.:: Sri Lankan Cricket කොයිබටද???? ::.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dilshan උනත් කෙලින් කතා කරනවා මොන උනත්
    ඒ කාලේ ඉදන්ම අඩු කුලේ සින් තිබ්බ එහනම් :yes::yes:
    කඩ්ඩ සුපිරියටම තියෙනවනං, බනිනකොට උනත් කඩ්ඩෙන් බනිනවනන් ඕක අවුලක් නෑ. සිංහලෙන් මෙහෙ දෙකයි පනහේ ගොසිප් කාරයින්ට වොයිස් කට් දුන්නම තමා ඔය ප්‍රශ්න එන්නේ :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සන්ගාට කලිනුත් චාලි ඔස්ටින් හිටියා වගේ මතකයි. සනත්ගෙත් මහක හැටියා කල්මනාකරුවුනේ චාලි ඔසින්මයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැතිව්ස්ට කැප්ටන් කම හම්බුනේ අහම්බෙන් නෙවේ වෙන එකෙක් හිටියේ නෑ දෙන්න කොහොමත් :oo: ඒ හින්ද වෙන එකෙක් මැදිහත් වෙලා මැතිව්ස්ට නායකකම හම්බුනා කියන එක පිළිගන්න බෑ මටනං.
    :yes: උඹ කියන එක තමයි ඇත්ත.... ඒ කාලෙ කී දෙනෙකුට නායක කම දීල බැලුවද, එකෙකුටවත් කරගන්න බැරි උන නිසා අන්තිමට මැතිව්ස්ට දුන්න. ඌ හරියට කරා.
    අතිශෝක්තියක් සමඟින් ලියවුනු ආර්ටිකල් එකක් වෙන්න ඕනේ.
    :yes: මමත් හිතන්නෙ ටීම් එකට එන්න බැරි උන කවුරු හරි එකෙක් හරි එහෙම නැත්නම් බෝඩ් එකට එන්න බැරි උන එකෙක් හරි ලියපු එකක් වගේ.
    කියලා තියන කරුණු එක්ක බලද්දි ඇත්ත කියලා හිතෙනවා. බලපංකෝ ඉන්ටනෙට් එකේ සංගගේ මැනේජර් කවුද කියලා. ඒ වගේම කියලා තියන අනිත් කාරනාත් අපේ මතකයේ හැටියට හරිනේ. ex සංගා, මහේල ඩිලාට කැපිල්ල දාපු එක.
    :no: සංගගේ මැනේජර් උන බව ඉන්ටර්නෙට් එකෙන් ඔප්පු වෙන එකෙන් කොහොමද බන් මේකෙ කියල තියන ඔක්කොම contravercial සීන් ඇත්ත වෙන්නෙ!!
    දිල්ෂානයට් ඔය බලු වැඩේ නම් උනා
    මැතිව්ස් ඔය වගේ කියලත් පේනවා හැබැයි
    හැබැයි ඌ හොද batek
    මාලිංග හිටියා නායකයා වෙන්න
    ඌ කෙලින් වැඩ එකෙක් මොනවා උනත්
    එකයි උගේ අවුල
    වෙන එකෙක්ට උට උන දේ උනා නම් ඌ එකට කතා කරනවා
    එකයි නායකයා කියන්නේ :yes:
    ධනංජය නම් මෙලෝම රහක් න මට
    ඔස්ටින් නෙමෙයි මොකා හිටියත් වැඩක නෑ මට නම් ඌ
    සනා මොන උනත් ක්‍රීඩාවට ආදරෙයි :)
    මම හිතන්නෙ නෑ බන් දිල්ශානයට එහෙම මොකුත් උනා කියල. ඌ අම්බානක අසාර්ථක වෙච්ච කාලයක් තිබුන. වයිෆ් ගෙ ප්‍රශ්න තිබුන, පවුල් ප්‍රශ්න තිබුන, සමහර එවුන් ඌ මුස්ලිම් කියල පේජ් හදාගන මරණ කන්න හැදුව.
    මැතිව්ස් ඒ වගේ කියල පේන්නෙ බන් ඌ සද්ද නැතිව ඉන්න සයිලන්ට් ඩයල් එකක් නිසා. ඌ දඟලල කෑ ගහල හිටියනම් කියයි පේනවනෙ උගේ බොරු වැඩ කියල.
    මම හිතන්නෙ නෑ මාලිංගට නායකයෙක්ගෙ ලක්ෂණ තියනවා කියල. ඌ හොඳයි කැත්තෙන් පොල්ලෙන් ගේම දෙන්න ගේමකට එක්ක යන්න. පන උනත් දෙයි, ඒත් නායකයෙකුට තියෙන්න ඕන සූක්ෂම බුද්ධිය ඌට තියනවා කියල මම හිතන්නෙ නෑ.
    p.s. මේවා ඉතින් මට හිතෙන දේවල් විතරයි. :rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කඩ්ඩ සුපිරියටම තියෙනවනං, බනිනකොට උනත් කඩ්ඩෙන් බනිනවනන් ඕක අවුලක් නෑ. සිංහලෙන් මෙහෙ දෙකයි පනහේ ගොසිප් කාරයින්ට වොයිස් කට් දුන්නම තමා ඔය ප්‍රශ්න එන්නේ :P

