ඔය කියන බ්‍රේක්ස් ඔක්කොම වැටෙන්නේ ඒ ඒ කාලෙට අදාළ සමාජ සම්මුතීන්ට අනුකූලව. අපි ඒ සමාජ සම්මුතීන් බින්දොත් තමයි ඔය කියන පව් එකිනෙක එකතුවෙන්නේ. අපි හිතමු යම්කිසි සමාජයක පුරුෂයන්ට සහවාසය සඳහා ස්ත්‍රීන් දෙදෙනෙක් එකට තියාගන්න පුළුවන් කියල.. ඒක ඒ සමාජයේ සම්මුතියක් නම් එහෙම කලාට ඔය එකක්වත් කැඩෙන්නේ නැහැ. මොකද සමාජයේ එහෙම බැම්මක් නැතිකොට ඒක කරන කෙනාට මම කරන්නේ වරදක් කියන වරදකාරී හැගීම එන්නෙ නැහැ. (හැබැයි සමාජ සම්මුතීන්ට අනුකූලයි කියල සත්තු මැරුවට ප්‍රාණඝාත අකුසලය නොවෙනවා එහෙම නෙමෙයි)
විවාහයට පෙර ලිංගික හැසිරීමත් ඒ වගේම තමයි, අපි ගමු බටහිර සමාජයක්, ඒ සමාජයේ ජීවත් වෙන තරුණියකගේ දෙමව්පියෝ, නෑදෑයෝ, රජය ඇතුළු මුළු සමාජයම එකඟයි විවාහයට පෙර ලිංගික එකතු වීමට. කනවා, බොනවා, නානවා වගේම ආදරයෙන් බැඳුනු දෙන්නෙක් ලිංගිකව එකතු වෙනවා කියන දේ එයාලට සාමාන්‍ය දෙයක්. අන්න ඒ සමාජයේදී ඔය කියන ඔක්කොමටම 0% පව්.
නමුත් ආසාවේ ඇලී ගැලී කරන හැමදේම පව්, නමුත් මෙතන කතා උණු විවාහයට පෙර ලිංගිකව හැසිරුනාම වෙන අමුතු පව ඔය කිවූ බටහිර සමාජයේ නැහැ.
හරියටම හරි.



