අදායම් බදු

ආදායම් බදු​

2007 අංක 10, 2008 අංක 9, 2009 අංක 19, 2011 අංක 22, 2012 අංක 8, 2013 අංක 18 සහ 2014 අංක 8 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත් මගින් සංශෝධිත පරිදි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන මත පදනම්ව ආදායම් බදු අයකරනු ලැබේ.

සෑම තැනැත්තෙකුගේ හෝ හවුල් ව්‍යාපාරයක, 2006 අප්‍රේල් 01 දින හෝ එදිනට පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම එම තැනැත්තාට ඉපැයූ හෝ උපයන ලාභ සහ ආදායම් මත ආදායම් බදු පනවා අයකර රැස්කිරීමට අවශ්‍ය නෛතික බලය සඳහා දේශීය ආදායම් පනත මගින් විධිවිධාන සලසයි.

ලාභ සහ ආදායම් ප්‍රභව

වෙළෙදාම, ව්‍යාපාර​, වෘත්තිය හෝ රක්ෂාවකින් ලබන ලාභ
සේවා නියුක්තියකින් ලබන ලාභ
ශුද්ධ වාර්ෂික වටිනාකම
ලාභාංශ පොලී හෝ වට්ටම්
අයවිම් හෝ වාර්ෂිකයන්
කුලී, රාජ්‍ය ​භාග හෝ අධිමිළ
ලොතරැයියකින්, ඔට්ටු ඇල්ලීමෙන් හෝ සූදූ ක්‍රීඩාවකින් දිනුම් ලැබීම
රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් වන විට ප්‍රදාන, පරිත්‍යාග හෝ දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් එම සංවිධානය වෙත ලැබෙන යම් මුදලක්
අනියම් හා අනාවර්ත ස්වභාවයක ලාභ හැර වෙනත් ප්‍රභවයකින් ​​​​ලැබෙන ආදායම
ශ්‍රී ලංකා‍වේ වාසිකයෙකු ලෙස සැලකෙන තැනැත්තෙකු සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ දී උපයන ආදායම හෝ ශ්‍රී ලංකාවෙන් පිට ඔහු විසින් උපයනු ලබන ආදායම සම්බන්ධයෙන් ආදායම් බදු අයකරනු ලැබේ. එබැවින් ආදායම් බදු වගකීම ඔහුගේ සමස්ත ආදායම දක්වා ව්‍යාප්ත වේ. ශ්‍රී ලංකාවේ වාසික නොවන බවට සැලකෙන යම් තැනැත්තෙකුගේ ශ්‍රී ලංකාවෙන් උපයන හෝ උද්ගතවන ලාභ සහ ආදායම සම්බන්ධයෙන් පමණක් ආදායම් බදු අයකරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වාසිකයන් සදහා රු. 500,000 ක බදු නිදහස් දිමනාවකට හිමිකම් ඇත.​​​

​​​​​​​
අණ පනත්
2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (2006 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2007 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2007 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2008 අංක 9 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2008 පෙබරවාරි 29 දින සහතික කරන ලදී.)
2009 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2009 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2011 අංක 22 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2011 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2012 අංක 08 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2012 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2013 අංක 18 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2013 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2014 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2014 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2015 අංක 09 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
ඒකාබද්ධ කල 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2015 අප්‍රේල් 30 දින දක්වා කරන ලද සංශෝධන සහිතව.)
​බදු ගෙවීම
ආදායම් බදු ගෙවීම ස්වතක්සේරු පදනම මත වාරික 04 කින් සහ අවසාන ගෙවීමකින් සමන්විත වේ.

වාරිකය ගෙවීම් දිනය
පළමු වාරිකය අදාළ වර්ෂයේ අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර
දෙවන වාරිකය අදාළ වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර
තෙවන වාරිකය ඊළඟ වර්ෂයේ පෙබරවාරි මස 15 වන දින හෝ එදිනට පෙර
සිව්වන වාරිකය ඊළඟ වර්ෂයේ මැයි මස 15 වන දින හෝ එදිනට පෙර
අවසන් ගෙවීම ඊළඟ වර්ෂයේ සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර
පුද්ගලයන් විසින් ගෙවිය යුතු ආදායම් බදු මත වට්ටම්
නියමිත දිනට එක් මසකට පෙර යම් කාර්තුමය ස්වතක්සේරු ආදායම් බදු ගෙවීම් කරන පුද්ගලයන් එයින් 10% වට්ටමකට හිමිකම් කියනු ලැබේ. (ප්‍රවර්තන වර්ෂයේ ලාභ මත පදනම්ව වාරික මත එම ප්‍රතිශතය නොඉක්මවන)

​ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම

නියමිත දිනය:
ආදායම් බදු වාර්තාව අදාළ තක්සේරු වර්ෂය අවසාන වන වර්ෂයේ නොවැම්බර් මස30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුත්තේ:
ලිපිගොනුව සම්බන්ධව කටයුතු කරන අදාළ අංශය වෙතය.

http://www.ird.gov.lk/si/Type of Taxes/SitePages/Income Tax (IT).aspx?menuid=1201
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl::rofl::rofl:
    ඕවට බය වෙන්න එපා බන් :) ගිය මාසේ මගේ ගේක ෆොටෝ හිටන් ගහන් ගිහින් ලියුම් එව්ව! පොඩි ක්‍රමේකින් වැඩේ ගොඩ ද ගත්ත. අල්ලස් නම් දෙන්න හිතන්නවත් එපා මචෝ. උන් සල්ලි අරන් ෆයිල් එක යට ගහනව ඊට පස්සේ අවුරුදු 5කින් මිනිහ පැන්ෂන් ගියපු ගමන්, ඒ සීටි එකට අපු එකා ලස්සනට ෆයිල් ටික ඇදල ගන්නවා. ඊට පස්සේ ගෙවපන්කෝ අවුරුදු පහට දඩත් එක්ක. හොද බොක්ක වගේ ඔඩිට කෙනෙක් සෙට් කරගන්න. එතොකොට හරි - ජය

    :cool::cool:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    1. ඇමතිලාට ආතල් ගන්න, වාහන ගන්න, එක එක උත්සව තියන්න සල්ලි ලැබෙන එක තමා ඉතින්, වෙන මුකුත් නැහැ

    2. ලෝයර් කෙනෙක් සෙට් කරන් ටැක්ස් ෆයිල් එකක් හදපන් මචන්

    3. අදායම් ලැබුනොත් විතරයි ගෙවන්න ඕන

    ai machan amathi gollange rata sawari walatath meken gaanak ona wenawane
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. :(

    අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?:baffled:

    හරි මෙහෙමයි අදායම් බදු ගෙවන්න කලින් අපි දැනගන්න එපයි ඉසල්ලම ආදායම් ලැබෙනවද කියල ( මම ඔඩිටර් කෙනක් නං නෙමයි)

    මෙන්න මෙහම හිතමු ඔයාට බිල්ඩිමක් තියනවා කොල්ලු පිටියේ ඔයාට තියන එකම දේ මෙච්චරය් (අම්ම , තාත්ත, සහෝදර , සහෝදරයෝ ඥති කෞරුවත්ම නෑ) මුළු ලෝකෙම තියන්නේ මේ තට්ටු 4 බිල්ඩිම විතරයි. උඩම තට්ටුවේ ඉන්න ඔයා. ඔයා හිතනවා මේ බිල්ඩිම කුලියට දීල එන අදායමෙන් ජිවත් වෙනවා කියල.

    ඔන්න එක මනුස්සයෙක් ඇවිත් ඔයාගෙන් මාසෙකට ලක්ස් 5 මේ ඉතුරු තට්ටු ටික කුලියට ගන්න ඉල්ලනවා. ඔය කැමති වෙනවා.
    එතකොට ඔයාගේ වාර්ෂික අදායම්
    500,000 X 12 = 6,00,000
    දැන් මේ ගානට පලවෙනි ලක්ස 5 හෝ ඊට අඩු අදායම් බද්ද්දෙන් නිදහස්

    ඉතුරු ලක්ස 55 න් ඊලග ලක්ස 5 ට 4% රකුත් ඊට වැඩිවෙන් මුදලට 8% අදායම් බදු වලට ග්වන්න ඕනි

    500,000/100X4 = 20,000
    5,000,000/100X8 = 400,000

    420,000

    ඔයා අදායම් බදු විදිහට මේ මුදල වාර්ෂිකව හෝ කාර්තු 4 රජයට උපයන විට අදායම ,හරිනම් ගෙවන්න ඕනි!
    "අප්පට සිරි මෙච්චර ගානක් මන් ගෙවන්න ඕනිද ? මන් හම්බත් කරලා "
    ඔන්න මේ වෙලාවේ ඔයගේ ටිකිරි මොලේට නියම අදහසක් එනවා,

