ඕනේ. දැන් කට්ටිය හැංගිලා ඉන්නේ.
    සද්ද දැම්මම විතරයි එලියට එන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
    වරද පවසන්න මා ළඟින් යන්නට දමා
    මට ඔබ තරම් වෙන කවුරුවත්
    හමුවන්නෙ නෑ කවදාකවත්

    කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින්
    ඔබ එයි කියා යලිත් පෙරමං බලන්
    සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක්
    පිළිගන්නෙ නෑ මගේ හිතනම් තවත්
    මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත්
    මතුභවෙක හෝ නවතින්න මා ළඟින්

    වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්
    රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
    හැමදේ ම ඔය අතින් ගෙනදුන්නු මහිමයෙන්
    අමනාප නෑ වුනේ මගෙ රත්තරන්
    මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
    පෙරදා වගේ යලි එන්න ආදරෙන්

    අමතක කරන්න බෑ .................


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....


    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රන් සමනළයෙන් ඇයගේ මුහුනේ
    පැණි බොන්නට ඇවිදින්
    කොහොමද සමනයාට ඉතින් අපි
    ඇත්ත කියා දෙන්නේ
    ඇයගේ ගීයෙන් මත් වූ කොව්ලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඈ කෙවිලියක් නොවන වග
    උන්ට කියා දෙන්නේ

    මොනරෙක් නැතිවුනු සියපත සොයමින්
    ඇයගේ වරලසේ
    ඒ මොණරා හට තතු පහදන්නේ
    මොන විදියටද අපි
    නා ගස නා දළු නරඹයි
    ඇයගේ තොල්පෙති වෙතට එබී
    අනේ අහිංසක නා ගස
    ඈ හට රැවටී තිබෙන හැටි

    විලෙන් පලා ගිය හංස යුවල කෝ
    විල ඇයගෙන් විමසයි
    දෑතින් සිය ලැම මඩල වසාගෙන
    විළියෙන් ඈ ඇඹරෙයි
    කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ
    මහනෙල ඇගෙන් අසයි
    මහනෙල් මල් පෙති ගත්තේ නැතිබව
    කියමින් ඈ දිවුරයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිහිදුම් සේල ඉහලට එසවුනු රෑක
    හොරුගෙන ගියා නුඹ සතු සියලුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම

    සිහින කුමරුවෙකු අතගෙන සිනමා අඳුරේ
    අවන්හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුනි නුඹේ ගත සිත රඳවා ඒ උරේ
    කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ
    කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ

    සිහින කැපකලේ මා තනි රකින්නයි
    මාතනි කලේ සිහිනය දකින්නයි
    කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
    කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
    සුජාතාවනී මා තවමත් එහෙමයි
    සුජාතාවනී මා තවමත් එහෙමයි
     
    • Like
    Reactions: Aarya

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under


    :D
    දිමුතු ලතාවයි
    සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
    ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
    සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    මිහිදුම් සේල ඉහලට එසවුනු රෑක
    හොරුගෙන ගියා නුඹ සතු සියලුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම

    සිහින කුමරුවෙකු අතගෙන සිනමා අඳුරේ
    අවන්හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුනි නුඹේ ගත සිත රඳවා ඒ උරේ
    කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ
    කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ

    සිහින කැපකලේ මා තනි රකින්නයි
    මාතනි කලේ සිහිනය දකින්නයි
    කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
    කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
    සුජාතාවනී මා තවමත් එහෙමයි
    සුජාතාවනී මා තවමත් එහෙමයි
    Amila Perera? I love this song
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාටදෝ නුඹ උරුමැති
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුනාවේ

    අතරමග සුණුවිසුණු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුනත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ
     
    • Like
    Reactions: amoeba2576
    විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා
    රැවු පිලිරැවු දී ඇසෙන නුඹේ හඬ යලි මගෙ සවනට වැටෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    And darling I will be loving you 'til we're 70
    And baby my heart could still fall as hard at 23
    And I'm thinking 'bout how people fall in love in mysterious ways
    Maybe just the touch of a hand
    Oh me I fall in love with you every single day
    And I just wanna tell you I am

    So honey now
    Take me into your loving arms
    Kiss me under the light of a thousand stars
    Place your head on my beating heart
    I'm thinking out loud
    Maybe we found love right where we are
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සිනහව අතරින් කදුලක් උපන්නා..
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින්......
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහීලා
    දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා
    නුඹ නෑ දන්නෙ නෑ කඳුළු අවතැන් වෙලා
    දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මුවරද සුවඳ ගෙනා සමනලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසවුවෙන්ද මුනගැසුනේ
    මා හැරගිය ඇය
    මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට...
     
    බලා වැලපෙමි නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට රගමඩල මැද
    ඔබේ දෑතේ තුරුළු වෙන්නට

    බිසෝ හැර ගිය ලසෝ රඟ හළ
    අමාවක අදුරේ
    නොඑනු මැන ළදුනේ

    බලා වැලපෙමි නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම්
    ගී අහන්නම්

    සොදුරු ඒ සඳ දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ



    ගායනය : අමරදේව හා උමාරියා
    පදවැල් : ජනක සිරිවර්ධන
    තනු : අරුණ ගුණවර්ධන
     
    මල් වැහි සේ වැහි වැටුණාවේ
    හී ගඩු පිපුණාවේ
    ඔබ මා ළඟ නම්
    සීතල ඇසි පිය සැලුවාවේ
    රිසි සේ හැමුවාවේ
    මා ඔබ ළඟ නම්....

    හිමිහිට ඇහැරෙන
    මල් මකරන්දේ
    මී මධු ඔබ වේ නම්
    නළියන සුළඟේ
    තැවරී ඇවිදින්
    ඔබ මත දැවටෙන්නම්...

    සීත රැයේ එන
    විසිරෙන සිසිරේ
    ඔබ ළමැදේ ඒ නම්
    නොසැලෙන විදි
    ඇසි පිය යට රහසේ
    සිහිනය වෙන්නම් මං.