    :lol::lol::lol:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නැද්ද හොයා ගන්න කිව ඒවා මචන් :sorry:
    ඒ දවස්වල සිරසේ ගියේ බන් රෑට inside sports හරි ඔය වගේ නමක් තිබ්බ එකක් 10.30ට ... ඔන්න ඒකේ ගියේ ඕක..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම හිතන්නෙ නෑ බන් දිල්ශානයට එහෙම මොකුත් උනා කියල. ඌ අම්බානක අසාර්ථක වෙච්ච කාලයක් තිබුන. වයිෆ් ගෙ ප්‍රශ්න තිබුන, පවුල් ප්‍රශ්න තිබුන, සමහර එවුන් ඌ මුස්ලිම් කියල පේජ් හදාගන මරණ කන්න හැදුව.
    මැතිව්ස් ඒ වගේ කියල පේන්නෙ බන් ඌ සද්ද නැතිව ඉන්න සයිලන්ට් ඩයල් එකක් නිසා. ඌ දඟලල කෑ ගහල හිටියනම් කියයි පේනවනෙ උගේ බොරු වැඩ කියල.
    මම හිතන්නෙ නෑ මාලිංගට නායකයෙක්ගෙ ලක්ෂණ තියනවා කියල. ඌ හොඳයි කැත්තෙන් පොල්ලෙන් ගේම දෙන්න ගේමකට එක්ක යන්න. පන උනත් දෙයි, ඒත් නායකයෙකුට තියෙන්න ඕන සූක්ෂම බුද්ධිය ඌට තියනවා කියල මම හිතන්නෙ නෑ.
    p.s. මේවා ඉතින් මට හිතෙන දේවල් විතරයි. :rolleyes:
    :yes::yes::yes:`
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එල හිටපන් හොයන්න :yes::yes:
    අර්ජුන හරියටම කියූව මාලිංගට නායකකම දෙන්න agent කෙනෙක් ගොඩක් දගලනවා වගේ කතාවක්.. ඒ දවස්වල අර්ජුන ,මලින්ගත් එක්ක මලෙන් හිට්යේ ..presidential election එකට කලින් වගේ මතක..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mewai attath thiyanwa boruth thiyanwa. dan hithapan wisi gaanakega manager mu nam, uta aniwaryen monopoly ekak thiyanwa ne. uge wachane hena wadagath kamak thiyanawa. othna ithn thanika business point of view ekak thiyenne Charlie ge patthen. habai eke byproduct ekak hatiyata hodama 11 play karanawada kiyala sakayak enawa, ethakota SLC upset wenawa. managers la thahanam karanna ba ne cricket board ekata. ithn mekata hoda strong cricket administraiton ekak ona. senior players lata lankawe cricket manupulate karanna bari wenna. dan wela thiyenne thakata thaka,degolloma wadak na ne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,943
    113
    මේක මේල් එකක් ආව එකක් ඇත්ත නැත්ත දාන්නේ නෑ
    මෙහෙම වෙන්න පුලුවන්ද බන්
    මෙච්චර දෙයක්?????:shocked:






    ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ තීරණයක්ද ?

    ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කිරීම කාගෙ තීරණයක්ද ?

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා ගිවිසුම් සදහා ලබා දෙන මුදල් අඩු කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිම කාගෙ තීරණයක්ද ?