    "බදු ගිවිසුම අත්සන් කරලා එක රෙජිස්ටර් කරාට පස්සේ නේ ආණ්ඩුව දන්නේ මම මේ බිල්ඩිම ලක්ස 5 කුලියට දුන්න කියල. ඉතින් අඩු ගණනක් බදු ගිවිසුමට දාල ඉතුරු සල්ලි ටික වෙනම ඉල්ලා ගන්නවා "

    ඔයා ගිහින් කියනවා අර බිල්ඩිම බදු ගන්න අපු මනුසයට, හරි මම ලක්ස 5 ට කුලියට දෙන්න කැමති හැබැයි බදු ගිවිසුමේ දන්නේ ලක්ස 1 ඉතුරු සල්ලි (ලක්ස 4) මුදල් වලින් දෙන්න කියල. මිනිහත් කැමති වෙනවා. වැඩේ යනවා

    දැන් ආණ්ඩුව දන්නා විදිහට ඔයාගේ වාර්ෂික අදායම 1,200,000 (ලක්ස 12)
    එයින් පළමු ලක්ස 5 බද්දෙන් නිදහස්
    ඉතුරු ලක්ස 7 න් පළමු ලක්ස 5ට 4%
    20,000 යි ඊලග ලක්ස දෙකට 8% 16,000

    36,000 වැඩේ ඉවරයි නැත්නම් 420,000 ගෙවන්න එපයි
    දැන් තමයි වැඩේ පටන්ගන්නේ ආණ්ඩුවට පෙන්නුවේ අදායම් කියලා ලක්ස 12 ඉතුරු ලක්ස 48 න් 38,000 අදායම් බදු ගෙවල ඉතුරු 4,762,000 අල්මාරියේ (බැංකුවේ දාන්නනම් පුළුවන් ගන්න ගියහම තමයි ටැක්ස් කැටිය දුවගෙන එන්නේ, ලක්ස 10 හෝ වැඩි මුදලක් විඩිරෝ කරපු ගමන් නොට් 1 යනවා මහා බැංකුව හරහා ඉන්වස්ටිගේෂන් ඔෆිස් 1ට ටැක්ස් දෙපාර්තුමේන්තුවේ, කඩලා කඩල ගන්නවා කියන එක හිත්නවත් එපා එහෙනම් ගන්න වෙන්නේ මාස 2 ට සැරයක් ලක්ස 2 ගානේ. එත් විඩ්රෝ ටික හදගෙන අවුරුද්දකට පස්සේ ලස්සනට ලියුමක් එවයි මේ විඩ්රෝ ටික අපගේ කාර්යාලයට පැමිණ පැහැදිලි කරන්න කියල. )

    ඔවි මේක කළු සල්ලි තමයි,
    සල්ලි කළු උනත් සුදු උනත් මොකද මල්ලි සල්ලි නේ සල්ලි නේ !

    ඔහොම ඉන්න කොට ඔයා ට ගෑනු ලමයෙක් සෙට් වෙලා කසාදයක් එහම කරගෙන ඉන්නකොට නෝනා මහත්තය කියනවා, අපි මේ බිල්ඩිමේම ඉන්න බෑ මල්පැල යක්වත් වාවගන්න බෑ නුගේ ගොඩ හරියෙන් ගෙයක් ගමුද කියල ! ඔයත් හා කියල

    ගෙවල් සෑහෙන්න බලල කොටි 5 කට ගෙයක් ගන්න ලෑස්ති වෙනවා, නුගේ ගොඩින් අල්මාරිය සල්ලි තියන ටික බලනවා

    කොටි 2 ලක්ස් 50 විතර එකතු වෙලා දෙයියනේ කියල අවුරුදු 6කට

    ඉතුරු 2.5 බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා කියලා හිතගෙන බැංකුවට යනවා.
    ගිහින් මැනේජර් ලොක්කට කියනවා මට කොටි 2 හමාරක් ණයක් ගන්න ඕනි! මැනේජර් ලොක්කත් දත් 64 පෙන්නලා හින්වෙලා අහනවා ඇපේට තියන්නේ මොනාද කියල " කොල්ලු පිටියේ බිල්ඩිම ඇපේට තියනවා " කියල ඔයා කියනවා. මැනේජර් ලොක්කට මල් 7යි කොටි 2 හමාරට වඩා එක කොහොමත් වටිනවා නේ.

