මම වැඩියෙන්ම ස්පීඩ් යූස් කරල තියෙන්නේ ඩයලොග් 4ජී.. ඒ දවස් වල මුන් මේ 4ජී එක ප්රමෝට් කරන්න ෆ්රී ට්රෑල් පීරියඩ් එකක් දුන්න පෝස්පේඩ් කනෙක්ෂන් තියෙන කස්ටමර්ස්ලට.. ඉතින් මාත් ගත්ත. සතියකට කියල දෙන්නෙ අන්ලිමිටඩ් පැකේජ් එකක්.. හම්මේ මතක් වෙද්දිත් කියල වැඩක් නැහැ..
45mbps වගේ ස්පීඩ් එක.. ෆිල්ම් එකක් විනාඩි 2-3 ඩවුන්ලෝඩ් වෙනවා.. කොහොම හරි සතියක් කියල කිව්වට මම ගත්ත පළවෙනි එක මාස දෙකක් විතර පාවිච්චි කරා.. ඊට පස්සෙ වෙන නම්බර් එකකටත් ඒ ට්රෑල් යුනිට් එක ගත්තා. ඒකත් මාස 2 ක් විතර පාවිච්චි කරා. ඩවුන්ලෝඩ් කරන්න දේවල් නැති වුනා ඒ කාලෙ. එච්චරටම ඩවුන්ලෝඩ් කරා. කොහොම හරි අන්තිමට ගත්ත එකේ මාස දෙකක් විතර ගියාට පස්සේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරා... ඒත් අද වෙනකල් රවුටර් එක අරන් යන්න ආවෙ නැහැ.. (දැන් අවුරුද්දකටත් වැඩියි)