    මේ සියලුම ප්‍රශ්න සදහා පිළිතුර එකකි. නමුත් ශ්‍රී ලංකා රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන නමකි ඒ..

    චාලි ඔස්ටින් ?
    ඔබ අසා තිබෙනවාද ?

    ඔව්. ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් "ගොඩ් ෆාදර්" චාලි ඔස්ටින් .

    ඉහත සෑම ගැටලුවකටම පිළිතුර චාලි ඔස්ටින්.

    එංගලන්තයේ ජීවත් වන හම සුදු මිනිසෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුණ රණතුලංග ලා තිලංග සුමතිපාල ලාටත් වඩා බලපෑමක් කල හැකි බව අපගේ රසිකයන්ට සුරංගනා කතාවක් බදු වේවි.

    නමුත් රසිකයන් නොදන්නා, ක්‍රීකට් පාලනාධිකාරියට මහා හිසරදයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් ගොඩ් ෆාදර් , යටිකූට්ටු උගුල් පියා චාලි ඔස්ටින් පිළිබදවයි මේ සටහන.

    චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාර.
    චාලි ඔස්ටින් කුමාර් සංගක්කාරගේ කළමනාකරු ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩාවට මැදිහත් වන්නෙ.
    ඉන්පසු සංගාගේ අතිජාත මිත්‍ර මහේල සමග ගිවිසුම්ගතව මහේල ගේද කළමනාකරු බවට චාලි ඔස්ටින් පත්වනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පසු ලසිත් මාලිංග සමගද සිය ගිවිසුම් අත්සන් කරනා චාලි ඔස්ටින් , ක්‍රමයෙන් සංගක්කාර සහ මහේල භාවිතා කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රීඩකයන් ගිවිසුම් ගත කර ගන්නවා.

    මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් ද සිටියා.
    කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන් ද සිය යටතට ගැනීමට ඔස්ටින් සැලසුම් කලත් දිල්ශාන් එය ප්‍රතික්ෂේප කරනවා. තිලකරත්න දිල්ශාන් සමග චාලි ඔස්ටින් ගේ වෛරය ඇරබෙන්නෙ එතැන් සිටයි.

    ඉන් පසුව තිලකරත්න දිල්ශාන්ට එල්ල වූ තරග පාවා දීමෙ චෝදනා සියල්ල චාලි ඔස්ටින් ගේ මොළයෙන් ක්‍රීයාත්මක කල උගුල් යැයි කිවෝත් ඔබ පුදුම වේවි. (මේ පිළිබද එකල ඉංග්‍රීසි වෙබ් අඩවි වල පලවු වාර්තා සාක්ෂි වශයෙන් කමෙන්ට්ස් තීරුවෙ ඉදිරිපත් කර ඇත)

    නමුත් කෙසේ හෝ තරග පාවා දීමෙ චෝදනාවෙන් ගැලවුනු දිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වනවා.

    එතැන් සිට සිය ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල සංගා භාවිතා කරමින් චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය කිරීමට භාවිතා කරනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආදිපත්‍ය තමන් සතු කර ගැනීමට තමන් සතු ක්‍රීඩකයෙකු වන ඇන්ජලො මැතිවුස් ට මීළග නායකත්වය ලැබිය යුතු බව සිතනා ඔස්ටින් සිය සැලසුම සාර්ථක කර ගැනීමට භාවිතා කරන්නෙ මහේල ජයවර්ධනයි..

    දිල්ශාන්ට නායකත්වය අහිමි වන්නෙත් , ඇන්ජලො මැතිවුස් ට නායකත්වය හිමි වන්නෙත් එලෙසයි.

    දිල්ශාන් ට සංගා මහේල ඇතුලු කණ්ඩායමේ සහය නොලැබීම නිසා ඔහු නායකත්වයෙන් ඉවත් වූ පසු කෙටිකාලීනව මහේල නායකත්වය භාර ගන්නෙ මහේලගෙන් පසු නායකයා ආන්ජලො මැතිවුස් විය යුතුයැයි ශ්‍රී ලංකා ක්‍රීකට් බලධාරීන් සමග එකගතාවයකට පැමිනීමෙන් අනතුරුවයි.

    මේ ශ්‍රී ලාංකික රසිකයන් නොදන්නා , එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා චාලි ඔස්ටින්ගේ හපන්කම් කිහිපයක් පමනි.

    වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විස්සක් චාලි ඔස්ටින් සමග ගිවිසුම්ගතවය.

    චාලි ඔස්ටින් ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන්ට නායක ඇන්ජලො යටතේ ක්‍රීඩා කිරීමට වරම් නොමැත.

    ධණංජය ද සිල්වා ට සිදු වූයෙ කුමක් දැයි මා ඔබට නොකියමි. 2016 වර්ෂයේ සාර්ථකම පිතිකරුවාගේ ස්ථානය වෙනස් කොට තරගයක් අසාර්ථක වූ සැනින් ස්වාභාවික සේ පෙන්නා එලියට ඇද දැම්මේ චාලි ඔස්ටින් මාෆියාවයි..

    වත්මන් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල , දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිවුස්, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් විස්සක් චාලිගෙ යටතේය.

    ඇන්ජලො මැතිවුස් සමග පරහක් නොතිබුනා නම් දිනේෂ් චන්දිමාල් කෙතරම් අසාර්ථක වුවත් එලියට විසි වන ක්‍රීඩකයෙක් නොවෙ. ඇන්ජලෝ හරහා චාලි ඔස්ටින් ට චන්දිමාල් කණ්ඩායමේ තබා ගැනීමට තිබිනි.

    උපුල් තරංග එලියට විසි නොවීමට හේතු දෙකක් තිබෙ. එකක් ඔහු අසාර්ථක නොවීමයි. අනෙක චාලි ඔස්ටින්ගේ දකුණු අත සංගක්කාර උපුල් ගේ මිත්‍රයෙකු වීමයි. එසේත් නොමැති නම් ආන්ජලො මැතිවුස් හෝ චාලි ඔස්ටින් උපුල් තරංග කණ්ඩායමෙ සිටිනවාට ප්‍රිය නොවේ.

    අපක්ෂපාතීව බැලු විට වත්මන් කණ්ඩායමේ සත්‍ය මෙයයි.

    මේ කිසිවක් බොහො රසිකයන් නොදන්නා අතර ඔහුන් සිතන්නෙ හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

    එනමුදු එදා අර්ජුණට පාලනය කර ගත නොහැකි වු , අද තිලංග සුමතිපාලට සමගියෙන් කටයුතු කිරීමට සිදුව තිබෙන චාලි ඔස්ටින් සාධකය ඒ තරම් ප්‍රබලව ක්‍රීයාත්මක වේ.

    චාලි ඔස්ටින් එක්වරම කරලියට පැමිනෙන්නේත් ඔහු ගැන මෙම සටහන ලිවීමට මා පෙළබෙන්නෙත් මාධ්‍යයන්හි පලවූ වාර්තාවක් නිසාය.

    "සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lkවෙත කරුණු අනාවරණය කළා.

    ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා.

    ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ"

    මේ විදෙස් පුද්ගලයා කවුරුන්දැයි දැන් නම් ඔබට සිතා ගත හැකිය.
    ඔව් ඒ චාලි ඔස්ටින්.

    කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික කළමනාකරුවෙකු කණ්ඩායමේ තේරිම් කරන්නෙ කොහොමද ?

    ඔබට හිතෙනවා ඇති.

    චාලි ඒ බලපෑම කරන්නෙ කණ්ඩායම් නායකයා මැතිවුස් හරහා. මැතිවුස් ටත් නායකත්වය ලැබුනේ චාලි ඔස්ටින් නිසා.

    මැතිවුස් සදකැන් ට චාලි කළමනාකරු කර ගන්නා ලෙසට උපදෙස් දුන්නත් තමන්ගෙ මුදල් වලින් කොටසක් වෙන කෙනෙකුට දෙන්න අකමැති නිසා ලක්ෂාන් එය ප්‍රතික්ෂේප කරනවා.

    ඉන්පසුව සදකැන් ගෙන් පලිගැනීමට මැතිවුස් යොදාගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට චාලි සුදානම් වනවා .
    නමුත් සනත් ජයසූරීයගේ කොන්ද නිසා ලක්ෂාන් තරගයට ක්‍රීඩා කරනවා. තරගයෙ වීරයා වෙනවා.

    මුදල් සහ බලය නිසා මේ විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු කරනා විනාශයේ පරිමාව ඔබට පෙනෙනවාද ?