    ලෝන් 1 ගන්න ගාන 25,000,000(කොටි දෙක හමාරයි )
    ගෙවන අවුරුදු ගාන 10
    පොලිය 12%
    මාසික ගෙවිය යුතු මුදල 458,333

    එළනේ ලසනට ගෙවන්න පුළුවන් පුළුවන්නේ,
    දැන් මැනේජර් ලොක්ක අහනවා
    අදායම බදු ගෙවන පයිල් 1 ( තව නොයකුත් ලිපි ලේකන කන්දරාවක් ඉල්ලනවා / මාතෘකාව අදායම් බදු නිසා ඒවා වැඩක් නෑ)
    ටුක් ගාල අදායම් බදු පයිල් 1 දෙනවා. මැනේජර් ලොක්ක කියනවා මේකේ විදිහට ඔයාට මාසෙකට හම්බ වෙන්නේ ලක්ස 1 නේ ඉතින් ඉතුරු තුන්ලක්ස ගණන ගෙවන්න කොහොමද ඔයා කියල. ඔයා මැනේජර් ගේ කනට කරලා කියනවා ඔයා බය නැතුව ලෝන් 1 දෙන්න මට කොහොමත් තව ලක්ස 4 හැම මාසෙම අතයටින් හම්බ වෙනවා, ලෝන් 1 ගෙවන 1 ගැන බය වෙන්න එපා කියල. හැබයි මාසෙකට ලැබෙන ආදායමට වඩා වැඩි අගයක නය වාරිකය දෙන්න බැංකුවට පුළුවන් කමක් නෑ.(ලිසින් කොරන කම්පනියක් එක්ක වාගේනං ගිනි පොලියට යන්න පුළුවන් , මොකද උන්ට හම්බ කරන විදිහ අදාල නැති නිසා , උන්ට ඕනි ගෙවන විදිහ විතරයි, එහෙම ගියපු ගමන් පලවෙනි අවුරුදු 5 ඉවර උන ගමන්ම , අදායම් බදු එකෙන් ලියුමක් එනවා අහවල් ලිසින් කොම්පැනියෙන් ඔබතුමා ගත්තු ණය මාසෙකට ලක්ස 4 වෙන්න ගෙවපු විදිහ අපැහැදිලි නිසා පැමිණ පැහැදිලි කරන්න කියල )

    නය ඉලුම ප්‍රතික්ෂේප වෙනවා. ඔය ඊට පස්සේ කොට්ටාව හරියෙන් ඇතුලට වෙන්න කොටි දෙක හමාරකට පොඩි ගෙයක් හොයාගන්නවා.

    එකේ ඔප්පුවට දානවා විකිණුම් මිල ලක්ස 75යි කියල ඔප්පුව රෙජිස්ට කර ගන්නවා.
    ලක්ස 75 අපු විදිහ පෙන්නන එපයිනේ මෙන්න කළු සල්ලි වලින් ලක්ක්ස 75 සුදු කරගන්නවා.(මුල්‍ය විශුදිකරණය ) කොහොමද ඔය දන්නා සරල ක්‍රමයට (ලොකු ලොකු ක්‍රම වලට කරන්න ඔයාට ලොකු කනෙක්ෂන් නෑ) තමයි සල්ලි ටික සුද්ද කර ගන්නේ. ලක්ස 75 බැංකු ණයක් විදිහට අරන් ආණ්ඩුවට පෙන්නනවා බැංකු නයෙන් තමයි ගේ ගත්තේ කියලා (ගෙවන්න තියන ගාන මාසෙකට ලක්සේකට වඩා අඩු නිසා බැංකු ණය ලස්සනට හම්බ වෙනවා )

    ඔන්න දැන් තමයි නඩුව පටන් ගන්නේ

    ප්‍රිය මහත්මයාණනි කියලා පටන්ගන්න ලියුමක් හම්බ වෙනවා.
    කොට්ටාවේ නැදිමාලේ අහවල් ඔප්පු දරන අදි සුපොක බෝගී නිවාස සහ පර්චස් 12.5 වන ඉඩම් මිල දී ගැනීමේදී තක්සේරු මුදලට වඩා අඩු මුදලක් ඔප්පුවට ඇතුලත් කොට ඇති බව පෙනීයයි , කරුණා කර දෙදහස් වර්ෂයේ අහවල් මස පළමු අහවල් දින , චිත්තම්පලම් මාවතේ අපගේ ප්‍රදාන කාර්යාලයට පැමිණ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි .

    ඔන්න ගියාට පස්සේ කියනවා මේක රජයේ තක්සරු මිල කොටි 2 යි එකට දඩය 20% දඩය නොගෙවූ අවුරුදු ටිකට කියල 50% කියල (මේ වෙලාවට නං හිතු හිතු ගණන් කියනවා) උන අලබෙට මෙචරයි. කියල ඔක්කොම රවුම්කරලා කියනවා කොටි 1 හමාරක් දෙන්න නැත්නම් නඩු යනවා කියල. ඉතින් බලු කුක්ක වගේ ගෙවල එන එකයි තියන්නේ (නඩු ගියොත් මිට වඩා ගෙවන්න වෙනවා ) දඩ ගෙවන කොටි 1 හමාරටත් අදායම් බදු සමහර විට ගෙවන්න සෙට් වෙනවා.

    ඕව තමයි ඉතින් අවාසි, වාහනයක් , ඉඩමක් , වියාපාරයට සල්ලි දන්න බෑ, මොකද සල්ලි කළු නිසා.

    වාසි ඇවිත් මෙන්න මේ වගේ දේවල්

    දුව බදින්න හදන එකා අම්බානෙක දෑවැද්දක් ඉල්ලනවා , දෙන්නම් වෙන්නඩ් බෑනෝ කියල කොටි 2 හමාරක්ම කියලා මගුල දවසේ උදේ කොල්ලගේ අතෙන් තියපන් ගොඩ

    නෝනට බයිපාස් එකක් කරන්න ඕනි බය නැතුව ගිහින් ලක්ස විසක් නවලොකෙට බැදලා බයිපාස් එක කරන්න අල්මාරියෙන් සල්ලි අරන් ගිහින්

    පන්සලේ පින්කමට , ඉස්කෝලේ O/B එකෙන් හදන බිල්ඩිමට ඉතුරු කරගත්ත ලක්ස් 4 පින් කමක් කියලා දීල දාන්න

    බිල්ඩිමක් කුලියට ගනිද්දී බදු ඔප්පුවේ ගානට වඩා වැඩි මුදල් ටික අත යටින් දෙන්න පුළුවන් (මේ කතාවේ මුලින් ලක්ස් 4 අර මනුස්සය ඔයාට දුන්න වගේ )

    තව ගොඩක් තියනව, බදු සල්ලි ටික අතේ ඉතුරු වෙනවා ඕක තමයි තියන එකම වාසිය අදායම් බදු නොගෙවා හිටියොත් නං මචෝ.

    2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?:P

    ඔඩිට කෙනෙක්ගෙන් අහන්න එය හරියටම කියාවි

    3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?:P

    උත්තරේ උඩතියනවා එහෙනං ජය :D :D

    මට පොඩි කාරණයක් දැනගන්න ඕන. මගේ නෑ වෙන අයිය කෙනෙකුට එයාගෙ තාත්ත දල වශයෙන් කෝටි 1.5 විතර වෙන දේපලක් තෑගි ඔප්පුවකින් අන්ඩර්වැලියු කරල දීල තියෙනව හැබැයි අවුරුදු 10 කට විතර කලින් තාම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ, ඇයි ඒ?

    අපි මෙහෙම ගමුකො මගේ සැලරි ස්ලිප් එකේ අරව මේවට කැපුනට පස්සෙ නෙට් පේ එක 30,000. (බෝනස් නැතුව) මම ගෙයක් කුලියට දෙනව ගිවිසුමෙත් හරි ගාන දාල රුපියල් 15,000. ට එතකොට මගේ වාර්ෂික ආදායම. 360,000 + 180000 = 540,000. එතකොට මම ටැක්ස් ගෙවන්න ඕනද?:rolleyes:
     
    • Like
    Reactions: virajkavn
    බදු නොගෙවන අයට
    ඉදිරියේ ලේසි නෑ
    අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු

    බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්, ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්, ආදායම්, ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒ. නඳුන් ගුරුගේ පවසයි.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23දා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
    පුද්ගලයන් ආයතන හා සමාගම් සම්බන්ධීකරණය වන ලෙස සැකසුණු මේ නව ජාල පද්ධතිය හරහා
    අදාළ ආයතනවල සිදුවන ගනුදෙනු ආදිය සම්බන්ධීකරණය කොට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීමට නියමිත බව ද හෙතෙම පැවැසීය.

    මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකු පිළිබඳවම සැකසෙන ආකෘතිමය ගොනුවක් මේ ජාලයට සම්බන්ධ වන බවත් මේ ජාලය සැකසීමේ වැඩකටයුතු එළැඹෙන දෙසැම්බරයේ නිමාවට පත් වන බවත් ඔහු පැවැසුවේය.
    ඒ අනුව 2018 වර්ෂයේදී මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකුටම අනන්‍යතා අංකයක් හිමිවන බවත් ඒ අනන්‍යතා අංකය ඔස්සේ සියලුම පුද්ගලයන්ගේ වත්කම් ගනුදෙනු ආදිය මේ ජාලයට හසුවන බවත් හෙතෙම පැවැසීය.

    මේ ක්‍රමවේදය හරහා බදු දැලට හසුකර ගැනීමට අපහසු වූ බදු පැහැර හරින ආදායම් ලාභීන් මේ හරහා හඳුනා ගැනීමට හැකිවන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
    බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමේ නව ක්‍රමවේද රැසක් මේ වන විටත් දියත් කර ඇති බවත් මෙය ඉන් එක් ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේය.
    බදු ගෙවන්නන් අතරින් සෘජු බදු අය කිරීම වැඩි කර ගැනීමටත් වක්‍ර බදු අඩුකර මෙරට සාමාන්‍ය ජනතාවට ඒ හරහා සහන සැලසීමත් මෙවැනි බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමේ රජයේ මූලික අරමුණ බව ද හෙතෙම පැවැසීය.

    බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ බදු ගොනුවක් විවෘත කර ගන්නා ලෙසත් නැතහොත් ජාලගත වීම හරහා හසුවන බදු පැහැර හරින්නන්ගේ වත්කම්, ආදායම් පිළිබඳ තොරතුරු අනුව ඔවුන්ගේ අතීතය දක්වා ගොස් උපරිම දඩ නියම වීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/08/tax-net.html#more

    :sorry::sorry::sorry::sorry::confused:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Hm. It should be done early as possible. We small people will have a little effect but big mudalalis will have a big effect.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බදු නොගෙවන අයට
    ඉදිරියේ ලේසි නෑ
    අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු

    මචන් පුලුවන්නම් ...කලින් මේකේ ත්රෙඅඩ් එකක් තිබ්බ මුදල් විශුද්දීකරණය ගැන දාපු...හොයා ගන්න බැනේ...:yes:
     
    මට පොඩි කාරණයක් දැනගන්න ඕන. මගේ නෑ වෙන අයිය කෙනෙකුට එයාගෙ තාත්ත දල වශයෙන් කෝටි 1.5 විතර වෙන දේපලක් තෑගි ඔප්පුවකින් අන්ඩර්වැලියු කරල දීල තියෙනව හැබැයි අවුරුදු 10 කට විතර කලින් තාම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ, ඇයි ඒ?

    අපි මෙහෙම ගමුකො මගේ සැලරි ස්ලිප් එකේ අරව මේවට කැපුනට පස්සෙ නෙට් පේ එක 30,000. (බෝනස් නැතුව) මම ගෙයක් කුලියට දෙනව ගිවිසුමෙත් හරි ගාන දාල රුපියල් 15,000. ට එතකොට මගේ වාර්ෂික ආදායම. 360,000 + 180000 = 540,000. එතකොට මම ටැක්ස් ගෙවන්න ඕනද?:rolleyes:

    මචෝ මුලින්ම කියන්න ඕනි මම බදු එක්ස්පර්ට් කෙනක්වත් කෞරුවත් නමයි. මම වල තියන දේවල සහ අදැකීම් අනුව තමයි මම මේවා කියන්නේ(රිප්ලයි එක දාන්න කලින් නම් ඔඩිටට කතාකරල සම්පුර්න් විස්තරයක් අහ ගත්ත).

    සමහර විට රජයේ වැලිවේෂන් 1 ලගින් යනවා ඇති එකයි.

    නෑ මචෝ ඔයාට ගෙවන්න වෙන්නේ නෑ තව අඩුකිරීම් ගොඩක් ලැබෙනවා.