    මේ පිළිබවද ඔබ නොදැන සිටි නිසා මේ සියල්ල සුරංගනා කතා ලෙස පෙනෙනවා නම් මම යෝජනා කරනවා ඔබට කමෙන්ට් තීරූවෙ ඇති ඉංග්‍රීසි වෙබ් අඩවි වල පල වූ ලිපි කියවා පැමිනෙන ලෙස.

    වික්ට්‍රී ඉන්දීය චිත්‍රපටයේ විජේ ශේකාවත් ට ඔහුගේ කළමනාකරු සිදු කල විනාශයම චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩකයන්ට සිදු කරමින් සිටිනවා.

    තමන් පාලනයේ තබා සිටිනා සියලු ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් ට්විටර් ආදි ගිණුම් වලත් පාලනය තබා ගෙන සිටිනා චාලි ඔස්ටින් , ඔහුට විරුද්ධව කතා කිරීමට උත්සාහ දරනා මාධ්‍යවේදීන්ද මර්ධණය කිරීමට උත්සාහ කරමින් සිටි.

    චාලි පිළිබද පුවත්පතකට ලිපියක් ලිවීමට උත්සාහ කල මාධ්‍යවේදියෙකුට රැකියාව අහිමි වන්නෙ එලෙසිනි

    පලමු මට්ටමේ සුපිරීතම ක්‍රීඩකයන් සියල්ල චාලි විසින් බිලි බා ගෙන අවසන් නිසා පාලකයන්ට සිදු කල හැකි දේ ඉතා අවමයි..

    මොහොතක් සිතන්න.

    2016 වසරෙ හොදම පිතිකරු ධණංජය ද සිල්වා කෝ ?

    ලක්ෂාන් සදකැන් ඊළග තරගය ක්‍රීඩා කලත් ඔහු කණ්ඩායමෙන් විසි වන දිනය මෑතක නොවෙද ?

    එක තරගයක් අසාර්ථක වූ පමණින් ලක්ෂාන් කණ්ඩායමෙන් ඉවත් නොවේවි යැයි ඔබ සිතනවාද ?

    ශ්‍රී ලංකා රසිකයන් පුරාවෘත්ත ඝනයෙහි ලා ගරු කරන සංගා - මහේල ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට රෝපණය කර ඇති පිළිලයේ තරම වැටහෙනවාද ?

    අප ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයට විරුද්ධ ඔහුගේ ආගම ජාතිය මත නොවේ.
    අප චමින්ද වාස් ලාට , රසල් ආර්නල්ඩ් ලාට , මුරලි ලාට අතිශය ආදරය කරමු.

    නමුදු ආන්ජලෝ දේශපාලකයන් , චාලි ඔස්ටින් ලා සමග ඩීල් දමා මේ විනාශ කරන්නෙ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවයි.

    දයාසිරි ජයසේකර ඇමතිතුමනි,

    බඩට නම් ඕනෑ දෙයක් කරගත හැක.

    නමුත් හැකි නම් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ පිළීකාව චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ගෙන් ඉවත් කර තේරීම් කමිටුවට නැවත බලය ලබා දෙන්න

    දේශපාලකයන්ගෙන් , ක්‍රිඩා සමාජ වලින් , පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් වලින් එල්ල වන බලපෑම් වලට නොසැලෙන තේරීම් කමිටුව සහ නායකයෙක් පත් කරන්න.

    ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට බඩ අඩු කර ගැනීමටත් වඩා අත්‍යවශ්‍යම එයයි.


    ගත්තේ අන්තර්ජාලයෙන් :)

    අඩෝ පිස්සු වගේ බං මේක කියවලා :shocked:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mewai attath thiyanwa boruth thiyanwa. dan hithapan wisi gaanakega manager mu nam, uta aniwaryen monopoly ekak thiyanwa ne. uge wachane hena wadagath kamak thiyanawa. othna ithn thanika business point of view ekak thiyenne Charlie ge patthen. habai eke byproduct ekak hatiyata hodama 11 play karanawada kiyala sakayak enawa, ethakota SLC upset wenawa. managers la thahanam karanna ba ne cricket board ekata. ithn mekata hoda strong cricket administraiton ekak ona. senior players lata lankawe cricket manupulate karanna bari wenna. dan wela thiyenne thakata thaka,degolloma wadak na ne

    :yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    220px-Angelo_Mathews_%285338334462%29.jpg