    මේ ප්‍රශ්න පටන් ගන්නේ අදායම් වැඩි වෙලා දේපල වැඩි වෙලා සල්ලි හම්බ වෙනකොට වාහන වැඩිවෙනකොට වටේ ඉන්න උන් පෙත්සම් හිටන් යවනවා :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ ප්‍රශ්න පටන් ගන්නේ අදායම් වැඩි වෙලා දේපල වැඩි වෙලා සල්ලි හම්බ වෙනකොට වාහන වැඩිවෙනකොට වටේ ඉන්න උන් පෙත්සම් හිටන් යවනවා :)
    අපෝ ඔව් පොලිසියටත් එනවා සමහරු අන්න අරූ ගෙයක් හදනවා මෙච්චර විතර, ඒත් අරූට පඩි මෙච්චරයි කියාගෙන :lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    මචෝ මුලින්ම කියන්න ඕනි මම බදු එක්ස්පර්ට් කෙනක්වත් කෞරුවත් නමයි. මම වල තියන දේවල සහ අදැකීම් අනුව තමයි මම මේවා කියන්නේ(රිප්ලයි එක දාන්න කලින් නම් ඔඩිටට කතාකරල සම්පුර්න් විස්තරයක් අහ ගත්ත).

    සමහර විට රජයේ වැලිවේෂන් 1 ලගින් යනවා ඇති එකයි.

    නෑ මචෝ ඔයාට ගෙවන්න වෙන්නේ නෑ තව අඩුකිරීම් ගොඩක් ලැබෙනවා.

    මේ ප්‍රශ්න පටන් ගන්නේ අදායම් වැඩි වෙලා දේපල වැඩි වෙලා සල්ලි හම්බ වෙනකොට වාහන වැඩිවෙනකොට වටේ ඉන්න උන් පෙත්සම් හිටන් යවනවා :)

    bankuwe fixed deposit daana ayath tax gewanna one neda machan ?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ape tax mudal walin rajaye vishwavidyala wala igena gena udgoshanaya karana ewun gana monawada hithanne ? mun ape tax mudal walin nomile igenagena private university lankawe open karanna epa kiyala ape lamainge adyapana nidahasath nathi karana set ekak. everyone got the right for education. who the hell are they to stop it :) even sri lankan doctors migrate abroad after getting free education from sri lankan universities. those who work in sri lanka keep protesting without thinking about patients. some of them are more busy in their private clinics. they even get vehicle permits from our tax money.?
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl::rofl::rofl:
    ඕවට බය වෙන්න එපා බන් :) ගිය මාසේ මගේ ගේක ෆොටෝ හිටන් ගහන් ගිහින් ලියුම් එව්ව! පොඩි ක්‍රමේකින් වැඩේ ගොඩ ද ගත්ත. අල්ලස් නම් දෙන්න හිතන්නවත් එපා මචෝ. උන් සල්ලි අරන් ෆයිල් එක යට ගහනව ඊට පස්සේ අවුරුදු 5කින් මිනිහ පැන්ෂන් ගියපු ගමන්, ඒ සීටි එකට අපු එකා ලස්සනට ෆයිල් ටික ඇදල ගන්නවා. ඊට පස්සේ ගෙවපන්කෝ අවුරුදු පහට දඩත් එක්ක. හොද බොක්ක වගේ ඔඩිට කෙනෙක් සෙට් කරගන්න. එතොකොට හරි - ජය

    Machan එතකොට ඔය tax ගෙවන්න අහුවෙන්න‍ෙ කොහොමද අර උදාහරණය අනුව මිනිහට 60 ලක්ෂ set උන‍ෙ අවුරුද්දක් ඇතුලේ.එතකොට ඒ බඳු ගෙවන්න ඕනෙ ඊළඟ අවුරුද්දේ කාර්තු විදියටද?අවුරුද්දක් ඇතුලේ set වෙන ගානටද tax වදින්නේ

    එතකොට අර මනුස්සයා හරියට බඳු ගෙවලා හිටිය නම් loan එක ගන්න පුළුවන් නේද?loan එකට 4 ගාණක් කැපෙන නිසා තව දුරටත් ආදායම් බඳු ගෙවිය යුතුද?

    වෙනත් වත්කම් රැස් කරොත් බඳු ගෙවන්න ඕනද?බැංකුවේ දන්නෙ නැතුව tax ගෙවන්න බැරිද ?ex gold,gem